වර්තමානය වන විට ගර්භාෂය ආශ්‍රිතව විවිධ රෝග තත්වයන් හඳුනාගත හැකි අතර ඒ නිසාම බොහෝ කාන්තාවන්ට මවක් වීමේ සිහිනය ද අහිමි වී තිබේ.
ගර්භාෂය ආශ්‍රිතව ඇතිවන රෝග
- දරු ඵල ප්‍රමාදවීම
- දරු ඵල අහිමි වීම
- ඔසප් චක්‍රය අක්‍රමවත් වීම
- සුදයෑම
- ෆයිබ්‍රොයිඩ් (fibroid)
- පිළිකා
ගර්භාෂය ආශ්‍රිතව මෙම රෝග ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු

ශරීරයේ අධික උෂ්ණත්වය.ශරීරයේ පවතින අධික උෂ්ණත්වය එනම් දේශගුණික තත්වයන් නිසා හෝ අප ගනු ලබන ආහාර නිසා මෙසේ ශරීර උෂ්ණත්වය ඇතිවිය හැකිය. එනම් මිරිස් අධික ආහාර, හා උෂ්ණ අධික ආහාර වර්ග ඉස්සො, දැල්ලො,හරක් මස් පොකිරිස්සො, කකුළුවන්,කොල්ලු, තක්කාලි, අන්නාසි, මධ්‍යසාර, විනාකිරි,චට්නි, අච්චාරු , මෝජු, බිලිං වැනි ආහාර භාවිතා කිරීම මගින් ශරීරයේ උෂ්ණත්වය මෙන්ම ගර්භාෂයේ උෂ්ණත්වයද වැඩි විය හැකිය. ඒ නිසාම මවි පදවියට සූදානම් වන ඔබ ගර්භාෂය ආශ්‍රිතව ඇතිවන රෝගයන්ගෙන් ආරක්ෂා වීමට ගර්භාෂය සිසිල් කරන ආහාර වර්ග භාවිතා කළ යුතුය.
හෝමෝන වෙනස්කම් ඇතිවීම.හෝමෝන වෙනස්කම් ඇතිවීම නිසා ද මෙම රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය.
ගර්භාෂය සිසිල් කරන ආහාර වර්ග භාවිතා කිරීම මගින් මෙම රෝග ඇතිවීම වලක්වා ගත හැකිය. එනම්
කොමඩුකොමඩු යනු ශරීරය සිසිල් කර ගැනීම සඳහා ආහාරයට ගත හැකි ගුණදායක පලතුරකි. එනම් කොමඩු ආහාරයට ගැනීමෙන් එහි අඩංගු ජලය ශරීරයේ උෂ්ණාධික බව අවම කිරීම සිදු කරයි. එනම් කොමඩු පානයක් ලෙස හෝ පළතුරක් ලෙස ආහාරයට නිතර නිතර එකතු කර ගැනීමෙන් ගර්භාෂය සිසිල් කර ගත හැකිය.
කැකිරි ජලය අඩංගු තවත් ආහාරයක් ලෙස කැකිරි හැඳින්විය හැකිය. එනම් කැකිරි නිතර ආහාරයට ගැනීමෙන් ශරීරයේ උෂ්ණාධික බව සමනය කර ගර්භාශය සිසිල් කර ගත හැකිය. එනම් කැකිරි යුෂ පානය හා කැකිරි ව්‍යාංජනයක් ලෙස පිළියෙල කර ආහාරයට ගැනීම වඩාත් ගුණදායකවේ.
වම්බටු ශීත ගුණ ඇති එළවළුවක් ලෙස වම්බටු නම් කළ හැකිය. එනම් ශරීරයේ උෂ්ණත්වය පවතින පුද්ගලයින්ට වම්බටු ආහාරයට ගැනීම ද ගුණදායකය. එනම් ඉන් කාන්තාවන්ගේ ගර්භාෂය සිසිල් කර ගත හැකිය. එනම් ඒ සඳහා වම්බටු ව්‍යංජනය, වම්බටු සලාදය සකස් කර ආහාරයට ගැනීම ගුණදායකවේ.

පිපිඤ්ඤා ශරීරය උෂ්ණාධික රෝගීන්ට ශරීරය සිසිල් කර ගැනීම සඳහා නිර්දේශ කර ඇති ආහාරයක් ලෙස පිපිඤ්ඤා හඳුනාගත හැකිය. එනම් පිපිඤ්ඤා යුෂ ගෙන පානයක් ලෙස හෝ ව්‍යංජනයක් ලෙස හෝ අමුවෙන් සලාදයක් ලෙස සකස් කර භාවිතා කිරීම මගින් ශරීරයේ උෂ්ණාධික බව සමනය කර ගර්භාෂය සිසිල් කර ගත හැකිය.
අළු පුහුල් ගර්භාශය සිසිල් කර ගැනීම සඳහා ආහාරයට ගත හැකි තවත් එක් එළවළුවක් ලෙස අළු පුහුල් නම් කළ හැකිය. එනම් අළු පුහුල් ආහාරයට ගැනීමෙන් ශරීරයේ උෂ්ණත්වය මෙන්ම ගර්භාෂයේ උෂ්ණත්වය පාලනය කරගත හැකිය. එනම් මේ සඳහා අළු පුහුල්වල ඇති ජලය බෙහෙවින් උපකාරීවේ. මේ සඳහා අළු පුහුල් ව්‍යංජනය සකස් කර ආහාරයට ගැනීම ගුණදායකය.
නෙල්ලි පානය.නෙල්ලි යනු රසයෙන් මෙන්ම ගුණයෙන් ද අනූන ඖෂධීය පළතුරකි. එනම් ශරීරය සිසිල් කර ගැනීම සඳහා ආයුර්වේදය තුල භාවිතා කරන ප්‍රචලිත ඖෂධයක් වන ත්‍රිපලා නැමැති ඖෂධයේ අඩංගු එක් ඖෂධයක් ලෙස නෙල්ලි නම් කළ හැකිය. එනම් නෙල්ලි පළතුරක් ලෙස ආහාරයට ගැනීමට අමතරව නෙල්ලි පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම මගින් ශරීරයේ උෂ්ණාධිකබව සමනය කර ගර්භාෂය සිසිල් කර ගත හැකිය. එනම් මේ සඳහා දිනපතා නෙල්ලි යුෂ වීදුරුවක් පානය කිරීම ගුණදායකවේ.

කොමාරිකා පානය කෝමාරිකා යනු සිසිල් ගුණයෙන් අනූන බොහෝ රෝග සමනය කිරීම සඳහා භාවිතා කරන තවත් එක් වටිනා ඖෂධයකි. එනම් ශරීරයේ උෂ්ණාධික බව සමනය කර ගර්භාෂය සිසිල් කර ගැනීමට ද කොමාරිකා භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා සූරා වෙන් කරගත් කොමාරිකා මදය බිලෙන්ඩරයට දමා අඹරා ගෙන ඊට සීනි ස්වල්පයක් හා වතුර මිශ්‍ර කර ශීතකරණය තුළ තබා සිසිල් කර පානය කිරීම මගින් ශරීරයේ උෂ්ණත්වය සමනය කර ගර්භාෂය සිසිල් කර ගත හැකිය.
- කොළ කැඳ පානය
- හාතාවාරිය
- තැඹිලි වතුර පානය
- බෙලි මල් පානය
- රණවරා මල් පානය
- පොල් පලා පානය
- සව් කැඳ පානය
ආදී ආහාර වර්ග හා පාන වර්ග භාවිතා කිරීමෙන් ගර්භාෂය සිසිල් කර ගත හැකිය. එමෙන්ම නිතර ජලය පානය කිරීම හා උෂ්ණාධික ආහාර භාවිතා කිරීමෙන් ද වැළකී සිටිය යුතුය.