විවිධ රෝගවලට ගුණ දෙන කැඳ වර්ග 6 ක්

health tips

අප එදිනෙදා ජීවිතයේ භාවිතා කරන පාන වර්ග අතුරින් වඩාත් ගුණදායක පානයක් ලෙස  කොළ කැඳ පානය හැඳින්විය හැකිය.  එනම්  ඖෂධිය කොළ වර්ග නොහොත් පළා වර්ග බොහොමයක් ඇති අතර ඒවායෙන් කොළ කැඳ සකස් කර දිනපතා පානය කිරීමෙන් බොහෝ රෝග සුව කර ගත හැකිය. එනම්  කැඳ සකස් කර ගැනීමට භාවිතා කරන ඒ ඒ පළා වර්ගයන්ට අනුව ලබාගත හැකි සෞඛ්‍යම ප්‍රතිලාභ එකිනෙකට වෙනස්වේ. එනම් එදිනෙදා භාවිතා කරන කෘතිම බීම වර්ග වෙනුවට , තේ  පානය වෙනුවට කිරි තේ  පානය වෙනුවට  කොළ කැඳ සකස් කර පානය කළ හැකි නම් එමගින් සෞඛ්ය සම්පන්න දිවියක් ගත කළ හැකිය. එසේ සකස් කළ හැකි කැඳ වර්ග කිහිපයකි. එනම්

හීන් බෝවිටියා කොළ කැඳ ඈත අතීතයේ සිටම භාවිතා කරන ඖෂධීය කැඳ වර්ගයක් ලෙස හීන්බෝවිටියා කැඳ පානය හැඳින්විය හැකිය. එනම් හීන්බෝවිටියා අක්මාවේ සුහද මිතුරෙකි. එනම් රෝගවලින් අක්මාව ආරක්ෂා කර සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට හීන් බෝවිටියා කොළ කැඳ පානය ගුණදායකවේ. එනම් සෙංගමාලය නැමැති රෝගය ඒ අතර ප්‍රධානවේ. කැඳ සකස් කිරීමේදී හීන් බෝවිටියා ශාකය ම භාවිතා කරන අතර වඩාත් ගුණදායක ප්‍රතිඵල ලබා ගැනීමට සතියක් පමණ එක දිගට භාවිතා කළ යුතුය. එනම් හීන්බෝවිටියා කැඳ පානය කිරීමෙන් අක්මාව ආරක්ෂා කර ගැනීමට අමතරව. 

  • ශරීරය සිසිල් කිරීමට
  • මුත්‍රා දැවිල්ල සමනය කිරීමට 
  • පිළිකා ඇතිවීම වැළැක්වීමට
  • පාචනය සමනය කිරීමට
  • අර්ශස් රෝගයට
  • ආදී රෝගයන්ට ද ගුණදායකය. 

ගොටුකොළ කැඳ පානය ගෙටුකොළ යනු පලා වර්ග අතර ප්‍රචලිත පලා වර්ගයකි. එනම් කැඳ සකස් කිරීමට අමතරව ගොටුකොළ සලාදයක් ලෙස සකස් කර බොහෝ දෙනකු ආහාරයට ගනී. ඊට අමතරව ගොටුකොළ කැඳ පානය ඉතා රසවත් මෙන්ම ඉතා ගුණවත්ය. එනම් ගොටුකොළ කැඳ පානයක් ලෙස සකස් කර දිනපතා භාවිතා කරන්නේ නම් ශරීර ගත වු හෝ බොහෝ රෝගයන් සුවකර ගත හැකිය. එනම් ඒ අතර

  • පණු රෝග සමනය කිරීමට 
  • ඇස් පෙනිම වර්ධනය කිරීමට 
  • ශරීරය සිසිල් කිරීමට
  • මතක ශක්තිය වැඩි කිරීමට 
  • හිසකෙස් වර්ධනයට
  • චර්ම රෝග සමනය කිරීමට
  • දියවැඩියාව පාලනය කිරීමට මේ ආදී වූ බොහෝ රෝග සුව කිරීමට ගොටු කොළ කැඳ පානය භාවිතා කිරීම ගුණදායකය. 

පොල් පලා කැඳ පොල්පලා යනු බොහෝ රෝගවලට ගුණ දෙන වටිනා ඖෂධයකි. එනම් පොල්පලා කැඳ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීමෙන් ශරීරගත නොයෙක් රෝගී තත්ත්වයන් සුව කරගත හැකිය. එනම් පොල් පලා කරටි වලින් පිසගත් කැඳ ඉතා රසවත් මෙන්ම ගුණදායකය. සතියකට එක් වතාවක් හෝ පොල් පොල්පලා කැඳ පානයක් සකස් කර භාවිතා කිරීමෙන් 

  • මුත්‍රා ගත රෝග තත්ත්වයන් සුව කරගත හැකිය. එනම් මුත්‍ර මාර්ගයේ හා වකුගඩු ආශ්‍රිතව ඇතිවන ගල් ඉවත් කරගත හැකිය. ඊට අමතරව 
  • හිසරදය 
  • ඇදුම
  • කොන්ද කැක්කුම 
  • කැස්ස ආදී රෝග තත්ත්වයන් සුව කරගත හැකිය. 

රණවරා කොළ කැඳ රණවරා යනු ආයුර්වේදය තුළ වඩාත් ප්‍රචලිත ගුණ ඇති ඖෂධයකි. එනම් බොහෝ රෝගවලට ගුණ දෙන රණවරා කොළ තම්බා පානය කිරීම මෙන්ම රණවරා කොළ භාවිතා කර කැද සකස්කරගත හැකිය. එනම් එසේ සකස් කර ගන්නා කැඳ පානය භාවිතා කිරීම මඟින් ශරීරගත බොහෝ රෝග සුව කර ගත හැකිය. ඒ අතර

  • ශරීරය සිසිල් කර ගත හැකිය.
  • දියවැඩියාව ඇතිවීම වලක්වා ගත හැකිය.
  • මළබද්දය සමනය කර ගත හැකිය.
  • ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග සමනය කර ගත හැකිය.
  • චර්ම රෝග සමනය කර ගත හැකිය.
  • සම පැහැපත් කර ගත හැකිය.
  • රුධිරය පිරිසිදු කර ගත හැකිය. මේ ආදී වූ බොහෝ රෝග සමනය කරගැනීමට රණවරා කොළ කැඳ පානය භාවිතා කිරීම ගුණදායකය. 

හාතාවාරිය කැඳ අනෙක්  කැඳ  මෙන්ම හාතාවාරිය කැඳ දිනපතා සකස් කර භාවිතා කිරීම මගින් නොයෙක් රෝග තත්ත්වයන් සුව කරගත හැකිය. එනම් හාතාවාරිය අල කොළ යන දෙකොටසම කැද සකස් කිරීම සඳහා භාවිතා කරන අතර මෙසේ කැඳ සකස් කර භාවිත කිරීමෙන් 

  • ශරීරය සිසිල් කර ගැනීමට
  • ඇස් දැවිල්ල සමනයට
  • අර්ශස් රෝග සමනය කිරීමට 
  • සෝම රෝගයට 
  • ආමාශය ආශ්‍රිත තුවාල සමනය කිරීමට
  • මුත්‍ර රෝග සමනය කිරීමට. මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට හාතාවාරිය කොළ කැඳ පානය භාවිතා කිරීම ගුණදායකය. 

මොණර කුඩුම්බිය මොනර කුඩුම්බිය කොළ කැඳ පානය අප භාවිතා කළ යුතු තවත් එක් ඖෂධීය  කැඳ පානයකි. එනම් මොණරකුඩුම්බිය කැඳ සකස් කර පානය කිරීම මගින් බොහෝ රෝග සුව කර ගත හැකිය. එනම්

  • ශරීරය සිසිල් කර ගැනීමට
  • ඇස් පෙනීම වැඩි දියුණු කිරීමට
  • රක්තහීනතාවය සමනය කිරීමට
  • මුත්‍ර රෝග සමනය කිරීමට
  • චර්ම රෝග සමනය කිරීමට
  • අක්මා රෝග සමනය කිරීමට
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට
  • උණ සමනය කිරීමට
  • උෂ්ණ බිබිලි සමනයට මේ ආදි වූ නොයෙක් රෝග සුවකර ගැනීමට මොනරකුඩුම්බිය කැඳ පානය දිනපතා භාවිතා කිරීම ගුණදායකය. 

මෙසේ කැඳ සකස් කර පානය කිරීමෙන් ශරීරයට බොහෝ රෝග සුව කර ගැනීමට හැකියාව ලැබෙන බව සත්‍යයකි. නමුදු නිදන්ගත රෝග තත්ත්වයන් ඇත්නම් මෙම කැඳ පානයන් නිතර භාවිතා කිරීමට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.