තක්කාලි ආහාරයට ගත්තහම මේ වගේ භයානක තත්වයකට මුහුණ දෙන්න වෙයි කියලා ඔබ හීනෙන්වත් හිතුවද

health tips

අපි නිරන්තරයෙන් ආහාරයට ගන්න් තවත් එක් පලතුරක් තමයි තක්කාලි . තක්කාලිවල අඩංගු විශේෂ සංඝටක දියවැඩියාව, පිළිකා, ඇතුළු රෝග තත්ත්වයන් බොහොමයකින් අපිව ආරක්ෂා කරනවා. නමුත් අද වෙද්දි තක්කාලි ආහාරයට ගැනීම එතරම් සුදුසු නොවන බවට විවිධ කටකතා පැතිර යනවා. තක්කාලි වගා කිරීමේදී යොදන යම් යම් රසායනික ද්‍රව්‍ය මේ සඳහා හේතු වෙලා තියෙනවා. පමණ ඉක්මවා කෘෂි රසායන වර්ග භාවිතා කිරීම පිළිකා ආදී විවිධ රෝග තත්ත්වයන් ඇති කරන්නට හේතු වෙන බව ඔබත් මමත් හැමෝම දන්නා කාරණයක්. මේ නිසා බොහෝ දෙනෙක් තක්කාලි ආහාරයට එකතුකර කර ගන්නට මැලිකමක් දක්වනවා. 

නමුත් තක්කාලි විනාකිරි මිශ්‍ර ජලයෙන් සේදීම හෝ ලුණු  මිශ්‍ර ජලයෙන් සේදීම මගින් බොහෝ දුරට ඒවායේ ඇති රසායන ද්‍රව්‍ය ඉවත් කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම තක්කාලි කියන්නේ එළවළුවක් ලෙස ආහාරයට ගත යුත්තක් නොවන බව බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක්. ඒ නිසා තක්කාලි පිසීමෙන් ආහාරයට එකතු කරගන්න තමයි වැඩි දෙනෙක් උනන්දු වෙන්නේ. විදේශ රටවල බොහෝ දෙනෙක් තක්කාලි ආහාරයට ගන්නේ අමුවෙන්. ඉතින් තක්කාලි පිසීමෙන් ආහාරයට එකතු කර ගන්නවාට වඩා යුෂ වශයෙන් පිළියෙල කරගෙන හෝ අමුවෙන් සලාදවලට එකතු කරගෙන ආහාරයට ගන්නා එක තමයි වඩාත් සුදුසු. 

ඉතින් ලාංකීය අපි වැඩි අවධානයක් යොමු කළ යුතු විශේෂ කාරණය වෙන්නේ කාබනිකව වගා කරන ලද තක්කාලි ආහාරය පිණිස භාවිතා කිරීමට උනන්දු වීමයි. ඉතින් මේ කාරණා හැරුණාම අද අපි කතා කරන්න යන්නේ මීට වඩා හාත්පසින්ම වෙනස් කාරණාවක් පිළිබඳව. මොකද ඕනෑම ආහාරයක් ඕනවට වඩා ආහාරයට එකතු කර ගැනීම  විවිධ සෞඛ්‍ය ගැටලු ඇති කරන්නට හේතුවක් වන බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. ඒ නිසාවෙන් අපි අද කල්පනා කළා තක්කාලි නිතරම ආහාරයට ගන්න අයට ඇති වෙන්නට ඉඩකඩ තියෙන තරමක් භයානක ලෙඩ රෝග කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්නට.

අමිලපිත්ත රෝගී තත්ත්වය උත්සන්න කිරීමේ හැකියාව .

තක්කාලිවල අඩංගු වෙන ඉහළ ආම්ලික බව ගෑස්ට්‍රයිටීස්  රෝගය උත්සන්න කරන්නට හේතු වෙනවා. මැලික් අම්ලය සහ සිට්‍රික් අම්ලය තක්කාලිවල අඩංගු වෙනවා. ඒ නිසා ආමාශයේ ආම්ලික බව වැඩිවීම හේතු කරගෙන මේ රෝග තත්ත්වය තරමක් උත්සන්න වෙන්නට පුළුවන්.

වකුගඩු රෝග ඇතිවීමේ අවදානම

 තක්කාලිවල පොටෑසියම් සැලකිය යුතු මට්ටමින් අන්තර්ගත වෙන නිසා තක්කාලි අධිකව ආහාරයට ගැනීමෙන් නිදන්ගත වකුගඩු රෝග ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.

මහා අන්ත්‍රයේ අභ්‍යන්තරබි ත්තියේ පටකවලට හානි වීමෙන් ඇතිවන IBS රෝග තත්ත්වය

තක්කාලිවල ඇස්කෝබික් අම්ලය සහ අනිකුත් අම්ල සංයෝග අඩංගු වෙන නිසා තක්කාලි බහුලව ගැනීම ආමාශයේ විවිධ ගැටලු ඇති වෙන්නට පුළුවන්. අමාශයේ ශ්ලේෂ්මල ඛාදනය වීම වගේම තක්කාලි අධිකව ගැනීම බඩවැල් සින්ඩ්‍රෝමය ආදී ආන්ත්‍රික ගැටලු ඇති කරන්නට හේතු වෙන්නට පුළුවන්. මේ IBS රෝග තත්ත්වයේ පොදු ලක්ෂණ විදිහට පාචනය, බඩ පිපීම ආදී අතුරු ආබාධ ඇති වෙන්නට පුළුවන්. 

පාචනය තත්ත්වය ඉහළ යාම

 යම් අවස්ථාවක ඔබ පාචනය රෝගයෙන් පෙළෙන අයෙක් නම් ඔබට තවදුරටත් තක්කාලි ආහාරයට එකතු කර ගැනීමෙන් ඒ පාචන තත්ත්වය තවත් උග්‍ර වෙන්නට පුළුවන්. 

රුධිර පීඩනය ඉහළ යෑමේ අවදානම

තක්කාලිවල sodium සැලකිය යුතු මට්ටමින් අඩංගු වෙන නිසා නිරන්තරයෙන් තක්කාලි ආහාරයට ගන්නා අයෙකුගේ රුධිර පීඩනය ඉහළ යාමේ අවදානමක් නිර්මාණය වෙන්නට  පුළුවන්. 

මුත්‍රාශ බිත්තිය තුවාල වීම

 තක්කාලිවල අඩංගු වෙන ආම්ලික බව මුත්‍රාශ බිත්තියේ තුවාල ඇති කරන්නට හේතු වෙනවා. තක්කාලි මුත්‍රාශයේ දැවිල්ල ඇති කරන්න, මුත්‍රකිරීමට දැඩි පෙලඹීමක් ඇති කිරීමට  වගේම යටි බඩේ වේදනාවන් අවා ඇති කළ හැකියි. 

ඉරුවාරදය රෝගී තත්ත්වයන් උත්සන්න විය හැකියි

ඔබ හිසරදය හෝ ඉරුවාරදය  ආදී රෝගවලට නිතර ගොදුරු වෙන කෙනෙක් නම් තක්කාලි අධිකව ගැනීම හේතු කරගෙන ඒ රෝග ලක්ෂණ වඩාත් නරක අතට පත්වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ඇතැම් ආහාර වලට හැකියාව තියෙනවා හිසරදය වගේම ඉරුවාරදය කියන තත්ත්වයන් උත්සන්න කරන්නට. ඒ නිසා තක්කාලි නිතර අධිකව ආහාරයට එකතුකර ගැනීම එවැනි පුද්ගලයන් සීම කිරීම සුදුසුයි. 

ශරීරයේ විවිධ පටකවල වේදනා සහ ඉදිමීම් ඇතිවීම

ශරීරයේ පටකවල වේදනාවන් සහ ඉදිමීම් සඳහා තක්කාලි අධිකව අනුභවය හේතුවෙන්නට පුළුවන්. ඒ නිසාවෙන් වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ ආතරයිටීස් රෝගයෙන් පෙළෙන රෝගීන්ට තක්කාලි අනුභව කිරීම සීමා කිරීම වඩාත් සුදුසු බවයි. 

අපේ ශරීරයට කොතරම් හිතකර ආහාරයක් වුණත් එය ලබාගන්නා ප්‍රභවයේ ගැටලු සහ එය අපි භාවිතයේ දී එය සිදු කරන යම් යම් වැරදි නිසා එය අපේ දේහයට විෂ සහිත වෙන්නට පුළුවන්. ඉතින් තක්කාලි කියන්නේ   හාල්මැස්සන් කරවල ආදිය යොදා පිසගෙන ආහාරයට ගැනීමෙන් හා තක්කාලි ගසේ කොළ සහ කඳ ආහාරයට එකතු වීමෙන් පවා විෂ විය හැකි ආහාරයක්. 

ඒ නිසා තමන්ගේ රෝග තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙය ආහාරයට ගත යුතුයි. විශේෂයෙන්ම තමන්ට අවශ්‍ය කරන ආහාර ගෙවත්තේ හැකි පමණින් වගා කරගෙන ආහාරයට ගන්නවා නම් එය ඉතාම සුදුසුයි. විශේෂයෙන්ම තක්කාලි ආහාරයට ගැනීමෙන් පිළිකා ඇතිවිය හැකියි කියන ගැටලුව නිර්මාණය වෙන්නෙත් මේ සදහා භාවිතා කරන කෘෂි රසායන හේතුකරගෙන. ඉතින් නිරෝගීව ජීවත් වෙන්නට නම් ඔබ තක්කාලි අනුභවයේදී මේ කාරණා ගැන වඩාත් සැලකිල්ලෙන් කටයුතු කරන්න