මූත්‍රා මාර්ගයේ බාහිරව වේදනාවක් හා දැවිල්ලක් ඇතිවීම මෙම රෝගය හදුනා ගත හැකි ප්‍රධානම රෝග ලක්ෂණයයි. එනම් වර්තමානය වන විට මෙම රෝගය නිසා බාල මහළු සෑමදෙනාම පාහේ පීඩා විඳින අතර මෙය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ඇති විය හැකිය.
මෙම රෝගය ඇතිවීමට බොහෝ හේතු බලපානු ලබයි.

ජලය පානය අවම වීම.
මුත්‍රා මාර්ගයේ හෝ වකුගඩු වල ගල් දියවීම.
මුත්‍රා මාර්ගයට විෂබීජ ඇතුළු වීම
මුත්‍රා මාර්ගයේ පුරස්ථි ග්‍රන්ථි ආසාදනයට ලක්වීම.
මුත්‍රා මාර්ගයේ ආසාදන ඇතිවීම.
උෂ්ණ අධික ආහාර හා ඇසිඩ් බහුල ආහාර ගැනීම.
මේ ආදී වූ හේතූන් මුත්‍ර දැවිල්ල ඇති වීමට බලපාන හේතු ලෙස හඳුනාගත හැකිය.
මුත්‍ර දැවිල්ල ඇති වූ විට එය හදුනාගත හැකි රෝග ලක්ෂණ බොහොමයක් පවතී.
මුත්‍රා මාර්ගයේ දැවිල්ලක් ඇති වීම.
නිතර මුත්‍රා කිරීමට සිදුවීම.
මුත්‍රා ඇතිවූ විටක එය මදක් හෝ පාලනය කිරීමට නොහැකි වීම.
මුත්‍රා පිටවීම අවම වීම.
මෙම රෝග ලක්ෂණ මුත්‍ර දැවිල්ල ඇති වූ විට හඳුනාගත හැකි රෝග ලක්ෂණ වේ.
මුත්‍ර දැවිල්ල ඇති වූ විට හඳුනාගත හැකි රෝග ලක්ෂණ
මුත්‍ර දැවිල්ල ඇති වූ විට එය පාලනය කර ගැනීමට කළ යුතු දේවල්
අධික මිරිස් සහ තෙල් භාවිතය අවම කිරීම.
එනම් ආහාර පිසින විට මිරිස්, තෙල් භාවිතය අවම කිරීම.
ජලය පානය කිරීම වැඩි කිරීම
දිනකට වතුර වීදුරු අටක් පමණ පානය කිරීම අත්‍යවශ්‍ය වේ. නොමැතිනම් මුත්‍රා දැවිල්ල, මුත්‍රා ගල් වැනි රෝග තත්ත්වයන් ඇති විය හැකිය.
උෂ්ණ අධික ආහාර හා අම්ල අධික ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතුය.
කකුළුවෝ, පොකිරිස්සෝ, දෙල්,ඉස්සෝ, තක්කාලි, අන්නාසි, දෙහි,ඇඹුල් සහිත එළවළු, පළතුරු ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුය.
කෘතිම පාන වර්ග භාවිතා කිරීමෙන් වැළකිය යුතුය. කැෆේන් භාවිතය අවම කර ශරීරය සිසිල් කරන පාන වර්ග භාවිතා කළ යුතුය.
මුත්‍ර දැවිල්ල සමනය කිරීම සඳහා භාවිතා කළ හැකි ඖෂධීය පාන වර්ග
සියඹලා පානය

අවශ්‍ය ද්‍රව්‍ය
පොතු ඉවත් කර ගත් සියඹලා කරල් කිහිපයක්
සීනි තේ හැඳි දෙකක්
ලුණු ස්වල්පයක්
වතුර කෝප්පයක්
සියඹලා කරල් කිහිපයක් ගෙන පොඩිකර ඇට ඉවත් කර සීනි,ලුණු මිශ්‍ර කර වතුර ස්වල්පයක් දමා හොදින් දියකර ගන්න. අවශ්‍ය ප්‍රමාණයට ජලය එක් කර හොඳින් මිශ්‍ර කර මුත්‍රා දැවිල්ල ආසාදනය වූ අවස්ථාවක පානය කරන්න. මෙමගින් මුත්‍ර දැවිල්ල සමනය කර ගත හැකිය
කොත්තමල්ලි
කොත්තමල්ලි කබලේ බැද කුඩුකර ඉන් ස්වල්පයක් උණුවතුර වීදුරුවකට දමා තැම්බෙන්නට හැර පානය කරන්න.
පොල් පලා
මුත්‍ර දැවිල්ල සමනය කිරීමට ආයුර්වේදය තුළ බහුලව භාවිතා කරන තවත් එක් ඖෂධයකි. එනම් මේ සඳහා පොල් පලා අක්කාපාන සමව ගෙන තම්බ පානය කිරීම යෝග්‍ය වේ.
තැඹිලි
තැඹිලි වතුර හෝ
තැඹිලි වතුරට කුරුඳු ,උළුහාල් චූර්ණය එක් කර පානය කිරීම.
මීට අමතරව
බාර්ලි වතුර
මුං ඇට තැම්බූ වතුර
තැඹිලි වතුර
පිරිසිදු ජලය
එළවළු සුප්
කටු අනෝදා පානය
කොමඩු පානය
කොළ කැඳ පානය
(හීං බෝවිටියා කොළ කැඳ පානය)
එමෙන්ම ලිංගික ප්‍රදේශයේ සුවඳ විලවුන් ගැල්වීම හා සබන් වර්ග ගැල්වීම නොකළ යුතුය.
කපු ඇදුම්, ලිහිල් ඇඳුම් භාවිතා කළ යුතුය.
මේ ආදී වශයෙන් කටයුතු කිරීමෙන් මුත්‍ර දැවිල්ල සමනය කර ගත හැකිය.