ශරීරයේ එකතු වෙන අනවශ්‍ය විෂ එක රැයෙන් ඉවත් කරන පතෝල සතු ගුණ 26 ක්

health tips

අද අපි ආහාරයට ගන්නා දේවල් නිසාම වසර පනහක්වත් ජීවත් වෙනවා කියන එක සැක සහිතයි . ඒ අතරිනුත් ඉතා පහසුවෙන් අපිට ආහාරයට ගන්නට හැකියාව තියෙන පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර අපේ ආහාර ලැයිස්තුවෙන් ඉවත් වෙලා තියෙන එක එයට මූලිකම හේතුවක් වෙලා තියනවා. අපි හැමෝම වගේ ආහාරයක් ගනිද්දි ඒවායේ රසය,  පෙනුම ගැන ටිකක් වැඩිපුර හිතනවා. 

ඒ නිසා රසයෙන් අඩු ගුණයෙන් ඉතාම ඉහළ බොහෝ ආහාරපාන අපෙන් දුරස් වෙලා.  බොහෝ අය ලෙඩ කෑම විදියට හඳුන්වන කාණ්ඩයට අයත් වෙන පතෝල කියන්නෙත් බොහෝ දෙනෙක් කන්නට එතරම් රුචියක් දක්වන්නේ නැති ආහාරයක්. ඒත් මේ ලිපිය කියවලම  බලන්නකෝ ඔයා දරන අදහස කොතරම් දුරට සාධාරණ ද කියලා.

උද්භිද විද්‍යාත්මක නාමයෙන්  Tricho santhes cucumerin  හැඳින්වෙන පතෝල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ වගේම දේශීය වෛද්‍ය විද්‍යාවේ මහඟු ඔසුවක් විදිහට සැලකෙනවා. ඒත් අද වැඩි දෙනෙක් කිසිම රහක් නෑ, දිය රහයි, ලෙඩ කෑම කියලා මේ පතෝල ආහාරයට ගන්නේ නැති මට්ටමකට ඇවිල්ලා තියෙනවා.  පතෝලවල 95% ක්ම ජලය අඩංගු වීම මූලිකවම මෙහි රසය අඩුවෙන්නට හේතුවෙලා  තියෙනවා. 

ඒ හැරුනහම කාබෝහයිඩ්‍රේට්, තන්තු, කැල්සියම්, යකඩ, පොස්පරස්, මැග්නීසියම්, මැන්ගනීස්, අයඩීන් වගේම විටමින් ඒ, විටමින් බී සහ විටමින් සී ඇතුළු විටමින් වර්ග රැසක් මෙහි අන්තර්ගත වෙනවා. ප්‍රතිඔක්සිකාරක ‍ ප්‍රති ප්‍රදාහ නාශක ගුණ සහිතයි.  මේදයයි කොලෙස්ටරෝලුයි කොහෙත්ම නැහැ. ඒ නිසාම තමයි පසුව ඕනෑම ලෙඩකට ආහාරයට ගන්නට හැකියාවක් තියනෙන එළවළුවක් බවට පත් වෙලා තියෙන්නෙ

පතෝල කරල් ව්‍යන්ජනයක් ලෙස, සම්බෝලයක් ලෙස, මැල්ලුමක් ලෙස වගේම පතෝල කොළ තම්බා පානය කිරීමත් ගුණදායකයි. ඉතින් පතෝල කියන්නේ පෝෂණය ගුණ පමණක් නෙවෙයි ඖෂධීය ගුණ බොහෝ සෙයින් අඩංගු වන ආහාරයක්. නමුත් ජනතාව තුළ එතරම් ජනප්‍රිය නොවන ආහාරයක්.

 පතෝල ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි 

  • වාතය සහ පිත සමනය කරනවා.
  • ප්‍රතිශක්තිකරණය වර්ධනය කරනවා. 
  • කුසගින්න වර්ධනය කරනවා.
  • මෝරන ලද පතෝල ඇටවල උදරයේ ඇති පණුවන් නැසීමේ ගුණයෙන් යුක්තයි.
  • ආහාර ජීර්ණයට උපකාරී වෙනවා.
  • බර අඩු කරගන්නට උපකාරී වෙනවා. 
  • මළබද්ධය, බඩ ඉදිමීම සහ බඩේ කැක්කුම් ඇතිවීම වැළැක්වීමට උපකාරී වෙනවා.
  • අතිරික්ත සෙම පහසුවෙන් ඉවත් කර ඇදුම වැනි ආසාත්මිකතා සහ ස්වසන අපහසුතා දුරු කරනවා.
  • මානසික සෞඛ්‍ය යහපත්ව තියා ගන්නට උපකාරී වෙනවා.
  • ශරීරයේ අනවශ්‍ය මේදය වේගයෙන් දහනය කරනවා .
  • ආහාර ජීර්ණය පහසු කරනවා. ආහාර ජීර්ණයෙන් පසුව පෝෂක කොටස් උපරිම ලෙස අවශෝෂණය  කර ගන්නට උපකාරී වෙනවා.
  • මුත්‍රා හොඳින් නිෂ්පාදනයට දායක වෙනවා.
  • අධික වමනයට ගුණදායකයි.
  • ශරීරයේ උෂ්ණාධික බව සමනය කරනවා.
  • අධික ඔසප් වේදනාව සමනය කිරීම, අක්‍රමවත් ඔසප් චක්‍රය නිවැරදි කිරීම සහ  PCOS ආදී හෝමෝන අසමතුලිතතාවය පාලනය කරනවා. 
  • මුත්‍රා දැවිල්ලට ගුණදායකයි.
  • සමේ කුෂ්ටවලට හිතකරයි.
  • ගෑස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන අයට සහනය සලසනවා. 
  • හිස්කෙස් ගැලවී යාම වළක්වනවා. අලුතින් හිසකෙස් වර්ධනයට උපකාරී වෙනවා.
  • හෘදයාබාධවලට ගුණදායකයි.
  • රුධිර නාල විස්තාරණය කර මනා රුධිර ගමනයක් ඇති කරමින් අධි රුධිර පීඩනය අඩු කරනවා.
  • දියවැඩියා රෝගීන්ට ගුණදායකයි.
  • මස්පිඩු පෙරලීමට සහාය සැලසෙනවා.
  • වකුගඩු, අක්මාව, පෙනහලු ආදී අවයවවල පවතින විෂ ඉවත් කරනවා.
  •  අර්ශස් රෝගීන්ට ඉතාම ගුණදායකයි. 
  • වකුගඩු ගල් දිය කර හරින්නට උපකාරී වෙනවා.

අත් බෙහෙත්  

  • අධික වමනය සඳහා– පතෝල යුෂ කෝප්ප භාගයක් මී පැණි හැන්දක් සමඟ මිශ්‍රකර පානයට ලබාදීමෙන් වමනය නතර කර ගන්නට හැකියාව ලැබෙනවා.
  • උණ රෝගය සදහා-පතෝල කොළ තම්බා පානය කිරීම හෝ පතෝල ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට දීමෙන් උණ  සුව කරගන්න පුළුවන්. 
  • මුත්‍රා දැවිල්ල සඳහා-පතෝල වැලක් ගෙන කුඩා කැබලිවලට කපා සම්පූර්ණ රැයක් වතුරේ පොඟවා උදේට එයින් වතුර කෝප්ප දෙකක් පෙරා පානයට ගන්න. මෙය  මුත්‍රා දැවිල්ලට හොඳ  පිළියමක්.
  • කුෂ්ඨ රෝග සඳහා-පතෝල අඹරා ගත් පලපය සම  මත දවසට දෙවරක් ආලේප කරන්න. 
  • සමේ  ගැටලු සඳහා විටමින් ඊ වලින් පොහොසත් එළවළුවක් වන නිසා පතෝලවලින් ලබන ජෙල් සාරය අව් රශ්මියෙන් පිලිස්සුණු සම සහ කුෂ්ඨ මත ආලේප කිරීමෙන් සමේ වියලි බව සමනය කර සම්පූර්ණ තෙතමනය ලබා ගන්නට පුළුවන්.

 පතෝලවල වැදගත් ඛනිජ ලවණ අන්තර්ගත වුණත් අධික ලෙස පරිභෝජනය ශරීරයට අහිතකර වෙන්න පුළුවන්. ඒ නිසා මධ්‍යස්ථව ආහාරයට එකතු කරගත යුතුයි. ඒ වගේම මේ එළවලු තෝරා ගනිද්දි නැවුම් ඒවා තෝරා ගැනීමත්  ඔබේ සෞඛ්‍ය සම්පන්න බව සඳහා අතිශයින්ම වැදගත් බව සිහියේ තබා ගන්න .