කාන්තා ඔබෙත් ගර්භාෂය පහත්වීගෙන එනවානම් කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 15ක්

health tips

හැමෝගේම සුවතාවය වෙනුවෙන් අපි විවිධ ප්‍රස්තුතයන් පිළිබඳව ඔබ සමඟ කතා කරනවා. ඔබව දැනුවත් කරනවා. ඉතින් අපිට වැලදෙන රෝග කාන්තාවන්ට වැළඳෙන රෝග සහ පුරුෂයන්ට පමණක් වැළඳෙන රෝග විදිහටත් වර්ගීකරණය කෙරෙනවා. ඉතින් අපි අද කතා කරන්නේ කාන්තාවන්ට ඇතිවන තවත් එක් රෝගී තත්ත්වයක් පිළිබඳව සහ එයට දේශීය වෙදකමෙන් ලබාගත හැකි පිළියම් කිහිපයක් පිළිබඳවයි.

 කාන්තා ඔබට ලිංගික සම්බන්ධතා වේදනාකාරී වීම හෝ අපහසු වීම, නිතර නිතර මුත්‍රා පිටවීම, මුත්‍රා පිට කරන්නට නිතර අවශ්‍යතාවය දැනීම, යටි බඩේ වේදනාව, යටිබඩේ බර ගතියක් දැනීම, යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම ආදී රෝග ලක්ෂණ තියෙනවා නම් එය නොසලකා හැරිය යුතු තත්ත්වයක් නෙවෙයි. මොකද මේ වගේ ලක්ෂණ බොහෝ වෙලාවට ඇති වෙන්නේ බඩවැල් එහෙමත් නැත්නම් දරු බොක්ක පහත් වීම කියන රෝගී තත්ත්වයේදී.

 ගර්භාෂය සහ ඒ අවට ඉන්ද්‍රියන් යෝනි මාර්ගය හෙවත් දරුවන් බිහි කරනා මාර්ගයේදී පහතට නෙරා ඒම හෙවත් දරු බොක්ක පහත් වීම කියන රෝග තත්ත්වය වර්තමානයේ කාන්තාවන් බොහෝ දෙනෙක් අතර දකින්නට පුළුවන් රෝගී තත්ත්වයක්. 

මේ තත්ත්වය බහුලවම දැක ගන්නට ලැබෙන්නේ වයස අවුරුදු 50 ඉක්මවූ ආර්තවහරණය සිදුවූ කාන්තාවන් අතරින්. මේ තත්ත්වය නිසා කාන්තාවන්ට එදිනෙදා ජීවිතයේ විවිධාකාරයේ ගැටළුවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ වගේම එය සැබැවින්ම ශල්‍ය කර්මයක් දක්වාම වර්ධනය වන භයානක තත්ත්වයක්.

ගර්භාෂය යෝනි කුහරය තුළ පිහිටා තියෙන්නේ විශේෂිත වූ ආධාරක පටක සමූහයක් මගින් අල්ලා ගැනීමෙන්.ඒ පටක ගර්භාෂය නිසි පිහිටීමේ තබා ගන්නට උදව් කරනවා. ඒ අනුව ගර්භාෂය පිහිටා තියෙන්නේ මුත්‍රාශයටත්, ගුද මාර්ගයටත් අතරමැදිව. මේ තත්ත්වයේදී සිදු වෙන්නේ මේ ආධාරක පටක දුර්වල වී ගර්භාෂය යෝනි මාර්ගය තුළින් පිටතට නෙරා පැමිණීම. ගර්භාෂයේ පමණක් නොවෙයි යෝනි මාර්ගයේ බිත්තියත් පිටතට නෙරා ඒමක් මේ තත්ත්වයේදී ඇති වෙනවා. ගර්භාෂය යෝනි මාර්ගය හරහා එළියට පැමිණීමේදී ඇතැම්විට සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් පිටතට පැමිණීමට ඉඩ පවතිනවා. මේ සඳහා විවිධ හේතු බලපානවා.

ගර්භාෂය පහත්වීමට බලපාන හේතු 

  • වයස්ගත වීම 
  • උපතින්ම ශ්‍රෝණිය අවට මාංශපේශී දුර්වල වීම 
  • සාමාන්‍ය දරු ප්‍රසූතියකදී ගර්භාෂයට ආධාරක ලෙස ක්‍රියා කරන පටකවලට හානි සිදුවීම 

විශේෂයෙන්ම ගැබ් ගෙල නිසි පරිදි විවර වීමට ප්‍රථම උපකරණ හෝ අඩු දමා දරුවා පිටතට ගැනීමට තැත් කිරීමේදී මේ පටක දුර්වල වෙන්නට හැකියි. ඒ වගේම දරු ප්‍රසූතියේදී යෝනී මාර්ගය හා ඒ අවට ප්‍රදේශය  ඇදී පවතින කාලයත් පටක දුර්වල කරන්නට බලපානු ලබනවා. 

  • ඉතා ඉක්මනින් ප්‍රසූතිකාගාරයට ඇතුළුවීමට පෙර සිදුවන දරු ප්‍රසූතිය 
  • දරු ප්‍රසූතියේදී කැපුම් නොයෙදීම හෝ කැපුම් යෙදීමට පමාවීම 
  • දරුවා බිහිකිරීමට ගර්භාෂය සංකෝචනය වීමට පෙර තැටමීම 

මේ රෝගි තත්ත්වය ඇති වෙන්නට වැඩි අවදානමක් පහත කාණ්ඩවල පසුවන කාන්තාවන්ට පවතිනවා.

  • ළඟ ළඟ දරුවන් වැඩි සංඛ්‍යාවක් බිහිකල කාන්තාවන්  
  • ප්‍රසූතියේදී සිදුවන පේශී ලිහිල්වීම නිසා සහ ගර්භණී සමයෙන් පසුව ලිහිල් වූ මාංශපේශී නැවත නිසි පරිදි ශක්තිමත් වීම් සඳහා අවශ්‍ය ව්‍යායාම් නොකළ අයට ගර්භාෂය පහත්වීමේ අවදානමක් පවතිනවා.
  • දරු ප්‍රසූතියෙන් පසුව ඉක්මනින් බර වැඩවල නිරත වූ කාන්තාවන්
  • දිගින් දිගටම බර ඉසිලීම් කරන කාන්තාවන්

 ඒ හැරුනහම දිගුකාලයක් පවතින කැස්ස, මළබද්ධය, ශරීරයේ බර වැඩිවීම කියන කරුණු කාරණා නිසාද මේ රෝගය තවත් බරපතළ වෙන්නට පුළුවන්. 

රෝග ලක්ෂණ 

ගර්භාෂය කොතරම් පහත්වී ද යන්න සහ එය කොපමණ අවයවවලට බලපා ඇත්ද යන කාරණාවන් මත රෝග ලක්ෂණ වෙනස් වෙනවා. නමුත් පොදුවේ යම්  රෝග ලක්ෂණ කිහිපයක් හඳුනා ගන්නට පුළුවන්.

  • කිසියම් බෝලයක් වැනි දෙයක් මත ඉඳ ගන්නා සේ දැනීම 
  • ගමන් කරන විට යම් දෙයක් යෝනි මාර්ගයෙන් පිටතට පැමිණෙන බව දැනීම 
  • ලිංගික සම්බන්ධතා වේදනාකාරී වීම 
  • බොහෝවේලාවක් සිටගෙන සිටින විට හෝ තටමන විට යෝනි මාර්ගය හරහා ගෙඩියක් මෙන් එනු දැනීම 
  • නිතර මුත්‍රා  පිට කරන්නට අවශ්‍ය වීම 
  • කොන්දේ වේදනාව 
  • නිතර මුත්‍රා  ආසාදන ඇතිවීම
  • නොදැනීම මුත්‍රා  පිටවීම (කහින විට, සිනහසෙන විට හෝ කිවිසුම් යාමේදී )
  • යටිබඩේ බර ගතියක් දැනීම සහ අදින්නාක් වැනි වේදනාව 
  • යෝනි මාර්ගයෙන් ලේ පිටවීම 
  • ඇඟ උණු කරවා යාම
  • මුත්‍රා  පිට කිරීමේ අපහසුතාවය
  • මලපහ පිට කිරීමේ අපහසුව 
  • ගර්භාෂයේ තුවාල ඇතිවීම 

වළක්වා ගැනීමට කළ යුතු දේ 

  • ළඟ ළඟා දරුවන් නොලබා සිටීමට සුදුසු උපත් පාලන ක්‍රම භාවිතා කිරීම 
  • දරු ප්‍රසූතියෙන් පසුව ගර්භාෂය අවට මාංශපේශී සවිමත් කරන්නට අදාළ ව්‍යායාම් සිදු කිරීම 
  • දරු ප්‍රසූතියෙන් මාස 6 ක් වත් යනතුරු බර වැඩ නොකිරීම 

වයස අවුරුදු 50 – 60 වයසේ කාන්තාවන්ට මේ තත්ත්වය බහුලවම ඇති වුණත් තරුණ කාන්තාවන්ටත් මේ ගර්භාෂය පහත්වීමේ තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම ඒ තත්ත්වය බරපතල විට නොසලකා හැරීම නිසා මුත්‍රා  මාර්ගයේ හා වකුගඩුවල ගැටළු ඇතිවෙන්නට පුළුවන්.ඒ නිසා මේ සම්බන්ධව නිසි වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වෙනවා.

ගර්භාෂය පහත් වීම සඳහා වූ දේශීය පිළියම්

1.අවශ්‍ය ද්‍රව්‍ය 

  • හීන් කොහිල කිහිපයක්
  •   ඉදුණු දෙහි
  •  හොඳින් පැසුණු පොල්

 හීන් කොහිල අල, හොඳින් පැසී ඉදුණු දෙහි සහ හොඳින් පැසුණු පොල් එකට දමා මිරිකා ගත් යුෂ අඩු කෝප්ප භාගයක් බැගින් දින තුන හතරක් එක දිගට පානයට ගන්න. මෙමගින් පහත් වූ බඩවැල් ආපසු ඇදීමකට ලක්වෙනවා.