සිරුරේ විෂ ද්‍රව්‍ය එකතුවී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12ක්

health tips

අප පානය කරන ජලයේ  මෙන්ම අප ලබාගන්නා ආහාර වල පවා විෂ ද්‍රව්‍ය අන්තර්ගත වී අපගේ සිරුරට ඇතුලු විය හැකියි.  සිරුරේ විෂහරණය කරවන ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන්ම සිදුකරනු ලබන්නේ අක්මාව හා වකුගඩු මඟිනි. මෙසේ සිරුරට ඇතුලු වන විෂ ද්‍රව්‍ය ඒ තුල එක්රැස් වී කාලයත් සමඟ රෝගකාරක ලෙස ක්‍රියාකරමින් සිරුරේ ලෙඩ රෝග මතුකරවයි.

පහත ලක්ෂණ ඔබ අත්දකින්නේ නම් බොහෝවිට ඉන් ඔබේ සිරුරේ වස විස ද්‍රව්‍ය අධිකව එක් රැස් වී ඇති බව අනතුරු හඟවනවා විය හැකියි.

මනසේ ව්‍යාකූලබව වෙනදාට වඩා දේවල් ඉක්මනින් අමතක වී යන බවක් දැනෙනවාද? මේ තත්වය brain fog ලෙස හඳුන්වයි.මෙය පුද්ගලයාගේ සිතීම, තර්කනය, මතකය වැනි ප්‍රජානන හැකියාවන් අකර්මන්‍ය (අක්‍රීය) වී යන තත්වයකි.මතකය ආශ්‍රිත ගැටලු, මනසේ ව්‍යාකූල බව සහ අවධානය සහ මානසික ඒකාග්‍රතාව නැතිවී යාම වැනි ගැටලු නිතර මතුවෙයි.ආතතිය,ඇතැම් ඖෂධ භාවිතය, නින්ද නොමැතිකම වගේ හේතු නිසා වගේම සිරුරේ විෂ ද්‍රව්‍ය එකතුවීම ද මෙම තත්වය ඇතිවීමට ප්‍රබලව හේතුවෙයි.aspartame, MSG (මොනොසෝඩියම් ග්ලූටමේට්) වැනි ද්‍රව්‍ය මොළයට හානිකරය.නිතර නිතර ඒවා අඩංගු නිෂ්පාදන පරිභෝජනය කිරීම මොළයේ ඔක්සිකාරක ආතතිය ඉහළ දමන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙසේ මනස ව්‍යාකූල වීමට ඉඩ ඇති බව ඇතැම් පර්යේෂණ මඟින් පෙන්වාදෙයි.

නිතරම සිරුරට මහන්සියක් දැනීම සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පාන රටාව සිරුරේ තෙහෙට්‍ටුව ඇතිවීමට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස සැලකෙයි.රසකාරක, වර්ණකාරක වැනි වස විස ද්‍රව්‍ය අඩංගු ආහාර පාන අධිකව පරිභෝජනය කිරීම මීට හේතුවෙයි.සිරුර තුළ විෂ අපද්‍රව්‍ය අධිකව එකතු වීමෙන් ඇඩ්‍රිනල් ග්‍රන්ථි වලට අධික ආතතියක් එල්ලකිරීමට පටන්ගනියි.මෙම ග්‍රන්ථි සිරුරේ නින්ද-අවදිවීම යන චක්‍රය නියාමනය කරයි.එම ග්‍රන්ථි මෙම විෂ අපද්‍රව්‍ය වලින් බලපෑමට ලක්වීම නිසා පුද්ගලයාගේ දෛනික නින්ද රටාව වෙනස්වීමට පටන්ගත හැකියි.නින්ද බාධාකාරී වීම නිසා රාත්‍රියේ පමණක් නොව දහවල් කාලයේ පවා ඇද වැටෙන්නට තරම් අධික මහන්සියක් සිරුරට දැනෙයි. ඇතැම් විට රාත්‍රියේදි හොඳ නින්දක් ලැබුව ද දිවා කාලයේ අධික ලෙස සිරුරේ විඩාබර බවක් දැනිය හැකියි.අධික වස විස එකතුවීමෙන් සිරුරේ නිදන්ගත විඩාව හෙවත් chronic fatigue syndrome තත්වයට තුඬු දිය හැකියි.

නින්ද නොයාම (insomnia)නින්ද නොයාමේ තත්වය හෙවත් අනිද්‍රාව ඇතිවීමට ද මෙය හේතුවිය හැකියි.සිරුරේ වස විස අධික වීමෙන් සිරුරේ කෝර්ටිසෝල් හෝර්මෝන මට්ටම් සිතාගත නොහැකි තරම් ඉහළ යයි.මේවා සිරුරේ ආතතිය නියාමනය කරන හෝර්මෝනයි.බොහෝ විට මෙම ඉහළ යාම සිදුවන්නේ රාත්‍රී කාලයේදියි.කෝර්ටිසෝල් මට්ටම් ඉහළ යාමෙන් නින්දට බාධා වෙයි.පැය කිහිපයක් හෝ මුලු රාත්‍රියම නිදිවර්ජිතව සිටීමට සිදුවිය හැකියි.මේ හේතුවෙන් දිවා කාලයේ පවා අධික නිදිමතක් මහන්සියක් සිරුරට දැනෙයි.

මුඛ දුර්ගන්ධය හැමීම සිරුරේ අධික ලෙස විෂ අපද්‍රව්‍ය එකතුවීම මුඛ දුර්ගන්ධය ඇතිවීමට හේතුවකි.බොහෝ විට මෙය මතුවන්නේ පුද්ගලයාගේ ජීර්ණ පද්ධතියේ ගැටලු මතුවීමත් සමඟයි.අක්මාවට සහ වකුගඩු වලට සාමාන්‍ය පරිදි සිරුරේ විෂහරණ ක්‍රියාවලිය සිදුකිරීමට නොහැකි වීමත් සමඟ මේවා රුධිර ප්‍රවාහයට මුසු වීමට පටන්ගනියි.තදබල මුඛ දුර්ගන්ධය ඉන් ඇතිවන තවත් ප්‍රතිඵලයකි.

තදබල දහඩිය දුගඳ සිරුරේ විෂ අපද්‍රව්‍ය එකතුවීමෙන් ඔබේ සිරුරෙන් ප්‍රබල දුගඳක් හමන්නට පටන්ගත හැකියි.වකුගඩු සහ අක්මාවට නිසි ලෙස සිරුර විෂහරණය කිරීමට නොහැකි වීමෙන් මෙය ඇතිවිය හැකියි.සිරුරේ විෂ ද්‍රව්‍ය බැහැර කරගැනීමට උපකාරී වන ඵලදායි ක්‍රමයක් ලෙස ව්‍යායාම හැඳින්විය හැකියි.දිනපතා ව්‍යායාම කිරීමේදී දහඩිය සමඟ විෂ ද්‍රව්‍ය බැහැර වී යයි.

සිරුරේ බර නිතර නිතර වෙනස්වීම හදිසියේම සිරුරේ බර වෙනස්වීමට පටන්ගැනීම බිය උපදවයි.මීට මූලික විය හැකි හේතු ගණනාවක් තිබෙයි. ඒ අතරින් සිරුරේ විෂ අපද්‍රව්‍ය එකතුවී තිබීම එක් හේතුවකි.ව්‍යායාම හෝ ආහාර පාලනය කළත් ඇතැම් අවස්ථා වල බර අඩුනොවිය හැකියි.එසේ වන්නේ ලයිපො‍ෆිලික් තත්වයේ විෂ අපද්‍රව්‍ය නිසයි. සිරුරෙන් බැහැර නොවන මෙම විෂ ද්‍රව්‍ය සිරුරේ මේද තුළ සැඟවී පවතියි.සිරුරේ බර අඩුකරගැනීම වඩාත් අසීරු වීමට මේවා හේතුවෙයි.පලිබෝධනාශක,ඩයොක්සයිඩ වැනි පරිසර අපවිත්‍රකාරක වලට සිරුර නිරාවරණය වීමෙන් මේවා ශරීර ගත වේ.

ඔක්කාරය ගතිය අධිකව විෂ ද්‍රව්‍ය එකතු වීමෙන් තදබල ඔක්කාරය ගතියක් නිතර දැනීමට පටන්ගත හැකියි.බොහෝ විට මෙයට හේතුවන්නේ නීරෝගී නොවන ආහාර පාන පුරුදුය. නිතර නිවසින් පිට තැන් වලින් ආහාර ගැනීම, කෘතිම හා ක්ෂණික ආහාර පාන පරිභෝජනය මෙම අවදානම වැඩිකරයි.දරාගත නොහැකි ප්‍රමාණයෙන් වස විස ද්‍රව්‍ය ශරීරගත වීමෙන් සිරුරට නිතර අසනීප ගතියක් දැනීමට පටන්ගනියි.බොහෝ විට ඔක්කාරය සමඟ ඉසකරකැවිල්ල,හෘද ස්පන්දනය වේගවත් වීම, ක්ලාන්ත ගතිය,ශරීර උෂ්ණත්වය වෙනස්වීම මෙන්ම වමනය ද ඇතිවිය හැකියි. අධිකව මත්පැන් පානය කිරීම ද මෙම තත්වය ඇතිකළ හැකියි. එවැනි පුරුදු වලින් වළකින්න.

හිසකෙස් හැලීයාමට පටන්ගෙන තිබීම නිදාගෙන අවදිවන විට කොට්ටය මත අධිකව හිසකෙස් ගැලවී ගොස් තිබෙන අයුරු දකින්නට ලැබෙනවාද?මෙය සිරුරේ විෂ අපද්‍රව්‍ය අධික බව පෙන්නුම් කරන තවත් සංඥාවකි.රසදිය (mercury),තැලියම් (thallium) සහ සෙලේනියම් (selenium) වැනි විෂ ද්‍රව්‍ය ඔබේ කෙස්කලඹට ඉතා හානිකරයි.විෂ අපද්‍රව්‍ය හිස මුඩුවීමේ රෝගයක් වන ඇලොපීසියා තත්වය හා සම්බන්ධතා පෙන්නුම් කරන බව අධ්‍යයන මඟින් සොයාගෙන ඇත.සිරුරේ රසදිය මට්ටම් වැඩියි නම් මාලු නිෂ්පාදන පරිභෝජනය සීමා කරන්න. මේවායේ රසදිය මට්ටම් වැඩිය.

මනෝභාවය (mood) නිතර වෙනස්වීම මොහොතක් සතුටින් සිටියත් ඊලඟ මොහොතේ තදබල දුකක් සිතට දැනෙනවාද?mood එක වෙනස්වීම ඔබේ මානසික සෞඛ්‍යයට වගේම කායික සෞඛ්‍යයට ද බලපෑම් ඇතිකළ හැකියි.සිරුරේ වස විස අධිකව එකතුවීමෙන් ඇතිවන තවත් අතුරුබලපෑමක් ලෙස මෙය පෙන්වාදෙයි.මින් පුද්ගලයා තුළ විශාදයීය ලක්ෂණ, නුරුස්නා බව,ආවේගශීලී ප්‍රකෝපකාරී හැසිරීම් මතුකළ හැකි බව සඳහන්.

මලබද්ධය නිසි ලෙස මලපහ බැහැර නොවීම පීඩාකාරීය. අහිතකර ආහාර පුරුදු ද මීට බලපෑ හැකියි.ආහාර පාන මෙන්ම ඇතැම් ඖෂධ වර්ග භාවිතය නිසා ද මෙම තත්වය ඇතිවීමට ඉඩ තිබෙයි (උදාහරණ ලෙස විශාදනාශක,වළිප්පුවට ලබාදෙන ඖෂධ සහ මානසික රෝග වලට ලබාදෙන ඖෂධ වල අඩංගු රසායනයන් නිසා).

විටමින් D අධික වීමෙන් ද මලබද්ධය හටගත හැකියි.මලපහ මඟින් සිරුරේ විෂ අපද්‍රව්‍ය බැහැර වෙයි. නමුත් නිසි ලෙස එය සිදුනොවීමෙන් එම විෂ ද්‍රව්‍ය රුධිරයට මුසු වී වෙනත් රෝගාබාධ සිරුරේ මතුකිරීමට ඇති ඉඩකඩ වැඩිවිය හැකියි.

සමේ ගැටලු නිසි සිරුරෙන් ඉවත් නොවන විස ද්‍රව්‍ය රුධිරයට මිශ්‍ර වීම මීට බලපාන මූලික හේතුවකි.මේ නිසා සමේ කුරුලෑ බිබිලි සහ කුෂ්ඨ (රෑෂ්) මතුවීමට ඉඩ තිබෙයි.ඇතැම් රසායනික ද්‍රව්‍යයන්ට සම නිරාවරණය වීමෙන් ද නොයෙකුත් චර්ම ගැටලු මතුවෙයි.සේදුම්කාරක(ඩිටර්ජන්ට් වර්ග), රබඩ් නිෂ්පාදන වලට එක්කරන ද්‍රව්‍ය, ලෝහ සහ පිරිසිදුකාරක,පලිබෝධනාශක හා පොහොර වල අඩංගු විෂ ද්‍රව්‍ය චර්ම ගැටලු ඇතිවීමට හේතුවිය හැකියි.ඇස් ආවරණ සහ අත් වැසුම් වැනි නිසි ආරක්ෂාවක් නොමැතිව මේවා පරිහරණය නොකරන්න.

හිසරදය අධික බඩගින්න, අධික ඝෝෂාව වගේ හේතු නිසා ඔබට හිසරදය ඇතිවෙන්න පුළුවන්.ඊට අමතරව සිරුරේ විෂ ද්‍රව්‍ය එක් ‍රැස් වීම ද මීට හේතුවිය හැකියි.සිරුරේ වස විස ද්‍රව්‍ය අධික බව පෙන්නුම් කරන පොදු ලක්ෂණයක් ලෙස ද හිසරදය සැලකෙයි.aspartame ශරීර ගත වීම හිසරදය ඇතිකරයි. මේවා යෝගට්, චුයිංගම්,සීනි රහිත රස කැවිලි, අඩු කැලරි යුෂ පාන වර්ග සහ ඩයට් සෝඩා වැනි නිෂ්පාදන වල අඩංගුය. සීනි වෙනුවට භාවිත කරන සීනිරහිත නිෂ්පාදන වල සිරුරට හානිකර රසායනික ද්‍රව්‍ය බහුලව අඩංගුයි.එම නිසා ඒවා අධිකව ආහාරයට ගැනීම නොකළ යුතුයි. MSG බහුලව අඩංගු ආහාර (ටින් ආහාර, ක්ෂණික නූඩ්ල්ස් වැනි) බහුලව පරිභෝජනය කිරීම ද හිසරදය ඇතිකරයි.එම නිසා අහිතකර ආහාර පාන පුරුදු අත්හැරීම වැදගත්!

මෙම පීඩාකාරී ලක්ෂණ දිගින් දිගටම පවතියි නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.