කාන්තාවන්ට තම සෞඛ්‍යය යහපත් ආකාරයෙන් පවත්වා ගෙන යාමේදී නොයෙකුත් ආකාරයෙන් විවිධ අපහසුතා සහ රෝගී තත්වයන්ට මුහුණ දීමට සිදු වේ. ඔසප්වීමේදී ඇතිවන අක්‍රමිකතා ,ගර්භාෂය ආශ්රිත ගැටලු , යෝනිය කැසීම යනාදී විවිධ ගැටලු ඇතිවේ. මේ අතුරින් කාන්තාවකට කුමන හෝ අවධියකදී මුහුණ දීමට සිදු වන ප්‍රධාන ගැටලුවක් ලෙස යෝනිය කැසීම දැක්විය හැකිය. මේ සදහා බලපාන හේතූ සහ ඒ සදහා කළ යුතු ප්‍රතිකාර මොනවාදැයි අප දැන සිටිය යුතුය. යෝනිය කැසීම පිළිබඳ අප වෛද්‍යවරයකු හමු වී දැනුවත් කිරීම කළ යුතු අවස්ථාව වන්නේ එය අපේ දෛනික ජීවිතය හෝ නින්ද නැති කිරීමට තරම් කැසීම දැඩිවන විටය.
යෝනිය කැසීම සදහා බලපාන හේතූන්

යීට්ස් ආසාදන යෝනිය තුළ ස්වාභාවිකවම ඇතිවන දීලීරයක් ලෙස යීට්ස් හදුනා ගත හැකි අතර එම දීලීරය අසාමාන්‍ය ලෙස වර්ධනය වූ විට එය යෝනී යීට්ස් ආසාදනයක් ලෙස හදුන්වනු ලැබේ. කාන්තාවන්ට ඇතිවන සුලබ තත්වයක් ලෙස මෙය හදුනා ගත හැකිය. ප්‍රතිජීවක ඖෂධ මාත්‍රා වැඩිපුර භාවිතයෙන් ශරීරයේ අහිතකර මෙන්ම හිතකර බැක්ටීරියා ද විනාශ වීම නිසා මෙවන් ආසාදන ඇති වේ.මෙම තත්වය නිසා කැසීම් ,දැවිලි ,ගැටිති යෝනී මාර්ගය ආශ්‍රිතව ඇති වේ.
ප්‍රතිකාර : වෛද්‍යවරයා ඔබේ යීට්ස් ආසාදන සදහා ප්‍රති දීලීර නාශක ඖෂධ ලබා දෙනු ලැබේ . මේවා ක්‍රීම් ,පෙති යනාදී විවිධ ස්වරූපයන්ගෙන් ඇත.
ආර්තවභාවය කාන්තාවන්ට ආර්තවභාවය නිසා යෝනී කැසීම් ඇති වීමට ඇති ඉඩ ප්‍රස්ථාව බොහෝ වැඩිය. මේ සදහා හේතූ වන්නේ ආර්තවභාවයේදී ඊස්ට්‍රජන් මට්ටම අඩු වී යෝනිය වැහැරීමට ලක් වීමයි. මෙම තත්වය නිසා අධික වියළි ස්වභාවයක් ඇති කළ හැකි ශ්ලේෂ්මල තුනී කිරීමක් සිදු වේ. මේ සදහා ප්‍රතිකාර නොගන්නේ නම් එම වියළි බව කැසිල්ලක් හා දැවිල්ලක් ඇති කරයි.
ප්‍රතිකාර : මේ හා සම්බන්ධ කැසීම් සදහා ඊස්ට්‍රජන් ක්‍රීම් ,ටැබ්ලට්, හෝ යෝනී මුදු ඇතුළත් කිරීම සිදු කරනු ලැබේ.
ප්‍රතික්‍රියා ඇති කරවන ද්‍රව්‍ය දැවිල්ල ඇති කරන රසායන ද්‍රව්‍ය යෝනි මාර්ගයට නිරාවරණය කීරීම ද යෝනිය ආශ්‍රිතව කැසීම් ඇති වීම සදහා බලපාන ප්‍රධාන හේතූවක් වේ.(සබන් වර්ග, කාන්තා ස්ප්‍රේ වර්ග ,ක්‍රීම් වර්ග )
සමේ රෝග සමේ ඇතිවන දද ,එක්සීමා ,සොරයිසීස්, යනාදී රෝගී තත්වයන් ද යෝනිය ආශ්‍රිතව කැසීම් ඇතිවීම සදහා හේතූ වේ.දද නම් සමේ හටගන්නා රෝග තත්වය ඇටොපික් ඩර්මැටිටිස් යනුවෙන් ද හදුන්වනු ලැබේ. ඇදුම හෝ ආසාත්මිකතා ඇති පුද්ගලයන්ට ඇතිවන කැසීමකි.මෙහිදී කුෂ්ඨ රතු පැහැයට හුරු කැසීම් සහිත වනයකින් යුක්ත වේ.මෙම දද ඇතැම් කාන්තාවන්ගේ යෝනිය දක්වා ගමන් කර කැසීම් ඇති කරයි. රතු පැල්ලම් කැසීම් ,කොරපොතු ඇතිවන Psoriasis නම් සමේ රෝගය ද ඇතැම් විට යෝනිය දක්වා ගමන් කරනු ලැබේ.
ආතතිය මානසික ආතතිය පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කිරීම නිසා කැසීම් ඇති කරන බැක්ටීරියා දිලීර ආදියෙහි වර්ධනය සිදු විය හැකි නිසා එම රෝග තත්වයන් ට අප ගොදුරු වීමට ඇති ඉඩකඩ වැඩිය.
බැක්ටීරියල් වැජිනෝසිස් යෝනී මාර්ගයේ සිටින හොඳ නරක බැක්ටීරියා අතර ඇතිවන අසමතුලිතතාවයන් නිසා ඇතිවන තත්වයක් ලෙස බැක්ටීරියල් වැජිනෝසිස් හදුනා ගත හැකිය. මෙම තත්වයේදී බෝහෝ විට රෝග ලක්ෂණ නොපෙන්වයි. යෝනිය කැසීම සහ ආසාමාන්‍ය දුර්ගන්ධ සුවදක් ඇති වේ.
ප්‍රතිකාර : වෛද්‍යවරයකු හමු වූ විට මේ සදහා ප්‍රතිජීවක ඖෂධ ලබාදෙනු ලැබේ.මේවා පෙති හෝ යෝනී මාර්ගයට ඇතුළු කරන ක්‍රීම් විය හැකිය.මෙහිදී වෛද්‍ය උපදෙස් මත ඖෂධ මාත්‍රාව නියමිත ආකාරයෙන් සම්පුර්ණ කිරීම හා වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කිරීම ඉතා වැදගත් වේ.
යෝනී මුඛ පිළිකාව යෝනී කැසීම මුඛ පිළිකාවක ලක්ෂණයක් වේ. යෝනී මුඛ පිළිකා බෝහෝ විට රෝග ලක්ෂණ ඇති නොකරයි. නමුත් කැසීම් ,අසාමාන්‍ය රුධිර වහනය ,යෝනිය ආශ්‍රිතව වේදනාවන් ඇති වේ.

ලිංගිකව බෝවන රෝගී තත්වයන් යෝනිය ආශ්‍රිතව කැසීම් ඇති වීම සදහා බලපානු ලබන තවත් හේතුවක් ලෙස ලිංගිකව බෝවන රෝග හදුනා ගත හැකිය. අනාරක්ෂිත ලිංගික සබදතා නිසා ලිංගික සම්ප්‍රේෂණයෙන් ඇතිවන රෝග මේ සදහා හේතු වේ. ක්ලැමීඩියා, ලිංගික ඉන්නන් ,ගොනෝරියා ,ලිංගික හර්පීස් , ට්‍රයිකොමෝනියාසිස් යන රෝගී තත්වයන් ආසාමාන්‍ය ලෙස වර්ධනය වීම නිසා කොළ හෝ කහ යෝනී ශ්‍රාවය ,මූත්‍රා කීරීමේදී වේදනාව ඇති වීම වැනි තවත් රෝග ලක්ෂණ ඇති වේ.
ප්‍රතිකාර : මේ සදහා ප්‍රති වෛරස් ,ප්‍රති ජීවක ,ප්‍රති පරපෝෂීත යනාදී ඖෂධ වෛද්‍යවරු නිර්දේශ කරනු ලබයි. මෙහිදී ඔබේ රෝගය සුවපත් වන තුරු ලිංගික සංසර්ගයෙන් වැළකී සිටිය යුතුය. නිවසේදී යෝනිය කැසීම අවම කිරීමට කළ හැකි දෑ.
- ලිංගික අවයව සේදීමට උණුසුම් ජලය සහ මෘදු පිරිසිදුකාරකයක් භාවිත කරන්න.
- යෝනී ස්ප්‍රේ යනාදී ය භාවිත කිරීමෙන් වළකින්න.
- පිහිනීම හෝ ව්‍යායාම කිරීමෙන් පසු තෙත් රෙදි ඉවත් කරන්න.
- ලිංගික සංසර්ගය අතර තුර කොණ්ඩම් භාවිත කරන්න .
- මලපහ කිරීමෙන් අනතුරුව යෝනී ප්‍රදේශය හොඳින් සෝදන්න.
- සුවද සබන් ,දියර සහ බුබුළු , ස්නානය කිරීමෙන් වළකින්න.
- මේ ආදී වූ යහපත් සෞඛ්‍යය පුරුදු අනුගමනය කිරීමෙන් එවැනි රෝග වලින් ආරක්ෂා වී යහපත් දිවියක් ලබා ගත හැකිය..