සුව කළ නොහැකි පිළිකා ඇතුළු රෝග රැසකට විස්මිත දිව්‍ය ඖෂධයක් වන තක්කාලි පිළිබඳ පිලිබඳ ඔබ නොදත් දේ

health tips

එළවළුවක් විදිහට වගේම පලතුරුක් විදියටත් නිරන්තරයෙන්ම අපේ ආහාරයට එකතු කරගන්නා  තක්කාලි ආහාර රුචිය වර්ධනය කරන්නට සමත් ආහාරයක්. මේ නිසාම බොහෝ දෙනෙක් තක්කාලි තමන්ගේ ආහාර වේලට එකතුකර කර ගන්නට උනන්දු වෙලා ඉන්නවා. තක්කාලි සලාදයක් විදිහට, සම්බෝලයක් විදිහට, ව්‍යංජනයක් විදිහට  විතරක් නෙමෙයි කොහිල, කෙසෙල්මුව, පිපිඤ්ඤා සලාද, කරවල, මස්, මාළු  ආදී ආහාර පිස ගැනීමේදීත්  ඒවායේ රසය වැඩිකර ගන්නට තක්කාලි භාවිතා කරනවා. නමුත් වැඩි දෙනෙක් අතර ජනප්‍රිය නොවුණු ආකාරයක් තමයි තක්කාලි යුෂ පානය. ඉතා පහසුවෙන් සාදාගත හැකි ගුණාත්මක බවින් ඉහළ තක්කාලි බීම අපේ ශරීරයට ඉතාම හිතකර ප්‍රතිලාභ ලබා දෙනවා. අපි අද කතා කරන්නට සූදානම් වෙන්නේ තක්කාලි යුෂ අපේ ශරීර සෞඛ්‍යයට සිදුකරන බලපෑම් පිළිබඳවයි.

 මේ තක්කාලිවල 50% ක්ම ජලය අඩංගු වෙන නිසා ඉතා පහසුවෙන් අපේ ශරීරයේ ජලය එකතු වෙන මාර්ගයක් විදිහට මේ එළවළුව සඳහන් කරන්නට පුළුවන්. විටමින් A, සෝඩියම්, කැල්සියම්, පොටෑසියම්, යකඩ, මැග්නීසියම්, මැන්ගනීස්, පොස්පරස්, පිෂ්ඨය, ප්‍රෝටීන  සහ මේදය  තක්කාලිවල අඩංගු වෙනවා. තක්කාලි විටමින් සී  බහුල ආහාරයක් නිසා  එය පිසීමෙන් තොරව ආහාරයට ගන්නට හැකි නම් එය ඉතාම ගුණදායකයි.

 ඒ සඳහා ඔබට තක්කාලි යුෂ පානයක් ලෙස සකසාගෙන පානය කරන්නට පුළුවන්. නමුත් මෙහිදී ඔබ සැලකිලිමත් විය යුතු විශේෂ කාරණාව තමයි ඔබ ආහාරයට ගන්නා තක්කාලි කෘෂි රසායන නොයෙදූ කාබනිකව වගා කළ තක්කාලි දැයි නිසි පරිදි තහවුරු කරගැනීම.  තක්කාලි සඳහා අධික ලෙස කෘෂි රසායන යොදන නිසා ඒවා ආහාරයට ගැනීම පිළිකා ඇතුළු වෙනත් බරපතළ සෞඛ්‍ය ගැටලුවලට හේතුවක් වෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසාවෙන් කාබනිකව වගා කරගත් තක්කාලි ආහාරය පිණිස එකතු කරගන්නට වගබලා ගැනීම ඉතාම වැදගත්. 

තක්කාලි යුෂ පානයෙන් දේහයට ලැබෙන හිතකර ප්‍රතිලාභ

හදවතක ඉතාම ගුණදායකයි.

රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනවා.

අස්ථි සහ දත් ශක්තිමත් කරනවා.

විදුරුමසින් ලේ ගැලීමේ තත්ත්වය සුව කරනවා.

ලේ වඩනවා .

මුත්‍රා ආබාධවලින් මිදෙන්නට උදව් කරනවා.

හෘද ස්පන්දන වේගය පාලනය කරනවා.

අධික රුධිර පීඩනය පාලනය කරනවා.

ශරීරයේ බර අඩු කරන්නට දායක වෙනවා.

පියයුරු පිළිකා, ගර්භාෂ ගත පිළිකා, පෙනහලු පිලිකා, පුරස්ථි ග්‍රන්ථි පිළිකා, ආදි පිළිකාවලින් ආරක්ෂාව සලසනවා.

තුවාල සුව කිරීම ඉක්මන් කරනවා.

ආහාර ජීරණය පහසු කරනවා.

ඇස්වල පෙනීම වර්ධනය කරමින් අක්ෂි ආබාධ දුරු කරනවා.

සම පාරජම්බුල කිරවලින් ආරක්ෂා කරමින් සමේ පිළිකා ඇතිවීම වළක්වනවා.

සම පැහැපත් කරමින් සමේ නිරෝගිභාවය සඳහා උපකාරී වෙනවා .

මුඛයේ අමිහිරි රස නැති කරනවා.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. 

දියවැඩියා සංකූලතාවලින් මිදීමට උපකාරී වෙනවා.

තක්කාලි අහිතකර වන අවස්ථා

පීනස, ඇදුම සහ සෙම් රෝග ඇති අයට අහිතකරයි.

හෘදයාබාධවලින් පෙලෙන රෝගීන්ට සුදුසු නැහැ.

සමේ පොතු කබර, වන, දද, කුෂ්ඨ ආදී රෝගවලින් පෙලෙන අයට සුදුසු වෙන්නේ නැහැ.

 මෙයට හේතුව වෙන්නේ තක්කාලිවල අඩංගු වෙන අම්ලකර බව ඒ රෝග තත්ත්වයන් උත්සන්න කරන්නට හේතු වන නිසා.

වාතරක්ත රෝගීන්ට අගුණයි.

මුත්‍රා දැවිල්ල අත් පා දැවිල්ල ඇති අයට තක්කාලි අහිතකරයි.

බඩේ දැවිල්ල, කකුල් පැලීම, අධික ලෙස දහදිය දමන රෝගීන්ටත් තක්කාලි හිතකර වෙන්නේ නැහැ.

ඔබ අධික උණ තත්ත්වයකින් පෙළෙන්නේ නම් තක්කාලි ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි.

තක්කාලි යුෂ පානය සාදාගන්නා හැටි

 අවශ්‍ය ද්‍රව්‍ය

  ඉදුණු තක්කාලි ගෙඩි හතරක්

 දෙහි ගෙඩියක්

 ලුණු  ස්වල්පයක්

 සීනි ස්වල්පයක්

 පිරිසුදු ජලය

 සාදාගන්නා ආකාරය

 මුලින්ම තක්කාලිවල පිට පොත්ත ඉවත් කර ගෙන කපා බ්ලෙන්ඩර් කප් එකට දමන්න. එයට වතුර කෝප්පයක් එකතු කර බ්ලෙන්ඩර් කර ගන්න. ඉන්පසුව එයටම අවශ්‍ය පමණට සීනි, ලුණු සහ ලෙමන් යුෂ එකතු කර තවත්  වතුර වීදුරුවක් දමා බ්ලෙන්ඩර් කර ගන්න. පානයට පෙර අයිස් කැට කිහිපයක් එකතු කරන්න. 

අවශ්‍ය ද්‍රව්‍ය

  ඉදුණු තක්කාලි ගෙඩි හයක්

 සිසිල් කළ  වතුර

 අවශ්‍ය පමණට සීනි සහ ලුණු 

කස කසා ඇට තේ හැඳි භාගයක්

 දෙහි බෑයක යුෂ

 සාදාගන්නා ආකාරය

 සෝදා පිරිසිදු කරගත් තක්කාලි තරමක කැබලි වලට කපා ගන්න. එය බ්ලෙන්ඩර් කප් එකට දමා සීතල වතුර එකතු කරගන්න. එයටම සීනි, ලුණු සහ දෙහි යුෂ එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. පානයට පෙර කස කසා ඇට ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.

ඇතැම් අයට කස කසා ඇට අසාත්මිකතා ඇති කළ හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් තක්කාලි පරිභෝජනය කරන්න