ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනූව ශීර්ෂ රෝග ගණයට අයත් වන රෝගයක් ලෙස හිසරදය හදුනා ගත හැකිය. මෙය බෝහෝමයක් දෙනා පීඩා විදින ඉතා සුලභව පවතින රෝගී තත්වයක් වේ. සියුම්ව පවතින හිසරදය ඇතැම් විටක දරුණු හිසරදයක් දක්වා වර්ධනය වේ. එමගින් වඩාත් පීඩාකාරී තත්වයක් ඇති කරනු ලබයි. හිසරදය ඇතැම් විටක දෛනික ජීවිතයේ වැඩකටයුතු ද අතපසු කරවීමට හේතූ වේ. හිසරදය යනු ඇත්තෙන්ම හුදෙක් රෝගයක් නොව බෝහෝමයක් රෝගයන්හි ප්‍රධාන රෝග ලක්ෂණයක් වේ.එනිසා හිසරදය රෝගී තත්වය පිළිබඳ මනා අවබෝධයක් පැවතීම ඕනෑම අයෙකුට ඉතා වැදගත් වේ. හිසරදය සදහා ස්වාභාවික ප්‍රතිකාර මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ද සිදු කරනු ලැබේ. හිසරදය ඇති විටක ඒ සදහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම පහසු නොවන අවස්ථාවන්හි අපට නිවසේදීම ස්වාභාවික ප්‍රතිකාර ක්‍රම අනුගමනය කළ හැකිය.
හිසරදය ඇති වීමට බලපාන හේතූ.

• ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනූව හිසරදය සදහා බලපාන මූලික හේතුව වන්නේ වා,පිත්,සෙම් ත්‍රිදෝෂයන්හි සමතුලිතතාවය බිද වැටීමයි.
• උණ රෝගයෙන් පෙළෙන විට.
• කන් ,දත් ආශ්‍රිතව ඇතිවන වේදනාවන්.
• හිසට ආගන්තුකව සිදු වන බලපෑම් ( හිසට පහරක් වැදීම, වැටීමෙන් හිස වැදීම ,හිස තැලීමට ලක්වීම.)
• ජානමය හේතූ සාධක සහ පාරිසරික වෙනස්වීම් වෙනස් වීම් නිසා ඇතිවන ඉරුවරාදය.
• බෙල්ල ,හකු පෙදෙස ,උරහිස් වල ආතතිය එකතු වී දරුණු හිසරදයක් ඇති වේ. මෙහිදී හිස දෙපස ඇතිවන වේදනාව වැඩිය.
• දර්ශනයේ වෙනස්කම් ,ශබ්දය හෝ ආලෝකයට ඇති සංවේදීතාවය මත ද හිසරදය ඇති වේ.
• මොනොසෝඩියම් ,ග්ලුටමේටි අඩංගු චොකලට් ,මේද චීස් වැනි ආහාර බහුලව පරිභෝජනය කිරීම හිසරදය ඇති කිරීමට හේතූ වේ.
• අධිකව වේදනා නාශක භාවිත කිරීමද හිසරදය ඇති වීමට හේතූ වන අතර ඒවා භාවිතය අත්‍යාවශ්‍යම නොවේ නම් එම ඖෂධ භාවිතය නතර කිරීම වඩාත් උචිත වේ.
• සෙම්ප්‍රතිශ්‍යාව ඇති විට.
මෙම හේතූ සාධකයන්ට අමතරව
• අධි රුධිර පීඩනය
• දරුණු අඝාත රෝග තත්වය
• ශරීරයේ ග්ලූකෝස් මට්ටම පහත බැසීම .
• මොළයේ ආසාදනයක් පැවතීම .
• අභ්‍යන්තර රුධිර වහනයක් පැවතීම .
• හිස තුවාල වී පැවතීම .
• වයස ආශ්‍රිතව අර්බුදකාරී තත්වයක් පැවතීම.
• මොළයේ පිළිකාවක් හෝ ගෙඩියක් පැවතීම.
යන භයානක රෝගී තත්වයන් නිසා ද දරුණු හිසරදය රෝගී තත්වය ඇති වේ. මේනිසා හිසරදය පිළිබඳ නොසළකා හැර සිටීම නුවණට හුරු ක්‍රියාවක් නොවේ. සාමාන්‍ය ලෙස සුවපත් නොවුනොත් වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ගැනීම වඩාත් උචිත ක්‍රියාමාර්ගය වේ.
හිසරදය සදහා ඇති ස්වාභාවික ප්‍රතිකාර ක්‍රම-හිසරදය පාලනය කර ගැනීම සදහා අපට නිවසේදීම අනුගමනය කළ හැකි ප්‍රතිකාර ක්‍රම බෝහෝමයක් පවතී.

• උණුසුම් ජලය හුමාලය ඇල්ලීම.නිතර නිතරම පවතින හිසරදයට සහනයක් ලබා ගැනීම සදහා දවසට දෙවරක් උණුසුම් ජලය හුමාලය ඇල්ලීම මගින් හිසරදය සමනය කර ගත හැකිය.
• සගන්ධ තෙල් භාවිතය.හිසරදය සදහා වඩාත් ගුණදායක ඔසුවක් වේ. ගර්භණී කාන්තාවන් වැනි වේදනා නාශක භාවිත කළ නොහැකි අය සදහා වඩාත් පහසුවෙන් හිසරදය සමනය කර ගැනීමට සගන්ධ තෙල් ප්‍රතිකාරය භාවිත කළ හැකිය.
• මැග්නීසියම් භාවිත කිරීම.ශරීරය අභ්‍යන්තර ක්‍රියාවලිය සදහා විවිධ පෝෂ්‍ය සංඝටක අවශ්‍ය වේ.ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වය සදහා මැග්නීසියම් අවශ්‍ය වේ.හිසරදය අවුලුවාලන ස්නායු ආබාධ වළක්වා ගැනීමට මැග්නීසියම් උපකාරී වේ. එනිසා මැග්නීසියම් අන්තර්ගත ආහාර ඔබේ ආහාර වේලට එක් කර ගැනීම ද හිසරදය සදහා ප්‍රතිකාරයක් වේ.
• ඉගුරු තේ පානය කිරීම.ඉගුරු ප්‍රතිඔක්සිකාරක ගුණය පිරි ඔසුවක් වේ. හිසරදය අවුලුවන රෝග ලක්ෂණ වන වමනය ඔක්කාරය සමනය කිරීමට ඉගුරු ඔසුවක් වේ. වේදනාව ඇති විට ඉගුරු කහට සාදා පානය කීරීම හා හැකි සෑම විටම ඉගුරු ආහාරයට ගැනීම වඩාත් ගුණදායක වේ.
• සීතල යෙදීම.හිසරදය සමනය කර ගැනීමට ඇති තවත් පහසුම ක්‍රමයක් වන්නේ බෙල්ලට සහ හිසට සම්පීඩනය සමග සීතල යෙදීමයි. සීතල දැවිල්ල අඩු කර රුධිර නාල අවහිර කරන නිසා හිසරදය සදහා ඉක්මන් සහනයක් ගෙන එනු ලබයි.
• නීල්‍යාගුණ්ඩායාදී තෛලය හා ත්‍රිපලා තෛලය නාසයට නස්‍ය කිරීමද හිසරදය සදහා කරනු ලබන ඖෂධීය ප්‍රතිකාරයක් වේ.
• නිතර නිතර ඇතිවන හිසරදය සදහා පොල්තෙල් පහනකට දෙහි බිංදු කිහිපයක් යොදා එම පොල්තෙල් පහනින් හිස රත් කර ගැනීම මගින් ද හිසරදය සමනය කර ගත හැකිය.
• නික කොළ තම්බා හුමාලය ඇල්ලීම මගින් සෙම් රෝග තත්වයන් නිසා ඇතිවන හිසරදය සුවපත් කර ගත හැකිය.
• කුරුදු කොළ සහ ලුණුවරණ කොළ පිරිසිදුව තම්බා හුමාලය ඇල්ලීම මගින් සාමාන්‍ය ආකාරයෙන් පවතින හිසරදය සමනය කර ගත හැකිය.
• කහ කුඩු ස්වල්පයක් තලතෙල් මිශ්‍ර රෙදි පාන්කඩයක ඔතා ගිනි අවුළුවා ඉන් නැගෙන දුම කොස් කොළ ගොටුවකින් නාසයට ප්‍රශ්වාස කිරීමෙන් ඉරුවරාදය නිසා ඇතිවන හිසරදය ට සහනය ලබා ගත හැකිය.
• උදුපියළිය ,රතුලූණූ ,සියඹලා කොළ ආදිය ගෙන පොට්ටනියක බැද හුමාලයෙන් තම්බා නලල දෙපස ,ඇස් ,නාසය ආශ්‍රිතව මද රස්නයෙන් තැවීම සිදු කළ යුතුය. එමගින් හිස ආශ්‍රිතව ඇති සෙම බුරුල් වී ඉවත් වේ.
• අධි රුධිර පීඩනය නිසා ඇතිවන හිසරදය සදහා සුදුහදුන් කුඩු සුදුලූණු තලතෙලින් මිශ්‍ර කර පැලැස්තරයක් යෙදීම වඩාත් ප්‍රථිඵලදායක වේ.
සාමාන්‍ය හිසරදය මෙන්ම භයානක රෝගී තත්වයන් නිසා හිසරදය ඇති වීම සිදු වේ. හිසරදය ද අනෙක් රෝග මෙන්ම බෝහෝ පීඩාකාරී වන අවස්ථා පවතී. එවැනි අවස්ථාවන්හි අපට ස්වාභාවික ප්‍රතිකාර ක්‍රම අනුගමනය කළ හැකි අතර ඒවා භාවිතයෙන් සුවපත් නොවන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු විය යුතුය. එසේම ඕනෑම රෝග තත්වයක් ඇති වීම වැළැක්වීම සදහා අපේ යහපත් සෞඛ්‍ය පුරුදු උපකාරී වේ. එනිසා සෑම විටම යහපත් සෞඛ්‍යය පුරුදු සදහා ප්‍රමුඛත්වය ලබා දීම වඩාත් සුදුසුවේ.