මැතක සිට ගිලීමේදි යම් අපහසුතාවක් දැනෙනවාද? නැතිනම් කෙළ සමඟ කහ පැහැයට හුරු සුදු පැහැති ගල් කැටිති පිටවෙනවද? එසේ නම් ඇතැම් විට ඔබ ටොන්සිල් ගල් (tonsil stones) වලින් පීඩාවිඳිනවා විය හැකියි.ටොන්සිල් වසා ගැටිති (කුද්දටි) වලට සමාන පිහිටීමක් ඇති, උගුරේ අභ්‍යන්තරයේ පිහිටන මෘදු පටක ස්කන්ධ දෙකකි. ගල මූල ග්‍රන්ථි ලෙස ද මේවා හඳුන්වයි. මේවා ඉදිමීම සෙම් ගෙඩි ඉදිමීම ලෙස හඳුන්වයි.මුඛය හොඳින් විවෘත කළ බැලූ විට මස් ගුලි දෙකක් ලෙස පෙනෙන්නේ මේවායි.සෑම ටොන්සිල් එකකම ටොන්සිලර් ක්රිප්ට්ස් හෙවත් සිදුරු සහිතයි. පුද්ගලයාගේ මුඛයේ ජීර්ණය වෙමින් ඇත්තේ කුමන ආකාරයේ ආහාරයක් ද කියා ප්‍රතිශක්තිකරණ පද්ධතියට පූර්ව අදහසක් ඇතිකරගැනීමට මේවා උපකාර කරයි.
එසේ නම් ටොන්සිල් ගල් කියන්නේ මොනවාද?

ටොන්සිල් ගල් එහෙමත් නැතිනම් ටොන්සිලොලිත්ස් (tonsilloliths) ලෙස හඳුන්වන්නේ ඔබේ ටොන්සිල් ආශ්‍රිතව කාලයක් තිස්සේ බැක්ටීරියා සහ අවශේෂ ආහාර කොටස් එකතුවීමෙන් සෑදුණු ඝන (දෘඩ) කැටිති තත්වයකි. මේවා ඔබේ සෞඛ්‍යට හානිකර නම් නැහැ.නමුත් මේවා හටගැනීමෙන් ඔබේ මුඛය ආශ්රිත අප්‍රසන්න ගැටලු ලක්ෂණ මතුකරන්නට ඉඩ තිබෙනවා. මුඛ දුර්ගන්ධය හැමීම ඒ අතරින් එකක්.
මේවා ප්‍රමාණයෙන් කුඩා හෝ විශාලව වර්ධනය විය හැකියි.ඇතැම් කැටිති මෘදු ස්වභාවයක් ගැනීමට ද පුළුවන්.මේවායේ පැහැය පෙර සඳහන් කළ පරිදි කහ සහ සුදු අතර පැහැයක් ගනියි.මේවා නිසා ටොන්සිල් ආසාදනය වීමට ඉඩ තිබෙයි. මෙවැනි තත්වයකදී ඒවා සැත්කමක් හරහා ඉවත්කිරීමට සිදුවෙන්න පුළුවන්.
ටොන්සිල් ගල් ඇති වූ විට මතුවිය හැකි රෝග ලක්ෂණ මොනවාද?

- ගිලීම අපහසු වෙයි
- ටොන්සිල් වල සුදු හෝ කහ පැහැති ද්‍රව්‍යක් රැඳී තිබෙයි
- මුඛයෙන් දුර්ගන්ධය හමයි
- කන් වල වේදනාව දැනෙයි
මේවා හටගැනීම වළක්වාගන්නේ කොහොමද?
- ‘ටොන්සිලෙක්ටොමි’ (tonsillectomy)

ටොන්සිල් ඉවත්කිරීමේ සැත්කම් ද ඇතුළුවන ක්‍රියාවලියක් තමයි ටොන්සිලෙක්ටොමි නමින් හඳුන්වන්නේ.ටොන්සිල් ගල් දිගු කාලීන ගැටලුවක් ලෙස වර්ධනය වී තිබේ නම්, මෙය ඊට විකල්පයකි.ඇතැම් අධ්‍යයන වලට අනුව ටොන්සිල් ඉවත් නොකළ අයට සාපේක්ෂව ටොන්සිල් ඉවත්කිරීමේ සැත්කම් වලට භාජනය වූවන් හට බැක්ටීරියා ආසාදන ඇතිවීමේ ප්‍රවණතාව අඩු බව පෙන්වාදේ.
- දත් මැදීම සහ ඩෙන්ටල් ෆ්ලොස් භාවිතය

මුඛ සෞඛ්‍ය සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්.සෑම ආහාර වේලකටම පසු කට පිරිසිදු කරගැනීමට මතක තබාගන්න.ජලයෙන් කට සෝදන්න. රාත්‍රී නින්දට පෙර ඩෙන්ටල් ෆ්ලොස් එකකින් දත් අතර කොටස් හොඳින් පිරිසිදු කරගන්න. නින්දට පෙර සහ උදෑසන අවදි වූ පසු දත් මදින්න. මෙහිදි දිව හා විදුරුමස් කොටස් ද හොඳින් පිරිසිදු කරගන්න. එමඟින් ටොන්සිල් වල බැක්ටීරියා සහ ඉඳුල් ආහාර කොටස් සිරවීම වළක්වාගන්නට හැකියි.
- ලුණු වතුරෙන් උගුර සෝදන්න

දත් මැදීමෙන් පසු ලුණු වතුරෙන් උගුර සේදීම පුරුද්දක් කරගන්න. උණුසුම් වතුර කෝප්පයකට ලුණු තේ හැඳි බාගයක් දමා මිශ්‍ර කරන්න. උගුරක් කටට ගෙන තත්පර 15ක් පමණ කළතවා සෝදන්න.ආහාර ගැනීමෙන් පසු ලුණු වතුරෙන් කට සේදීමෙන් ඉඳුල් කොටස් ඉතිරිවීම සහ බැක්ටීරියා වර්ධනය වීම බොහෝදුරට වළක්වාගත හැකියි.
- මද්‍යසාර අඩංගු නොමැති මුවසේදුම් දියරයක් (mouthwash) භාවිත කරන්න

නිතිපතාම මද්‍යසාර අඩංගු නොවන බැක්ටීරියානාශක ගුණ ඇති මුවසේදුම් දියරයකින් ඔබේ කට සෝද පිරිසිදු කරගන්න.කට කළතවා සේදීමෙන් එහි සිටින බැක්ටීරියා විනාශ වී යයි. ඉඳුල් කොටස් ද සේදි ඉවත් වේ.මේ හරහා ටොන්සිල ආශ්‍රිතව කැටිති වර්ධනය වීමේ අවදානම බොහෝ හොඳින් පාලනය කරගැනීමට හැකියි.
*මෙවැනි පීඩාකාරි ලක්ෂණ අත්දකින්නේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වී නිසි ප්‍රතිකාර ලබාගන්න.