අපේ ශරීරයේ ඉතා වැදගත්ම අංගයක් තමයි ඇස් කියන්නේ. අපේ ජීවිතයට මිල කරන්නට බැරි බොහෝ වටිනා දේවල් මේ ඇස් දෙකට සමාන කරන්නේ ඒ නිසාමයි. ලෝකය දකින්නට තියෙන මේ වැදගත්ම ඉන්ද්‍රිය අපේ නොදැනුවත්භාවය නිසා වැඩි සැලකිල්ලක් නොදැක්වීම නිසා විවිධ ආබාධවලට ගොදුරු වෙන්නට පුළුවන්. දවසින් දවස තාක්ෂණික වශයෙන් ඇතිවන දියුණුව හමුවේ වගේම අද මුළු ලෝකයටම තර්ජනයක්ව තියෙන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රැකියා කටයුතු ඉගෙනීම් කටයුතු ආදී සෑම කටයුත්තක්ම පරිගණකය හෝ දුරකථනය ඔස්සේ මාර්ගගත ක්‍රමයටයි සිදු කරනු ලබන්නේ. එහිදී වැඩි කාලයක් දුරකථන තිරය දෙස හෝ පරිඝණක තිරය දෙස බලා සිටීම නිසා ඇස් ආශ්‍රිතව විවිධ ආබාධ තත්ත්වයන් වාර්තා වීම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපේ ඇස්වලට වන හානිය වළක්වා ගන්නට අපි අනුගමනය කළ යුතු ක්‍රමවේද කිහිපයක් පිළිබඳවයි ඔබව දැනුවත් කරන්නට සූදානම් වන්නේ.
ඇසිපිය ගසන වාර ගණන අඩුවුණොත් ඇස්වලට මොකද වෙන්නේ සාමාන්‍යයෙන් පොතක් පත්තරයක් කියවද්දි එහි අකුරු ප්‍රමාණය හෝ වර්ණය ආදිය නොවෙනස් වුණත් ඩිජිටල් තිරයක නිතර වර්ණය වෙනස්වීම අකුරු වෙනස්වීම ආදිය සිදු වෙනවා. ඒ නිසා අපේ අවධානය නොබිදී තබා ගන්නට අපි ඇසපිය හෙළන වාර ගණන අඩු කරනවා. සාමාන්‍ය පුද්ගලයෙක් මිනිත්තුවකට ඇසිපිය වාර 20 හෙළුවත් ඩිජිටල් තිරයක් දෙස බලාගෙන වැඩ කරන අයෙකුගේ මිනිත්තුවකට වාර 4-5 ක් දක්වා ඇසිපිය ගැසීම අඩුවන බව සමීක්ශණවලින් සොයාගෙන තියෙනවා.
ඇසිපිය ගැසීම මගින් ඇස පිසදැමෙන අතර එමගින් ඇසේ මතුපිට ස්ථරය තෙත ස්වභාවයට පවතිනවා. එමගින් අපිට හොඳින් යමක් දැක ගන්නට හැකියාව ලැබෙනවා. කදුළුවල ඇති විශේෂිත රසායනික සංඝටකය නිසා ඇසට විශබීජයක් ඇතුළු වුණාට පස්සේ එයින් ඇසට විය හැකි හානිය අවම කරනු ලබනවා. ඇසපිය ගසන වාර ගණන් අඩුවුණොත් මතුපිට ස්ථරය වියළි වී කදුළු අඩු වී බාහිරින් ඇතිවෙන්නට හැකි විශබීජ නිසා ඇසට සිදුවිය හැකි හානිය අධික වෙනවා.
ඇසේ ආරක්ෂාවට අපිට අනුගමනය කළ හැකි ක්‍රමවේද

සම්පූර්ණයෙන් ඇස විවර නොකිරීම ඩිජිටල් තිරයන් දෙස බලා සිටීමේදී සම්පූර්ණ ඇස විවර නොකර ඇස පහළට ඇහි පිහාටුව සිටින සේ එනම් ඇසේ විවරයේ ප්‍රමාණය අවම වන ආකාරයට පරිගණකයේ තිරය පහළට කර තබා ගන්නට පුළුවන්. එයින් ඇස වියළීම වළක්වා ගන්නට පුළුවන්.
විනාඩි 20 ට අඩි 20 ක් දුරින් ඇති වස්තුවක් දෙස තත්පර 20 ක් බලා සිටීම .ඩිජිටල් තිරයක් දෙස බලාගෙන සිටීමේදී ඇසේ මාංශපේශී ඒ සඳහා දැඩි වෙහෙසක් දරනු ලබනවා.එයින් ඇසේ මාංශපේශීන් මහත් සේ විඩාවට පත්වෙනවා. ඒ විතරක් නොවෙයි ළග තියෙන දෙයක් දෙස බලා සිටීමේදී ඇසේ කාචය වඩාත් ඝනකම්ව වැඩිවන අතර ඇසේ අවට ඇති මාංශපේශීන් වගේම ඇස තුළ ඇති මාංශපේශීත් ඒ සඳහා උපකාර කරනු ලබනවා. යම් ඉලක්කයක් දෙස ඇස යොමු කරගෙන සිටින්නට දරන මේ වෙහෙස නිසා මාංශපේශී වෙහෙසට පත්වෙනවා. ඒ තත්ත්වය මගහරවා ගන්නට අපට අනුගමනය කළ හැකි පිළියමක් හඳුන්වා දී තියෙනවා.එකදිගට ඩිජිටල් තිරයක් දෙස බලා සිටීමේදී සැම විනාඩි 20 කට වරක්ම අඩි 20 ක් තරම් දුරින් ඇති වස්තුවක් දෙස තත්පර 20 ක් බලා සිටීම අත්‍යවශ්‍යයි. ඒ වගේම ඒ කාලය තුළ හොඳින් ඇසිපිය ගැසීමත් ඉතාම වැදගත් කාරණයක්.
අවට වාතයේ ආර්ද්‍රතාවය පාලනය නිවසේදී හෝ කාර්යාලයේදී පරිගණකය සමඟ වැඩ කරන විට වායු සමීකරන යන්ත්‍ර හෝ විදුලි පංකාවක් ඔබ සමීපයේ නිසැකයෙන්ම තබා ගන්නවා. ඒ නිසා අපේ ඇස් වියළි බවට පත්වෙනවා. ඒ තත්ත්වය මගහරවා ගන්නට නිවසේදී නම් විදුලි පංකාව දුරින් තබා එහි වේගය අඩු කිරීම වැදගත්. කාර්යාලයේ AC එක නිසා වාතයේ ආර්ද්‍රතාවය අඩුවී ඇති නිසා කාර්යාලය තුළ ඔබ සිටින ස්ථානයේ මාළු ටැංකියක් හෝ කුඩා ජල භාජනයක් තබා ගැනීම එයට කදිම විසඳුමක්. එවිට එවායින් වාශ්ප වන ජලය නිසා ආර්ද්‍රතාවය ඉහළ යාමෙන් ඇස වියළීමට ඇති ඉඩකඩ සීමා කරනවා.
ඇස්වලට දුරින් ඩිජිටල් තිරය තබා ගැනීම වැඩි වශයෙන් දුරකථනය සමඟ කාලය ගත කරන අපි නිතරම ඇසට ඉතා සමීපයෙන් දුරකථනය තබා ගන්නවා. නමුත් සාමාන්‍යයෙන් ඇසට හිතකර වන්නේ ඇසේ සිට අගල් 12 ක් එනම් සෙන්ටිමීටර් 30 ක් දුරින් දුරකථනය තබා ගැනීමයි. පරිගණකයක නම් සෙන්ටිමීටර් 50 ක් තරම් දුර ප්‍රමාණයක් ඇස් මට්ටමට වඩා පහළින් තබා ගැනීමයි වඩාත් සුදුසු වන්නේ.
අහිතකර කිරණවලින් ආරක්ෂාවීමට කණ්ණාඩි භාවිතය මෙවැනි ඩිජිටල් උපකරණ භාවිතයේදී ඒවායින් නිකුත් කරන නිල්පාට ආලෝකය ඇස්වලට ඉතාම අහිතකරයි. විශේෂයෙන්ම මොළයෙන් ශ්‍රාවය කරන මෙලටොනින් (නින්දට තල්ලු කරන හෝර්මෝනය )සහ සෙනටොනින් (අවදිව සිටින නැත්නම් ප්‍රබෝධමත්ව තබන හෝර්මෝනය)කියන හෝර්මෝන මට්ටම්වලට යම්කිසි බලපෑමක් ඇති කරනු ලබනවා. ඒ නිසා නින්දට පැය දෙකකට පෙර මේ දම් පාට හෝ නිල් පාට ස්ක්‍රීන් එකෙන් ඉවත්ව සිටීමයි වඩා වැදගත් වන්නේ.මේ blue light එක filter කරගන්නට විවිධ ක්‍රම භාවිතා කරන්නට පුළුවන්. එයින් ආරක්ෂා වෙන්නට නොයෙකුත් app, අක්ෂි ආවරණ වගේම කණ්ණාඩි භාවිතා කරන්නට පුළුවන්.

නිතර ජලය පානය කිරීම ඩිජිටල් තිරයක් සමඟ වැඩ කටයුතු කරන විට නිතර ජලය ස්වල්පය බැගින් පානය කිරීම මගින් ඇස් වියළීම වළක්වා ගන්නට පුළුවන්. ඒ ජලයට ලෙමන් යුශ ටිකක් හෝ ලුණු ඉතාම ස්වල්පයක් එකතු කර පානය කරන්නට හැකිනම් වඩාත් හිතකරයි.
ඩිජිටල් තිරයේ ආලෝකය ඉතා අඩු තත්ත්වයේ පවත්වා නොගැනීම මෙය 50% ට ඉතා ආසන්නයේ පවත්වා ගැනීමයි වඩා සුදුසු වන්නේ. ආලෝකය අඩු කිරීම නිසා එහි ඇති දේ නිවැරදිව බලා ගන්නට ඇස බොහෝ වෙහෙසෙනවා. ඒ නිසාම ඩිජිටල් තිරයේ ආලෝකය වගේම වටපිටාවේ ආලෝකයත් පැවතීම ඇසේ සෞඛ්‍යට ඉතාම වැදගත් වෙනවා.
ඇසට ව්‍යායාම් කිරීම ඇස වටා ඇති මාංශපේශී රවුමට මසාජ් කිරීම මගින් ඇසේ විඩාව නැති කර රුධිර සංසරනය හොඳින් පවත්වා ගන්නට උපකාරී වෙනවා.
දෙපා පොළව සමඟ ස්පර්ශ වන ලෙස තබා ගැනීම මේ තාක්ෂණික උපකරණ සමඟ වැඩ කටයුතු කිරීමේදී අපේ ශරීර ශක්තියෙන් යම් ප්‍රමාණයක් ඒවායින් අවශෝෂණය කරගන්නා බව සොයාගෙන තියෙනවා. ඒ වගේම ශරීරයට අනවශ්‍ය යම් ආරෝපණ ප්‍රමාණයක් අපේ ශරීරයේ එකතු වෙනවා. ඒ සඳහා වඩාත්ම සුදුසු කාරණයක් වන්නේ පාවහන් ගලවා දෙපා පොළව සමඟ ස්පර්ශවීමට ඉඩ හැරීමයි. අද බොහෝදෙනා ඩිජිටල් තිරයන් සමඟ වැඩ කටයුතු කරත් ඇසේ නීරෝගීභාවය කෙරෙහි දක්වන අවධානය අවමයි. නමුත් ඇස් නීරෝගීව තබා ගන්නට මේ පුරුදු අනුගමනය කිරීම අක්ෂි ආබාධවලින් වැළකී සිටින්නට ඔබට මහත් උපකාරයක් වේවි. .