බඩ වැඩි වෙන්නට සහ දේහ බර වැඩි වෙන්නට බලපාන ප්‍රධානම හේතුවක් තමයි අපේ ශරීරයේ තැන්පත් වෙලා තියෙන මේදය. විශේෂයෙන්ම උදරයේ තැන්පත් වී ඇති මේදය නිසාවෙන් උදරය ඉදිරියට නෙරා ඒම සිදු වෙනවා වගේම අපේ ශරීරය තවදුරටත් ලස්සන වෙනවා. අපේ ශරීරයේ අධිකව මේද තැන්පත් වෙලා තිබීම බොහෝ ලෙඩ රෝගවලට හේතුවක් ද වෙනවා. මේ සඳහා විවිධ ව්‍යායාම් තිබුනත් ඒ සඳහා වෙනම වේලාවක් වෙන්කර ගන්නට අපි ගත කරන කාර්යබහුල ජීවන රටාවත් එක්ක ඉඩක් ලැබෙන්නේ නැහැ. තවත් අය බඩ කොතරම් වැඩි වුණත් ව්‍යායාම කරන්නට වැඩි කැමැත්තක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ ගැටලු තියන ඔබට උදරයේ තැන්පත් වෙලා තියෙන මේදය ඉතා පහසුවෙන් දහනය කරන්නට මේ පාන වර්ග උදව් වේවි. විශේෂයෙන්ම නින්දේ දී මේදය දහනය කරගන්නට නින්දට පෙර මේ ඖෂධීය පානයන් ඔබට ලබා ගන්නට පුළුවන්. අපි අද කතා කරමු ඒ සඳහා අපිට ලබාගත හැකි පානයක් මොනවද කියලා.

පිපිඤ්ඤා බීම කැලරි අඩු ආහාරයක් විදියට වගේම ප්‍රතිරතිඔක්සිකාරක බහුල ආහාරයක් විදියටත් අපේ ශරීරයට පෝෂක බොහොමයක් මේ පිපිඤ්ඤා ලබාදෙනවා. වතුර ටිකක් එකතු කරලා පහසුවෙන් සාදා ගන්නට හැකි පිපිඤ්ඤා පානය රසයෙන් වගේම ගුණයෙන් ඉතා ඉහළයි. මේ පානය තවත් රසවත් කරගන්නට තලාගත් ඉඟුරු යුශ වගේම් ලෙමන් මිශ්‍ර බින්දු කිහිපයක් එකතු කරගන්නත් පුළුවන්. මේ පානය රාත්‍රි නින්දට පෙර ලබාගැනීමෙන් උදරයේ තැන්පත් වෙලා තියෙන මේදය ඉතා ඉක්මනින් දහනය කරගන්න පුළුවන්.මේ විදියට පිපිඤ්ඤා පානය කරන එක අපේ රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය කරගන්නට වගේම අපේ ශරීරය විජලනයට පත් නොවී පවත්වා ගන්නත් උපකාරී වෙනවා.
ලෙමන් හා පිපිඤ්ඤා බීම ලෙමන් කියන්නේ වැඩි දෙනෙක් අතර ජනප්‍රිය පානයක්. ඒ වගේම ශරීරයට ප්‍රතිලාභ බොහොමයක්ම ලබාදෙන සුවිශේෂී පානයක්. අධ්‍යයනවලින් පෙන්වා දීලා තියෙන විදිහට දවසකට හතර වතාවක් පමණ ලෙමන් එකතු කරපු වතුර පානය කලොත් එය අපේ උදරයේ තැන්පත්ව ඇති මේදය බොහෝ දුරට අඩු කරනවා වගේම අහිතකර කොලෙස්ට්‍රෝල් ප්‍රමාණයත් අඩුකරගන්නට උදව් වෙනවා. මේ පානය රසවත් හදාගන්නට පිපිඤ්ඤා ගෙඩි දෙකක් දොඩම් ගෙඩියක් සහ වතුර ස්වල්පයක් භාවිත භාවිතා කරන්න. ඔබට මේ සඳහා මී පැණි ස්වල්පයකුත් එකතු කරගන්න පුළුවන්.
අන්නාසි බීම ප්‍රතිඔක්සිකාරක බහුල කැලරි අඩු ප්‍රමාණයක් අන්තර්ගත අන්නාසි අපේ ශරීරයේ බර අඩු කර ගන්නට උපකාරී වන පලතුරක් විදියට සැලකෙනවා.ඒ නිසාම මේදය දහනය කරගන්නට වගේම දේහ බර අඩු කර ගන්න අන්නාසි ඉතා වැදගත්. මේ පානය සකසා ගැනීමේදී අන්නාසි වලට ලෙමන් ස්වල්පයක් සහ මී පැණි ස්වල්පයකුත් එකතු කරගන්නට පුළුවන්.
අමු කහ තේ පානය අමු කහ සතු විශේෂ ගුණයන් අතරේ මේදය දහනයට ඇති හැකියාව විශේෂයි. ඒ නිසාම ශරීරයේ මේදය දහනය කර ගන්නට සාර්ථකම පානයක් විදිහට අමු කහ තේ පානය හඳුන්වා දෙන්නට පුළුවන්. මේ සඳහා අමු කහ කැබැල්ලක් තලා උණු ජලයට දමා වසා තබා රාත්‍රියේ නින්දට පෙර පානය කරන්න. මේ පානය මගින් ඉහත සඳහන් කළ ප්‍රතිලාභ හැරුණාම සම පැහැපත් කර ගන්නටත් නිරෝගී සමක් ලබා ගන්නටත් ඔබට හැකියාව ලැබෙනවා.
පිපිඤ්ඤා සහ කොත්තමල්ලි පානය පිපිඤ්ඤා වගේම කොත්තමල්ලි කියන්නේ අපේ ශරීරයට බොහොමයක් ප්‍රතිලාභ ලබා දෙන ඖෂධයක්. ශරීරයේ තැන්පත් වෙලා තියෙන මේදය දහනය කරනවා වගේම දේහයේ විෂ රසායනික ද්‍රව්‍ය පවා ඉවත් කරන්නට මේ පානයට අපූරු හැකියාවක් තියෙනවා. කොත්තමල්ලි සහ පිපිඤ්ඤාවලට වතුර ස්වල්පයක් එකතු කර මේ පානය ඉතා පහසුවෙන් සාදා ගන්නට පුළුවන්. වගේම මේ පානය සඳහා තලාගත් ඉඟුරු ස්වල්පයක් සහ කෝමාරිකා මේස හැඳි එකක ප්‍රමාණයකුත් එකතු කරන්නට පුළුවන්. මේ පානය සාදා ස්වල්ප වේලාවක් තබා පානය කිරීමෙන් ඉතා යහපත් ප්‍රතිඵල ඔබට ලබා ගන්නට පුළුවන්.
ගොරකා පානය ගොරකා කියන්නේ අපි බහුලවම භාවිතා කරන ගුණයෙන් ඉතා ඉහල කුළුබඩුවක්. උදරයේ මේදය දහනය කර ගන්නට කොලෙස්ටරෝල් තැන්පත් වීම අඩු කරගන්නට ගොරකා පානය අතිශයින්ම වැදගත්. ගොරකා මද කිහිපයක් සිහින්ව අඹරා ගන්න. පසුව කරපිංචා කොළ, සුදුළූනු බික් කිහිපයක් ආදිය සහ ගොරකා උණු ජලය කෝප්පයකට දමා වසා තබන්න. නිවුණු පසුව දියකර පෙරා ගෙන රාත්‍රී ආහාරයට පෙර පානය කරන්න. මේ පානය සතියකට දින කිහිපයක් භාවිතා කරන්නටත් පුළුවන්. නමුත් එක දිගට සති ගානක් භාවිතා කිරීම එතරම් සුදුසු වෙන්නේ නැහැ.
ඇපල් සයිඩර් විනාකිරි පානය ඕනෑම සුපිරි වෙළඳ සැලකින් මිලට ගන්නට හැකියාව තියෙන ඇපල් සයිඩර් විනාකිරි මගින් අපේ දේහයට විවිධ ප්‍රතිලාභ ලබා දෙනවා. එහි අඩංගු ප්‍රතිජීවක ගති ලක්ෂණ නිසා අපිට ඇතිවිය හැකි පාචනය ආදී ලෙඩ රෝග පවා වලක්වනු ලබනවා. විනාකිරි මේස හැඳි එකක් හෝ දෙකක් ජලය සමග කලවම් කර මේ පානය ඔබට සාදා ගන්නට පුළුවන්. ඔබ කැමතිනම් මේ පානය සඳහා ලෙමන් යුෂ සහ කපන ලද ඇපල් කෑලි ස්වල්පයකුත් එකතු කරන්නට පුළුවන්.

කුරුඳු පානය මේ පානයෙන් උදරයේ තැන්පත් වෙලා තියෙන අධික මේදය ඉතා පහසුවෙන් ඉවත් කරගන්නට හැකියාව තියෙනවා. මේ පානය සඳහා ජලය කෝප්පයක් අවශ්‍ය ප්‍රමාණයට සීනි සහ කුරුඳු එකතු කරලා විනාඩි කිහිපයක් මද ගින්නේ තම්බා ගන්න. ඉන්පසු එයට වියලි මිදි ස්වල්පයක් සහ සීතල ජලය එකතු කරගෙන පානය සකසා ගන්න.
සැලකිය යුතුයි
- ගෑස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන අයෙක් නම් බඩේ දැවිල්ල ඇති කරන්නට හැකියාව ඇති මේ පානයන් ගැනීමෙන් පසුව පැය බාගයකට පමණ පසු කෝමාරිකා මද ස්වල්පයක් අනුභව කරන්න.
- දිගුකාලීනව වෙනත් රෝග සඳහා ඖෂධ ලබා ගන්නා පුද්ගලයන් මේ පානයන් ලබා ගැනීම එතරම් සුදුසු නැහැ.
- ගර්භණී අවදියේ පසුවන කාන්තාවන් සහ කිරි දෙන මවක් නම් මේද දහනය සදහා වූ මේ පානයන් ඔබට සුදුසු වෙන්නේ නැහැ.
- ඉක්මන් ප්‍රතිඵල සඳහා දවසට කීප වතාවක් මේ පානයන් ගැනීම සුදුසු නොවන බවත් මේ පානයන් අතුරින් එක් වර්ගයක් පමණක් ගැනීමත් සුදුසු බව මතක තියා ගන්න.
- අධික ස්ථුල අයෙක් හැර අනෙක් පුද්ගලයන් මේ පානයන් දිනපතාම නොගෙන සතියකට දින හතරක් පහක් හෝ දිනක් හැර දිනක් ගැනීම ප්‍රමාණවත්. මේ පානයන් ලබා ගන්නා අතරේ නිසි ලෙස ආහාර පාලනය සහ ව්‍යායාම්වල නිරත වීමත් වැදගත් බව සිතේ තබාගන්න.