කුළුබඩු වර්ග අතර පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගු කුළුබඩුවක් ලෙස කහ හඳුනාගත හැකිය. එනම් ඈත අතීතයේ සිටම කහ ඖෂධයක් ලෙස නොයෙක් රෝගවලට ප්‍රතිකාර කිරීමේදී භාවිත කර තිබේ. එනම් ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පහසුවෙන් වගා කරගත හැකි කහ වෙළඳපොළ තුළද වැඩි මිලකට අලෙවි කරනු ලැබේ. එනම් කහ ආහාර පිසින විට යොදා ගැනීමෙන් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය. එනම් කහ යනු වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු කුළුබඩුවකි.
- විටමින්A,C,K
- යකඩ
- පොටෑසියම්
- සින්ක්
- මැග්නීසියම්
- කැල්සියම්
- මයොසීන්
- සෝඩියම්
ආදී වූ පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් කහවල අඩංගු වේ. එනම් වර්තමානය වන විට ආහාර පිසීමට අමතරව රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ ද වැඩි වශයෙන් කහ භාවිතා කරනු ලැබේ. එමෙන්ම ඈත අතීතයේ සිටම දේශීය ආයුර්වේද ක්‍රමය තුළ රෝගවලට ප්‍රතිකාර කරන විට කහ බහුලව යොදා ගෙන තිබේ.
කහ මගින් ප්‍රතිකාර කළ හැකි රෝග

අක්මාවේ විෂ ඉවත් කිරීම සඳහා ආහාර පිසින විට හෝ කහ කිරි මිශ්‍ර කර පානයක් ලෙස භාවිතා කිරීම මගින් අක්මාවේ විෂ ඉවත් කර ගත හැකිය. එනම් ඉන්මත්ද්‍රව්‍ය හා විවිධ ඖෂධ භාවිතා කිරීම, නිසා අක්මාවේ තැන්පත් වූ විෂ ඉවත් කර ගත හැකිය
ඇදුම රෝගය සුව කිරීම සඳහා බොහෝ දෙනකු පීඩා විඳින ඇදුම සුව කිරීම සඳහා ද කහ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා සඳහා කහ සමඟ මී පැණි මිශ්‍ර කර දීම යෝග්‍ය වේ.
පණු රෝග සඳහා කහවල අඩංගු අන්ත්‍ර ගත කෘමි නාශක ගුණය ලොකු කුඩා සෑම දෙනාගේම පණු රෝග සුව කිරීමට හේතුවේ. එනම් මේ සඳහා ආහාර පිසින විට කහ යොදා ගැනීම වඩාත් සුදුසුවේ.
සමෙහි පැහැය වර්ධනය කිරීම සඳහා අතීතයේ සිටම සමෙහි පැහැය වැඩි කරගැනීම සඳහා කහ රූපලාවන්‍ය ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. එනම් කහ වල අඩංගු විටමින් C,E, සමෙහි තරුණ පෙනුම රැක ගැනීමට හේතු වේ. එනම් කහ ආහාර පිසීමේදී භාවිතා කිරීමට අමතරව බාහිර සත්කාරයක් ලෙසද භාවිතා කළ හැකිය. එමෙන්ම බොහෝ කාන්තාවන් උදෑසන කිරි පානයට කහ ස්වල්පයක් මිශ්‍රකර පානය කිරීම සිදු කරයි එනම් ඉන් සමෙහි පැහැය වැඩි කරගත හැකිය.
දද කුෂ්ට රෝග සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ මෙන්ම දේශීය වෛද්‍ය විද්‍යාව තුළ චර්ම රෝග හෙවත් සමේ ගැටලු සුව කිරීම සඳහා කහ භාවිතා කර තිබේ. එනම් සමෙහි ඇතිවන දද කුෂ්ඨ හොරි තුවාල සුව කර ගැනීම සඳහා අමු කහ කොටා හෝ තම්බා එම වතුරෙන් හෝ යුෂ වලින් දද කුෂ්ඨ, තුවාල සෝදා හැරීම යෝග්‍ය වේ.
පෙනහළු පිලිකා ඇතිවීම වළක්වා ගැනීම සඳහා කහ , ඉඟුරු, කුරුඳු පොතු ආහාරයට ගැනීම මගින් පෙනහළු පිලිකා ඇතිවීම වලක්වා ගත හැකිය.
ආතරයිටීස් රෝගය සුව කිරීම සඳහා බොහෝ දෙනෙකු වර්තමානය වන විට ආතරයිටීස් ඔස්ටියෝ පොරෝසිස් වැනි සන්ධි ආශ්‍රිත රෝග වලට ගොදුරු වී තිබේ. එනම් මෙම රෝග හේතුවෙන් ඇතිවන සංකූලතාවයන් එනම් ඉදමුම්, වේදනාවන් සුව කරගැනීමට කහ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය එනම් කහ වල අඩංගු කැල්සියම් , විටමින් D, ගෙවී ගිය අස්ථි හා කාටිලේජ නැවත වර්ධනය කර ආතරයිටීස් නිසා ඇතිවන ශරීර සංකූලතා සුව කරයි. එමෙන්ම කහ නිතර භාවිතා කරන්නේ නම් මෙවැනි රෝග ඇතිවීම වලක්වා ගත හැකිය.
තුවාල සුව වීම සඳහා බොහෝ දෙනෙකු ඈත අතීතයේ සිටම තුවාල සුව කර ගැනීම සඳහා ඖෂධයක් ලෙස කහ යොදාගෙන තිබේ. එනම් කහ එසේ තුවාල සුව කර ගැනීම සඳහා යොදා ගැනීමට හේතු කිහිපයක් පවතී. තුවාල ඉක්මනින් වියලා ගත හැකි වීම තුවාල වලට විසබීජ ඇතුළු වීම වළක්වා ගත හැකි වීම.තුවාල ඉක්මනින් සුව කරගත හැකි වීම. යන ආදී හේතූන් නිසා තුවාල වලට ඖෂධයක් ලෙස කහ භාවිතා කරනු ලැබේ. එනම් මේ සඳහා කහ කොහොඹ හෝ කහ, නිදිකුම්බා තම්බා එම ජලයෙන් තුවාල සේදීම මගින් ද ශරීරයේ කැපුම් හා සීරීම් වලට ලේ ගැලීම් වලට කහ අඹරා ආලේප කිරීම මගින් ද එම තුවාල සුව කර ගත හැකිය.
ඉදමුම් සුව කිරීම සඳහා ශරීරය ඉදමුම් සුව කිරීම සඳහා කහ කුඩු , වියළි ඉඟුරු කුඩු විනාකිරෙන් අනා ඉදමුණු ස්ථානවල ආලේප කර තැබීමෙන් සුවය සලසා ගත හැකිය.

ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමවත් කිරීම සඳහා කහ වල අඩංගු ජීර්ණය කිරීමේ ගුණය නිසා ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග එනම් ආහාර නොදිරවීම ගැටලු සමනය කිරීම සඳහා කහ භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. එනම් බර ආහාර පිසින විට කහ ස්වල්පයක් වැඩියෙන් එක්කර ගැනීමෙන් එම ආහාර දිරවීම පහසු කරගත හැකිය. මීට අමතරව
- විෂබීජ නාශනය කිරීම සඳහා
- අසාත්මිකතා සුව කිරීම සඳහා
- ඉක්කාව සමනය කිරීම සඳහා
- මානසික රෝග සුව කිරීම සඳහා
- දියවැඩියාව පාලනය කිරීම සඳහා
- කොලෙස්ටරෝල් පාලනය කිරීම සඳහා
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා.
මෙවැනි රෝග ගණනාවකට ඖෂධයක් ලෙස කහ යොදා ගැනීම සුදුසුවේ. නමුත් පිත්තාශයේ ගල් හෝ අම්ල පිත්තය වැනි රෝග පවතින්නේ නම් එවැනි රෝගීන්ට කහ භාවිතා කිරීම එතරම් සුදුසු නොවේ.