දත් දිරායාම හා දත්කුහර ඇතිවීම වළක්වන සරල ක්‍රම 9 ක්

health tips

පුද්ගලයෙකුගේ මුහුණේ සුන්දරත්වය වැඩි කරන මූලිකම දෙයක් තමයි සිනහව. හැමෝටම සිනහසෙන්නට දත් දෙපළක් උරුමවෙලා තියෙනවා. ඒ දත් ජීවිත කාලය පුරාම  රැක ගන්නට නම් යහපත්  පුරුදු ඇති කරගන්නට වෙනවා. සෑම මසකම දන්ත වෛද්‍යවරයෙක් හමුවීම අත්‍යවශ්‍ය  වුණත් එයට ඔබේ කාර්යබහුලත්වය බාධාවක් ඇති කරන්නට පුළුවන්. නමුත් ඔබ කෙතරම් කාර්යබහුල ජීවිතයක් ගත කරත් ඔබේ දන්ත සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කිරීම නම් අමතක  කරන්නට එපා. ඒ  සඳහා ස්වයංව හෝ දත් දිරායාම  හා දත් කුහර ඇතිවීම වළක්වා ගෙන නීරෝගි දත් දෙපළක් පවත්වා ගන්නට උත්සාහ කළ යුතුයි. විශිෂ්ට දන්ත සෞඛ්‍ය ආරක්ෂාව සහ  සරල ආහාරමය වෙනස්කම්  සමඟ  දත් දිරායාම  වැළක්වීමට හැකි බව දන්ත වෛද්‍යවරුන් පවසනවා. ඒ නිසාම දත් ආරක්ෂා කර ගන්නට දත් දිරායාම වළක්වා ගන්නට මේ සරල පිළියම් ඔබට අතිශයින්ම වැදගත් වේවි.

  • ආහාර පුරුදු වෙනස් කරන්න. නීරෝගීව ජීවත් වෙන්නට වගේම විවිධ ලෙඩරෝගවල ගොදුරු බවට පත්වෙන්නත් බොහෝවිට හේතුවෙන්නේ අපි ගනු ලබන ආහාර. අපි ගන්නා ආහාර සෞඛ්‍ය සම්පන්න හා සමබර ආහාරවේලක් ම් එය අපේ සෞඛ්‍ය  නංවාලන්නට සමත් වෙනවා.බ්‍රිතාන්‍ය  සෞඛ්‍ය සඟරාවක් සිදුකළ අධ්‍යනයකින් හෙළි වී ඇත්තේ  සෞඛ්‍යයමත් ආහාරවේලක්  මගින් දත් දිරායාම  අවම කළ හැකි බවයි .ප්‍රමාණවත් තරම් කැල්සියම් සිරුරට ලබා ගැනීම හරහා දත් ශක්තිමත් කර ගන්නට හැකියාව ලැබෙනවා. ඒ සඳහා කිරි, යෝගට්,  චිස්,  අධික ලෙස පැණි රස එකතු නොකළ පැගිරි කුලයේ පලතුරු  පානයන් ආහාරයට ගැනීම සුදුසුයි. ඒ වගේම සිරුරට ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමත් නීරෝගී පැවැත්මකට බෙහෙවින්ම වැදගත් වෙනවා.
  • සීනි රහිත ගම් වර්ග පමණක් හැපීම සීනි රහිත ගම් වර්ග මගින් දත් දිරායාම වළක්වා ගන්නට පුළුවන්. බොහෝ සීනි රහිත ගම්වල ස්වාභාවික රසකාරකයක් වන  සයිටසෝල් අඩංගු වෙනවා. මේ සයිටසෝල්  ආහාර මගින් මුඛයේ ඇති අහිතකර බැක්ටීරියා  වර්ධනයට අවකාශ  සලසන්නේ නැහැ. ඒ නිසා මේවා සපන විට  මුඛයේ ස්වාභාවිකවම ආහාර කොටස් ඉවත් කළ හැකි  ලවණවලින් පිරීම සිදු වෙනවා. මේ නිසා නරක බැක්ටීරියා විනාශ වී යනවා.
  • දත් බුරුසුව පිරිසිදුව තබා ගන්න. මෙහිදී නිවැරදි හැඩයෙන් සහ ප්‍රමිතියෙන් යුක්ත දන්ත වෛද්‍යවරුන් විසින් අනුමත කරන ලද දත් බුරුසුවක් පමණක් භාවිතා කිරීමට සැලකිලිමත් විය යුතුයි. මුඛයේ ප්‍රමාණය අනුවත් කෙළවරේ දත් හොඳින්ම පිරිසිදු කරගත ආකාරය අනුවත් සුදුසු ප්‍රමාණයේ  බුරුසුවක් තෝරාගත  යුතුයි. ඒ වගේම එක් භාවිතයකින් පසුව බුරුසුව  පිරිසිදු ජලයෙන් හොඳින් සේදීම සහ වාතයෙන් වියළීමට තැබීම ඉතාම වැදගත් කාරණාවක්.පසුව ආවරණය හොඳින්  ජීවානුහරණය කර  වියළා වසා තබන්න. බැක්ටීරියා ඇතිවීමට  ඉඩකඩ ඇති ස්ථාන වන නාන කාමරයේ , වැසිකිලිය ආදී  ස්ථානවල දත් බුරුසුව තබන්න එපා.  ඒ වගේම කෙඳි ගෙවී ගිය පසු  අලුත් බුරුසුවක් ලබා ගැනීමත් අතිශයින්ම වැදගත්.
  • දිනකට දෙවරක් දත් මදින්න. උදේ සහ රාත්‍රී ආහාරයෙන් පසුව හොඳින් දත් පිරිසිදු කර ගැනීම අනිවාර්ය වෙනවා. ඒ වගේම  විනාඩි 2 ක කාලයක් දත් මැදීම සහ ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිතා කිරීමටත් මතක තබා ගන්න. ඒ වගේම බැක්ටීරියා ඉවත්වන මවුත් වොෂ් එකක් වෛද්‍ය උපදෙස් මත භාවිතා  කිරීමත් දත් දිරායාම වළක්වා ගන්නට උපකාරී වෙනවා.
  • පොල්තෙල් මගින් දත් මැදීම ඇතැම් අයගේ මුඛයේ  අවපැහැ න්වුණු දත් සහ  ඒවා අතර ඝන වූ  මැලියම් දකින්නට පුළුවන්. පොල්තෙල්වලට දත් වල ඇති අහිතකර බැක්ටීරියාවන් පිටතට තල්ලු  කිරීමට හැකියාව  පවතිනවා. මේ සඳහා පොල්තෙල්  තේ හැන්දක ප්‍රමාණයක් මිනිත්තු 20 ක කාලයක් දත්වල රඳවා ගැනීම කළ යුතුයි.තෙල් කිරි සුදු පැහැයට  හැරුණු පසු ඉවත් කිරීමට පුළුවන්. මේ ක්‍රමය සරල වුණත් ඉතා ඵලදායි ක්‍රමයක් ලෙසයි සැලකෙන්නේ. එමගින් දත් දිරායාම  වැළකෙනවා.
  • පොල්තෙල්වලට කහ ස්වල්පයක් මිශ්‍රකර මුඛය සෝදන්න. 
  • නිවසේදී සකසා ගත් දන්තාලේපයක් භාවිතා කිරීම. 
  • මේ සඳහා කැල්සියම් පවුඩර් තේ හැදි 4 ක් ,  ස්ට්වේරියා තේ හැදි 1 ක්, ලුණු තේ හැන්දක් , බේකින් පවුඩර් තේ හැදි 2 ක්  සහ පොල්තෙල් කෝප්ප කාලක් අවශ්‍ය වෙනවා. සියලුම ද්‍රව්‍ය කැට ඇති නොවන ආකාරයට  මිශ්‍ර කර දිනපතා දන්තාලේපයක්  ලෙස භාවිතා කරන්න.
  • වසරකට  දෙවරක් දන්ත වෛද්‍යවරයෙකු හමු වෙන්න. මාස්පතා දන්ත වෛද්‍යවරයෙකු හමුවීම ප්‍රායෝගික නොවුණත් මාස කිහිපයකට වතාවක් හෝ දන්ත වෛද්‍යවරයෙකු හමුවීම දන්ත සෞඛ්‍ය රැක ගන්නට අනිවාර්ය වෙනවා. දත්වල  මැලියම් හා කහට පැල්ලම්  ඇති ස්ථාන තනිව  පිරිසිදු කර ගැනීම  අසීරු කාරණයක් නිසා  දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි. 
  • ආහාර වේලට අතිරේක පෝෂක හා විටමින් එකතු කරන්න.දත්වලට අත්‍යවශ්‍ය පෝෂක  සංඝටකයක් ලෙස විටමින් සැලකෙනවා. එළවලු ,පලතුරු, ඇට වර්ග ආදී තන්තුවලින් පොහොසත් ආහාර  පරිභෝජනය කිරීම වැදගත්. මේවායේ  ඇති මැග්නීසියම් මගින්  කැල්සියම් අවශෝෂණය කර  දත් ශක්තිමත් කරනවා. මුහුදු  ආහර ,මාළු වර්ගවලත් බෝහෝ විටමින් හා පෝෂක අඩංගු වෙනවා.මේ ස්වභාවික ක්‍රම මගින් ඔබටත් මේ දත් දිරායාමෙන් හා කුහර ඇතිවීමෙන් වළක්වා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ හැරුණාම වසරකට දෙවතාවක්වත් දන්ත වෛද්‍යවරයෙකු හමුවීම මගින් දත්වල සැඟවුණු කුහර ආදී වෙනත් ගැටළු දරුණු තත්ත්වයට පත්වෙන්නට පෙර හඳුනා ගන්නත් ප්‍රතිකාර ලබා ගන්නත් ඔබට උපකාරී වේවි.