මීටර් දෙකක් පමණ දිගින් යුතුව පඳුරක් ලෙස වැඩෙන ඖෂධීය වැල් ශාකයක් ලෙස හාතාවාරිය ශාකය හඳුනාගත හැකිය. එනම් Asparagaceae උද්භිද කුලයට අයත් වන හාතාවාරිය ශාකයේ අතු මත කටු පිහිටා තිබේ. එනම් භූගත කදෙහි ආකන්දීය මුල් හටගන්නා අතර ඒවා වැඩුනු පසු අල පොකුරක් ලෙස දැක ගත හැකිය. මෙහි පත්‍ර හට නොගන්නා අතර පත්‍ර ලෙස සලකනු ලබන්නේ විකරණය වීමෙන් සෑදෙන ව්‍යුහයන්ය. එනම් ඒවා ස්කන්ධාභ ලෙස හඳුන්වනු අතර මෙහි හටගත් පත්‍ර ශාක බවට පත්වී ක්ෂීණ වී ඇති අතර එක් ගැටයක් අසල ස්කන්ධ 2-6 පමණ සංඛ්‍යාවක් පොකුරු ලෙස හටගනී. එමෙන්ම ඒකාක්ෂ පුෂ්ප මංජරියේ සුදු පැහැති මල් හටගන්නා අතර ඵලය බීජ කිහිපයක් අඩංගු කොළ පැහැති ඵලයක්වේ.
ඈත අතීතයේ සිටම හාතාවාරිය කැඳ පානය බොහෝ දෙනා අතර ප්‍රචලිතය. එනම් එසේ හාතාවාරිය කැඳ පානය භාවිතා කිරීම මගින් එහි අඩංගු බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ශරීරයට එක් කර ගත හැකිය. සින්ක්, යකඩ, කොපර් , පොටෑසියම්, මැග්නීසියම්, ඒ අතර ප්‍රධානවේ. ඊට අමතරව හාතාවාරිය ඖෂධයක් ලෙස දේශීය වෛද්‍ය විද්‍යාවේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ද භාවිතයට ගනී. එනම් හාතාවාරිය ශාකයේ කොළ, පොතු,අල ප්‍රධානවේ.

- හාතාවාරියවල ඖෂධීය භාවිතය
- සන්ධි රෝගයන් සමනය කිරීමට
- ස්නායු රෝග සමනයට
- කුෂ්ට සුව කිරීමට
- ශරීරය සිසිල් කිරීමට
- උදරගත වේදනාවන්ට
- මුත්‍ර රෝග සමනය කිරීමට
- අර්ශස් රෝගය සමනය කිරීමට
- ප්‍රජනක පද්ධතියේ හටගනු ලබන රෝග
- සමනය කිරීමට
- ආහාර මාර්ගය ආශ්‍රිත තුවාල සමනය කිරීමට
- සෝම රෝගය සමනය කිරීමට
- අක්ෂි රෝග සුව කිරීමට
- ශුක්‍ර වර්ධනය කිරීමට
- අතීසාරය සමනය කිරීමට.
- මේ ආදී රෝග සුව කිරීමට හාතාවාරිය ශාකය ඖෂයක් ලෙස යොදා ගනී.
හාතාවාරිය ශාකයෙන් සකසාගත හැකි අත් බෙහෙත්..
මුත්‍රා සමඟ ලේ පිටවීම සඳහාමුත්‍ර සමඟ ලේ පිටවීමේ රෝගය බොහෝ දෙනෙකුට පවතින රෝග තත්වයකි. එනම් මේ සඳහා හාතාවාරිය අල,අමුකහ, ගොකටු කිරි දමා සකස් කර ගනු ලබන කෂාය යෝග්‍ය වේ.
මුත්‍රා අඩස්සිය සඳහා මුත්‍ර අඩස්සිය එනම් මුත්‍රා පිට නොවීම,මුත්‍ර කඩින් කඩ පිටවීම ආදී රෝග සමනය කිරීමට හාතාවාරිය අල සිහින්ව අඹරා ඇල් වතුරට දමා පානය කිරීම යෝග්‍ය වේ.
අර්ශස් රෝගය සමනය කිරීම සඳහාවේදනා ගෙන දෙන අර්ශස් රෝගය සමනය කිරීම සඳහා හාතාවාරිය මෝරු වලින් අඹරා පානය කිරීම ගුණදායකය.
රක්ත අර්ශස් සඳහා රක්ත අර්ශස් හෙවත් මලපහ සමඟ ලේ පිටවීම සුව කර ගැනීම සඳහා ඈත අතීතයේ සිටම ඖෂධයක් ලෙස හාතාවාරිය භාවිතා කර තිබේ. එනම් හාතාවාරිය අල වලට එළකිරි සහ වතුර මිශ්‍ර කර කෂාය සකස් කර සීනී හෝ මී පැණි සමඟ පානය කිරීම මගින් රක්ත අර්ශස් සුව කර ගත හැකිය.

රක්තාතීසාරය සඳහා රක්ත අතීසාරය සමනය කිරීම සඳහා හාතාවාරිය එළ කිරිවලින් අඹරා පානය කිරීම සුදුසුවේ.
මව් කිරි වර්ධනය සඳහාමව්කිරි වර්ධනය කරගැනීම සඳහා ඖෂධයක් ලෙස හාතාවාරිය භාවිතා කළ හැකිය. එනම් හාතාවාරිය අල ගෙන සෝදා පිට පොත්ත හා මැද නාරටිය ඉවත් කර කැබලි වලට කපා මදපවනේ වියලෙන්ට තබා කුඩු කර එක් වරකට තේ හැඳි එක බැගින් උදෑසන එළකිරි සමඟ පානය කිරීම මගින් මවි කිරි වර්ධනය ක්‍රමවත් කර ගත හැකිය.
අස්ථි බිදීම්, තැලීම්, උලුක්කු සඳහා හාතාවාරිය කොළ, සියඹලා කොළ, ඉරමුසු වැල්, අමු කහ සමඟ කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා තැවීම මගින් මෙම තත්ත්වයන් සුව කරගත හැකිය.
රාත්‍රී අන්ධභාවය සඳහා රාත්‍රි අන්ධභාවයට හාතාවාරිය කොළ ගිතෙලින් බැද ආහාරයට ගැනීම ගුණදායකය. ඔසප් වේදනාවට,ස්ත්‍රින්ගේ ශ්වෙත ප්‍රදරයට,ශරීරය සිසිල් කර ගැනීමට හාතවාරිය කොළ කැඳ පානය යෝග්‍ය වේ.
හාතාවාරිය කොළ කැඳ සකස් කිරීමේදී හාතාවාරිය කොළ දෙමිටක් පමණ ගෙන කොටා යුෂ වෙන් කර ගන්න. කැකුළු සහල් මිටක් පමණ ගෙන සාමාන්‍ය බතක් ලෙස පිසගෙන ඊට පොල් කිරි එක්කොට මදක් උතුරන විට හාතාවාරිය කොළ යුෂ සහ රස පදමට ලුණු මිශ්‍ර කර උතුරන විට ලිපෙන් බා මදක් නිවුණු පසු කිතුල් හකුරු සමඟ පානය කරන්න.
මේ ආදී වූ රෝග රැසකට හාතාවාරිය යනු ප්‍රත්‍යක්ෂක ගුණ දෙන ඔසුවකි. එනම් ආයුර්වේද වෛද්‍ය නිශ්පාදනවලද හාතාවාරිය ඖෂධය අඩංගුවේ. කෙතරම් ඖෂධීය ගුණයෙන් අනූන වුවද අත් බෙහෙත් භාවිතා කරන්නේ නම් ඊට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් වැදගත් වේ.