කොණ්ඩය ගැට ගැසීම වළක්වා ගත හැකි ක්‍රම 12 ක්

health tips

කොණ්ඩය ගැට ගැසී අවුල් වී යාමේ ගැටළුවට වැඩි වැඩියෙන් මුහුණ දෙන්නේ කාන්තා පාර්ශවය. කාන්තාවන්ගේ කොණ්ඩය දිගට පවතින නිසා නිතරම අවුල් වී ගැට ගැසීමේ ප්‍රවණතාවය වැඩියි. මේ නිසා කොණ්ඩය කැඩී යාම වැඩි වශයෙන් සිදු වෙනවා. ඉතින් මේ නිතර අවුල් වෙන කොණ්ඩය නිසාම තමන්ගේ කොණ්ඩය කරදරයක් විදියට හිතන බොහෝදෙනෙක්ට මේ කියන කරුණු කාරණා බෙහෙවින් වැදගත් වේවි.

  • හිසකෙස් බෙදා වෙන්කර ගෙන හිසකෙස් පීරා ගැනීම දිග කොණඩයක ගැට ඉවත් කරමින් පීරා ගන්නවා කියන්නේ ඉතා අපහසු  කාර්යයක්. ඒ නිසා ඒ සඳහා හොඳම ක්‍රමය වෙන්නේ ඉවසීමෙන් කොණ්ඩය පීරා ගැනීම. ඒ වගේම පනාව භාවිතා කරන්නට පෙර ඇඟිලි තුඩුවලින් තදින් ගැට ගැසී ඇති ගැට ලිහිල් කර ගැනීමත් කොණ්ඩය ඉතා පහසුවෙන්  වේදනාවකින් තොරව පීරා ගන්නටත් හිසකෙස් කැඩීයාම වළක්වා ගන්නටත් උපකාරී වෙනවා.
  • කොණ්ඩය අග පහළ කොටස පීරාගෙන ඉහළ කොටස පීරා ගැනීම.හිසකෙස් මුල සිට අග දක්වා පීරීම මගින් හිසකෙස් කැඩීයාම සිදු වෙනවා. මේ නිසා හිසකෙස් පීරන විට භාවිතා කළ හැකි හොඳම ක්‍රමය වෙන්නේ කොණ්ඩය අග කොටස පීරා කෙමෙන් ඉහළ කොටස ඉහළ සිට පහළට පීරා ගැනීමයි .
  • ෂැම්පු ගැල්වීමේදී සුළු වේලාවක් කෙස්වල හොඳින් තැවරෙණු සේ හිස්කබල සම්බාහනය කරන්න.හිසකෙස් සෝදා පිරිසිදු කර ගැනීම සඳහා ඔබ භාවිතා කරන ෂැම්පු වර්ග හිසකෙස්වල පෝෂණයටත් හේතුවෙන නිසා තමන්ගේ හිසකෙස් වර්ගය අනුව සුදුසු ෂැම්පු වර්ගය තෝරා ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම ෂැම්පු ගැල්වීමේදී හිස් කබලට ඒවා උරා ගැනීමට පහසු වන ආකාරයට මෘදුව හිස් කබල සම්බාහනය කළ යුතුයි. ෂැම්පු ඍජුවම හිසකෙස් මැද සහ අග කොටස්වල ආලේප  කිරීමෙන් වැළකීමත් ඉතාම වැදගත්. එමගින් හිසකෙස්වල  ස්වාභාවික තෙල් ආවරණයන් ඉවත් කෙරෙනවා. එය හිසකෙස් වේගයෙන් වියළීමටත්  හේතු වෙනවා. වඩාත් සාර්ථක ප්‍රතිඵල සඳහා ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගු සහ සල්ෆේට් අඩංගු නොවන ෂැම්පු නිෂ්පාදනයක් තෝරා ගන්නටත් උනන්දු වෙන්න.
  • හිසකෙස් මෘදුව වියළා ගැනීම. තෙත හිසකෙස් ඉතාම ඉක්මනින් කැඩීයාමටත් අවුල්වීමටත් ලක් වෙනවා. නමුත් තුවායකින් කොණ්ඩය තදින් පිස දැමීම හෝ තුවායෙන් කොණ්ඩය වටා තුවාය ඔතමින් තෙත  ඉවත් කිරීමේදී  කොණ්ඩය තවත් අවුල් වෙන්නට පුළුවන්. ඒ නිසා සෙමෙන් තුවායක් හෝ කපු රෙදි කෑල්ලක් භාවිතයෙන් කොණ්ඩයේ තෙත  ඉවත් කරගෙන ස්වාභාවිකව වියළෙන්නට ඉඩ හරින්න.
  • තෙත පිටින් කොණ්ඩය පීරීමෙන් වැළකීම ජලය මගින් හිසකෙස්වල ඇති ආවරණය තාවකාලිකව ඉවත් කරන නිසා තෙත හිසකෙස් පීරීමකදී ගැලවෙන සහ කැඩී යන ප්‍රමාණය වැඩි වෙනවා. ස්නානයට පෙරත් හිසකෙස්වල ගැට ලිහා පීරාගෙන ස්නානය කිරීම මගින් ස්නානයේදී ගැලවෙන හිසකෙස් ප්‍රමාණය අඩු කර ගන්නට පුළුවන්. තෙත හිසකෙස් ගැලවී යාමේ ඉඩකඩ වැඩි නිසා පීරීම වගේම තුවායකින් තදින් පිසදැමීමත් නතර කළ යුතුයි.
  • හිසකෙස්වල තෙතමනය ආරක්ෂා කර ගැනීම සඳහා කන්ඩිෂනර භාවිතා කිරීම හිසකෙස් සඳහා ගල්වන නොයෙකුත් ෂැම්පු ඇතුළු ආලේපන නිසා නිතර හිසකෙස් වියළිභාවයට පත් වෙනවා.  එය කොණ්ඩය නිතර අවුල් වී ගැට ඇති වෙන්නට හේතු වෙනවා. ඒ නිසා හිසකෙස්වලට හොඳ තෙතමනයක් ලබාදීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා පිරිසිදු පොල්තෙල්, අලිගැට පෙර තෙල්, ඔලිව් තෙල්  එඩරු තෙල් හිසකෙස් සඳහා භාවිතා කිරීම වගේම ස්නානයෙන් පසුව කන්ඩිෂනර් භාවිතයත් හිසකෙස්වල තෙතමනය ආරක්ෂා කර ගන්නට බෙහෙවින් ඉවහල් වෙනවා. එය හිසකෙස් ගැට ගැසීම වළක්වා ගන්නට උපකාරී වෙනවා.
  • හිසකෙස් උඩට කර ගැට ගසා ගැනීම කොණ්ඩය නිදහසේ දමාගෙන සිටින විට අවුල් වී ගැට ඇතිවීමේ හැකියාවක් පවතිනවා.විශේෂයෙන්ම වාහනයක ගමන් කිරීමේදී ව්‍යායාම්වල නිරතවීමේදී වගේ අවස්ථාවල කොණ්ඩය උඩට කර ගැට ගසා ගැනීම මගින් ගැට ඇතිවීම වළක්වා ගන්නට පුළුවන්.
  • ඝර්ෂණය අඩු රෙදිවලින් සැකසු කොට්ට උර හා ඇතිරිලි භාවිතා කිරීම ඝර්ෂණය ඇති කරන පොලියෙස්ටර්, කපු,  කොට්න් ආදී රෙදි වර්ගවලින් මසන ලද කොට්ට උර හා ඇඳ ඇතිරිලි හිසකෙස් වියළි බවට පත් කර ගැට ඇති කරන්නටත් හේතු වෙනවා.මෙය වළක්වා ගැනීමට  සිල්ක් රෙදිවලින් මසන ලද  කොට්ට උර සහ ඇතිරිලි වැදගත් වෙනවා. ඒ වගේම නින්දට පෙර කොණ්ඩය ලිහිල්ව පිටුපසට කර බැඳ ගැනීම හෝ  කරලක් සේ ගොතා ගැනීමෙන් ද  කොණ්ඩය අවුල් වී යාම වළක්වා ගන්නට පුළුවන්.
  • හිසකෙස් දිනපතා සේදීමෙන් වැළකීම කොණ්ඩය අවුල් වී ගැට ගැසීමට එහි වියළිභාවය හේතුවක් වෙනවා. ඒ නිසා දිනපතාම ෂැම්පු කර හිසකෙස් සේදීමේදී තවත් හිසකෙස් වියළීභාවයට පත්ව ගැට ගැසීමේ හැකියාව වැඩි කරනවා. මේ නිසා සතියකට තුන් වතාවක් ෂැම්පු කිරීම ප්‍රමාණවත් වෙනවා.
  • සිලිකන් ඔයිල් වර්ගයක් ආලේප කිරීම හිසේ අවුල් වීමේ ස්වභාවය ඉවත් කිරීමේ මනා හැකියාවක් සිලිකන් ඔයිල්වලට තියෙනවා. අත්ලට තෙල් ස්වල්පයක් ගෙන අත් දෙකින් හොඳින් අතුල්ලා කෙස්වල ආලේප කරන්න. එසේ නැත්නම් පනාවේ දැතිවලට සිලිකන් ඔයිල් ආලේප කර හිසකෙස් පීරා ගැනීමත්  හිසකෙස් ගැට ඉවත් කර පීරා ගන්නට ප්‍රයෝජනවත් වෙනවා.
  • හිසකෙස් පීරීම  සඳහා දැති ලොකු පනාවක් භාවිතා කිරීම
  • කොණ්ඩයට මෝස්තර දැමීමේදී ඇල්කොහොල් අඩංගු නොවන ජෙල් වර්ග භාවිතා කිරීම.

ඉතින් ඔබටත් හිසකෙස් පීරා ගැනීමේදී හිසකෙස් අවුල් වෙන ස්වභාවයක් ඇත්නම් කොණ්ඩයට හානියක් නොවන ආකාරයට ඒවායේ ගැට ඉවත් කර පීරා ගන්නට මේ ක්‍රමවේද ඔබට බෙහෙවින් වැදගත් වේවි.