මුත්‍රා ගල් දවස් 7ක් යන්න කලින් දිය කර හැකි කැහිපිත්තන් ශාකයේ ගුණ 20 ක්

health tips

 මුත්‍ර රෝග සමනය කරන කැහිපිත්තන් ශාකයේ ඖෂධීය ගුණ. 

  • ලේ අර්ශස් වලට 
  • කාන්තාවන්ගේ ඔසප් දෝෂ වලට 
  • ආහාර අරුචියට 
  • ගෑස්ට්‍රයිටීස් හෙවත් අම්ලපිත්තයට කාන්තාවන්ගේ සෝම රෝගයට 
  • උණ සමනයට 
  • ශරීර දාහයට ,සර්ප විෂ නැසීමට 
  • තුවාල සමනය කිරීමට 
  • පාචනය සුව කිරීමට 
  • පිලිස්සුම් සමනය කිරීමට 
  • මුත්‍රා රෝගයන්ට 
  • ඇදුම සහ පීනසට 
  • රුධිරය පිරිසිදු කිරීමට 
  • සෙංගමාලයට 
  • දත් මුල් දියවීමට 
  • ඇසෙහි ඇතිවන සීරීම් වලට 

යන ආදී රෝග ගණනාවක් සුව කිරීම සඳහා ඖෂධයක් ලෙස  කැහිපිත්තන් ශාකය භාවිතා කළ හැකිය. පොළොවට සමාන්තරව වැඩෙන Menispermacea උද්භිද කුලයට අයත් කැහිපිත්තන් යනු ඖෂධීය ගුණයෙන් අනූන වැල් විශේෂයකි. පත්‍ර ත්‍රිකෝණාකාර හැඩයෙන් යුතු සියුම් බූවක් සහිත   පත්‍ර වන අතර කහ පැහැති මල් පුෂ්ප මංජරියේ හටගනු ලැබේ. අමු ඵලය කොළ පැහැති වන අතර ඉදුණු පසු සුදු පැහැති වේ. 

නොනවතින පාචනය සඳහා-කැහිපිත්තන් මුල් ගෙන තලා එහි යුෂ ගෙන ඊට මෝරු ස්වල්පයක් සහ උක් හකුරු ස්වල්පයක් මිශ්‍ර කර පානය කිරීමෙන් එම තත්ත්වය සමනය කර ගත හැකිය. 

මුත්‍රා රෝග සඳහා-මූත්‍ර රෝග සඳහා එනම් මුත්‍රා අඩස්සියට,මුත්‍රා දැවිල්ලට, මුත්‍රා ගල්වලට කැහිපිත්තන් මුල් ගෙන වතුර පත අටක් එකතු කර පත එකට සිඳුවා උදේ සවස පත භාගය බැගින් හකුරු සමඟ පානය කිරීමෙන්  මූත්‍ර රෝග සුවකර ගත හැකිය. 

පිලිස්සුණු තුවාල සඳහා-කැහිපිත්තන් කොළ එළකිරෙන් අඹරා එම ස්ථානවල ආලේප කිරීමෙන් පිලිස්සුනු විට ඇතිවන දැවිල්ල සහ  තුවාල සුව කර ගත හැකිය. 

ලේ පිටවන අර්ශස් රෝගයට, ගෑස්ට්‍රයිටිස් රෝගයට, සෝම රෝගයට, මුත්‍රා රෝගවලට එනම් මුත්‍රා අඩස්සියට,මුත්‍රා දැවිල්ල ආදී මුත්‍රා රෝග සමනය කිරීම සඳහා 

කැහිපිත්තන් කොළ දෙමිටක් පමණ ගෙන හොඳින් සෝදා ඇල් ජලය ස්වල්පයක් මිශ්‍රකර හොඳින් කොටා යුෂ පෙරා එය ප්ලාස්ටික් බඳුනකට දමා පැය දෙකක් පමණ  නොසෙල්වෙන සේ තබා එය ජෙලි එකක් වූ පසු  ආහාරයට ගැනීමෙන් ඉහත සඳහන් කළ රෝග සමනය කර ගත හැකිය. 

කෘමි දෂ්ටනය සඳහා-කැහිපිත්තන් කොල, බැබිල කොළ, කුප්පමේනියා කොළ සියල්ල දෙහි ඇඹුලින් අඹරා දෂ්ඨ කළ මුඛයේ ආලේප කිරීමෙන් 

බඹර ,දෙබර, මී මැසි විෂ ඉවත් කර ගත හැකිය. 

චර්ම රෝග සඳහා-කැහිපිත්තන් මුල් කෂාය කර දින හතක් උදේ සවස පානය කිරීමෙන් සමෙහි ඇතිවන දද, කුෂ්ට හා දහඩිය බිබිලි සුව කර ගත හැකිය.

කාන්තාවන්ගේ ඔසප් දෝෂ සඳහා-කැහිපිත්තන් කොල මුල් කෂාය කර පානය කිරීමෙන් කාන්තාවන්ට ආර්තවයේදී සිදුවන අක්‍රමිකතා හා වේදනාව සමනය කර ගත හැකිය. 

සැරව සහිත තුවාල සමනය කිරීමට-කැහිපිත්තන් කොළ සහ මුල් කොටා එම යුෂ තුවාල මත ආලේප කිරීම මගින් එම තුවාල සුව කරගත හැකිය. එනම් සැරව සහිත කල් ගතවූ තුවාල සුව කර ගත හැකිය.

උණ සමනය කිරීම සඳහා-කැහිපිත්තන් මුල් ගෙන කෂාය කර එම කසාය වලට ගම්මිරිස් කුඩු ස්වල්පයක් දමා පානය කිරීම මගින් උණ සුව කරගත හැකිය.