ඇස් කණ්ණාඩි පළදිනවානම් දැනගත යුතු දේවල් 12 ක්

health tips

ගොඩක් දෙනාට ඇස් කණ්ණාඩි භාවිතා කිරීම ඒ තරම්ම ප්‍රසන්න අත්දැකීමක් නොවෙයි. ඇස් කණ්ණාඩි භාවිතා කරද්දී යම් යම් ගැටලුත් ඇතිවෙනවා.කණ්ණාඩියක් නොමැතිව කිසිම දෙයක් පැහැදිලිව නොපෙනෙන අයට මේ නිසා විශාල අපහසුතාවන්ට පත් වීමට සිදුවෙනවා. 

ඇස් කණ්ණාඩියක් පලඳින ඔබට වැදගත් වන වටිනා උපක්‍රම කිහිපයක් තමයි අද ඔබට පැවසීමට යන්නේ.

  • අඳුරේදී ඔබේ කණ්ණාඩි කුට්ටම සොයාගන්නේ කොහොමද?

ඔබේ කණ්ණාඩි කුට්ටමේ හෝ රඳවනයේ සිහින් ඉරක් ආකාරයෙන් ‘ෆ්ලොරසන්ට් තීන්ත’ ස්වල්පයක් ආලේප කරගන්න. අඳුරේදි එහි දීප්තිය නිසා පහසුවෙන් හඳුනාගැනිමට හැකියාව ලැබේ.

  • කණ්ණාඩි කාච පිරිසිදු කරන හරිම ක්‍රමය!

ඔබේ කණ්ණාඩිය වියළිව පිරිසිදුකරගැනීමට වඩාත්ම සුදුසු රෙදි වර්ගය වන්නේ ‘මයික්‍රෝෆයිබර්’ රෙදි වර්ගයයි. එමඟින් කාච සීරීම සිදුනොකරන අතර කුණුදූවිලි එකතුවී ‍රැඳීම සිදුනොවේ. ඔබේ කමිසයේ හෝ බ්ලවුසයේ කොනෙන් ඔබේ කණ්ණාඩිය පිසදැමීම කිසිසේත්ම නොකල යුතු දෙයකි. එහි ඇති නූල් වලින් කාච සීරී යාමට ඇති ඉඩකඩ වැඩි නිසා ඔබේ පෙනීමට අමතර බාධාවක් එමඟින් නිර්මාණය විය හැකියි.

  • කණ්ණාඩිය වෙනුවට භාවිතා කල හැකි ක්‍රමයක්!

හදිසි අවස්ථාවකදී කණ්ණාඩිය සොයාගැනීමට ඔබට් අපහසු වුණා නම් ඔබේ ස්මාර්ට් දුරකථනය ඔබේ පිහිටට සිටිනවා. ඔබ ලඟ පමණක් පෙනෙන අයෙක් (අවිදුර දෘෂ්ටිකතාව)  නම් ස්මාර්ට් දුරකථනයේ කැමරාව තුලින් දේවල් පැහැදිලිව දැකිය හැකි වේවි.

  • කණ්ණාඩි කාච සෝදන ආකාරය

කාච සෝදාගැනීම සඳහා භාජන සේදුම්දියර වඩාත් සුදුසුයි. නමුත්, මද්‍යසාර වලින්, විනාකිරි,ඇමෝනියා හෝ බ්ලීච් දමා ඔබේ කණ්ණාඩිය පිරිසිදුකරගන්න නම් හිතන්නවත් එපා! ඒවායේ ප්‍රබල සංඝටක නිසා ඔබේ කණ්ණාඩි කාචවල ඇති ආරක්ෂිත පටලය ඉන් දැඩිලෙස හානියට පත්වීමට ඉඩ තිබෙනවා.

  • කණ්ණාඩි කාච මත වාෂ්ප එකතු වීම වළක්වාගන්නේ කොහොමද?

කණ්ණාඩි භාවිතා කරාන් ඕනෑම කෙනෙකුට පොදුවේ ඇතිවන ගැටලුවක් තමයි මෙසේ කණ්ණාඩිය මත වාෂ්ප එකතු වීම. ඔබේ කණ්ණාඩි මෙසේ පාරාන්ධ වන්නේ එහෙමත් නැතිනම් විනිවිද නොපෙනෙන තත්වයට පත්වන්නේ උෂ්ණත්වයේ සිදුවන වෙනස්කම් නිසයි. ඉතින්, මේ කරදරය අවසන් කරගන්න  උපක්‍රමයක් විදියට ඝන හෝ දියර සබන් ස්වල්පයක් ඒවා මත තවරාගන්න.

  • ‘කණ්ණාඩි කුට්ටම කොණ්ඩයට පලඳින බෑන්ඩ් එකක් නොවෙයි’

කණ්ණාඩිය හිසේ රඳවාගෙන සිටින අය ඔබත් දැක ඇති. නමුත්, මෙය ඇත්තෙන්ම නරක පුරුද්දක්. ඔබේ මේ ක්‍රියාව නිසා කණ්ණාඩියේ රාමුවේ හැඩය වෙනස් වී හොඳින් රඳවාගැනීමට නොහැකිව නිතර පහලට වැටීම සිදුවිය හැකියි. මුහුණ සෝදාගැනීමේදී හෝ වෙනත් හදිසි අවස්ථාවක කණ්ණාඩිය හිසේ රඳවා නොගෙන පැත්තකින් තබාගැනීම වඩාත්ම උචිතයි.

  • ‘කැඩුණු කණ්ණාඩි කුට්ටම නැවත සකස් කරගමු’

මෙය තාවකාලික ක්‍රමයක්! ඔබේ කණ්ණාඩියේ ඇති ඉස්කුරුප්පු ඇණය ගැලවී ගිය අවස්ථාවක ‘ටූත්පික්’ එකක් ආධාරයැන් ඉක්මන් විසඳුමක් ලබාගන්න ඔබට හැකියි. කණ්ණාඩි රාමුව සහා කනේ රඳවන කූරු කොටස එකිනෙක සම්බන්ධ වන තැනට ‘ටූත්පික්’ එකක් දමා එහි වැඩි කොටස කපා ඉවත්කරගන්න.

  • කනේ රඳවන කූරු කොටස පළලින් වැඩි ද /ප‍ටුයි ද?

ඔබේ කණ්ණාඩිය නිතරම පහළට වැටෙනවා නම් කනේ රඳවන කොටස් දෙකේ ඇති වක්‍රාකාර කොටස් දෙක උණු වතුරේ මිනිත්තු කිහිපයක් පොඟවාගන්න. ප්ලාස්ටික් මදක් මෘදු වන තුරු එසේ තබා ගැනීම ප්‍රමාණවත්.දැන්, ඒවා කනේ පහසුවෙන් ‍රැ‍ඳෙන සේ පහළට කර නවාගන්න. ඔබේ කණ්ණාඩිය ටිකක් හිර වැඩියි නම් ඒ ආකාරයෙන්ම කනේ රඳවන ප්ලාස්ටික් කොටස උණු වතුරේ පොඟවා එහි ඇති ප්ලාස්ටික් වක්‍රාකාර කොටස පීඩනය අඩු වන සේ උඩු අතට නවාගන්න

  • නාසය මත රඳවන කොටස් සකස් කරගැනීමට

කණ්ණාඩියේ ඇති මෙම කොටස ඔබට පහසුවන ආකාරයෙන් වෙනස් කර සකස් කරගැනීමට  කණ්ණාඩිය සමාන මතුපිටක් උඩ තබාගෙන එකිනෙක සමානව පිහිටා ඇත්දැයි බලන්න.

  • කණ්ණාඩියේ රාමුවේ හැඩය 

ඔබට ඇත්තේ ටිකක් විශාල ඇස් නම් ඝන හෝ මැද ඉර වඩාත් පැහැදිලිව කැපීපෙනෙන කණ්ණාඩි ‍තෝරානොගන්න. එමඟින් ඔබේ මුහුණේ මැද කොටසට අනවශ්‍යය අවධානයක් යොමුකෙරෙනවා. ඒ වගේම පිටත අයට ඔබේ ඇස් වඩාත් ලඟින් පිහිටා ඇති ආකාරයක් පෙන්වනවා. ඔබට ඇත්තේ වඩාත් ලඟින් පිහිටි ඇස් දෙකක් නම් රාමුවේ විවිධ අලංකරණ යොදා ඇති කණ්ණාඩි කුට්ටමක් ඔබට වඩාත් සුදුසු වේවි. මෙම වර්ගයේ කණ්ණාඩි මඟින් ඔබේ ඇස් එකිනෙකින් ඈත් කර පෙන්වනවා.

  • රියදුරන්ට විශේෂ උපදෙසක්!

ඔබේ ප්ලාස්ටික් කණ්ණාඩි කුට්ටම සෘජු හිරු කිරණට නිරාවරණය වන ලෙස  ඩෑෂ්බෝඩ් එක මත තබන්න එපා. කාච තාපවත් වීම නිසා ඒවයේ හැඩය වෙනස් වීම හා ඉලිප්පීම සිදුවිය හැකියි. කණ්ණාඩිය ආරක්ෂිතව ඇසුරුම තුලම හෝ විශේෂිත පොකට්‍ටුවකට දමා තබාගන්න.