කුෂ්ඨයක් හැදීගෙන එන විට නොවරදවාම කර යුතු ආයුර්වේද ප්‍රතිකාර 8 ක්

health tips

පාරිසරික හා ශාරීරික සංකූලතා නිසා සම  මත ඇතිවන දද , කුෂ්ට යනු බොහෝ දෙනකු පීඩාවට පත්කරන රෝග තත්වයකි. එනම් ඇතිවූ මුල් අවස්ථාව මේ සඳහා ප්‍රතිකාර කරන්නේ නම් ඉන් බොහෝ විට එම රෝග නිට්ටාවටම සුව කළ හැකිය. නමුත් සුළු කොට සිතා පැහැර හැරීමෙන් එය ශරීරය පුරාම වුවද පැතිර යා හැකිය. බොහෝ විට උෂ්ණාධික ශරීර හිමි පුද්ගලයින්ට දද,කුෂ්ට ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය. එමෙන්ම දේශගුණික විපර්යාස මෙන්ම ගනු ලබන ආහාර රටාව නිසා ද  පහසුවෙන් සම මත දද , කුෂ්ට ඇති විය හැකිය. ඊට අමතරව දද , කුෂ්ට ඇතිවීමට වෙනත් හේතූන් ද බලපානු ලබයි.

ශරීරයේ පවතින උෂ්ණාධික භාවය

  • බොහෝවිට පුද්ගලයින්ගේ ආහාර රටාව නිසා හෝ දේශගුණික විපර්යාස මත ශරීරයේ ඇතිවන උෂ්ණාධික භාවය. 
  • අපිරිසිදුකම හෙවත් බාහිර සෞඛ්‍ය සම්පන්න පිළිවෙත් අනුගමනය නොකිරීම. 
  • පරම්පරාගත රෝගයක් වීම. එනම් තම මවට පියාට හෝ වෙනත් ඥාතියෙකුට දද කුෂ්ඨ රෝග පැවැතීම. 
  • පෝෂණය ඌනතා 
  • මානසික ආතතිය. යම් යම් යම් දේවල් පිළිබඳව වැඩි වශයෙන් සිතීම. එනම් ඉන් මානසික රෝග තත්ත්වයන්ට ගොදුරු වී ඒ හේතුවෙන් දද කුෂ්ඨ ඇති වීම. 
  • දද කුෂ්ඨ ඇති රෝගියෙකුගේ ඇඳුම් පැලැඳුම් භාවිතා කිරීම. ආදී හේතූන් දද , කුෂ්ට ඇතිවීම සඳහා බලපානු ලැබේ. 

දද , කුෂ්ට ඇතිවන විට දැකගත හැකි රෝග ලක්ෂණ සම කැසීම හා දැවිල්ලක් ඇතිවීම එනම් දද කුෂ්ඨ ඇති වීමට පෙර එම ස්ථානයන් වල අධික දැවිල්ලක් හා කැසීමක් ඇති වේ. එමෙන්ම උත්සන්න වීමත් සමඟ බිබිලි පලු මතුවී තුවාල වීම හා ශ්‍රාවය ගැලීම සිදුවේ. එවිට එය ශරීරයේ අනෙකුත් ස්ථානවලට ද බෝවිය හැකිය. 

දද කුෂ්ඨ සමනයට දේශීය වෛද්‍ය විද්‍යාවේ ඖෂධ බොහෝ ප්‍රමාණයක් භාවිතා කරනු ලැබේ. සෑම දෙනාටම පාහේ මෙම රෝගය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව සොයා ගෙන ඊට ප්‍රතිකාර කිරීමෙන් මෙම රෝගය නිට්ටාවට ම සුවකර ගත හැකිය. එනම් බොහෝ දෙනකුට පෝෂණ ඌනතා නිසා ද සම මත දද ,කුෂ්ඨ ඇති වනු ලැබේ. 

ඊට අමතරව ශරීර උෂ්ණාධික භාවය, දේශගුණික විපර්යාසයන්ද මේ සඳහා වැඩි වශයෙන් හේතු වනු ලැබේ. ඒ නිසා දද, කුෂ්ට රෝග ඇතිවීමට හේතු වූ කාරණය කුමක් ද යන්න හඳුනා ගැනීම හා ඉන්පසු ප්‍රතිකාර වෙත යොමුවීම වඩාත් සුදුසු වේ. විශේෂයෙන් දද, කුෂ්ට සඳහා දේශීය වෛද්‍ය විද්‍යාව තුළ ඖෂධ වශයෙන් ශරීරය සිසිල් කරන ඖෂධ වර්ග පළමුව ලබා දීම සිදු කරනු ලැබේ. එමෙන් ම දද කුෂ්ට  සෝදා හැරීමට,ආලේප කිරීමට  විවිධ ඖෂධ වර්ග යොදා ගනී. 

දද කුෂ්ට රෝග සඳහා භාවිතා කරන ඖෂධ වර්ග 

දද කුෂ්ට සේදීම සඳහා කොහොඹ කොළ, ඇත්තෝර කොළ ,අහු කොළ පින්න කොල, හීන් නිදිකුම්බා ,අමු කහ, වෙනිවැල් ගැට යන සියල්ල තම්බා එම වතුරෙන් සෝදා හැරීම.

  • අරළු, බුළු, නෙල්ලි තම්බා එම වතුරෙන් සේදීම. 
  • කොහොඹ කොළ සමග අමු කහ හොඳින් තම්බා එම වතුරෙන් සේදීම. 
  • කරවිල කොළ, අමු කහ තම්බා එම වතුරෙන් සෝදා හැරීම.
  • මීට අමතරව ඖෂධ වර්ග ආලේප කිරීමෙන් ද දද වලට ප්‍රතිකාර කිරීම සිදු කරයි.

ආලේපන වර්ග කොමාරිකා ,සුදු හඳුන්, මී පැණි මිශ්‍ර කර ආලේප කිරීම. 

  • ගොටු කොළ අඹරා තල තෙල් වලින් මලවා බැදීම. 
  • කොහොඹ කොළ, අමුකහ අඹරා ආලේප කිරීම.
  • එනම් විශේෂයෙන් දද හා පණුකැවිලි වලට මෙම ප්‍රතිකාරය යෝග්‍ය වේ. 
  • මදුරුතලා කොළ, අමු කහ කොටා බැඳීම.

සැරව ගලන විට කළ හැකි ප්‍රතිකාර පාං විස්කෝතු උණු වතුරින් පොඟවා බැඳීම මගින් සැරව ඉවත් කරගත හැකිය. 

  • අමු ගස් ලබු තලපයක් සේ අඹරා ආලේප කිරීම. 
  • තෙල් වර්ග 
  • නීල්‍යාදි තෛලය 
  • එළඟිතෙල් 
  • සර්වවිෂාදී තෛලය
  • සීතෝදක තෛලය 
  • මේ සඳහා භාවිතා කළ හැකිය. මීට අමතරව ආහාර රටාව හා ජීවන රටාව පිළිබඳව සැලකිලිමත් විය යුතුය. 

එනම් එම තත්ත්වය සමනය කිරීමට උපයෝගී වන ශීත ගුණයෙන් යුතු ආහාරපාන භාවිතා කිරීම මෙහිදී වඩා වැදගත් වේ. එනම් 

  • වෙනිවැල්ගැට තම්බා පානය කිරීම. 
  • රණවරා මල් තම්බා පානය කිරීම. 
  • බෙලි මල් ,ගෙඩි, පොතු, තම්බා පානය කිරීම. 
  • අරළු ,බුළු, නෙල්ලි තම්බා පානය කිරීම. 
  • ඉරමුසු තම්බා පානය කිරීම. 

හාතාවාරිය ,ගොටුකොළ, මුකුණුවැන්න, මොණරකුඩුම්බිය, එළබටු,හීන්බෝවිටියා වැනි ඖෂධීය කොල වලින් සකස් කරන කැඳ පානය භාවිතා කිරීම. 

උෂ්ණාධික ආහාර භාවිතයෙන් වැළැකීම. එනම් ඉස්සන්, පොකිරිස්සන්, දැල්ලන්, කකුළුවන්, අන්නාසි, ගඩුගුඩා,අච්චාරු වර්ග, තක්කාලි, දෙහි,අඹ, විනාකිරි යෙදූ ආහාර, එනම් ලුණු, ඇඹුල් අධික ආහාර, දෙල් වැනි උෂ්ණාධික ආහාර භාවිතා කිරීමෙන් වැළකිය යුතුය. විශේෂයෙන්ම ශරීරය සිසිල් කරන ආහාර භාවිතා කිරීම මෙම රෝග ඉක්මනින් සුව කර ගැනීමට උපකාරී වේ.