සිරුරේ වැඩි සීනි දවස් 30ක් යන්න කලින් ඉවත් කරන උදෑසන ආහාරය

health tips

කඩල කියන්නේ අපේ රටේ එතරම් ප්‍රචලිත ධාන්‍ය වර්ගයක් නොවුණත් අපි ආහාරය සඳහා එකතු කර ගන්නා  ධාන්‍ය වර්ගයක්. මෙය පිළියෙල කරද්දි පෙර දිනයේදී පෙගෙන්නට තැබිය යුතු නිසා කඩල ආහාරයට සකසා ගන්නට ගෘහණියන් එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් කඩල කියන්නේ අපේ දේහයට කොතරම් ගුණදායක ආහාරයක් ද යන වග ඔබ දැනගත යුතුම වෙනවා. ඒ නිසාවෙන් අපි අද කතා කරමු කඩලවල නොදන්නා  පැතිකඩ පිළිබඳව.

ලෝකය පුරාම කඩල ප්‍රභේද 90 ට වඩා පවතිනවා. බොහොමයක් විශේෂවල වර්ණය දුඹුරු, කළු, කොළ සහ රතු වර්ණයන්ගෙන් දකින්නට පුළුවන්. මේ කඩලවල ඇති විවිධ පෝෂක අතරේ විශේෂ වෙන්නේ එහි අඩංගු වෙන ශාක ප්‍රෝටීන ප්‍රතිශතයයි. මාංශ ආහාර නොගන්නා අයට ඉතා හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙසත් කඩල වැදගත් වෙන්නේ ඒ නිසාමයි. ඒ හැරුණාම ජල ද්‍රාවී තන්තු, කාබෝහයිඩ්රේට්,  යකඩ, සින්ක්, මැග්නීසියම්,  ෆෝලේට් සහ පොස්පරස්  ද අඩංගු වෙනවා. කඩලවල විටමින් C, විටමින් A, විටමින් B6,විටමින්  B12, විටමින්  K, තයමීන්, රයිබොෆ්ලේවීන් සහ නියැසීන් ආදි විටමින් වර්ගත් අන්තර්ගත වෙනවා.

අපේ දේහයේ නිෂ්පාදනය නොවන බාහිරින් ලබාගත යුතු වෙන අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල මාංශමය ආහාරවල අඩංගු වෙනවා. ශාකමය ආහාර අතුරින් කඩලවල මේ කියන අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අතරින් මෙතියෝනින් කියන ඇමයිනෝ අම්ලය හැරුණාම  අනෙකුත් සියලුම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කඩලවල අඩංගු වෙනවා. ඒ නිසා ශාකමය ආහාර පමණක්  ගන්නා අයෙක් නම් ඔබේ ආහාරවේලට අනිවාර්යෙන්ම මේ කඩල එකතු කරගත යුතු වෙනවා.

කඩල තම්බා තෙම්පරාදු කර ආහාරයට ගන්නවා වගේම කඩල ව්‍යංජනයක් ලෙසත් ආහාරයට ගන්නට ලාංකික අපි පුරුදු වෙලා ඉන්නවා. ඒ හැරුණාම කඩල කබලේ බැද පිටි කරගෙන එයින් රසවත් ආහාර පිළියෙල කරන්නටත් ලාංකීය ගෘහණියන් දක්ෂයි. ඒ වගේම රූපලාවන්‍ය සත්කාරවලදී පවා මේ කඩල පිටි බහුලවම භාවිතා කෙරෙනවා. තවත් අය කඩල පොගවා ගෙන පමණක් ආහාරයට ගත්තත් එය එතරම් හිතකර නොවන්නේ කඩලවල  සුළු වශයෙන් ප්‍රතිපෝෂක ප්‍රමාණයක් අඩංගුව තිබෙන නිසාවෙන්.කඩල ඇතැම් විට ඒවා ආහාරයට ගැනීමෙන් බඩ පිපුම ඇති කරන්නේ මේ හේතුව නිසා. නමුත් පිසීමේදී ඒවා විනාශ වන නිසා කඩල පිස ආහාරයට ගැනීමයි වඩාත් සුදුසු වෙන්නේ. කඩල සතුව අපේ දේහයේ නීරෝගි බවට අවශ්‍ය විස්මිත ගුණ බොහොමයක්ම අන්තර්ගත වෙනවා.

දියවැඩියා රෝගීන්ට සුදුසු ආහාරයක්.කඩලවල තන්තු බහුල නිසා ඒවා ආහාරයට ගැනීම මගින් රුධීරයේ ග්ලූකෝස් මට්ටම ඉතා ඉක්මනින් ඉහළ යන්නේ නැහැ. ඒ අනුව ග්ලයිසමික් දර්ශකය අඩු ආහාරයක් නිසා මේ කඩල දියවැඩියා රෝගීන්ට සුදුසු ආහාරයක්. දියවැඩියා රෝගීන්ගේ දේහ බර වැඩිවීම පාලනයටත් නිතර කුසගිනි ඇතිවීම පාලනයටත් කඩල ඉතාම සුදුසු වෙනවා. නමුත් අධිකව ඕනෑම ආහාරයක් ලබා  ගැනීම දේහයට අහිතකර නිසා දියවැඩියා රෝගයෙන් පෙළෙන ඔබ උදෑසන ආහාරවේලට කඩල කෝප්පයක් ලබා ගැනීමේ වරදක් නැහැ.

  • නිතර කුසගිනි ඇතිවීම අවම කරන නිසා සහ ජීර්ණය ඉක්මනින් සිදු නොවන නිසා ශරීර බර අඩු කරගන්නට උනන්දු වෙන අයත් වඩාත් හිතකර ආහාරයක්.
  • පීනස් රෝගීන්ට සුදුසු ආහාරයක්.
  • මන්දපෝෂණයෙන් පෙළෙන අයෙකුට එයින් මිදීමට උදව් වෙන ආහාරයක්.
  • ආහාර මාර්ගයේ ඇති අහිතකර බැක්ටීරියා විනාශ කරමින් හිතකර බැක්ටීරියා වර්ධනයට උදව් වෙමින් ආමාශයේ ඇති ප්‍රදාහ තත්ත්වයන් සමනය කරනවා.
  • ආහාර රුචිය ඇති කරනවා.
  • මල බද්ධය ඇතිවීම වළක්වනවා.
  • රුධිර නාල පිරිසිදු වී අහිතකර කොලෙස්ටරෝල්  අවශෝෂණයු  අඩු කරනවා..
  • රුධිර පීඩනය යහපත්ව තබා ගන්නට උපකාරී වෙනවා.
  • ශරීර ශක්තිය වර්ධනය කරනවා.
  • ශරීරයේ දැවිල්ල නැති කරනවා.
  • මුක්ත ඛන්ඩක විනාශ කරන නිසා පිළිකා ඇතිවීම වළක්වනවා.
  • වයසට යාම පාලනය කරනවා.
  • සමේ රෝග සහ සමේ ප්රදාහ අවස්ථාවන්ට ගුණදායක වෙනවා.
  • සම නීරෝගී කර සම පැහැපත් කරනවා.
  • නිතර ඇතිවන කැස්ස සඳහා ගුණදායකයි.
  • කොලෙස්ටරෝල් පාලනය කිරීමේ හැකියාවෙන් සමන්විත වෙනවා.
  • අස්ථි ශක්තිමත් කර අස්ථි දිරායාම වළක්වනවා.
  • අක්මාවේ සම ජීහාවේ රෝගවලට ගුණදායකයි.
  • ගර්භනී කාන්තාවන්ගේ කළලයේ ස්නායු පද්ධතියේ වර්ධනයට අවශ්‍ය ෆෝලේට් ලබාගත හැකි හොඳ ප්‍රභවයක්.
  • මව්කිරි වර්ධනය කරන ආහාරයක්.
  • හිසකෙස් වර්ධනය කරන රූ සපුව හැඩ ගන්වන ආහාරයක්.

ඉතින් දිනපතාම වගේ කඩල ඔබේ ආහාරයට එකතු කර ගන්නට හැකි නම් එය නීරෝගීව ජීවත් වෙන්නට විශාල උදව් වෙනවා. නමුත් එය ඔබට අපහසු නම් සතියකට කිහිප වතාවක් හෝ ඔබේ ආහාරවේලට මේ කඩල එකතු කර ගන්නට උනන්දු වීම ඉතාම වැදගත්.