අක්මාවේ විෂ ඉවත් කරන කහ

health tips

කහ යනු හුදෙක් ආහාර රසවත් සුවඳවත් කරන කුළුබඩුවක් පමණක් නොවේ. එනම් කහ යනු විටක ඖෂධයකි. තවත් විටක වර්ණකාරකයකි. එමෙන්ම වර්ථමානය වන විට වෙළෙඳ පොළ තුළද කහ වැඩි මිලකට අලෙවි කිරීම සිදුකරනු ලැබේ. එනම් ඕනෑම ප්‍රදේශයක වගා කර ගත හැකි කහ අදවනවිට මුදල් සෙවිය හැකි ප්‍රචලිත වගාවක් බවට පත්ව තිබේ.

කහ ආහාර පිසීමේදී යොදා ගැනීම මගින් එහි වර්ණය වෙනස් කර ගත හැකිය. ඊට අමතරව කහ ආහාරයට එකතු කර ගැනීමෙන් එහි ගුණාත්මකභාවය වැඩිදියුණු කර ගත හැකිය.එමෙන්ම කහ රූපලාවන්ය කටයුතු සදහා අතීතයේ පටන් භාවිතා කරනු ලබන ඖෂධයකි.
එමෙන්ම විශබීජ නාශනය කිරීමටද කහ බොහෝ ප්‍රදේශවල භාවිතා කිරීම සිදුකරයි.

කහවල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. එනම් විටමින් සී, ඊ, කේ, සින්ක් ,මැග්නීසියම්, මයොසීන්, සෝඩියම්
,පොටෑසියම්, කැල්සියම් ,යකඩ…. වැනි පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් අඩංගුවේ.

කහවල අඩංගු ඖෂධීය ගුණ.


දද කුෂ්ට රෝග සමනය කිරීමට.
දද, කුෂ්ඨ ආදී චර්ම රෝග සමනය කිරීම සඳහා
ඖෂධයක් ලෙස කහ භාවිතා කළ හැකිය. එනම් මෙම රෝග සුව කිරීමට ඈත අතීතයේ සිටම කහ යොදාගෙන තිබේ. එනම් ඒ සදහා අමු කහ කොටා හෝ තම්බා එම වතුරෙන් හෝ යුෂ වලින් දද කුෂ්ඨ සෝදා හැරීමෙන් එම රෝග සුව කර ගත හැකිය.

සම පැහැපත් කරයි.ඈත අතීතයේ පටන්ම ඉන්දියාව වැනි රටවල කාන්තාවන් තම සුන්දරත්වය වැඩි කර ගැනීම සඳහා කහ භාවිතා කර තිබේ. එනම් කහ ආහාර පිසීම සඳහා එකතු කර ගැනීමෙන්එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය තරුණ පෙනුම රැකදීමට උපකාරීවේ. එමෙන්ම කොමාරිකා,අමු කහ ස්වල්පය බැගින් ගෙන අඹරා සම මත ගැල්වීමෙන් මැරුණු සම ඉවත් කර තරුණ පෙනුම රැක ගත හැකිය.

ආතරයිටීස් රෝගය සමනය කරයි.වයස්ගත වීමත් සමඟ ම ඇතිවන අස්ථි දුර්වලතාවයන් සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස කහ භාවිතා කළ හැකිය. එනම් කහවල අඩංගු විටමින් ඩී , කැල්සියම් ආදී පෝෂ්‍ය පදාර්ථ ගෙවී ගිය අස්ථි හා කාටිලේජ නැවත වර්ධනය කර  ආතරයිටීස් වැනි රෝග ඇතිවීම වලක්වනු ලබයි. ඊට අමතරව ආතරයිටීස් නිසා ඇතිවන ශරීර සංකූලතාවන්ද සුව කරනු ලබයි.

ආහාර ජීර්ණය පහසු කර ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සමනය කරයි.ඈත අතීතයේ පටන්ම ආහාර පිසීමේදී කහ භාවිතා කරනු ලබන්නේ එහි පවතින ආහාර හොඳින් ජීර්ණය කිරීමේ ගුණය නිසාය. එනම් මස්,මාළු… වැනි බර ආහාර පිසීමේදී කහ එක් කර ගැනීමෙන් පහසුවෙන් ආහාර ජීර්ණය කර ගත හැකිය.

විෂබීජ නාශනය කරයි.කහ රසකාරකයක් වර්ණකාරකයක් වුවද මෙහි අඩංගු විෂබීජ නාශන ගුණය නිසා විෂබීජ නාශනය කිරීම සඳහා ද කහ භාවිතා කරනු ලැබේ. එනම් විවිධ රෝග බෝවීම වැළැක්වීමට, අවමඟුල් උත්සව වල ,රෝහල් වල , නිවෙස් වල විෂබීජ නාශනයට ඉන්දියාව, ලංකාව වැනි රටවල බහුලව කහ වතුර යොදා ගනී.

තුවාල සමනය කරයි.හදිසි අවස්ථාවක ඇතිවන තුවාල සමනය කිරීම සඳහා කහ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් ඒ සදහා කහ කොහොඹ හෝ කහ, නිදිකුම්බා තම්බා එම ජලයෙන් තුවාල  සේදීම මගින් එම තුවාල ඉක්මනින් සුව කරගත හැකිය. ඊට අමතරව හදිසියේ ඇතිවන ශරීරයේ කැපුම් හා සීරීම් වලට ලේ ගැලීම් වලට කහ අඹරා ආලේප කිරීම මගින් ඉක්මන් සුවය ලබාගත හැකිය.

ශරීර ගත ඉදමුම් සමනය කරයි.නොයෙක් හේතූන් මත ඇතිවන ශරීරගත ඉදමුම් සමනය කිරීම සඳහා කහ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් ඒ සදහා කහ කුඩු , වියළි ඉඟුරු කුඩු විනාකිරෙන් අනා ඉදමුණු ස්ථානවල ආලේප කිරීම මගින් එම ඉදමුම් සමනය කර ගත හැකිය.

පෙනහළු පිලිකා ඇතිවීම වලක්වයි.බොහෝ දෙනෙකුට පවතින පෙනහළු පිලිකා ඇතිවීම වලක්වා ගැනීමට කහ භාවිතා කළ හැකිය. එනම් ඒ සඳහා කහ , ඉඟුරු, කුරුඳු පොතු ආහාරයට ගැනීම සුදුසුවේ.

ඉක්කාව සමනය කරයි.සුව නොවී වරින් වර ඇතිවන ඉක්කාව සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස වියළි කහ පුළුස්සා සැනින් නිවා දමා එම  දුම් ඇල්ලීම මගින් ඉක්කාව සමනය කර ගත හැකිය.

අසාත්මිකතා සමනය කරයි.හදිසියේ ඇතිවන අසාත්මිකතා සමනය කිරීමට
අමු කහ සමඟ සියඹලා කොළ  අඹරා ශරීරය මත ගැලවීම මගින් එම අසාත්මිකතා සමනය කරගත හැකිය.

පණු රෝග සමනය කරයි.පණු රෝග සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස කහ භාවිතා කළ හැකිය. එනම්
කහ භාවිතා කිරීම මගින් එහි අඩංගු අන්ත්‍ර ගත කෘමි නාශක ගුණය වයස් භේදයකින් තොරව පණු රෝග සමනය කිරීමට උපකාරීවේ.

මානසික රෝග සමනය කරයි.බොහෝ දෙනෙකුට පවතින මානසික ආතතිය,
විශාදය ,ඇල්ෂයිමර් වැනි රෝග පාලනය කිරීම සඳහා කහ භාවිතා කළ හැකිය. ඒ සදහා කහවල අඩංගු කර්කියුමින් ස්නායු වලට අවශ්‍ය හෝමෝන නිෂ්පාදනය කිරීම සිදුකරන බැවින් මානසික රෝග ඇතිවීම පාලනයවේ.

ඇදුම රෝගය සමනය කරයි.වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකුට ඇති පීඩාකාරී රෝග තත්ත්වයක් වන ඇදුම රෝගය සමනය කිරීම සඳහා කහ මී පැණි සමඟ මිශ්‍ර කර භාවිතා කිරීම යෝග්‍යවේ.

අක්මාවේ විෂ ඉවත් කරයි.මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, විවිධ ඖෂධ භාවිතා කිරීම, විවිධ ආහාර වර්ග භාවිතා කිරීම මගින් අක්මාවේ විෂ තැන්පත්වේ. එවැනි අවස්ථාවක
කහ ආහාර පිසීම සඳහා යොදාගෙන හෝ කහ පානයක් ලෙස භාවිතා කිරීම මගින් අක්මාවේ තැන්පත් වී ඇති විෂ ඉවත් කර ගත හැකිය.

දියවැඩියාව පාලනය කිරීමට ,කොලොස්ට්‍රෝල් පාලනය කිරීමට.ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට මේ ආදී රෝග සමනය කිරීමට කහ ඖෂධ ලෙස භාවිතා කළ හැකිය.

මීට අමතරව කහ භාවිතා කිරීමට නුසුදුසු අවස්ථාවන්ද පවතී.අම්ලපිත්ත රෝගය ඇතිවිට පිත්තාශයේ ගල් ඇතිවිට,කහ භාවිතය සුදුසු නොවේ.එමෙන්ම දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් ඇති විට වෛද්‍ය උපදෙස් වලට අනුව කහ භාවිතා කළ යුතුවේ.