මුත්‍රා ගල් දියකර තිබ්බටු සතු රෝග සුව කිරීමේ ගුණ 30 ක්

health tips

රසවත් තිබ්බටු ව්‍යංජනයක් හෝ මැල්ලුමක් ඔබ වරක් හෝ අනුභව කරලා ඇති.  බටු, එළ බටු, තිත්ත තිබ්බටු ආදී බටු වර්ග අතර තිබ්බටු කියන්නේ එළවලුවක්ම පමණක් නොවෙයි. රෝග බොහොමයක් සුව කරන ලෙඩරෝග බොහොමයකට ප්‍රතිකාර සඳහා භාවිතා කරන අග්‍රගන්‍ය ඔසුවක්. අද මේ බහුතරයක් පීඩා විදින බෝ නොවන රෝග රාශියකින් ආරක්ෂා වෙන්නට විශාල වශයෙන් උපකාර වන ආහාරයක් තමයි තිබ්බටු කියන්නේ. නමුත් අවාසනාවට අපි හුරුවෙලා සිටින්නේ ඒකාකාරී එළවලු පලතුරු කොටස් කිහිපයකට පමණයි. ඉතා ඉහළ පෝෂණ ගුණයෙන් පිරුණු වස විස නැති එළවලු පලා වර්ග අපිට අමතක වෙලා. ඉතින් ඒ නිසාම දවසින් දවස වැඩිහිටි හා කුඩා දරුවන් පවා මේ බෝ නොවන රෝග නිසාවෙන් දිනෙන් දින මරණය වැළද ගනිමින් සිටිනවා. එවන් යුගයක අවශ්‍යයෙන්ම මේ ආහාරවල අගය ජනතාවට වටහා දිය යුතුමයි. 

වගා බටු, වම්බටු නිතර අපේ ආහාර වේලට එකතු කරගත්තත් තිබ්බටු හා තිත්ත තිබ්බටු තමන්ගේ දෛනික ආහාරවේලට එකතු කර ගන්නේ කීයෙන් කී දෙනාද යන්න ගැටළුවක්. ඕනෑම නිවසක ගෙවත්තේ වවා ගත හැකි කුඩා ශාකයක් වන මේ  තිබ්බටු අද අපිට දකින්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්.ඈත අතීතයේ නම් මේ තිබ්බටු වලින් සකස් කරගත් රසවත් මැල්ලුම් අන් අය වශී කරගන්නට භාවිතා කළාලු. දිව පිනවන රසයෙන් විවිධ ආකාරයෙන් තිබ්බටු ව්‍යංජනය, මැල්ලුම, තෙලට, වගේම තිබ්බටු ගෙඩි කිහිපයක් දමා සාදන සුප් ආදීයත් ඉතා ඉහළ ගුණයෙන් හා රසයෙන් යුක්තයි. ඉතින් ආහාරයක් ලෙස රස හැරුණාම මේ තිබ්බටු කොළයත් ඉතාම ඉහළ පෝෂණීය ගුණයෙන් සමන්විතයි. ඒ නිසාම කොළ  කැඳ සකසා ගැනීමේදී තිබ්බටු දළු යොදා ගනු ලැබුවා. ඒ හැරුණාම මුල් ඖෂධ  පිණිස හෙළ වෙදකමේදී බහුලව භාවිතයට ගනු ලබනවා.

තිබ්බටු සතුව කැල්සියම්,පොටෑසියම්, යකඩ විටමින් B 6, විටමින් B 3 ආදිය  වගේම ශරීරයට අවශ්‍ය ක්‍ෂුද්‍ර ඛනිජ වර්ගත් අන්තර්ගත වෙනවා. කිරි පිටි නොමැතිව දවස පටන් ගන්නට නොහැකි මිත්‍යාවට රැවටුණු අපේ උදවියට කිරි පිටි වෙනුවට භාවිතා කරන්නට හැකි හොඳම ආදේශකයක් තමයි මේ තිබ්බටු. 

තිබ්බටු සතු විස්මිත ගුණ 

  • ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන පීනස, ඇදුම උගුරේ බැරැන්ඩිය, හික්කාව, හුස්ම ගැනීමේ අපහසුව ආදී රෝගවලදී මෙන්ම ඒ රෝගවලින් ආරක්ෂා වීමට උපකාරී වෙයි.
  • පෙනහළු පිළිකා ඇතුළු පිළිකා තත්ත්වයන් ඇතිවීම අවම කරයි. 
  • හෘදයාබාද වළක්වා හaදවත ශක්තිමත් කරයි.
  • ගැබිණි මව්වරුන්ට හිතකරයි.
  • රුධිර නාළවල ලේ කැටි ඇතිවීම වළක්වයි.
  • අංශභාගය රෝග තත්ත්වයෙන් මිදීමට උපකාරී වෙයි.
  • අමිල පිත්ත රෝගයට ගුණදායකයි.
  • පණු රෝග නසයි.
  • සෙංගමාලය වළක්වනු ලබයි.
  • මල බද්ධය දුරු කරමින් ආහාර ජීර්ණය පහසු කරයි.
  • අධික හිසරදයට කදිම ආහාරයකි.
  • මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කර මතක ශක්තිය වර්ධනය කරයි.
  • අක්ෂි රෝග සුව කරයි.
  • රාත්‍රී  අන්ධකාරය හා වෙනත් ඇස් රෝගවලදී එදා වෙදුන් නියම කර තිබුණේ තිබ්බටු කායමයි.
  • අක්මා රෝග සුව කරයි.
  • සන්ධි ඉදිමීමේ රෝග සඳහා ගුණදායකයි.
  • රතු රුධිරාණු නිෂ්පාදනයට සහය දෙමින් රක්තහීනතාවය දුරලයි.
  • ආර්තව චක්‍රයේදී අධික රුධිර වහනය සඳහා ගුණදායකයි.
  • වාත රක්ත රෝගීන්ට මහඟු ඔසුවක්.
  • මියයන වෘක්කානු ශක්තිමත් කර වකුගඩු රෝගවලින් ආරක්ෂා කර ශරීරයේ දාහය නසාලයි.
  • දියවැඩියා රෝගීන්ට ගුණදායකයි.
  • පුරුෂයන්ගේ ලිංගික ශක්තිය වර්ධනය කරයි.
  • අධි රුධිර පීඩනය සඳහා ගුණදායකයි. 
  • අර්ශස් රෝගයට ගුණදායකයි.
  • ආහාර අරුචිය දුරු කර බඩගින්න වඩවයි.
  • උදර වේදනාව සමනය කරයි.
  • මුත්‍රා  ගල් දිය කරනු ලබයි.
  • අනවශ්‍ය බැක්ටීරියා හා වෛරස්වලින් ශරීරය ආරක්ෂා කරනු ලබයි.
  • අක්‍රමවත් ඔසප් චක්‍රය ක්‍රමවත් කරගැනීමට උපකාරී වෙයි.

තිබ්බටුවල ඖෂධීය  භාවිතයන් 

උදුගොව්වන් කෑමට ඉදුණු තිබ්බටු ගෙඩි පුළුස්සා තල තෙලින් අනා ආලේප කරනු ලබනවා.

දත් හිරිවැටීම ඇතුළු දන්ත රෝග සඳහා තිබ්බටු ගෙඩි පුළුස්සා ඒ ආශ්‍රිතව ආලේප කරනු ලබනවා. 

උණ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා වියළා ගත් තිබ්බටු ගෙඩි කුඩු කර පානයක් සේ සකසා ගෙන පානය කළ හැකියි.

දියවැඩියා රෝගය සඳහා වියළා ගත් තිබ්බටු කොළ කුඩු කර තේ මෙන් දිනකට දිනකට වරක් බැහින් පානය කිරීම සුදුසුයි. මේ සඳහා තිත්ත තිබ්බටු කොළ භාවිතා කරන්නේ නම් වඩාත් සුදුසුයි.

සෙම් සහිත අවස්ථාවල තිබ්බටු මුල් තම්බා පානය කිරීම සුදුසුයි.

යෝනි මාර්ගයේ කැසීම් සඳහා අමු කහ සමඟ තිබ්බටු අඹරා ආලේප කිරීමෙන් කැසීම් සුව කරගත හැකියි.

හිස්සොරි සඳහා තිබ්බටු තලා  ඒ යුෂ හිසේ ආලේප කළ යුතුයි.

ඇදුම රෝගය සඳහා තිබ්බටු ශාකය කැබලි කර වියළා ගත් කොටස් කොත්තමල්ලි සමඟ තම්බා පානය කිරීම ගුණදායකයි.

සමේ රෝග සඳහා වියළා ගත් තිබ්බටු ශාකයේ ශාක කැබලි වෙනිවැල් ගැට සමඟ තම්බා ගත් ජලයෙන් ඇඟ සේදීමෙන් සහනයක් ලබා ගන්නට පුළුවන්.

බොහෝ අයට අමතකව ගොස් ඇති තිබ්බටු එදිනෙදා ආහාරවේලට එකතු කර ගැනීමෙන් අද තර්ජනයක්ව පවතින පිළිකා, වකුගඩු හෘද අක්මාව ආශ්‍රිත සෑම රෝගයකින්ම වාගේ ආරක්ෂාව සලසා ගන්නට හැකියාව ලැබෙනවා.ඒ නිසා ඒකාකාරී ආහාර රටාවෙන් මිදීම මේ රසවත් ගුණවත් පෝෂ්‍යදායි ආහාරය ඔබේ ආහාරවේලටත් එකතු කරගන්න.