බොහෝ කාන්තාවන් පීඩා විඳින රෝග තත්වයක් ලෙස සුද යාම නම් රොග තත්වය හඳුනාගත හැකිය. එනම් යෝනියෙන් නිතර දියරමය ශ්‍රාවයක් පිටවීම මෙහිදී සිදුවේ. එනම් කාන්තාවකගේ ගර්භාෂය නිරන්තරව කළලයක් දරාගැනීමට සුදානමින් සිටින අතර එම ක්‍රියාවලියේදී ඩිම්බ නිකුත් වීම සිදුවේ. එනම් එම කාලය තුළ යෝනි මාර්ගය ආශ්‍රිතව ස්‍රාවයන් වැඩි වශයෙන් දැකගත හැකිය. නමුත් සුද යාම රෝගය ඇතිවූ විට යෝනියෙන් නිතර නිතර එසේ දියරමය ස්‍රාවයන් පිටවේ.
සුද යාම රෝග තත්වය ඇතිවූ විට හඳුනා ගත හැකි රෝග ලක්ෂණ.

- මුදවපු කිරි පැහැයෙන් හෝ තරමක් උකු ද්‍රාවණයක් ලෙසින් වැඩි සුදු පැහැති කැබලි ලෙස යෝනි මාර්ගය අවට පැතිර පැවැතිය හැකිය.
- ඊට අමතරව රතු පැහැයට හා ළා රතු පැහැයට, කහ මෙන්ම තද කහ පැහැයට හුරු ද්‍රාවණයක් ලෙස දැකගත හැකිය.
- නිතර මුත්‍රා පිටකිරීමට සිදුවීම.
- යෝනි මාර්ගය අවට හා ඉකිලි ආශ්‍රිත ප්‍රදේශ කැසීමට ලක් වීම,
- තුවාල ඇති වීම
- මීට අමතරව
- අධික කේන්තිය
- ශරීරය අප්‍රාණික ගතිය
- ආහාර ජීර්ණය වීමේ ගැටලු
- ආහාර අරුචිය
- සමේ රෝග,
- මළබද්ධය
- නිතර නිතර මළ බුරුල්ව පිටවීම
- පලු දැමීම
- පීනස් රෝග
- හිස කැක්කුම මේ ආදි වූ රෝග ලක්ෂණ දැකගත හැකිය.
සුදයාම රෝග තත්ත්වය ඇතිවීමට බලපාන හේතු

- උෂ්ණාධික ශරීරයක් පැවතීම. උෂ්ණාධික ආහාර ගැනීම එනම් අන්නාසි, ඉස්සන්, දැල්ලන්,පොකිරිස්සන්,දෙල්,බිලිං, අච්චාරු… ආදී වූ උෂ්ණ අධික ආහාර නිතර භාවිතා කිරීම නිසා ශරීරය උෂ්ණාධික වීම.එනම් මෙම රෝග තත්ත්වය ඇතිවීමට ප්‍රබලව ශරීරගත උෂ්ණාධික භාවය බලපාන බව වෛද්‍ය මතයයි. ඊට අමතරව
- අපිරිසිදු බව
- ක්‍ෂුද්‍ර ජීවී ආසාදන
- වැරදි ලිංගික චර්යාවන්
- පොදු වැසිකිළි භාවිතය
- බර ඉසිලීම
- බහු පුරුෂ සේවනය
- වැඩිපුර සිටගෙන සිටීම හා වැඩිපුර ඉඳගෙන සිටීම. මේ ආදී වූ හේතූන් සුදයාම නම් රෝග තත්ත්වය ඇතිවීමට බලපාන හේතුවේ.
සුදයාමේ රෝග තත්ත්වය සමනය කිරීම සඳහා ආයුර්වේදයේ භාවිතා කරන ප්‍රතිකාරයක්

01.මුද්දරප්පලම්, සුදු හඳුන්, රත් හඳුන් ,වැල්මී, නෙල්ලි ,රසකිඳ ,සැවැන්න මුල්, හීං එනසාල් යන ආදිය කලං එකහමාර බැගින් ගෙන කොටා තැඹිලි ගෙඩියකට දමා රාත්‍රියේ තබා උදේට ගෙන පෙරා සීනි මී පැණි දමා දෙවේල බැගින් දින හයක් පානය කරන්න. ඉන්පසු උදේ සවස සතාවරී මෝදකය තේ හැඳි එක බැගින් කෑමට ගෙන නෙල්ලි රසකිද තැම්බූ වතුර සීනි දමා බොන්න. දවල්ට රෑට කෑමට පෙර චන්දනාසවය මේස හැදි 2 බැගින් පානය කරන්න.
02.කලු තල හෝ සුදු තල
- වියළි මිදි
- රට ඉඳි
- අශ්වගන්ධ / අමුක්කරා
- කිතුල් හකුරු
- උක් හකුරු
- එළඟි තෙල්
- මී පැණි
කළු තල හෝ සුදු තල සෝදා වේලා හොඳින් කුඩුකර ගන්න. පසුව එයට වියළි මිදි ,රට ඉඳි, අශ්වගන්ද නොමැතිනම් අමුක්කරා, කිතුල් හකුරු, උක් හකුරු, දමා හොඳින් කුඩුකර ගන්න. පසුව භාජනයක් ලිප තබා එළඟි තෙල් දමා පෙර සාදාගත් මිශ්‍රණය ඊට එක්කර ගන්න. විනාඩි තුනක් පමණ මෙය හොදි කලවම් කර නිවුණු පසු මී පැණි දමා හොඳින් මිශ්‍ර කරන්න. පසුව මෙයින් හැන්ද බැගින් ගෙන කෑමට පසු ආහාරයට එකතු කර ගන්න. සතියක් පමණ එක දිගට භාවිතා කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිය.
සුදයාමේ තත්ත්වයෙන් පීඩා විඳීන කාන්තාවන් හට කාලයත් සමඟ නොයෙක් අතුරු ආබාධ ඇතිවිය හැකිය. ගර්භාෂය ආශ්‍රිත රෝග ඇතිවීම. එනම් එය දරුවන් නොලැබීමටද හේතුවක් විය හැකිය. එමෙන්ම ලිංගික සංසර්ගයේදී ද ගැටලු ඇතිවිය හැකිය. මේ නිසා මෙම රෝගය සමනය කිරීම සඳහා ඉක්මන් ප්‍රතිකාර ලබා ගත යුතුය. ඊට අමතරව වර්තමානය වන විට මෙම රෝග තත්ත්වය සඳහා පහසුවෙන් භාවිතා කළ හැකි ඖෂධ නිෂ්පාදනයන් වෙළෙඳපොළ තුළින් මිලදී ගත හැකිය. එම නිසා ඔබට පහසු ආකාරයකට මෙම රෝගය සුව කර ගැනීම සඳහා ප්‍රතිකාර ලබාගත හැකිය.