ආතරයිටිස් රෝගය සුව කරන උළුහාල්

health tips

වර්තමානය වන විට වයස් ගත පුද්ගලයින් මෙන්ම මැදිවයසේ පසුවන බොහෝ පුද්ගලයින් ආතරයිටීස් රෝගයට ගොදුරු වී තිබේ. එනම් අදවන විට ආතරයිටිස් රෝගයන් දෙසීයකට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබීම සුවිශේෂී වේ. එනම් ඉතා පීඩාකාරී රෝග තත්ත්වයක් වන ආතරයිටීස් රෝගය නිසා විවිධ සංකූලතා ඇති වනු ලැබේ. ආතරයිටීස් මූලිකව ඇතිවනු ලබන්නේ සන්ධි ආශ්‍රිතවය. නමුත් ස්නායු දුර්වලතා නිසාද ආතරයිටීස් ඇති විය හැකිය. 

අනෙකුත් රෝග මෙන්ම මෙම රෝග තත්ත්වය නිසා ඇතිවන රෝග සංකූලතා සුව කර ගැනීමට ආයුර්වේද ප්‍රතිකර්ම මෙන්ම බටහිර ප්‍රතිකර්මයන් ද පවති.  එනම් බටහිර වෛද්‍ය ක්‍රමය තුළ මේ සඳහා විවිධ එන්නත් හා කෘතිම ඖෂධ වර්ග ලබාදෙනු ලැබේ. ආයුර්වේදය තුළ විවිධ ස්වභාවික ඖෂධ වර්ග බාහිරව මෙන්ම අභ්‍යන්තරව ද සිදුකරනු ලැබේ. මේ නිසාම බොහෝ දෙනෙකු යොමුවන්නේ ආයුර්වේද ප්‍රතිකර්ම වෙතය. 

බොහෝ දෙනෙකුට ආතරයිටිස් රෝගය ඇති වන්නේ කුමන හේතූන් මත ද යන්න නිශ්චිත අවබෝධයක් නොමැති නිසාම ආතරයිටිස් රෝගය ඇති වනු ලැබේ. මේ නිසා එම රෝගය ඇතිවීමට හේතුවන හේතු කාරක පිළිබඳව  සැලකිලිමත් විය යුතුය. 

  • ආතරයිටිස් රෝගය ඇති වීමට බලපාන හේතු 
  • රසකාරක අධික ආහාර භාවිතය හා පෝෂණීය සමබර ආහාර වේලක් නොගැනීම.
  • ව්‍යායාමවල නිරත නොවීම හා පමණ ඉක්මවා ව්‍යායාම වල නිරත වීම. 
  • සන්ධි තරලවල ආම්ලිකතාවය වැඩි වීම. 
  • අධිශීත හා අධිඋණුසුම්  ආහාර පාන වර්ග ප්‍රමාණය ඉක්මවා භාවිතා කිරීම. 
  • මේ ආදී හේතූන් ආතරයිටිස් රෝගය ඇති වීමට බලපානු ලැබේ. 
  • ආතරයිටීස් රෝගය ඇති බවට හඳුනාගත හැකි රෝග ලක්ෂණ.
  • මෙම රෝගයේ භාහිර අභ්‍යන්තර යන
  • දෙ අංශයෙන්ම රෝග ලක්ෂණ හඳුනාගත හැකිය. 
  • පාදවලින්,කොඳු ඇට සහ ස්නායු වලින් වේදනාවක් දැනීම 
  • පාදයේ ඇගිලි වල ඇතිවන වේදනාව හා පාදයේ හැඩය වෙනස් වීම. 
  • සන්ධි වල තද බව හා සන්ධි ඉදමුම් පැවතීම. 
  • මේ ආදී රෝග ලක්ෂණ ආතරයිටීස් රෝගයෙන් පෙළෙන පුද්ගලයින් තුළින් හඳුනාගත හැකිය. 
  • ආතරයිටිස් රෝගය සදහා සිදුකළ හැකි ස්වභාවික සත්කාර 

උළුහාල් සත්කාරය එනම් මේ සඳහා උළුහාල්, කහ කුඩු, ඉඟුරු ග්‍රෑම් 50 බැගින් ගෙන හොඳින් මිශ්‍රකර වාතය නිරෝධනය කළ බෝතලයක අසුරා ඉන් තේ හැන්ද බැගින් දිනපතා උණුවතුර වීදුරුවකට මිශ්‍රකර පානය කිරීම වඩාත් සුදුසුවේ. 

අබ තෙල් සත්කාරය අබ තෙල් සමග පොල් තෙල් මිශ්‍ර කර ඉදමුම්,වේදනා ඇති ස්ථානවල ආලේප කිරීම මගින් එම වේදනා,ඉදමුම් සමනය කර ගත හැකිය. මීට අමතරව 

අබ තෙල්, කපුරු සත්කාරය අබ තෙල් කෝප්ප එකක් ගෙන ඊට කපුරු ග්‍රෑම් දහයක් මිශ්‍රකර හොඳින් දියවන තෙක් තෙල් ටික රත් කරගෙන එහි රස්නෙ ගතිය ඉවත් වූ පසු වේදනා ගෙන දෙන සන්ධි ආශ්‍රිත ප්‍රදේශයේ ආලේප කිරීම මගින් එම වේදනා ඉදමුම් සුව කර ගත හැකිය. 

මුං ඇටඑනම් මේ සඳහා මුං ඇට මේස හැදි තුනක් ජලය මිලි ලීටර් 250 කට මිශ්‍රකර රැයක් පෙඟෙන්නට හැර තබා පසුදින අංකුර සහිත මුං ඇට බේරාගෙන ඊට සුදුළූණු බික් දෙකක් දමා සියල්ල හොඳින් අඹරා  ලුණු හා ගම්මිරිස් යොදා උදේ සවස ආහාරයට එක්කර ගැනීම  ගුණදායකය. 

බණ්ඩක්කා සත්කාරය ආතරයිටිස් රෝගය ඇති වනු ලබන්නේ වයස්ගත වීමත් සමඟ හෝ විටමින් ඌනතා මත ඇතිවන බලපෑම් මතය. එනම් බණ්ඩක්කා ආහාරයට ගැනීමෙන් එහි අඩංගු වැඩි කැල්සියම් ආතරයිටීස් රෝගය හේතුවෙන් ඇතිවන රෝග සංකූලතා සමනය කර ගත හැකිය. එනම් මේ සඳහා ළපටි බණ්ඩක්කා කරල් කිහිපයක්  ගෙන සිහින්ව කපා රැයක් ජලයේ තම්බා පසුදා උදෑසන එම ජලය පෙරා පානය කිරීම සුදුසුවේ. 

නෙල්ලි නෙල්ලි ගෙඩි කොටා යුෂ ගෙන  ඊට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර පානය කිරීම ගුණදායකවේ. 

කුරුඳු කුරුඳු කුඩු මේස හැන්දක් ගෙන ඊට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර ආහාරයට ගැනීම

සුදුලූනු සුප්, මුරුංගා සුප්,කැරට් යුෂ  පානය කිරීම.

මීට අමතරව ව්‍යායාම වල නිරත වීම,පෝෂණීය සමබල ආහාර වේලක් ගැනීම,ජලය පානය කිරීම,සිරුරේ බර පාලනය කිරීම ආදිය සිදු කිරීමෙන් ආතරයිටිස් රෝගය නිසා ඇතිවන රෝග සංකූලතාවයන් සමනය කර ගත හැකිය.