සුව නොවෙන ගැස්ට්‍රයිටීස් නිට්ටාවටම සුව කර ගන්න අළු කෙසෙල් වලින් පානයක්

health tips

ඉස්සර අපේ මුතුන් මිත්තන් නිතරම ඔවුන්ගේ ආහාරයට එකතු කරගත්තු බොහොමයක් එළවළු පලා වර්ග අද අපේ ආහාරයට එකතු වෙන්නේ නැතිම තරම්. එයට එක් හේතුවක් තමයි යම් යම් ආහාර සම්බන්ධයෙන් මිනිසුන් තුළ විවිධ වූ මිථ්‍යා අදහස් මුල් බැසගෙන තිබීම. ඉතින් ඒ වගේ බොහෝ දෙනෙක් වැරදි අදහසක් දරන ගුණදායක ආහාරයක් තමයි අළු කෙසෙල් .

මේ නිසාම බහුතරයක් පිරිමි අය අළු කෙසෙල් ආහාරයට ගැනීම ප්‍රතික්ශේප කරනවා.ඒ  ලිංගික ශක්තිය හීන වීමට අළු කෙසෙල් බලපාන බවට පවතින මතය නිසාවෙන්.නමුත් තවමත් එවන් මත සත්‍ය බවට කිසිදු විද්‍යාත්මක පර්යේෂණයකින් සනාථ කරගෙන නැහැ. ඒ නිසා ඒවා මිත්‍යා  අදහස් ලෙස අපිට බහැර කරන්නට හැකියාව පවතිනවා.කොහොමනමුත් අඩු වියදමකින් ගුණ රැසක් ලබා ගන්නට හැකි මේ ආහාරය ප්‍රතික්ශේප කිරීම නම් අනුවණකමක්.

අවුරුදු කාලයට පිළියෙල වෙන හත්මාළුවට නැතුවම බැරි අළු කෙසෙල් රසවත් ව්‍යංජනයක් විදිහට අපිට ආහාරයට එකතුකර කරගන්න  පුළුවන්. ඒ විතරක් නෙවෙයි අළු කෙසෙල් භාවිතයෙන් චිප්ස්,  සලාද මිශ්‍රකර ඉස්ටු සහ බේක් කර කැමති ආකාරයකට පිළියෙල කර ගන්නත් පුළුවන්.

අළු කෙසෙල් ගෙඩිවල විතරක් නෙවෙයි මුල්, කොළ, මල් ආදී හැම කොටසක්ම වගේ ඖෂධීය වටිනාකමෙන් ඉතාම ඉහළයි. මේවායේ කාබෝහයිඩ්‍රේට්, පොස්පරස්, ප්‍රෝටීන්, කැරොටින් ආදී පෝෂණ ගුණ රැසක්ම අන්තර්ගත වෙනවා. මේ අළු කෙසෙල් තන්තු බහුල ආහාරයක්. ප්‍රතිඔක්සිකාරයක ගුණයෙන් පොහොසත්. ඒ හැරුණාම විටමින් C සහ යකඩත් යහමින් අඩංගු වෙනවා. අධික කැලරි ප්‍රමාණයකින්  සමන්විත අළු කෙසෙල්වල විටමින් A, K, කැල්සියම්, මැග්නීසියම්, ෆෝලෙට් ද අන්තර්ගත වෙනවා.

අළු කෙසෙල් ආහාරයට ගැනීමෙන් ලැබෙන ගුණ

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා.අළු කෙසෙල්වල විටමින් A  අඩංගු වෙන නිසා සෞඛ්‍යමය ප්‍රතිලාභ බොහොමයක් අපිට ලැබෙනවා.  විශේෂයෙන්ම එය ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියාත්මක වෙන නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කරන්නට උපකාරී වෙනවා.

රුධිර පීඩනය නියාමනය, ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළැක්වීමටත්, මේවායේ අඩංගු මැංගනීස් උපකාරී වෙනවා.අළු කෙසෙල්වල සැලකිය යුතු ප්‍රමාණයක් මැංගනීස් අඩංගු වෙන නිසා එය බෝ නොවන රෝග බොහොමයකින්ම හොඳ  ආරක්ෂාවක් ලබා දෙන්නට සමත් වෙනවා. විශේෂයෙන්ම රුධිර පීඩනය නියාමනය අස්ථිවල දුර්වලතා හේතු කරගෙන ඇති වන ඔස්ටියෝපොරෝසිස් වැලැක්වීමටත්  මැන්ගනීස් උපකාරී වෙනවා. 

විශේෂයෙන්ම අළු කෙසෙල් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය  කරමින් ඉන්සියුලින් සහ කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තීය නියාමනය කරමින් දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වීමේ අවදානමත් අඩු කරනවා. ඒ විතරක් නෙවෙයි  නින්ද නොයාමේ ගැටලු, මානසික අවපීඩනය සහ ඉරුවාරදය වගේ රෝග තත්ත්වයන් සුවපත් කරන්නටත් මේ අළුකෙසෙල් අපිට උපකාරී වෙනවා. 

ආහාර ජීර්ණය   වැඩිදියුණු කරනවා. අළු කෙසෙල්වල තන්තු බහුල නිසා ආහාර ජීර්ණය සම්බන්ධයෙන්  වැදගත් මෙහෙයක් ඉටු කරනවා. ඒ වගේම මලබද්ධය සහ අර්ශස් රෝග වැනි ගැටළුවලටත් සහනයක් ලබා දෙනවා.

ස්වසන  රෝගවලට සහනය සලසනවා.අළු කෙසෙල් සෙම්ප්‍රතිශාව, සයිනසයිටීස්, ඇදුම සහ පෙනහළු ආසාත්මිකතාවලට ප්‍රතිකාර කිරීමේ දී භාවිතයට ගන්නවා. ඒ වගේම අලු කෙසෙල් සතුව විෂබීජ නාශක ගුණයක් ද පවතිනවා. එය ටොන්සිලයිටිස්  උගුරේ අමාරුව සහ කැස්ස ආදී රෝග තත්ත්වයන් සුවකර ගන්නටත්  උදව් වෙනවා.

තුවාල සුව කිරීම ඉක්මන් කරනවා.ශරීර අභ්‍යන්තරයේ ඇතිවන දැවිලි සහ තුවාල වඩා ඉක්මණින් සුවපත් කරන්නට අළු කෙසෙල්වලට සුවිශේෂී හැකියාවක් පවතිනවා. අධ්‍යනයක් මගින් පෙන්නුම් කර ඇති වූ ආකාරයට වියළි අළු කෙසෙල් ආමාශගත තුවාල සහ වණ සුව කරන්නට බලපෑමක් කළ හැකි බව සඳහන්. ඒ වගේම නිදන්ගත වේදනාවන්, රුමැටොයිඩ් ආතරයිටිස් සඳහා ඖෂධ භාවිතා කරන පුද්ගලයන්ට ආමාශයේ පටල ස්ථරයේ වණ හට ගැනීමේ  ප්‍රවණතාවය ඉහළයි.  එවැනි  පුද්ගලයන්ට ඉතාම හොඳ ආහාරයක් විදියට මේ අළු කෙසෙල් සඳහන් කරන්න පුළුවන්.•විශේෂයෙන්ම අමිල පිත්ත රෝගයෙන් පෙළෙන අයට අළු කෙසෙල් හරිම ගුණදායකයි.

කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනවා.සිරුරේ ඇති අනවශ්‍ය මේද කොටස් ඉවත් කරමින් දේහයේ  කොලෙස්ටරෝල් මට්ටම ඉතා යහපත්ව තබා ගන්න හොඳම ආහාරයක් විදිහට අළු කෙසෙල් සැලකෙනවා. කොලෙස්ටරෝල් මට්ටම යහපත්ව පාලනය වීම තරබාරුව, දියවැඩියාව, රුධිර පීඩනය ආදී වෙනත් රෝගවලින් පවා  ඔබව ආරක්ෂා කරනවා. 

වෙනත් ප්‍රතිලාභ

  • පිළිස්සුම් තුවාලවලදී ඇතිවන වේදනාව සමනය කරනවා .  
  • ශරීරයේ බර වැඩි කරගන්නට උපකාරී වෙනවා.
  • මතක ශක්තිය වැඩි කරනවා. 
  • ප්‍රජනන පද්ධතියේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරනවා.  
  • අක්ෂි රෝගවලින් වළකනවා. 
  • පිළිකා ඇතිවීම වළක්වනවා.
  • සමේ පැහැය වර්ධනය කරනවා. 
  • උදරය ආශ්‍රිත දැවිල්ල සුව කරනවා. 
  • බඩ පුරවා දැමීම සමනය කරනවා. 
  • කුසගිනි වඩවනවා. 
  • වාත රෝග නසාලනවා. 
  • පණු රෝග දුරු කරනවා. 
  • මලබද්ධය හා අර්ශස් රෝගයන් නසාලයි. 
  • ධාතු පෝෂණය කර දේහ බලය හා ශක්තිය වඩව‍නවා. 
  • මාසික ඔසප්වීමේදී ඇතිවන අපහසුතා දුරු කරනවා. 
  • මුත්‍රාශය ආශ්‍රිත ගැටළු සමනය කරනවා. 
  • ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය ක්‍රමවත් කරනවා. 
  • නිරක්තිය වළක්වනවා. 
  • මුත්‍රාශයේ හා පිත්තාශයේ ගල් ඇතිවීම වළකනවා. 
  • අජීර්ණයන් සහ සමේ රෝග සුවකරනවා. 
  • සිරුරේ ජල සමතුලිතතාවය ආරක්ෂා කරනවා. 
  • හදවතේ ක්‍රියාකාරිත්වයට ඉතා සුදුසුයි. 
  • ආහාර ජීර්ණ පද්ධතියේ විෂ කොටස් ඉවත් කරනවා. 
  • සිරුරේ හෝර්මෝන හා  එන්සයිම යාමනය කරනවා.
  • කාන්තාවන්ගේ සුදයාමේ රෝගය පාලනයට උදව් වෙනවා. 
  • හිසකෙස් වර්ධනය කරනවා. 
  • ශරීරය සිසිල්ව තබාගන්නට උපකාරී වෙනවා.  
  • අත්තන විෂ සහ ඊයම් විෂ සමනය සඳහා  වූ ඖෂධ  සඳහා භාවිතයට ගැනෙනවා.

සිරුර පෘෂ්ටිමත් කරන කදලි මෝදකය හදාගන්නා හැටි

 අවශ්‍ය  ද්‍රව්‍ය

  •  අමු අළු කෙසෙල්
  •  උඳු පිටි
  •  ඇට ඉවත් කරගත් රට ඉඳි
  • පැසුණු අමු අළු කෙසෙල් වියළාගෙන හොඳින් කොටා පිටි වශයෙන් සකස් කර ගන්න.
  • ඒ පිටි හා සමානව උඳු පිටි ගෙන  ඒවා හොඳින් මිශ්‍ර කරගන්න.   
  • වියළාගත් ගත් කෙසෙල් පිටිවලටත්  උඳු පිටිවලටත් සමාන ලෙස ඇට ඉවත් කරගත් රටඉඳි එකතු කර හොඳින් කබලේ බැද ලිපෙන් ඉවත් කර නිවෙන්නට හරින්න.
  • ඉන් පසුව මේ මිශ්‍රණය හොඳින් අඹරාගෙන නෙල්ලි ගෙඩි ප්‍රමාණයට ගුළි හදාගන්න.
  • උදේ සහ සවස දිනකට ගුලි දෙක බැගින් මේ කදලි මෝදකය ආහාරයට ගන්න. මෙය ඇඟ පුෂ්ටිමත් වීම සඳහා ඉතාම හොඳ ඖෂධයක්. 

ගැස්ට්‍රයිටීස් රෝගය සඳහා-අළු කෙසෙල් ගෙඩි කිහිපයක් ගෙන ඒවා  පුංචි කැබලිවලට කපා හොඳින් අව්වේ වියළා ගෙන ඇලුමිනියම්  හට්ටියක් ළිපේ තබා අව්වේ වියළා ගත් කැබලි එයට දමා වහන්තරාවකින් වසා හොඳින් කර වෙන්නට වියළා ගන්න. 

අඟුරු පදමට  වියළා ගත් කෙසෙල් කැබලි හොඳින් කුඩු කරගෙන බෝතලයකට දමා ගන්න. ශරීරයේ ඇතුළත දැවිල්ලකදී ආමාශගත තුවාල හටගත් විට දී උණු වතුර කෝප්පයකට මෙයින් . හැන්දක් දමා පානයට ගන්න.

 මෙය මෙය බාහිර දද, කුෂ්ඨ හොරි වගේ තුවාලවලටත් ආලේප කරන්න හැකියාව තියෙනවා. 

දුම්පානය සඳහා වූ ඇබ්බැහිය නතර කර ගන්නට දුම්පානයට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්ට ඒ පුරුද්ද මගහරවා ගන්නට හොඳින් පැසුණු අමු අළු කෙසෙල් ගෙඩි කිහිපයක් ඕන කරනවා. ඒක හදාගන්නේ මෙහෙමයි.

මුලින්ම හොඳින් පැසුණු අමු අළු කෙසෙල් ගෙඩි කිහිපයක් ගෙන ඒවායේ පොතු ඉවත් කර ගන්න. කැබලිවලට කපාගෙන ඒවාට කහ කුඩු ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් මිශ්‍රකර ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු  බැද ගෙන හොඳින් ඇසුරුම් කර තබා ගන්න.

 දිනපතාම බත් සමග මේවා ආහාරයට ගැනීමෙන් දුම්පානයට ඇබ්බැහි වෙලා ඉන්න ඔබට එයින් මිදෙන්නට පුළුවන්.

 අළු කෙසෙල් ලොකු කුඩා හැමෝටම ශක්තිය ලබාදෙන රෝග බොහොමයකින් ආරක්ෂාව සලසන ආහාරයක්. නමුත් දිනපතාම මේවා ආහාරයට එකතු කරගන්න එපා. ඒ වගේම ඔබ  වකුගඩු රෝගයෙන් පෙළෙන කෙනෙක් නම් අළු කෙසෙල් එතරම් හිතකර නැහැ. යම්විටෙක ඔබේ දිව, තොල් ආදී ඉදිමී කැසීම ආදී ආසාත්මිකතා ඇතිවූයේ නම් අළු කෙසෙල් ආහාරයට ගැනීම නතර කර වෛද්‍යවරයෙකු හමුවට යන්න.