හිටපු ගමන් ඇතිවෙන දත් හිරිවැටීම විනාඩි 5න් සුව කරන ස්වභාවික සත්කාර 6 ක්

health tips

දත් හිරිවැටීම කියන්නෙ සැලකිය යුතු පිරිසක් පීඩාවට පත්වෙලා ඉන්න දන්ත ගැටළුවක්. නමුත් මේ ගැටළුවට එකම  පිළියම්  දන්තාලේපය මාරු කිරීම නම් නෙවෙයි.මොකද දත් හිරිවැටීම විවිධ හේතු මත ඇතිවෙන්නට හැකි නිසා. ඒ ඒ හේතු අනුව යෙදිය යුතු පිළියම්ද වෙනස් වෙන නිසා මේ දන්ත ගැටළුව ඇතිවෙන්නට බලපාන හේතු පිළිබඳවත් අපි අවදානය යොමු  කළ යුතු වෙනවා.

සාමාන්‍යයෙන් අපේ දතක එනැමලය, දන්තනිය හා කල්ක කුහරය යන කොටස් තුනක් හඳුනාගන්නට පුළුවන්. දතක හිරිවැටීමක් සිදු වෙන්නේ දතේ දන්තනිය නම් කොටස් දක්වා හානි වීමක් සිදුවූ විටෙක. මේ දන්තනිය කියන කොටසේ හා සම්බන්ධ ස්නායු අන්ත උද්දීපනයවීමෙන් අතිශය උණුසුම් , සීතල හෝ ඇඹුල් රසැති දෙයක් ආහාරයට ගැනීමේදී දත් හිරිවැටීමකට ලක් වෙනවා. දත් හිරිවැටීම සමඟ ඇතැම්විට වේදනාවක් ඇති වන්නේ නම් එය දතේ කල්ක කුහරය දක්වාම හානිය පැතිර ගිය විටයි.

දත් හිරිවැටීමට බලපාන හේතු 

  • දත් දිරායාම 
  • දත් බුරුසුවේ ගොරෝසු බව 
  • රාත්‍රී  කාලයේ දී දත්මිටි කෑම 
  • ආක්‍රමණශීලී ලෙස දත් මැදීම හේතුවෙන් දන්ත එනැමලය සිරීයාම 
  • විවිධ හේතු මත දත් මුල බාහිරයට විවෘත වීම 
  • දතේ එනැමලය දියවීම 

(අප පානය කරනු ලබන පැණි බීම, අන්නාසි, දෙහි දොඩම්  ආදී අධික ආම්ලික ආහාර . ඒවායේ ඇති අම්ල ගතිය දතේ එනැමලය දිය කරන්නට සමත් වෙනවා.)

  • නිතර දත් හෑරීම 
  • නිතර තද දේවල් සැපීම 
  • දත්වලින් තද දේවල් විවෘත කිරීමට උත්සාහ කිරීම 
  • වැරදි ආහාර පුරුදු 
  • ඇතැම් දන්ත ප්‍රතිකාර (සීරී ගිය හෝ කාන්දු වෙන පිරවුම් )

දත්හිරිවැටීම වළකා ගතහැකි ස්වාභාවික සත්කාර 

පේර කොළ සෞඛ්‍යමය වාසි රාශියක් ඇති පේර කොළවල දත් සංවේදීතාවය සහ දත් කැක්කුම් ඉවත් කරන්නට උපකාරී වෙන ප්‍රදාහයන්ට එරෙහිව ක්‍රියාකරන ගුණ ඇති ක්වෙර්සෙටින්, ෆ්ලෙවනොයිඩ්, ආදිය අඩංගු වෙනවා. 

ඒ නිසා දත් හිරිවැටීමකදී පේර කොළ කිහිපයක් මුඛයට දමා මිනිත්තු 2-3ක් සපා පසුව ඒවා ඉවත් කර මුඛය සෝදා දමන්න. පේර කොළ කිහිපයක් ගෙන තම්බා එයට ලුණු ස්වල්පයක් ද එකතු කර මුඛය සෝදන්න. 

සුදු ළූණු දත්වල කැක්කුම් දුරු කරන වේදනානාශකයක් විදියට වගේම ප්‍රති බැක්ටීරියාකාරකයක්  ලෙසත් ක්‍රියා කරන්නට සුදු ළූණුවලට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම දත්වල තද මැලියම් ඉවත් කරගන්නත් දායක වෙන සුදු ළූණු දත්වල හිරිවැටීම් සඳහාත් පිළියමක් ලෙස භාවිතයට ගන්නට පුළුවන්.

මුලින්ම සුදු ළූණු බික් කිහිපයක් ඇල් ජලයෙන් අඹරා එයට ලුණු තේ හැදි භාගයක් එකතු කර මිශ්‍රණයක් ලෙස සකසා හිරිවැටෙන දතේ ආලේප කරන්න. මිනිත්තු කිහිපයකින් පසුව උණුසුම් ලුණු වතුරෙන් මුඛය සෝදා හරින්න.

ලුණු දත්වල වගේම මුඛය ආශ්‍රිත බොහෝ රෝග තත්ත්වයන් වළක්වා ගන්නට සුවපත් කරගන්නට ඉතා පහසුවෙන් අපිට සහය වෙන දෙයක් තමයි ලුණු.  විශේෂයෙන්ම මුඛය තුළ Ph අගය සමතුලිතව පවත්වා ගන්නට, හානිදායක බැක්ටීරියා විනාශ කරන්නට අපූරු හැකියාවක් ලුණු සතු වෙනවා. 

ඒ හැරුණාම දත් හිරිවැටීමෙන් මිදෙන්නත් ඔබට ලුණු වතුර භාවිතා කරන්න පුළුවන්.දත් හිරිවැටී ඇති විටෙක උණුසුම් ජලය කෝප්පයකට ලුණු තේ හැඳි දෙකක් මිශ්‍රකර දිනකට දෙවරක් මුඛය සෝදන්න. එය දත් හිරිවැටීම සහ වේදනාව අඩු කරන්නට උපකාරී වෙනවා.

කරාබු නැටි තෙල් ප්‍රබල විෂබීජ නාශක ගුණයෙන් සමන්විත කරාබු නැටි දත් සහ විදුරුමස් රෝග බොහොමයකටම ඉතා සුදුසුයි.කරාබු නැටි තෙල් බින්දුවක් පොල්තෙල් හෝ ආමන්ඩ් තෙල් සමඟ මිශ්‍ර  කර හිරිවැටීමට ලක්වූ  දත මත ආලේප කර මද වේලාවකින් තරමක් උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

තල තෙල් තල තෙල් රත්කර විදුරුමස්වල ආලේප කර විනාඩි 20 ට පසු සෝදා ඉවත් කරන්න 

ළූණු සුදු ළූණුවලට වගේම ළූණුවලට පුළුවන් දත්වල වේදනා සුවපත් කරන්න. බැක්ටීරියා විනාශ කරන්නට. ඒ විතරක් නෙවෙයි දත් හිරිවැටීම සඳහාත් ළූණු අපිට භාවිතා කරන්නට පුළුවන්. ළූණු කැබැල්ලක් කපාගෙන එය දත් හිරිවැටීම සහ වේදනාව ඇති ප්‍රදේශයේ විනාඩි 5 ක් පමණ තබා ඉවත් කරන්න. පසුව ලුණු වතුරෙන් මුඛය සෝදා දමන්න.

දත් හිරිවැටීමකදී මේ පිළියම් භාවිතයෙන් ඔබට සහනයක් සලසා ගන්නට හැකියාව ඇතත් ඔබ ආසාත්මිකතාවයකින් පෙළෙන අයෙක් නම්, කුඩා දරුවෙක් නම් හෝ ගැබිනි කාන්තාවක් නම් මේ ස්වභාවික සත්කාර ලබා ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඒ වගේම දිගින් දිගටම දත් හිරිවැටීමක්  අත්විදිනවා  නම් දන්ත වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්නත් අමතක කරන්න එපා.