දත් කැක්කුම යනු රෝග අතර දැඩි වේදනාවක් ගෙන දෙන රෝගයක්වේ. එනම් දත් දිරායාම,දත් පණුවන් කෑම ආදී හේතූන් මත දත් කැක්කුම හෙවත් දන්ත වේදනා ඇතිවනු ලැබේ. එනම් කරන ලද නවතම සමීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ 90% කට වඩා වැඩිහිටියන්ගේ දත් දිරා යාමට ලක්ව් ඇති බවය. කෙසේ නමුත් වයස් භේදයකින් තොරව ඇතිවන දන්ත රෝග වලට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අතවශ්‍යවේ. එය මුඛ සෞඛ්ය යහපත්ව පවත්වා ගැනීමට වඩාත් උපකාරීවේ. විශේෂයෙන් ම ගැබිනි මව්වරුන් මුඛ සෞඛ්ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය.
හදිසියේ ඇතිවන දත් කැක්කුම සුව කර ගැනීමට එනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කළ නොහැකි අවස්ථාවක ස්වභාවික සත්කාර භාවිතා කර යම්තාක් දුරට දත් කැක්කුම සුව කරගත හැකිය. එවැනි ස්භාවික සත්කාරයන් බොහොමයක් පවතී.

අයිස් තෙරපුම වේදනා ගෙනෙන දත මත අයිස් තබාගෙන සිටීම මගින් දත් කැක්කුම සුව කරගත හැකිය. එනම් මේ සඳහා පොලිතීන් බැග් එකක් ගෙන එයට අයිස් දමා ඝනකම ඉතා අඩු රෙදි කැබැල්ලකින් ඔතා වේදනාකාරී දත මත මිනිත්තු පහළොවක් පමණ තබාගෙන සිටීමෙන් ස්නායුවල හිරි වැටීම ඇති වී වේදනා,ඉදමුම් සුව කර ගත හැකිය.
කුරුඳු තෙල් දත් කැක්කුම ඇති විටක දත් කැක්කුම සුව කර ගැනීමට කුරුදු තෙල් ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් කුරුදු තෙල් මදක් රත් කර හෝ නොකර වේදනාව ඇති දත මත තැබීම මගින් දත් කැක්කුම සුව කරගත හැකිය.
ඉඟුරු දත් කැක්කුම ඇති විටක ඉඟුරු භාවිතා කිරීම මගින් එම වේදනාවන් සුව කර ගත හැකිය. එනම් ඉඟුරු වල අඩංගු වේදනා නාශක ගුණයන් හා බැක්ටීරියා නාශක ගුණයන් දත් කැක්කුම සුව කිරීමට උපකාරී වේ. දත් කැක්කුම ඇති විටෙක හොදින් තලාගත් ඉගුරු කැබැල්ලක් වේදනාව ඇති දත මත විනාඩි කිහිපයක් තබා සිටීම මගින් එම වේදනාව සුව කර ගත හැකිය.
ලුණු වතුර ලුණු වතුර යනු ස්වාභාවික විෂබීජ නාශකයකි. එනම් දත් කැක්කුම ඇති විටක දත් කැක්කුම සමනය කර ගැනීමට රත් කර ගත් වතුර වීදුරුවකට ලුණු මේස හැදි භාගයක් පමණ එක් කොට හොඳින් මිශ්‍ර කර එම ජලයෙන් මුඛය සේදීමෙන් දත් කැක්කුම ඇති වීමට හේතු වූ විෂබීජ විනාශ කර පිරිසිදු කරන අතර ඉන් ඇති වු විදුරුමස් ඉදිමීම වළකා ගත හැකිය. දිනකට තුන් වතාවක් පමණ මෙය සිදු කිරීම මගින් දත් කැක්කුම යම්තාක් දුරට සුව කර ගත හැකිය.
ලූණු දන්ත වේදනා සුව කිරීමට ලූණු වල අඩංගු ෆයිටො කෙමිකල්ස් උපකාරී වේ . එනම් ඉන් දන්ත වේදනාව ඇති කිරීමට හේතු වූ විශබීජ නාශනය කිරීම සිදුකරයි. එනම් ලූණු කැබැල්ලක් ගෙන කැක්කුම ඇති පැත්තෙන් සෙමින් හැපීම හෝ දත මත තබාගෙන සිටීම මගින් එම වේදනාව සුව කර ගත හැකිය.
පෙපර්මින්ට් දත් කැක්කුම ඇති විටක පෙපර්මින්ට් වල අඩංගු නිර්වින්දක සංඝටක මගින් දත් වල ඇතිවන වේදනාව අඩු කර ගත හැකිය. එනම් දත් කැක්කුම ඇති විටෙක පෙපර්මින්ට් තෙල් ස්වල්පයක් එම වේදනාව ඇති දත මත ගල්වා තබා ලුණු වතුරෙන් කට සේදීම මගින් දත් කැක්කුම සුව කරගත හැකිය.

සුදුලූනු දත් කැක්කුම ඇති විටක එය සමනය කර ගැනීමට ඖෂධයක් ලෙස සුදුලූනු භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා සුදු ලූණු බික් එකක් ගෙන හොඳින් අඹරා පේස්ට් එකක් ලෙස සකස් කර දත් කැක්කුම ඇති දතෙහි මද වේලාවක් තැබිය යුතුය. එනම් සුදුලූනු වල අඩංගු වේදනා නාශක ගුණයන් දත් කැක්කුම සමනය කිරීමට උපකාරී වේ.
හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වේදනා නාශක අතර හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට ප්‍රධාන තැනක් හිමිවේ. එනම් දත් කැක්කුම ඇති විටක හා විදුරුමස් වලින් ලේ ගැලීම ඇති විටක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් 3%ක් පමණ ගෙන ජලය සමග මිශ්‍ර කර එමගින් මුඛය සෝදා හැරීමෙන් එම වේදනා සුව කර ගත හැකිය. එමෙන්ම එම ජලය ගිලීම නොකළ යුතුය.
කරාබු නැටි හෝ කරාබු නැටි තෙල් ඈත අතීතයේ සිටම දන්ත වේදනා මුඛ රෝග සමනය කිරීමට කරාබු නැටි, කරාබු නැටි තෙල් භාවිතා කර තිබේ. එමෙන්ම මෙය වඩාත් හොඳ ප්‍රතිඵල ලබාදෙන ඖෂධයක් නිසාම සෑම දන්තාලේපයක් ම නිශ්පාදනය කරන විට කරාබු නැටි යොදා ගෙන තිබේ. එනම් දත් කැක්කුම ඇති වූ විටක එය සමනය කර ගැනීමට කරාබු නැට් එකක් ගෙන හොඳින් තළා වේදනා ගෙන දෙන දත මත තබාගෙන සිටීමෙන් එම දන්ත වේදනා සුව කර ගත හැකිය. එමෙන්ම කරාබු නැටි තෙල් ද මේ සඳහා වඩාත් සුදුසුවේ. එනම් කරාබු නැටි තෙල් ස්වල්පයක් ගෙන දත මත තබාගෙන සිටීම මගින් දත් කැක්කුම සුව කරගත හැකිය. එනම් කරාබු නැටි වල අඩංගු
මේ ආදී වූ ස්භාවික සත්කාර සිදු කිරීමෙන් දත් කැක්කුම යම් තරමකට හෝ සුව කර ගත හැකිය. නමුත් එසේ සුව නොවන්නේ නම් ඊට ප්‍රථමව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුවේ.