මුළුතැන් ගෙට නැතුවම බැරි පුංචි කුළුබඩුවකින් බෝ නොවන රෝග රැසකට පිළියමක්

health tips

අද වෙද්දි බෝවන රෝග වලට වඩා බෝ නොවන රෝග ගැන කතාබහ කරන්න සිදුවෙලා තියෙනවා. වයස්  භේදයකින් තොරව බාල මහලු හැමෝටම දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය ආදී බෝ නොවන රෝග තත්ත්වයන් වැළඳෙනවා. මේ සඳහා වැරදි ආහාර පුරුදු සහ ජීවන රටාව හේතු වුණත් දවසින් දවස මේ රෝග තත්ත්වයන්ට ගොදුරු වෙන පිරිස් වැඩිවෙමින් යාම බරපතල තත්ත්වයක්. ඉතින් මේ බෝ නොවන රෝග නිසි ලෙස පාලනය කරන්නට භාවිතා කළ හැකි වටිනාම ද්‍රව්‍යයක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ.

අඩු මිලට පහසුවෙන් ලබාගන්නට හැකියාව තියෙන උළුහාල් ගැනයි අද කතා කරන්නේ.උලුහාල් මුළුතැන්ගෙයි ආහාර පිසීම සඳහා නිතරම භාවිතා වෙන කුළුබඩුවක් ඒ හැරුනහම හිසකෙස්වල ඉස්සොරි නැති කරගන්න දෙහි සමග තම්බා භාවිතයට ගැනීමත්  අපි හැමෝම අතර ප්‍රචලිතයි.

 ඒ විතරක් නෙමෙයි අපේ පැරැන්නන් එදා වාත රෝගයක් ඇති අවස්ථාවලදී උළුහාල් සුදුළූණු සමඟ තම්බා පානය කිරීමටත් පුරුදු වෙලා හිටියා. එහෙමත් නැත්නම්  උලුහාල්  ඇල් දියෙන් අඹරා වේදනා සහිත ස්ථානවල  ආලේප කරන්නට පුරුදු වෙලා හිටියා. උළුහාල් කුඩු තේ හැන්දක් මී පැණි තේ හැන්දක් සමග මිශ්‍රකරලා එයට දෙහි ස්වල්පයක් එකතු කර ආහාරයට ගැනීමෙන් උගුරේ ආසාදනයන්  සුවපත් කර ගන්නටත් ඔවුන් දැන සිටියා.

 නමුත් මේ කාරණා හැරුණාම උළුහාල් අපිව විවිධ ලෙඩ රෝගවලින් ආරක්ෂාව සලසන දියවැඩියා වගේ රෝග තත්ත්වයන් සුවපත් කරන හැකියාවකින් යුක්ත බව ඔබ නොදන්නවා ඇති. 

ප්‍රෝටීන්, තඹ, විටමින් B සහ C, B6 ෆෝලික් ඇසිඩ්,  පොටෑසියම්, යකඩ සහ වැනි අත්‍යවශ්‍ය ඛනිජ ලවණ බොහොමයකින් සහ ඉහළ ආහාරමය තන්තු සංයුතියකින් ද ප්‍රතිකඔක්සිකාරක ගුණයෙන් ද මේ උළුහාල් පොහොසත්. ස්වභාවයෙන්මආහාර රස ගන්වන්නට සහ සුවඳ ගන්වන්නට උළුහාල්වලට විශේෂ හැකියාවක් තියෙනවා.

දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීම සඳහා උළුහාල් භාවිතා කරන හැටි

දිනපතාම උදෑසන මද උණුසුම් වතුර වීදුරුවකට උලුහාල් කුඩු තේ හැන්දක් දියකර පානයට ගන්න.

උළුහාල් ඇට, සූදුරු ඇට සමාන ප්‍රමාණවලින් ගෙන අඹරාගන්න.  මේ මිශ්‍රණයෙන් තේ හැන්දක ප්‍රමාණයක් උදේ සහ රාත්‍රී ආහාරයට පෙර මඳ උණුසුම් ජලයට එකතු කර පානයට ගන්න.

පිරිසිදු වතුර වීදුරුවකට උළුහාල් තේ හැන්දක් දමා රැයක් තිබෙන්නට හැර උදෑසන පානය කරන්න.

ආහාර පිසීමේදී ආහාරවලට අනිවාර්යෙන්ම උළුහාල් එකතු කරන්න.

උලුහාල් පානය සාදාගන්නා ආකාරය 

උණුවතුර වීදුරුවකට උලුහාල් ඇට  මේස හැන්දක් එකතු කර විනාඩි විස්සක් පෙඟෙන්නට තබා පෙරාගෙන එයට ලෙමන් සහ මී පැණි ස්වල්පයක් එකතු කර පානය කරන්න.

 එසේ නැත්නම් උලුහාල් ඇට හොඳින් බැදගෙන එය කුඩු බවට පත් කරගෙන ඒ කුඩු තේ හැන්දක් ජලයට එකතු කර පානය කරන්න.

උලුහාල් භාවිතයෙන් ශරීරයට ලබාගත හැකි ප්‍රතිලාභ

ආහාර ජීර්ණය සම්බන්ධ ගැටලු නිරාකරණය කරනවා.

දියවැඩියාව සුව කරනවා.

හිස්කෙස් වර්ධනය වැඩි කර හිසකෙස් පරිමාව වැඩි කරනවා.

හදවත නිරෝගී කරනවා.

පිළිකා නාශක ගුණයෙන් යුක්තයි.

මුත්‍රා ගල් සෑදීම වළක්වනවා.

අක්මාව නිරෝගී කරනවා.

අහිතකර කොලස්ටරෝල් මට්ටම පහල හෙළනවා.

ආහාරවල ඇති විෂ ද්‍රව්‍ය අවශෝෂණය කර අන්ත්‍රවලට පිළිකා මගින් ඇතිවිය හැකි අනතුරු වළක්වාලනවා. 

කැස්ස සහ ස්වාසනාල ප්‍රදාහ සඳහා ගුණදායකයි. 

උගුරේ ආසාදන අඩු කරනවා.

පැණි තේ හැඳි එකක් සමග මිශ්‍රකර දරු ප්‍රසූතියට ළං වූ කාන්තාවකට ලබාදීමෙන් ගර්භාෂය සංකෝචනය කරමින්  ප්‍රසූති වේදනාව අඩු කරමින්  ප්‍රසූතිය පහසු කරනවා.

වමනය, හිසේ කැසීම, සෙම්ප්‍රතිශ්‍යාව, ආහාර අරුචිය වැනි ආහාර නිසා ඇතිවන  ආසාත්මිකතා වළක්වනවා.

මොළයේ සෛල අනිසි ලෙස බිඳ වැටීම පාලනය කරනවා.

දියවැඩියාව ඇතිවීමට ඇති අවදානම අඩු කරනවා.

බඩේ  කැක්කුම්, බඩවැල් සහ ආමාශයේ ආසාදන සුව කරන්නට උදව් කරනවා.

මල බද්ධය වළක්වනවා. 

බඩගින්න වර්ධනය කරනවා.

පණු රෝග දුරු කරනවා.

බඩ පිපීම නැති කරනවා.

ආහාර මාර්ග  පද්ධතියේ තුවාල සුව කරනවා.

උණ පාලනය කරනවා.

සමේ ඇතිවන කැසීම, රතුවීම, පලු දැමීම, උෂ්ණ බිබිලි, දද සහ කුෂ්ඨ ආදී ආසාත්මිකතා පාලනය කරනවා.

ලේ පිරිසිදු කරනවා.

මුඛ තුවාල සුව කරනවා.

ඔසප් වේදනාව නැති කරනවා.

අධි රුධිර පීඩනයට ගුණදායකයි.

මව්කිරි නිපදවීම උත්තේජනය කරනවා.

විදුරුමස් නිරෝගී කරනවා.

ලිංගික බෙලහීනතාවය දුරු කරනවා.

ඒ හැරුණාම

සමේ ඇතිවන  කළු ලප, අවපැහැ ගැන්වීම්, සමේ රැලි වැටීම්  වළක්වනවා. සම දීප්තිමත් කරනවා.

  ඒ සඳහා  scrub සහ ෆේස් පැක් සඳහා සිහින්ව කුඩුකරගත් උලුහාල් භාවිතා කරනවා.

උළුහාල් කුඩු තේ හැන්දක්, කඩල පිටි තේ හැන්දක් සමඟ මිශ්‍රකර ඇල් දියෙන් හෝ එලකිරෙන්  අනා මුහුණේ ආලේප කර පැයක් පමණ තබා සෝදා හැරීමෙන් මුහුණට පැහැපත් දෙයක් ලබාගන්න පුළුවන්.

හිසකෙස් අකලට වැටීම සහ හිස්කෙස්වල තුනී බව නැති කරන්නටත් හිස්සොරි ගැටලුවෙන් මිදීමට උළුහාල් භාවිතයට ගැනෙනවා. 

පෙඟෙන්නට දැමුණු උළුහාල්  හොඳින් අඹරා පිරිසුදු පොල්තෙල් හා මිශ්‍රකර මදක් රත්කර හිසේ ආලේප කිරීමෙන් අකලට හිසකෙස් වැටීම හිත කෙස් තුනී වීම ඇතුළු රෝග වළක්වා ගන්නට ඉඩකඩ ලැබෙනවා.

 උලුහාල් වලින් සකස් කරගන්නා තෙල් හිස්කෙස් වැවීම බල ගන්වන්නට රෝම කූප උත්තේජනය කරන්නට උදව් වෙන නිසා තට්ටය පෑදීම වලක්වා ගන්නත්  රැවුල වැවීම් වේගය වැඩිකරගන්නත් කදිම විසඳුමක්.

උළුහාල් නිතර නිතර ඔබේ ආහාරයට එකතු කර ගැනීමෙන් සහ පානයක් ලෙස සකසා භාවිතා කිරීමෙන් ඉතා විශිෂ්ඨ ප්‍රතිලාභ බොහොමයක් ලබා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම එයින් බෝ නොවන රෝගවලින් ආරක්ෂා වෙන්නට ඔබට හැකියාව ලැබෙනවා. නමුත් බරපතළ වෙනත් රෝග තත්ත්වයන් වැළදෙන අයෙක් නම් හෝ ගර්භණී කාලයේ පසුවන අයෙක් නම් උළුහාල් මේ ආකාරයට භාවිතා කරන්නට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න .