රුධිරය කැටි ගැසීම රුධිර වහනය නතර කරන්නට උපකාරී වෙන අපේ ශරීරයට හිතකර ස්වභාවික ක්‍රියාවලියක්. නමුත් පාදවල අභ්‍යන්තරයේ ඇති ශිරා රුධිර වාහිනී තුළ ඇතිවන රුධිර කැටි ඉතාම භයානකයි. එසේ ඇතිවන රුධිර කැටි ඒ ස්ථානයේ රැඳී නොතිබී ක්‍රමයෙන් රුධිරය සමඟ ඉහළට ගමන් කිරීම සහ ශරීරයේ විවිධ අවයවයන් වෙතට ගමන් කිරීම මගින් හානිකර තත්ත්වයන් ඇති වෙන්නට හැකියාව පවතිනවා. ඒවා මරණය පවා ගෙනදිය හැකි ජීවිතයට වඩා තර්ජනයක් වන රුධිර කැටි බවට පත් වෙනවා.
එවැනි රුධිර කැටියක් මොළයට ගමන් කිරීමෙන් මොළයේ සිරවුණොත් අංශභාගය ආදී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඇතැම්විට මරණය පවා ඇති වෙන්නට ඇති ඉඩකඩ වැඩියි. හෘදයට රුධිරය සපයන වාහිනීයක් තුළ මෙවැනි රුධිර කැටියක් සිරවුණොත් එතැනින් ඉදිරියට රුධිර ගමන් නොකිරීම නිසා හෘදයාබාධයක් ඇති වෙන්නට පුළුවන්.
මේ විදිහට රුධිර කැටි රුධිර නාලවල දිගින් දිගටම පැවතීම ඉතාම භයානක තත්ත්වයක්. මේ තත්ත්වය බොහෝ වෙලාවට වයස අවුරුදු 40 ඉක්මවූ අය අතර දකින්නට ලැබෙන ප්‍රවණතාවය වැඩියි. මේ රුධිර කැටි දියකර හරින්නට විවිධ ඖෂධ තිබුණත් ස්වභාවිකවම මේ රුධිර කැටි දියකර හරින්නට සමත් වෙන ආහාර අපේ අවට වටපිටාවේ ඕනෑ තරම් තියෙනවා. ඉතින් අපි අද ඔයාව දැනුවත් කරන්නට සූදානම් වෙන්නේ මෙවැනි රුධිර කැටි ස්වාභාවිකවම දිය කරන්නට උපකාරී වන ආහාර සහ ඔසු වර්ග පිළිබඳවයි.

ජලය-රුධිරය කැටි ගැසෙන්නට බලපාන මූලිකම හේතුව තමයි ශරීරය විජලනයට පත්වීම. අපේ රුධිරයේ 83% ක පමණ ප්‍රමාණයක් අන්තර්ගත වෙන්නේ ජලය. රුධිරයේ තියෙන ජලය ප්‍රමාණය අඩු වුණාම රුධිරය ඝනකම් වීම මත රුධිරය අනවශ්‍ය විදිහට කැටි ගැසීමට පටන් ගන්නවා. ඒ නිසා දවසකට අනිවාර්යෙන්ම වතුර වීදුරු 8 ක පමණ ප්‍රමාණයක් අපේ ශරීරයට ලබාගත යුතු වෙනවා. එය රුධිර කැටි ඇතිවීම වළකා ගන්නට මහඟු කාර්‍යයක් ඉටු කරනවා.
අන්නාසි-අන්නාසිවල අඩංගු වෙන බ්‍රෝමලින් සංඝටකය අනවශ්‍ය ලෙස රුධිරය ඝනවීම වළක්වා රුධිර කැටි ගැසීම පාලනය කරනවා. ඒ නිසා අතුරුපසක් ලෙස නිතර අන්නාසි ආහාරයට ගන්න.
මිදි-ප්‍රමාණයෙන් කුඩා වුණත් පෝෂණ ගුණය අතින් ඉතා ඉහළ වටිනාකමක් උසුලන මිදි කැටිගැසීමේ රෝග තත්ත්වයෙන් පීඩා විඳින අයෙක් අනිවාර්යෙන් ආහාරයට එකතු කර ගත යුතු පලතුරක්. මිදිවල අඩංගු වෙන ඉහළ ප්‍රතිඔක්සිකාරක ශරීරයේ ඇති රුධිර කැටි දියකර හරින්නට උපකාරී වෙනවා. ඔබ දැනටමත් රුධිර කැටි ගැසීමට ඖෂධ ලබා ගන්නා කෙනෙක් නම් මිදි සමග ඔබගේ ඖෂධ ලබා නොගන්නට මතක තබා ගත යුතුයි.
සුදු ළූණු – ලෙඩ රෝග බොහොමයකින් ආරක්ෂා වෙලා ඉන්නට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන අපූරු කුළුබඩුවක් තමයි සුදු ළූණු. සුදු ලූණු මගින් ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභ අතරින් රුධිර කැටි දියකර හැරීමේ සඳහා දක්වන දායකත්වය සුවිශේෂීයි. පර්යේෂණවලින් අනාවරණය කරගෙන තියෙන ආකාරයට දිනකට සුදු ළූණු බික් දෙකක් තුනක් අතර ප්‍රමාණයක් ආහාරයට එකතු කර ගන්නා පුද්ගලයන්ගේ රුධිර කැටි ඇතිවීමේ සම්භාවිතාවය අනෙක් පුද්ගලයන් හා සාපේක්ෂව ගත් විට 60% කින් පමණ අඩු බවයි සොයාගෙන ඇත්තේ.
සුදු ළූණුවල අඩංගු වෙන ඇලිසීන් මගින් රුධිරයේ ඝනත්වය අඩු කරන නිසා රුධිර නාලවලින් රුධිරය ගමන් කිරීම වේගවත් කරමින් හදවත් රෝග ඇති වීමේ අවදානමත් සැලකිය යුතු මට්ටමකින් අඩු කරන්නට උදව් වෙනවා.
රතු මිරිස්-අපේ රටේ වගේම ආසියාතික බොහෝ රටවල ආහාර පිසීමේදී නිතරම භාවිතා කරන අමුද්‍රව්‍යයක් තමයි මිරිස්. මෙහි අඩංගු වෙන capsaicin කියන සංඝටකයට පුළුවන් රුධිරය කැටි ගැසීම වළක්වාලන්නට. රතු මිරිස් ආහාරයට ගන්නවා නම් ධමනි සහ රුධිර මාර්ගයේ තුනී බව අවම කරගන්නට හැකියාව ලැබෙනවා. මිරිස් කැටි ගැසුණු රුධිරය දියකර හැරීමට අමතරව රුධිර කැටි ගැසීමට ඇති වෙන්න බලපාන ෆ්‍රයිග්‍රීන් කියන සංඝටකවල ක්‍රියාකාරීත්වය අඩාල කර සමස්ත හදවත ආශ්‍රිත රුධිර පද්ධතියේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවනවා.
කුරුඳු– රුධිර කැටි ස්වභාවිකව දිය කරන්නට සුවිශේෂී හැකියාවක් තියෙන තවත් අපූරු කුළුබඩුවක් තමයි කුරුදු. කුරුඳුවල අඩංගු වෙන කියුමරීන් සංඝටකය රුධිර කැටි දිය කරනවා වගේම රුධිර පීඩනය යහපත්ව තියා ගන්නටත් උපකාරී වෙනවා.ඒ වගේම ක්ෂණික ආඝාත තත්වයන් ඇතිවීම පාලනය කර ගන්නත් කුරුඳු උදව් වෙනවා.
සැලකිලිමත් වෙන්න -ඔබ අක්මාව ආශ්‍රිත යම් රෝගයකින් පීඩා විඳින අයෙක් නම් පමණක් කුරුදු භාවිතය තරමක් සීමා කරන්නට මතක තබා ගන්න.
කහ– අනාදිමත් කාලයක සිට කුළුබඩුවක් විදිහට ඖෂධයක් විදිහට අපිට නැතුවම බැරි කහ රුධිර කැටි ඇතිවීම වළක්වා ගන්නටත් අනවශ්‍ය රුධිර කැටි ස්වභාවිකව දියකර හරින්නටත් උපකාර වෙන ඔසුවක්. කහවල අඩංගු වෙන curcumin කියන සංයෝගයට කැටි ගැසී ඇති රුධිරය තුනී කරන්නට හැකියාව ඇති බව පර්යේෂණවලින් පවා තහවුරු කරගෙන තියෙනවා.
ඉඟුරු-අනවශ්‍ය ලෙස රුධිරය ඝන වීම නිසා ලේ කැටි ඇතිවීම වළක්වන්න ඉඟුරුවලට සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඉඟුරුවල අඩංගු වෙන ස්වභාවික අම්ලයක් වන salicylic acid මගින් රුධිරය තුනී කිරීම සිද්ධ කරනවා. ඒ නිසා හැකිතරම් ඉඟුරු නැවුම්ව පරිභෝජනයට යොමු වීමෙන් සැලිසිලික් අම්ලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි බව වෛද්‍යවරුන් සඳහන් කරනවා.
ඔලිව් තෙල්-සාමාන්‍යයෙන් ආහාර පිසීම සදහා භාවිතා කරන එළවළු තෙල් වෙනුවට ඔලිව් තෙල් භාවිතයට ගැනීම හදවතට ඉතාම හිතකරයි. ශරීරයේ හිතකර කොලෙස්ටරෝල් උත්තේජනය කිරීමේ විශේෂ හැකියාවක් තියෙන ඔලිව් තෙල් අනවශ්‍ය ලෙස රුධිරය කැටි ගැසීම වැළැක්වීමේ හැකියාවෙන් යුක්තයි. ඇමරිකාවේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් සඳහන් කරන ආකාරයට ඔලිව් තෙල්වල ඇති පොලිපීනෝල්වලට හැකියාව තියෙනවා ලේ කැටි ගැසීමට උදව්වෙන ඇතැම් සංඝටක නිෂ්පාදනය වීම අඩු කරන්නට. ලංකාවේ අපිට හොඳ තත්ත්වයේ ඔලිව් තෙල් මිලට ගැනීම තරමක් මිල අධික අසීරු කටයුත්තක් වුණත් ඔලිව් තෙල් පරිභෝජනය කරන එක අපේ ශරීර සෞඛ්‍යයට වඩාත්ම හිතකරයි.

කරාබු නැටි -කරාබු නැටි සතුව ප්‍රතිඔක්සිකාරක බහුල නිසා රුධිර කැටි ඇතිවීම අවම කිරීමේ සුවිශේෂි ගුණයකින් සමන්විතයි. ඩෙන්මාර්කයේ ඔඩේන් විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද පර්යේෂණවලින් සොයාගෙන ඇති ආකාරයට මිරිස් සහ ගම්මිරිස් හා සමානවම රුධිර කැටි ඇතිවීම වළක්වන්නට කරාබු නැටිවලට හැකි බව අනාවරණය කරගෙන තියෙනවා.
බීජ වර්ග සහ ඇට වර්ග-බීජ වර්ග සහ ඇට වර්ග වැඩි වශයෙන් ශරීරයට එකතු කර ගැනීම අපේ ශරීරයට අවශ්‍ය කරන විටමින් ඊ නොඅඩුව ලබා ගන්නට විශාල දායකත්වයක් ලබා දෙනවා. එය රුධිරය ඝන වීම වළක්වාලමින් රුධිර කැටි දියකර හරින්නට උදව් කරනවා. ආමන්ඩ්, කජු, ඕට්ස්, පරිප්පු, බාර්ලි, කව්පි, කඩල වගේ ඇට වර්ගයක් දිනපතාම ඔබේ ආහාර වේලට එකතු කර ගන්නට පුළුවන් නම් හදවතටත් හරිම ගුණදායකයි.
ඔමේගා ත්‍රී මේද අම්ල අඩංගු ආහාර -ඔමේගා ත්‍රී අඩංගු ආහාර රුධිරය අනවශ්‍ය ලෙස ඝන වීම වළක්වනවා වගේම හෘදයාබාධ ඇතිවීමේ අවදානමත් බොහෝ සෙයින් අඩු කරනවා. වෛද්‍යවරුන් සඳහන් කරන විදිහට දිනකට ඔමේගා ත්‍රී 18 g ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එය ශරීරයේ ලේ ගමන් කිරීම ක්‍රමවත් කර ගන්නට උදව් වෙනවා. ඔමේගා ත්‍රී අඩංගු මාළු වර්ග ලෙස ටූනා, සැමන්, මැකරල්, කෙලවල්ලා ආදී මාළු වර්ග සඳහන් කරන්න පුළුවන්. මාළු හැරුනහම සූරියකාන්ත ඇට, හණ ඇට ආදිය අනුභව කිරීමෙන් ද සිරුරට අවශ්‍ය කරන ඔමේගා ත්‍රී ප්‍රමාණය නොඅඩුව ලබා ගන්න හැකියාව ලැබෙනවා.