අපේ ශරීරයේ තිබෙන වඩාත් සංවේදී අවයවයක් තමයි දිව. දිවේ ඇතිවන තුවාල ඉතා වේදනාකාරී වගේම දැඩි අපහසුවක් ඇතිකරවන බව අත්දැකීමෙන්ම ඔබත් දන්නවා ඇති. දිවේ කුඩා ගෙඩි ඇතිවීම, රතු පැහැති බිබිලි හෝ දිව මත තැනින් තැන ඉලිප්පුණු ස්වභාවයක් ඇතිවීම දිවේ තුවාල වල ලක්ෂණයි. දිවේ තුවාල ඇත්වීමට නිශ්චිත හේතුවක් නැහැ. නමුත් අහම්බෙන් වගේ තමන්ටම තමන්ගේ දිව හැපුණම එහෙමත් නැත්නම් දත්බුරුසුවෙන් දත් මදිද්දී හෝ ටූත් පික් වැනි දෑ භාවිතා කරද්දී දිවට ඇතිවුණු අනතුරක් නිසා දිවේ තුවාල ඇතිවිමට පුළුවන්.
දිවේ තුවාල හටගැනීමට බලපෑ හැකි වෙනත් සාධක: වෛරස ආසාදන නිසා, ජාන උරුමයෙන් ඇතිවන තත්වයක් ලෙස, සිරුරේ හෝර්මෝන වෙනස්කම්, ප්‍රතිශක්තිය දුර්වලවීම, සැර හා ලුණු අධික ආහාර ගැනීම, බඩවැල් හෝ ආමාශයේ රෝග ගැටලු, ආතතිය, සින්ක්, ෆෝලික් අම්ල, යකඩ සහ බී කාණ්ඩයේ විටමින් වැනි ඛනිජ හා විටමින් පෝෂා ඌනතා ඇතිවීම
මේ තත්වය දින කිහිපයකින් සුවවි යා හැකියි. කෙසේවෙතත් සතියක් හෝ ඊට වඩා කල් වේදනාව හා ප්‍රදාහය ලක්ෂණ පවතියි නම් වහාම දන්ත වෛද්‍යවරයෙකු හෝ වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැලකිලිමත්වන්න.
මේ තත්වය නිසා ඇතිවන වේදනාව හා තුවාල ස්වභාවය පහසුවෙන් සමනය කරගැනීමට ප්රතිලාභ දෙන සරල පිළියම් කිහිපයක් ගැනයි මේ :

බේකිං සෝඩා-බේකිං සෝඩා වල ඇති ප්‍රදාහක විරෝධී ගුණ මඟින් වේදනාව හා දැවිල්ල සමනය කරයි.බේකිං සෝඩා තේ හැඳි 1/2 ක් වතුර ස්වල්පයක් සමඟ මිශ්‍ර කරන්න. මේ පේස්ට් ස්වල්පයක්දිවේ ගල්වා මිනිත්තුවක් පමණ තිබෙන්නට හරින්න. පසුව උණුසුම් වතුරෙන් කට සෝදන්න.බේකිං සෝඩා තේ හැඳි 1 ක් උණුසුම් වතුර වීදුරුවක දිය කර දිනකට කිහිපවරක් කට සෝදන්න.
කෝමාරිකා-මුඛ රෝග ගැටලු රැසකට ප්‍රතිකාර කළ හැකි සුවපත්කරවන ගුණාංග රැසක් කෝමාරිකා වල අඩංගුයි.එහි අඩංගු ප්‍රතිප්‍රදාහක ගුණ මඟින් තුවාල වල වේදනාව හා ප්‍රදාහය අඩුකිරීමට උපකාර කරයි.
පිරිසිදු කළ කෝමාරිකා පත්‍රයක් පලා මදය සූරාගන්න. ඒවා දිවේ සෘජුව ආලේප කරන්න. දිනකට කිහිපවරක් මෙය කරන්න.
තවත් ක්‍රමයක් ලෙස, කෝමාරිකා මද මේස හැඳි 2 ක් පමණ මිශ්‍ර කළ වතුරෙන් දිනකට 3-4 වතාවක් කට සෝදන්න.
හයිඩ්රජන් පෙරොක්සයිඩ්-ප්රතිපුතීක ගුණාංග අඩංගු ඵලදායි පිළියමක් වන හයිඩ්රජන් පෙරොක්සයිඩ් මඟින් දිවේ තුවාල වලට ප්‍රතිකාර කරයි.එහි අඩංගු ප්‍රබල බැක්ටීරියානාශක ගුණාංග නිස ආසාදන ඇතිවීම වළකයි.3% වර්ගයේ ඒවා පමණක් භාවිතා කරන්න.3% හයිඩ්රජන් පෙරොක්සයිඩ් සහ උණුසුම් වතුර සමාන කොටස් වලින් ගෙන මිශ්‍ර කරන්න.කපු පුළුන් ආධාරයෙන් මිශ්‍රණය දිවේ ආලේප කරන්න. තත්පර කිහිපයක් තිබෙන්නට හැර කට උණුසුම් වතුරෙන් සෝදන්න. මෙය දිනකට කිහිපවරක් දින කිහිපයක් සිදුකරන්න.
ලුණු තුවාල පැසවීම වළකන ගුණාංග ඇති නිසා දිවේ තුවාල වලට ඵලදායි තවත් පිළියමක් ලෙස ලුණු හැඳින්විය හැකියි.ප්‍රදාහය හා වේදනාව අඩුකරමින් ප්රතිලාභ දෙයි.ආසාදන ඇතිවීම ද වළකයි.
ලුණු තේ හැඳි 1 ක් මද උණුසුම් වතුර කෝප්ප 1 ක මිශ්‍ර කරන්න.හොඳින් කළවම් කර දිනකට 3-4 වතාවක් කට සෝදන්න. තුවාල සුවවනතුරුම මෙය කරන්න.
තුවාල මත ලුණු කුඩු ස්වල්පයක් ගැල්වීමෙන් තුවාල වියළී යනු ඇත.නමුත් මුලදී ඔබට පොඩි වේදනාවක් දැනිය හැකියි.
වැල්මී වැල්මී වල ඖෂධිය ගුණාංග බහුල නිසා දිවේ තුවාල වලට ද හොඳ ප්‍රතිකාරයක් වේ. මේවායේ ඇති ප්‍රතිප්‍රදාහක ගුණ මඟින් බලපෑමට ලක්වූ ප්‍රදේශය සමනය කරවයි.
වැල්මී මුල් කුඩු තේ හැඳි 1 ක් වතුර ස්වල්පයක් සමඟ මිශ්‍ර කර පේස්ට් එකක් සාදාගන්න. පුළුන් වලින් මින් ස්වල්පයක් දිවේ ගල්වන්න. මිනිත්තු කිහිපයක් තිබෙන්නට හැර උණුසුම් වතුරෙන් කට සෝදන්න. දිනකට කිහිපවරක් මෙය කරන්න.
වැල්මී මුල් මේස හැඳි 1 ක් වතුර කෝප්ප 2 ක ප්‍රමාණයක පැය 3 ක් පමණ පෙඟෙන්නට තබා එම වතුරෙන් දිනකට කිහිපවරක් කට සෝදන්න.
අධි රුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයින් වැල්මී පිළියම් භාවිතයෙන් වළකින්න.

මී පැණි-මී පැණි වල ක්ෂුද්රජීවිනාශක හා සුවපත්කරවන ගුණ බහුලයි. ඒවා මඟින් දිවේ වේදනාව හා දැවිල්ල ඇතුළු අපහසුතා සමනය කරයි.
දිව මත මී පැණි ස්වල්පයක් ආලේප කරන්න.දිනකට කිහිපවරක් මෙය කරන්න.
මී පැණි මේස හැඳි 1 ක් කහ කුඩු තේ හැඳි 1/2 සමඟ මිශ්‍ර කර පේස්ට් එකක් සාදාගන්න. මෙය දිවේ තුවාල මත ගල්වා මිනිත්තු 5 ක් පමණ තිබෙන්නට හැර උණුසුම් වතුරෙන් සෝදන්න. දිනකට වාර 3-4 ක් පමණ මෙය කරන්න.
සීනක්කාරම් සීනක්කාරම් (ඇලුම්) යනු කසට ද්‍රව්‍ය හා ප්රතිපුතීක (පැසවීම වළකන) ගුණාංග ඇති පිළියමකි. දිවේ තුවාල වල තෙතමනය ඉවත්කරමින් වේදනාව හා දැවිල්ල අඩුකර සුවවීම වේගවත් කරයි.
සීනක්කරම් කුඩු ස්වල්පයක් දිවේ ආලේප කරන්න.
මිනිත්තුවක් පමණ තිබෙන්නට හරින්න. මේවා ගිලීමෙන් වළකින්න. මිනිත්තුවක් පමණ ගත වූ පසු කෙළ ගසා ඒව ඉවත්කරන්න. කට වතුරෙන් සෝදාගන්න. පසුදා යළිත් මෙය කරන්න.
තවත් උපදෙස් කිහිපයක්
- වේදනාවට ඉක්මන් සහනයක් ලබාගැනීමට දිව මත අයිස් කැටයක් ආලේප කරන්න.
- වරින් වර සීතල වතුර පානය කරන්න. එමඟින් වේදනාව දැනීම සමනය වේ.
- දිවේ තුවාල ඇතිවිම බොහෝ දුරට වළක්වාගැනීමට විටමින් 12 පෝෂණය හොඳින් ලබාගන්න.
- ඔබ ආසාත්මිකතා දක්වන ආහාර පරිභෝජනයෙන් වළකින්න.
- දත් මදින විට දිව පිරිසිදු කිරීමට අමතක නොකළ යුතුයි.ටන්ග් ස්ක්‍රේපර් වැනි උපකරණ භාවිතයෙන් දිව පිරිසිදු කරගතහැකියි.ආසාදන ඇතිවීම වළකයි.
- මුවසෙදුම් දියර වලින් නිතිපතා කට සෝදන්න.
- දුම්බීමෙන් හා මත්පැන් පානයෙන් වළකින්න.
- ආතතිය වැඩිවීම ද දිවේ තුවාල ඇතිවීමට හේතුවකි. යෝගා, භාවනා ක්‍රම, ශ්වසන අභ්‍යාස වගේ ක්‍රම ආතතිය දුරුකරගැනීමට උපකාර කරයි.
- sodium lauryl sulfate අඩංගු දන්තාලේප භාවිතයෙන් වළකින්න. මේවා මුඛය අභ්‍යන්තර ආස්තර වල සෛල වලට හානි ඇතිකළ හැකියි.
- මෘදු කෙඳි සහිත දත් බුරුසුවක් භාවිතා කරන්න.අත තදකර තෙරපුම යොදමින් වැරෙන් දත් මැදීමෙන් වළකින්න.