පිළිකා නසන මදුරුතලා ශාකය

health tips

ඉන්දීය ජන සමාජය තුළ විෂ්ණු පියා (විෂ්ණු දෙවියන්ගේ කැමැත්ත ) යන නාමයෙන් හදුන්වන, ආගමික කටයුතු වලදී ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නා පැළෑටියක් ලෙස මදුරුතලා හදුනා ගත හැකිය.ලාංකීය අපට නම් එය වල් පැළෑටියක් වේ. නමුත් එය ඖෂධීය ගුණ පිරි ඉතා වටිනා ශාකයක් වේ. විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය ලැබිය හැකි මෙන්ම විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීම සදහා අත්‍යාවශ්‍යම පූජනීය ශාකයක් ලෙස ඉන්දියානුවන් මෙය සළකනු ලැබේ. ගෙවත්තේ මෙම ශාකය පවතින විට අමනුෂ්‍ය කරදරයෙන් අත්මිදෙන්නට හැකි බව ඉන්දීය හින්දු ජන සමාජයේ පිළිගැනීම වේ. හීන් මදුරුතලා හා මහා මදුරුතලා ලෙස මදුරුතලා වර්ග ප්‍රභේද දෙකක් ඇත. වල් පැළෑටියක් ලෙසින් ශ්‍රී ලාංකිකයන් හදුනා ගන්නා මෙම ශාකය බෝහෝමයක් රෝග සුවපත් කිරීම සදහා දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ද භාවිත කරනු ලැබේ.

මදුරුතලා ශාකයේ ඖෂධීය ගුණ


මදුරුතලා ශාකයේ කොළ, මුල් ,කද වැනි සෑම ශාක කොටසක්ම විවිධ රෝග සදහා ඖෂධ නිපදවීමට භාවිත කරනු ලැබේ .

  1. දියවැඩියාව
  2. කොලෙස්ටරෝල්
  3. මැලේරියාව
  4. පිළිකා
  5. සන්ධි වේදනා
  6. සැරව ගෙඩි
  7. තුවාල සදහා
  8. ඉකිලි සහ කිහිලි ආශ්‍රිත කැසීම් සදහා
  9. සෙම රෝග සදහා
  10. කෑම අරුචිය
  11. උදරයේ දැවිල්ල
  12. උදර වේදනාවන් සදහා
  13. හෘද රෝග සදහා
  14. විශාදය වැනි මානසික රෝග සදහා
  15. වෛරස් උණ සදහා
  16. කුරුලෑ සදහා
  17. සර්ප දෂ්ඨ කිරීම්වලට

මදුරුතලා ඖෂධීය භාවිතය.

පිළිකා සදහා-වත්මන් සමාජයේ ලොකු කුඩා වැඩිහිටි සෑම දෙනාම ගොදුරු වී ඇති භයානකම මෙන්ම මාරාන්තික රෝග තත්වයක් ලෙස පිළිකා රෝගය හඳුනාගත හැකිය. පෙනහළු සහ අක්මා ආශ්‍රිතව ඇතිවන පිළිකා රෝගී තත්වයන් හටගැනීම සහ හටගැනීමට ඇති ඉඩකඩ නැති කිරීමේ සුවිශේෂ ගුණයෙන් අනූන ශාකයක් ලෙස මදුරුතලා හදුනා ගත හැකිය.මදුරුතලා පත්‍ර මද පවනේ හොඳින් වියළා ගෙන බෝතලයකට සුළං නොවදින සේ දමා තබන්න. මෙම පත්‍ර උණුවතුර බදුනකට දමා හොඳින් තම්බා ගැනීමෙන් පසුව පානය කිරීමෙන්  හටගෙන ඇති පිළිකා සුව කිරීම මෙන්ම පිළිකා හටගැනීමට ඇති අවදානම ද නැති කර ගත හැකිය.

වෛරස් උණ සදහා – මදුරුතලා ශාකය හොඳින් තම්බා ගෙන පෙරා ගන්නා ලද ජලයට එනසාල් කුඩු සහ සීනි ස්වල්පයක් හොඳින් මිශ්‍ර කර පානය කිරීම මගින් ඇග පත වේදනා තත්වයන් සහ උණ සම්පුර්ණයෙන්ම සුවපත් කර ගත හැකිය.

කුරුලෑ සදහා-මදුරුතලා කොළ ස්වල්පයක් ගෙන හොඳින් කොටා ගන්නා ලද යුෂ කුරුලෑ වල ආලේප කර පැයක පමණ කාලයක් තබා  සෝදා හැරීම මගින් එම කුරුලෑ සුව කර ගත හැකිය. එනම් සතියක් පමණ දිනපතා මෙම ප්‍රතිකාරය සිදු කිරීමෙන් පැහැපත් ,නිරෝගී ලප කැලැල් වලින් තොර සමක් ලබා ගත හැකිය.

සර්ප විෂ සදහා-සර්පයෙකු දෂ්ඨ කළ විට ක්‍රමයෙන් ශරීරය පුරාවට විෂ ව්‍යාප්ත වේ. නමුත් මදුරුතලා ශාකයේ ඖෂධීය ගුණ භාවිතයෙන් එම තත්වය අපට වළක්වා ගැනීමට හැකියාව ලැබේ. සර්පයා දෂ්ඨ කළ ස්ථානයෙහි මදුරුතලා කොළ හොඳින් කොටා ලබා ගන්නා යුෂ ආලේප කීරීම මේ සදහා සිදු කළ යුතුය.එමගින් සර්ප දෂ්ඨනය සිදු වූ ස්ථානයනයෙහි විෂ රදා පවත්වා ගනී.

හෘද රෝග සදහා-නවීන පරීක්ෂණවලට අනුව මදුරුතලා ශාකය හෘද රෝග සදහා ද ගුණදායක ඔසුවක් බව තහවුරු වී තිබේ. එනම් රුධිරය පිරිසිදු කිරීම ,හෘදයේ ක්‍රියාකාරිත්වය යහපත් ආකාරයෙන් පවත්වා ගැනීම, රුධිරගත අධික මේදය පාලනය කිරීම, මගින් හෘද රෝග ඇතිවීමේ අවදානම අවම කර ගත හැකිය.

මානසික රෝග සදහා-විශාදය වැනි මානසික රෝග සදහා ඉතා ගුණදායක ඖෂධයක් ලෙස මදුරුතලා හදුනා ගත හැකිය.විශාදයෙන් පෙළෙන්නන්ගේ මානසික වියවුල් බව නැති කර මනස නිරවුල් කිරීම සදහා මදුරුතලා පත්‍ර හොඳින් කොටා ලබා ගන්නා යුෂ වීදුරුවක් බැගින් දෛනිකව පානය කිරීමෙන් මෙම රෝගී තත්වය සුවපත් කර ගත හැකිය.

කැස්ස, පීනිස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇදුම වැනි රෝග සදහා-කුඩා දරුවන්ට ඉහත රෝග තත්වයන් ඇති වූ විට දෙමාපියන් බෝහෝමයක් බටහිර වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වේ. නමුත් මදුරුතලා ඖෂධයක් ලෙස අපට නිවසේදී ම භාවිතා කිරීමට හැකියාව පවතී. එනම් මදුරුතලා අමු කොළ ගෙන හොඳින් කොටා යුෂ පෙරා එම යුෂ ප්‍රමාණය මෙන් බාගයක් සීනි මිශ්‍ර කර ලිපෙන් තබා පැණි පදමට එන තෙක් රත් කර එය ලිපෙන් බා නිවුණු පසු බෝතලයකට දමා ඉහත සෙම් ආශ්‍රිත රෝග තත්වයන් ඇති අවස්ථාවන්හි දී දරුවන්ට  මෙන්ම වැඩිහිටියන්ටද තේ හැන්දක් පමණ ලබා දීමෙන් එම රෝග සමනය කර ගත හැකිය. මෙය තුලසීපත්‍ර පැණිය ලෙස හදුන්වනු ලැබේ.

මැලේරියාව සදහා-ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මැලේරියා උණ සදහා වඩාත් ගුණදායකම ඖෂධය ලෙස සළකනු ලබන්නේ මදුරුතලා ශාකයයි. මේ සදහා ,මදුරුතලා මුල්,විෂ්ණු ක්‍රාන්ති,අමු ඉගුරුයනාදී ඖෂධීය ද්‍රව්‍ය කලං හතර බැගින් ගෙන මුට්ටියකට දමා වතුර පත හතක් එක් කර වතුර පත එකක් වන සේ සිදුවා දිනපතා උදෑසන සහ සවස පත භාගයක් බැගින් පානය කිරීම මගින් මැලේරියා රෝගය සුවපත් කර ගත හැකිය.

කෑම අරුචිය, බඩේ දැවිල්ල, උදර වේදනා සදහා-මෙම රෝග සදහා මදුරුතලා කොළ ග්‍රෑම් තිහක් පමණ සහ වියළි ඉගුරු 30gක් පමණ ගෙන සියුම්ව අඹරා කුඩා ගුලි විස්සක් පමණ සකසා ගන්න. දවස් දහයක් පමණ එක දිගට උදෑසන සහ සවස ගුලියක් බැගින් පානය කිරීමෙන් මෙම රෝග සුවපත් කර ගත හැකිය.

කුෂ්ඨ වර්ග හා ඉකිලි කිහිලි කැසීම් සදහා-මදුරුතලා පත්‍ර ,ටංකන කොළ, ගෙන්දගම් යනාදී ඖෂධීය ද්‍රව්‍ය සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන දෙහි හෝ දොඩම් යුෂ වලින් අඹරා දින කිහිපයක් කුෂ්ඨ හා දදවල ආලේප කිරීම මගින්  ඉතාමත් සාර්ථක ප්‍රථිඵල ලබා ගත හැකිය.

සෙම් රෝග සදහා-මදුරුතලා බීජ පතක් ගෙන එයට වතුර පත හතරක් මිශ්‍ර කර මුට්ටියකට දමා වතුර පත එකක් වන සේ සිදුවගෙන උදෑසන සහ සවස පත භාගයක් බැගින් පානය කිරීමෙන් සෙම් රෝග නිට්ටාවටම සුවපත් කර ගත හැකිය.

සන්ධි වේදනා සදහා-සන්ධි වේදනාව නිසා වේදනා විදින පුද්ගලයන්ට වටිනා ඖෂධයක් ලෙස මදුරුතලා හදුනා ගත හැකිය. මේ සදහා මදුරුතලා කොළ ඇල්දියෙන් අඹරා පත්තුවක් ලෙස වේදනාව ඇති සන්ධිය වටා අලේප කිරීම සිදු කරනු ලැබේ.

සැරව ගෙඩි,විසප්පු ,කුෂ්ඨ,තුවාල සදහා-මදුරුතලා කොළ ස්වල්පයක් ගෙන එළගිතෙලින් අඹරා සැරව ගෙඩි ,විසර ගෙඩි මත ආලේප කිරීමෙන් ඉක්මනින් පැසවා සැරව ඉවත් වීම සිදු වේ. එසේම සුව නොවන තුවාල, සැරව ගලන තුවාල ආදිය සදහා මදුරුතලා කොළ හොඳින් තම්බා එම ජලයෙන් තුවාල සේදීම කළ ගුණදායකය.

මේ අනූව මදුරුතලා යනු අපට වල් පැලෑටියක් වුවද එය ඖෂධීය ගුණ පිරි ශාකයක් වේ.කෙසේ නමුත් යම් රෝග තත්ත්වයකට ඖෂධ ලෙස භාවිතා කරන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුවේ.