පයට පෑගුනත් ඇසට ගුණ උදුපියළිය ශාකයේ ඖෂධීය ගුණ 

health tips

පොළවට සමාන්තරව වැඩෙන ඖෂධීය ගුණයෙන් අනූන පැලෑටි විශේෂයක් ලෙස උඳුපියළිය හැඳින්විය හැකිය.එනමි ගෙවතු ආශ්‍රීතව සරුවට වැඩෙන උඳුපියළිය වර්ග කිහිපයක් හඳුනාගත හැකිය 

හීං උදුපියළිය 

බෙහෙත් උදුපියළිය

කැද උදුපියළිය 

මේ අතරින් හීං උදුපියළිය රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධයක් ලෙස යොදා ගනී. 

එනම් ආයුර්වේදයට අනුව උඳුපියලිය ශාකයේ ඖෂදීය ගුණ රැසක් අඩංගු වේ. 

කුසගිනි වැඩීමේ ගුණ

විෂ නාශක ගුණය 

ශක්ති ජනක ගුණ 

වේදනා නාශක ගුණය 

යන ආදී වශයෙන් විවිධ ගුණයන් අඩංගුවේ.

උඳුපියළිය  ඖෂධයක් ලෙස මෙන්ම කැඳ පානයක් ලෙස සකස් කර භාවිතා කළ හැකිය. එනම් ඉන් ශරීරයේ බොහෝ රෝග සුව කර ගත හැකිය. ඊට අමතරව උඳුපියළිය පානයක් ලෙස සකස් කර භාවිතා කළ හැකිය. 

උඳුපියළිය පානය සකස් කර ගන්නා ආකාරය. 

අමු උදුපියළිය මිටක්

සීනි තේ හැදි දෙකක් 

දෙහි යුෂ ස්වල්පයක් 

ලුණු ස්වල්පයක් 

ගම්මිරිස් කුඩු ස්වල්පයක් 

උදුපියළිය මිටක් පමණ ගෙන හොඳින් සෝදා වතුර ස්වල්පයක් මිශ්‍ර කර හොඳින්  බ්ලෙන්ඩර් කර යුෂ පෙරා වෙන් කර ගෙන සීනි ,ලුණු ,දෙහි  ගම්මිරිස් යන ආදී සියල්ල රස පදමට  එක් කර රසවත් පානයක් ලෙස සකස් කර භාවිතා කළ හැකිය.

උදුපියළිය ශාකයේ ඖෂධීය ගුණ 

• අක්ෂි රෝග සමනයට

“පයට පෑගුනත් ඇසට ගුණ දෙන ”  උදුපියළිය යනුවෙන් ගැමි වහරේ භාවිතා වන්නේ උඳුපිළිය ඇස්වල පෙනීම වර්ධනය කිරීමට උපකාරී වන ඖෂධයක් වන නිසාය. එනම් ඇස්වල ස්නායු ආබාධ නිසා ඇස් පෙනීමේ සංකූලතාවයන් ඇති වූ විට උදුපියළිය යොදා මුල් අවස්ථාවේම ප්‍රතිකාර කිරීම මගින් නැවත ඇස් පෙනීම වර්ධනය කර ගත හැකිය. එමෙන්ම නිතර උදුපියලිය කැද සකස් කර පානය කරන්නේ නම් එමගින් ද ඇස් පෙනිම වර්ධනය කරගත හැකිය. 

විෂ ඉවත් කිරීමට

පත්තෑයන් දෂ්ට කිරීමෙන් ඇතිවන විෂ ඉවත් කිරීමට මෙන්ම පොළොං විෂ වැනි උග්‍ර විෂ නැසීමට ද උඳුපියලිය ඖෂධයක් ලෙස යොදා ගනී. එනම් පත්තෑ විෂට උඳුපියළිය මිටක් පමණ ගෙන දෙහි යුෂයෙන් අඹරා ආලේප කිරීම හා  පොළොං විෂ නැසීම සදහා උදුපියළිය යුෂ පතක් ගෙන පානය කිරීම යෝග්‍ය වේ. 

තොල් පැලීමට 

දේශගුණික විපර්යාස නිසා හෝ වෙනත් හේතූන් මත ඇතිවන තොල් පැලීම සුවපත් කර ගැනීමට 

උදුපියළිය කොළ ස්වල්පයක් බුලත් මෙන් සපමින් කෙළ ගිලීම යෝග්‍ය වේ. 

මූත්‍රා අඩස්සියට

මුත්‍ර අඩස්සිය සමනය කිරීමට උදුපියළිය සම්පුර්ණ ශාකයම ගෙන  තම්බා පෙරා පානය කිරීම යෝග්‍ය වේ.

මධුමේහයේදී ඇතිවන පිපාසයට 

මධුමේහය නම් රෝගය නිසා නිතර පිපාසය ඇති වනු ලැබේ. එනම් එම තත්ත්වය සමනය කර ගැනීමට උදුපියළිය ශාකය වියළා කුඩු කර එයට උළුහාල් කුඩු තේ හැදි භාගයක් පමණ එක් තේ මෙන් පානය කිරීම මගින්  පිපාසය ඇති වීම වළක්වා ගත හැකිය. 

මව්කිරි වර්ධනයට

මව්කිරි අවම වූ අවස්ථාවක වර්ධනය කර ගැනීමට උදුපියළිය කොළ ස්වල්පයක් අඹරා පුවක් ගෙඩියක ප්‍රමාණයේ ගුලියක් එළකිරි සමග මිශ්‍ර කර උදෑසන පානය කිරීම යෝග්‍යවේ.

ඉදිමුම් සමනයට

ශරීරයේ ඇතිවන නොයෙකුත් ඉදමුම් සුවපත් කර ගැනීමට හාවුන්ගේ වසුරු උදුපියළිය  යුෂයෙන් අඹරා ආලේප කිරීම යෝග්‍යය වේ. 

රක්තවාතයට 

බොහෝ දෙනකු පීඩා විඳින රෝගයක් වන රක්ත වාතය හා එම රෝගය නිසා පාදවල ඇතිවන පැලීම් සමනය කිරීමට හීන් උදුපියළිය, කයිප්පු, අමුකහ, තැඹිලි වතුරින් අඹරා තලපයක් සේ කකුලේ අධිකව පැලී ඇති තැන්වල ගෑම යෝග්‍ය වේ. 

පරණ තුවාල සමනයට

සුව නොවූ පරණ තුවාල ඉක්මනින් සුව පත් කර ගැනීමට ඖෂධයක් ලෙස  හීන් උදුපියළිය භාවිතා කළ හැකිය එනම් හීං උඳුපියළිය දළු අමුකහ ස්වල්පයක් ,රත්හදුන් යන සියල්ල ඇල් දියෙන් ගලගා තලපයක් සකසා ගෙන තුවාලය නිවුණු වතුරින් සෝදා ඒ මත අඹරා ගත් තලපය ආලේපය කිරීමෙන් ඉක්මනින් එම තුවාල සුව කර ගත හැකිය. 

විසර ගෙඩිවලට 

විසර ගෙඩි සමනය කිරීම සඳහා හීන් උදුපියළිය ,කෝමාරිකා මද, පෙරුම්කායම් , අමුකහ දල්ලක්, පොල්කිරිවලින් තම්බා හොඳින් අඹරා විසර ගෙඩි වටා  ආලේප කිරීම මගින් එම විසර ගෙඩි සුව කර ගත හැකිය. 

බඩ පිපුමට

පීඩා ගෙන දෙන බඩ පිපුම සමනය කිරීමට 

උදුපියළිය කොළ පවනේ වියළා කෝපි මෙන් කුඩු කර පානය කිරීම යෝග්‍ය වේ. 

මේ ආදි වූ බොහෝ රෝග සමනය කිරීමට උදුපියළිය කැද පානයක් ,තේ පානයක්,යුෂ පානයක් , ඖෂධයක් ලෙස සකස් කර භාවිතා කළ හැකිය.