නින්ද නොයන පුද්ගලයන් විනාඩි 5න් නින්දට යවන ස්වභාවික පාන 2ක්

health tips

හරියට නින්ද යන්නෙ නැති එක අද ලොකු පොඩි බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක්. කාර්යබහුල බව,  මනසට දැනෙන පීඩනය වැඩි බව වගේම දුරකථනය පරිගණකය වගේ උපකරණ වැඩි වශයෙන් භාවිතයට ගැනීමත් ඇතැම් ලෙඩරෝග ආදියත් රාත්‍රී කාලයේ දී නින්ද අහිමි කරන්නට හේතුවෙලා තියෙනවා. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට දෛනිකව පැය 6-7ක නින්දක් අනිවාර්යෙන්ම ලබා ගන්නට ඕන. නින්ද නොයාමේ ගැටළු සඳහා විවිධ රෝග බලපානවා වගේම කාලයක් තිස්සේ සුවදායි නින්දක් ලබා නොගැනීමත් විවිධ රෝගාබාධ ඇතිවෙන්න හේතුවක්  වෙනවා. 

අපේ ශරීරයට විවේකය ලැබෙන හොඳම ක්‍රමය තමයි නින්ද. අපි මැරුණා වගේ නින්දට ගියත් අපේ ශරීරයේ ඇතුළේ බොහෝ රසායනික වෙනස්කම් සිද්ධ වෙනවා. හොඳ  නින්දක්  අපේ නිර්මාණශීලිත්වය, මතකය, බුද්ධිය ආදී මොළය  ඇසුරු කරගෙන පවතින සාධක බොහොමයක් වර්ධනය කරන අතරේ අක්මාව, වකුගඩු, හෘදය ආදී සෑම අවයවයකමත් පටක අලුත්වැඩියා  කිරීම, විෂහරන කටයුතු ආදී බොහොමයක් දේ සිදු වෙනවා. සුවදායි නින්දකින් පසුව අපිට ඉතා  හොඳ ප්‍රබෝධයක් ලැබෙන්නේ අපේ කයට වගේම මනසටත් හොඳ විවේකයක් එයින් ලැබෙන නිසා. හරිහමන් නින්දක් නොලැබුණු  විට  පසුදින පවතින මන්දගාමී අලස ස්වභාවය ඔබත් අත්විදලා  ඇති.

නින්දට බාධා ඇතිවෙන අපේ වැරදි  පුරුදු ගැනත් සලකා බලමු.

  • නින්දට යනතුරුම දුරකථනය, පරිගණය, හෝ රූපවාහිනී තිරය දෙස බලා සිටීම 
  • රාත්‍රියට අධික ලෙස බර ආහාර ගැනීම 
  • නින්දට පෙර උණුසුම් ජලයෙන් ස්නානය 
  • රාත්‍රියේදී තේ කෝපි හෝ මෝල්ට් ආදී පානයන් ගැනීම
  • රාත්‍රී නින්දට පෙර දුම්පානය 
  • රාත්‍රී  නින්දට ආසන්න කාලයේදී ව්‍යායාම් කිරීම 
  • එකම වේලාවට නින්දට නොයාම
  • නින්දට පෙර මොළය ඉතා  ක්‍රියාකාරී වන ගායනය, වාදනය, සිතුවම් කිරීම ආදී  කලා කටයුතුවල යෙදීම 

මේ නින්දට බාධා ඇති කරන පුරුදුවලින් වැළකිලා  සුවදායි නින්දක් ස්වභාවිකවම  ලබා ගන්නටයි අපි  උත්සාහ කරන්නට ඕන. එහෙම නැතිව නිදි පෙති භාවිතයෙන් කෘතිමව අපේ ශරීරයට නින්ද ලබා දෙන්නට නෙවෙයි. මොකද එවැනි ඖෂධ අපේ ශරීර සෞඛයට කොහෙත්ම හිතකර වෙන්නේ නැහැ. 

ස්වභාවිකව සුව නින්දක් ලබාගන්නට  පිළියම් 

රතු ළූණු  රාත්‍රියට සුවදායී නින්දක් ලබා ගන්නට රතු ලූනු ගෙඩි හයක් හතක් භාවිතා කර සම්බෝලයක් සකසා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ ගන්නා කුමන ආහාරයක් සමග හෝ රතු ලූනු ගෙඩි කිහිපයක් ආහාරයට ගැනීමත්  සුවදායි නින්දක් සඳහා උදව් වෙනවා. විශාදය නිසා නින්ද නොයන  අයට ඒ ට්‍රිප්ටොපේන් අඩංගු  බෙහෙත් පෙති  ලබා දෙනවා.නමුත් මේ ළූණු වල මේ සංඝටකය ස්වභාවිකවම අඩංගු වෙලා තියෙන නිසා එය නින්ද නොයාමට හොඳ විසඳුමක්.

  • අවශ්‍ය ද්‍රව්‍ය
  •  ඉදුණු කෙසෙල් ගෙඩි 2
  •  කුඩු කරන ලද කුරුදු කුඩු තේ හැදි 1  
  •  වතුර වීදුරුවක් 

සාදා ගන්නා ආකාරය මුලින්ම වතුර භාජනය ලිපේ තබා නටන තුරු උතුරවා ගන්න. කෙසෙල් ගෙඩියේ ලෙලි ඉවත් කර කැබලිවලට කපාගෙන ඒ නටන වතුරවලට එකතු කරන්න. මේ භාජනය හොඳින් තදවන සේ වසා විනාඩි දහයක් පහලවක් කෙසෙල් තැම්බෙන්නට ඉඩහරින්න. ඉන්පසු පෙනේරයක් ආධාරයෙන් තේ කෝප්පයකට පෙරා එයට කුරුඳු කුඩු එකතු කර උණුසුම තිබියදීම පානයට ගන්න. නමුත් මෙයට සීනි එකතු කරන්නට එපා.

  • අවශ්‍ය ද්‍රව්‍ය 
  • කිරි කෝප්ප 1 
  • ඉදුණු  කෙසෙල් ගෙඩි 2 
  • වැනිලා තේ හැදි ¼ 

කිරි ටික හොඳින් උණු කර නිවා ගන්න. පසුව කිරි බ්ලෙන්ඩරයට දමා එයට කෙසෙල් ගෙඩිය කැබලිවලට කපා  දමා ගන්න. වැනිලා  වගේම අවශ්‍ය නම් සීනි හැදි 2 ක් ද එයටම එකතු කරන්න. සියල්ල බ්ලෙන්ඩර් කර සාදා ගත් මෙය  පානය කර නින්දට යන්න. 

  • දෙහි ඇඹුල් ටිකකට තල තෙල් දමා හිසේ ගැලීමත් සුවබර නින්දක් ලබාගන්නට උදව් වෙනවා.
  •  ඒ වගේම අබ තෙල් දෙහි ඇඹුල් හොඳින් මිශ්‍ර කර හිසේ සහ යටිපතුල්වල ගල්වා  මද වේලාවකින් යටිපතුල් සෝදා ඇඳට යන්න.

නිදි පෙති භාවිතා කරනවා තරම් මේ විසඳුම් පහසු නැතත් අපේ ශරීර සෞඛ්‍යයට අහිතකර බලපෑමක් මෙයින් ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා බය නැතුව මේ පිළියම් ඔබත් උත්සාහ කර බලන්න.