දත් දිරායාම වළකන ක්‍රම 7 ක්

health tips

දන්ත කල්‍යානිය සැබෑවටම ඕනෑම පුද්ගලයෙකුගේ රුව කෙරෙහි ඉතා වැදගත් වෙනවා.සුදුවන් නීරෝගීමත් දත් දෙපළක් තිබීම ඇත්තටම වාසනාවක්. නමුත් අපි දන්ත සෞඛ්‍ය පිළිබඳව එතරම් සැලකිලිමත් නොවීම නිසා දත් ආශ්‍රිතව විවිධ රෝග හටගන්නවා. එයින් ඇතිවන පීඩාව වගේම ඔබේ සිනහවේ සුන්දර බවත් අඩු කරන්නට හේතු වෙනවා. දත් කහ වීම, දත්වල සිදුරු ඇතිවීම, දත්වල ඇති මැලියම්, දත් නරක්වීම ආදී රෝග මේ දත් ආශ්‍රිතව බොහෝ අය පීඩා විදින රෝග තත්ත්වයන්. ඉතින් ඒ නිසා ශරීරයේ අනෙකුත් කොටස්වලට වගේම දත්වලටත් අවධානය ලබාදීම අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් සුන්දර සිනහවකට කවුද අකමැති. ඉතින් නිතරම දන්ත වෛද්‍යවරයෙක් හමුවෙන්නට නොහැකි නම් අපේ දන්ත සෞඛ්‍යය රැක ගන්නට අපිට තනිව උත්සාහ කරන්නට පුළුවන්. ඉතින් ඒ වගේ තනිව තමන් විසින්ම තමන්ගේ දත් දිරායාමත් වළක්වා ගන්නට ඔබට හැකියාව පවතිනවා. ඉතින් බොහෝ අය පීඩා විදින නමුත් අපිට වළක්වා ගන්නට පුළුවන් දත් දිරායාම පිළිබඳවයි අද ලිපිය.

කුඩා දරුවාගේ සිට මහලු වියේ උදවිය දක්වාම අයගේ දන්ත සෞඛ්‍යයට තර්ජනයක් වී ඇති පීඩාකාරී තත්ත්වයක් තමයි දත් දිරායාම. දත් දිරායාම වළක්වා ගන්න නම් එයට බලපාන හේතු මොනවාද කියලා දැනගෙන සිටිය යුතුයි.

දත් දිරායාමට බලපාන හේතු

  • ජානමය බලපෑම්  
  • අධික ලෙස පැණි රස ආහාර ගැනීම 
  • සාමාන්‍යයෙන් අපේ මුඛයේ සිටින බැක්ටීරියා සහජීවනයෙන් ජීවත් වෙනවා. නමුත් පැණි රස ආහාරයට ගත්විට මුඛයේ ඉතිරි වන සීනි සමඟ මොවුන් ක්‍රියා කරනු ලබනවා.මේ සීනි බැක්ටීරියා සමඟ ක්‍රියා කිරීමෙන් ලැක්ටික් අම්ලය නිපදවනවා.නමුත් අපේ දත්වල එනැමලය සකස්වෙලා තියෙන්නේ කැල්සියම් සහ පොස්ෆේට් කියන ඛනිජ ලවණවලින්.ඒ නිසා බැක්ටීරියා සීනි සමඟ ක්‍රියාකාරීවීමෙන් සාදන ලැක්ටික් අම්ලය  සමඟ කැල්සියම් ෆොස්ෆේට් ප්‍රතික්‍රියා කරලා එනැමලයේ ඇති කැල්සියම් ඉවත් කරනු ලබනවා. කැල්සිහරණය නමින් හඳුන්වන මේ තත්ත්වය දත් දිරායාම කෙරෙහි ඍජුව බලපෑම් කරනු ලබනවා.
  •  නමුත් අපේ කෙළ මගින් මේ ලැක්ටික් අම්ලය ඉවත් කරන්නට හැකියාවක් පවතිනවා.එහිදී නැවත කැල්සියම් තැන්පත්වීමෙන් දත්වල කුහර ඇතිවීම වළක්වා ගන්නට පුළුවන්. නමුත් මේ කෙළවලින් මේ ක්‍රියාවලිය එනම් ප්‍රති කැල්සිභවනය (අම්ල් ඉවත් කිරීම ) සිදු කරන්නට නොහැකි තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සීනි, ග්ලූකෝස් සහිත ආහාර නිතර අනුභව කිරීම, පැණි රස ගන්නා වාර ගණන වැඩිවීම ආදිය නිසා මේ ලැක්ටික් අම්ලය ඉවත් කරන්නට කෙළවලට ඇති හැකියාව බිඳහෙලනු ලබනවා.
  • පැණි රස බීම වර්ග නිතර පානය කිරීම මේ බෝතල් කරන ලද සීනි සහිත බීම කාබොනයිස්ඩ් ලෙස හඳුන්වන අතර මෙහි අඩංගු කාබනික් අම්ලය නිසා ඒවා පානය කිරීමෙන් එනැමලය හිරිවැටීමට පටන් ගෙන අනතුරුව දියවීමට පටන් ගන්නවා.එය කැල්සිහරණයට හේතුවන අතර එයින් දත් දිරායාම ඇති කරනු ලබනවා.
  • දවසට දෙවරක් දත් නොමැදීම කුඩා වයසේ සිට ඇති කර ගත යුතු ඉතා යහපත් පුරුද්දක් වුණත් බොහෝ දරුවන් වගේම වැඩිහිටියන් මේ පුරුදු අත්හැර දමනවා. උදෑසන වගේම රාත්‍රියටත් ආහාරය ගැනීමෙන් පසුව දත් මැදීම කළ යුතුමයි. නින්දට පෙර දත්  නොමැදීමෙන් බැක්ටීරියා ප්‍රමාණය වර්ධනය වී විදුරුමස් දියවීමෙන් රෝගී වන්නට පුළුවන්. එය දත් දිරායාමටත් හේතුවක්.
  • සෑම ආහාරවේලකින් පසුව ආහාර අනුභව කළ සැණින් දත් මැදීම මෙයින් අප  ආහාරවල යම් අම්ල වර්ග තිබුණොත් දත් මැදීමේදී ආම්ලිකභාවයට එනැමලයේ කැල්සියම් කොටස් සීරී යන්නට ඇති ඉඩකඩ වැඩියි.
  • ෆ්ලෝරයිඩ් අඩංගු නොවන දන්තාලේපවලින් දත් මැදීම 

දත් දිරායාමක් හඳුනා ගන්නා ආකාරය 

  • හකු ප්‍රදේශයේ ඇති දත් අතර කුඩා සිදුරක් දකින්නට ලැබීම 
  • දත් අතර කෑම සිරවීම 
  • පැණි රස හෝ සීතල වතුර පානයේදී දත් හිරි වැටීම 
  • වේදනාව 

දත් දිරායාම වළක්වා ගන්නට කළ යුතු දේ 

  • දිනකට සීනි අඩංගු ආහාර ලබා ගන්නා වාර ගණන  අඩු කිරීම සහ ගන්නා පැණි රස ආහාර ප්‍රමාණය අඩු කිරීම. 
  • ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් දත් මැදීම 
  • දවසට දෙවරක් දත් මැදීම රාත්‍රි කාලයේදී කට අක්‍රීය වී තියෙන නිසා කටට කෙළ උනන් නැහැ. කෙළ මගින් කටේ ඇති ද්‍රව්‍ය සේදී ගියත් රාත්‍රියේදී කට අක්‍රීය වී  ඇති විට කෙළ උනන් නැති නිසා කට තුළ විශබීජ වර්ධනය වෙන්නට හැකියාව පවතිනවා.ඒ නිසා රාත්‍රියට දත් මැදීම ඉතා වැදගත්.
  • ආහාර පුරුදු වෙනස් කිරීම වැඩිපුර කැල්සියම් අඩංගු ආහාර ගැනීම. සෑම දිනකම චීස්, කිරි, යෝගට් වැනි ආහාර ලබාගැනීම. පැණි බීම වෙනුවට පලතුරු බීම සහ රස වෙනස් නොකළ තේ පානය කිරීම සුදුසුයි. විටමින් B හා යකඩ අඩංගු ආහාර ලබා ගැනීම හා වැඩිපුර ජලය පානය කිරීමත් දන්ත සෞඛ්‍ය රැක ගැනීම සඳහා ඉතා වැදගත්.
  • මවුත් වොෂ් භාවිතා කිරීම ඕනෑම මවුත් විෂ් එකක් සතුව ප්‍රතිබැක්ටීරියා බලපෑමක් ඇති අතර මුඛයේ ඉතිරිව ඇති ඕනෑම් බැක්ටීරියාවක් ඉවත් කරන්නට එය උපකාරී වෙනවා. එය දත් දිරායාම වලක්වනවා. නමුත් මවුත් වොෂ් භාවිතා කළත් දවසට දෙවරක් දත් මැදීම අත්‍යවශ්‍යයි.
  • හැකි නම් වසරකට වරක්වත් දන්ත වෛද්‍යවරයා හමුවී දත් පිරිසිදු කරගන්න.
  • පොල්තෙල්වලින් දත් මැදීම පොල් තෙල් සතුව දත්වල ඇති බැක්ටීරියා පිටතට තල්ලු කිරීමේ හැකියාව ඇති නිසා එය දත් දිරායාමෙන් වැළකීමට උපකාරී වෙනවා.පොල්තෙල් හැන්දක් විනාඩි 20 ක් විතර කට තුළ තියාගෙන විසි කරන්න. එය ඉතා හොඳ ප්‍රතිකර්මයක්.යහපත් දන්ත සෞඛ්‍යයක් පවත්වාගෙන යන්නට අපි විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. මොකද හෘදය වස්තුවේ කපාටවල ඇතිවන දුර්වලතාවයකට මුඛයේ තියෙන බැක්ටීරියාවක් වුණත් බලපෑ හැකි නිසා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *