මේ ලක්ෂණ අත්දකින්නේ නම් ඉන් කියවෙන්නේ ඔබ මූත්‍රා මාර්ගයේ ආසාදනයකින් පෙළෙන බව විය හැකියි.මූත්‍රා මාර්ගයේ ආසාදන ඇතිවීම (urinary tract infection) යනු වඩාත් බහුල බැක්ටීරියා ආසාදන තත්වයන් අතරින් එකකි. පිරිමි පාර්ශවය අතර ද මෙම ගැටලුව හඳුනාගත හැකි වුවත් ඔවුන්ට සාපේක්ෂව කාන්තාවන් තුළ මෙම ගැටලුව බහුලය.මූත්‍රා මාර්ගයේ ආසාදනයක් ඇතිවීම දැඩි පීඩාකාරී හා දරාගන්නට නොහැකි තරමේ වේදනාවක් මූත්‍රා ප්‍රදේශයේ මතුකළ හැකි අතර නිතර මූත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව මෙන් බහුලව දැනෙන්නට පටන්ගනියි.
නිතර මූත්‍රා පිටවීම හෝ පිටකිරීමට අවශ්‍ය වීම නිසා ඔබ අපහසුතාවට පත්වී ඇති. මේ නිසා දිගු දුර ගමන් පවා යාමට ඇතැම් අයට නොහැකි වී තිබෙයි.නිතර මූත්‍රා කිරීමට අවශ්‍ය වීම නොයෙකුත් සෞඛ්‍ය ගැටලු බලපෑමින් ද ඇතිවිය හැකියි. මූත්‍රා මාර්ග ආසාදනයකට අමතරව අධික මත්පැන් හෝ කැෆීන් පානය කිරීම, වකුගඩු ගැටලු, දියවැඩියාව,පිත්තශයේ ගැටලු,ගැබිණිබව,කාංසාව, ආඝාතය (අංශබාගය),මොළයේ හා ස්නායු පද්ධතියේ ගැටලු, මූත්‍රාශයේ අධික්‍රියාකාරීත්වය, වකුගඩු හෝ පිත් ගල් ඇතිවීම,මූත්‍රා පිටවීම පාලනය කරගත නොහැකිවීම වැනි ගැටලු ඊට හේතුවිය හැකියි.
නිතර මූත්‍රා පිටවන විට ඇතිවිය හැකි වෙනත් රෝග ලක්ෂණ:

- මූත්‍රා පිටවීමේදි වේදනාවක් හෝ කැසිල්ලක් දැනීම
- මූත්‍රා සමඟ ලේ පිටවීම
- මූත්‍රා අමුතු පැහැයක් ගැනීම
- මූත්‍රා පිටවීම නතර කිරීම හෝ පාලනය කරගත නොහැකිවීම
- මූත්‍රාශයේ අප්‍රාණිකබව
- මූත්‍රා කිරීමට අවශ්‍ය බව දැනුණත් මූත්‍රා පිටනොවීම
- සියුම් උණ ගතිය
- වෙවුළීම
- වමනය- ඔක්කාරය
- තුනටිය වේදනාව
මූත්‍රා මාර්ගයේ ආසාදන අපහසුතා දුරුකරගැනීමට ඔබට ප්‍රයෝජනවත් පිළියම් කිහිපයක් ගැනයි මේ.
ලෙමන්-මූත්‍රා පිටකිරීමේදී දැනෙන දැවිල්ල හෝ වේදනාව දුරුකරගැනීමට මේ පිළියම භාවිත කරන්න. මද උණුසුම් වතුර වීදුරුවකට ලෙමන් ගෙඩියක යුෂ එක්කරන්න, ඊට මී පැණි තේ හැඳි 1ක් දමා මිශ්‍ර කර දිනපතා උදෑසන හිස්බඩ පානය කරන්න.
පිපිඤ්ඤා-සිසිලන ගුණ ඇති නිසා මූත්‍රා වල දැවිල්ල ඇතිකරවන ගතිය සමනය කරයි.පිපිඤ්ඤා යුෂ කෝප්පයකට, මී පැණි තේ හැඳි 1ක් හා ලෙමන් ගෙඩියක යුෂ මිශ්‍ර කර දිනපතා උදෑසන පානය කරන්න.දිනකට කෝප්ප 2ක් පානය කිරීම වඩාත් ගුණදායකයි.පිපිඤ්ඤා මද හා පෙති ආහාරයට ගැනීම ද සුදුසුයි.
ඇපල් සයිඩර් විනාකිරි-ඇපල් සයිඩර් විනාකිරි වල විෂබීජනාශක ගුණය අඩංගුයි. විශේෂයෙන්ම බැක්ටීරියානාශක හා දිලීරනාශක ගුණයෙන් ප්‍රබලයි. ඇපල් සයිඩර් නිකාරි තේ හැඳි 1ක් සහ මී පැණි තේ හැඳි 1ක් උණුසුඉම් වතුර වීදුරුවක දිය කර දිනකට දෙවරක් භාවිතයට ගන්න.

මුදවපු කිරි-මුදවපු කිරි සිරුරේ අහිතකර බැක්ටීරියා පළවාහැර හිතකර බැක්ටීරියා වැඩිකරයි.මුදවපු කිරි කෝප්ප 1-2ක් පමණ ආහාරයට ගන්න.
වතුර-මූත්‍රා ආසාදන ඇතිවීමට බලපාන ප්‍රධානම හේතුවක් වන්නේ වතුර පානය කිරීම අඩුකමයි. ඉන් අහිතකර බැක්ටීරියා ඇතුළු විෂබීජ ශරීරයෙන් ඉවත්වීම බාල වන නිසා එම මට්ටම් අධික වෙයි.දිනකට වතුර ලීටර් 2-3ක් පමණ පානය කිරීමට පුරුදු වීම සෞඛ්‍යයට ඉතා හිතකරයි.මින් සිරුරේ විෂබීජ,රෝගකාරක,වසවිස ඇතුළු අපද්‍රව්‍ය ක්‍රමවත්ව බැහැර වීම සිදුවෙයි.වතුර අන්තර්ගතය බහුල පලතුරු එළවළු වර්ග ද පරිභෝජනයට එක්කරගැනීම ගුණදායකයි.
- දිනපතා පොල් වතුර පානය කරන්න.
- කැෆේන් අඩංගු කෝපි,තේ,චොකලට් වැනි දෑ අධිකව ගැනීමෙන් වළකින්න.
- සැර අධික හෝ කුළු බඩු අධික ආහාර ගැනීම අඩුකරන්න.
- විටමින් C අඩංගු ආහාර පාන පරිභෝජනය කරන්න.
- දිගු වෙලාවක් මූත්‍රා හිරකරගෙන සිටීමෙන් වළකින්න.