නිරෝගී සහ සුදුවන් දත් දෙපලක් ලබා ගැනීම සෑම දෙනකුගේම බලාපොරොත්තුවක් වේ. එනමුත් සෑම අයෙකුටම එම බලාපොරොත්තුව එකම ආකාරයෙන් ඉෂ්ට කර ගැනීම සඳහා ඇති නොහැකියාවන් බොහෝ පවතී. මෙම නොහැකියාවන් නිසාවෙන්ම ලස්සන සුදුවන් දත් දෙපෙළක් ලබා ගැනීම සඳහා බොහෝ පුද්ගලයින් රසායනික ක්‍රම වෙත අනුගත වනු ඇත. එනමුත් මෙහිදී තාවකාලිකව ප්‍රතිඵල අත්කර දෙනවා මෙන්ම ඉන් දත්වලට සහ දත්වල එනමලයට හානි සිදුවේ.
මෙම රසායනික ක්‍රම හරහා නිරෝගී ලස්සන දත් දෙපෙළක් ලබා ගැනීමට කටයුතු කරනවා වෙනුවට නිවසේ සිට වුව ද ලස්සන දත් දෙපළක් හිමි කර ගැනීම සඳහා කළ හැකි ස්වභාවික ප්‍රතිකර්ම රැසක් පවතී. මෙම ස්වභාවික ප්‍රතිකර්ම වෙත යොමුවීමෙන් දන්ත නිරෝගීතාවය මෙන්ම මුඛ සෞඛ්‍යය ද සුරක්ෂිත කර ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව නිරෝගී සහ ලස්සන දත් දෙපෙළක් හිමිකර ගැනීම සඳහා කළ හැකි ස්වභාවික ප්රතිකර්ම පහත පරිදි පෙන්වා දිය හැකිය

ස්වභාවික දන්තාලේප සකසා ගැනීම. අප භාවිතා කරන වෙළඳපොළෙන් මිලදී ගත හැකි රසායනික ද්‍රව්‍ය අඩංගු දන්තාලේප වෙනුවට නිවසේදීම සකස් කර ගත හැකි ස්වභාවික දන්තාලේප වෙත යොමුවීමෙන් සුදුවන් දත් දෙපලක් ලබාගැනීමට හැකියාව පවතී. එනම් කහ තේ හැන්දකට පොල්තෙල් සහ මින්චි තෙල් බිංදු දෙක තුනක් එක්කර හොඳින් මිශ්‍රකර දන්තාලේපයක් ආකාරයට සකසා දිනපතා භාවිතා කරන දන්තාලේප වෙනුවට භාවිත කළ හැකිය. මෙමඟින් සුදුවන් නිරෝගී දත් දෙපලක් හිමිකර ගැනීමට හැකියාව ලැබේ.
තේ ගසෙන් ලබා ගන්නා තෙල් භාවිතය ටී ඔයිල් යනු දන්ත සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා බෙහෙවින් වටිනා ස්වභාවික ඖෂධයකි. ඒ අනුව දිනපතා දත් මැදීමෙන් අනතුරුව තේ ගසෙන් ලබා ලබාගන්නා තෙල් බිංදු 5ක් පමණ වතුර වීදුරු භාගයක මිශ්‍රකර එම දියරයෙන් මුඛය සෝදා පිරිසුදු කළ යුතුය. මීට අමතරව සතියකට දින දෙකක් පමණ තේ ගසේ තෙල් බින්දුවකින් දත් පිරිසිදු කිරීම තුළින් ද යහපත් ප්‍රතිඵල උදා කරගත හැකිය.
ස්ටෝබරි පේස්ට් භාවිතය. මේ සඳහා නැවුම් ස්ට්‍රෝබෙරි ගෙඩියක් අවශ්‍ය වන අතර එය හොඳින් පොඩිකර ඊට මුහුදු ලුණු ස්වල්පයක් මිශ්‍ර කර පල්පයක් වන ආකාරයට මිශ්‍ර කරගත යුතුය. එම මිශ්‍රණයෙන් කොටසක් දත් බුරුසුවට ගෙන දත් මැදීමෙන් වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගත හැකිය. මෙම ක්‍රමය දිනපතා සිදු නොකළ යුතු අතර සති දෙකකට වරක් පමණ සිදු කිරීම ප්‍රමාණවත් වේ.
පොල්තෙල් සත්කාරය වෙත යොමුවීම. පොල්තෙල් යනු දන්ත සෞඛ්‍යය සුරක්ෂිතතාවය සඳහා භාවිත කරන ස්වභාවික ඖෂධයකි. එනම් දත් මැදීමට ප්‍රථමව පොල් තෙල් ස්වල්පයක් දත් වල ආලේප කර විනාඩි පහලවක් විස්සක් පමණ තිබෙන්නට හැරිය යුතුය. එම අවස්ථාවේදී මද වේලාවක් දත් සම්බාහනය කිරීමද වැදගත් වේ. ඉන් අනතුරුව භාවිතා කරන දන්තාලේපයක් යොදාගනිමින් දත් මැදීම සිදු කළ යුතුය. මෙම සත්කාරය සතියකට දෙතුන් වතාවක් සිදු කිරීමෙන් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකිය.
අඟුරු භාවිත කිරීම. දත්වල පැහැය වෙනස් වී කහ පැහැයට හුරු වී ඇත්නම් එම පැහැය වෙනස්කර දීප්තිමත් සුදුවන් දත් දෙපලක් ලබා ගැනීම සඳහා අඟුරු සත්කාරය ඉතා වැදගත් වේ. මෙහිදී අඟුරු ජලය සමඟ මිශ්‍රකර දත්වල ආලේප කොට විනාඩි දෙකක් පමණ තිබෙන්නට හැර සෝදා හැරිය යුතු ය. අනතුරුව භාවිතා කරන දන්තාලේප දන්තාලේපයකින් දත් මැදීම සිදු කළ යුතුය. මෙම සත්කාරය ද සතියට දෙතුන් වතාවක් සිදු කිරීම යහපත් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා හේතුවේ.
කෙසෙල් ලෙලි සත්කාරය. දත් මැලියම් ඉවත් කිරීමේ සුවිශේෂී හැකියාවක් කෙසෙල් ලෙලි සතුව පවතී. මෙහිදී කෙසෙල් ලෙල්ලක් ගෙන එහි දෙපැත්තෙන් ම දත් පිරිමැදීම සිදුකළ යුතුය. මෙය විනාඩි හතක් පමණ සිදුකර සාමාන්‍ය දන්තාලේපයකින් දත් මැද මුඛය සෝදා හැරිය යුතු ය. මේ කැමති වාර ප්‍රමාණයක් සිදු කළ හැකි ය.

ලෙමන් මව්ත්වොෂ් භාවිතය. දත් දෙපල නැවුම්ව තබා ගැනීමට මෙන්ම මුඛයේ දුර්ගන්ධය නැති කර ගැනීම සඳහා mouthwash භාවිත කිරීමට වර්තමානයේ බොහෝ පුද්ගලයින් පෙළඹී සිටී. විශේෂයෙන් මෙහිදී රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරන ලද මුඛ සේදුම් කාරක දියර භාවිතය සිදුවේ. එනමුත් ලෙමන් භාවිතා කරමින් ස්වභාවික මුඛ සේදුම් කාරක දියරයක් සකසා ගැනීමේ හැකියාව ද පවතී. ඒ කෙසේද යත් ලෙමන් යුෂ තේ හැඳි තුනකට ලුණු ස්වල්පයක් මිශ්‍රකර මෙම මුඛ සේදුම් කාරක දියරය සකසා ගන්නා අතර සතියට දෙතුන් වතාවක් දත් මැදීමෙන් පසු භාවිතයට සුදුසු වේ. මුඛයේ දැවිල්ල පවතින පුද්ගලයින් මෙම මුඛ සේදුම් කාරක දියරය භාවිත කිරීම සුදුසු නොවේ.
බැසිල් කොල සත්කාරය. මෙහිදී සාමාන්‍යයෙන් එදිනෙදා භාවිත කරන දන්තාලේපයෙන් දත් මැදීමට පෙර බැසිල් කොළ යුෂවලින් විනාඩි දහයක් පමණ දත් මැදීම යෝග්‍යවේ. මෙහිදී බැසිල් කොළ හොඳින් කොටා එහි යුෂ වෙන්කර ගත යුතුය. මෙම සත්කාරයෙන් පසුව සුදුවන් දත් දෙපෙළක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
කෝමාරිකා සත්කාරය කෝමාරිකා යුෂ හෝ ජෙලි මගින් සුදුවන් දත් දෙපලක් හිමි කර දේ. ඒ කෙසේද යත් කෝමාරිකා යුෂ දත් වල ආලේප කර විනාඩි කිහිපයක් පමණ හොඳින් සම්බාහනය කළ යුතුය. එසේත් නොමැති නම් කෝමාරිකා ජෙලි ස්වල්පයක් දත් බුරුසුවට ගෙන දත් මැදීම සිදු කළ යුතුය. දිනපතා දත් මැදීමෙන් පසු මෙම සත්කාරය සිදු කිරීමෙන් සති කිහිපයකින් නිරෝගී සුදුවන් දත් දෙපලක් හිමිකරගැනීමට හැකියාව ලැබේ.
මෙවැනි ආකාරයේ ස්වභාවික ප්‍රතිකර්ම වෙත යොමුවීමෙන් නිරෝගී සුදුවන් දත් දෙපලක් ලබාගත හැකි වේ. එසේම කෘතිම රසායනික ක්‍රම වෙත යොමුවීමෙන් දත්වලට, දන්ත එනමලයට හා විදුරුමස් වලට සිදුවන හානියද වළකාගත හැකිය. ඒ අනුව දන්ත සුරක්ෂිතතාවය සහ මුඛ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා හැකිතාක් ස්වාභාවික ක්‍රම වෙතම යොමුවීම අතිශයින්ම වැදගත් වේ.