දිනපතා නින්දට පෙර මෙය සිදු කිරීමෙන් ගැට ගැසුණු නහර සති දෙකෙන් ඉවත් වෙනවා

health tips

පොල්තෙල් කියන්නේ අපේ පැරැන්නන්  නීරෝගීව ජවසම්පන්නව ජීවත් වෙන්නට භාවිතා කළ එකම තෙල් වර්ගය. ඒ හැරුණාම තල් තෙල් වගේම වෙනත් ඖෂධ භාවිතයෙන් සකසා  ගත් තෙල් භාවිතා  කළා. නමුත් ගෘහණියන් නිවසේ  පිරිසිදුව සකසා ගත් පොල්තෙල් තමයි  ආහාර පිසීම සඳහා වැඩි වශයෙන්  භාවිතා කළේ. දලබුවෙක් සමේ ගෑවුණාම ඒ විෂ ඉවත් කළේ  පොල් තෙල් ස්වල්පයක් ආලේප කර පිහියකින් සූරා දැමීමෙන්. ඉතින් එදා වසර ගණනාවක් ආයු වැළදු නීරෝගී ජාතියක් භාවිතා කළ පොල්තෙල් මෑතකාලීන වසර කිහිපයේ දී විවිධ මතිමතාන්තර  නිසා භාවිතයට විවිධ තහංචි පැනවුණා. ඒ වෙනුවට වෙනත් ආදේශක තෙල් වර්ගත්  ජනතාවට  හඳුන්වා දුන්නා.

අපේ රටේ වැවෙන පොල් ගසෙන් නිපදවෙන පොල් තෙල් දේහයට අහිතකර බව, කොලෙස්ටරෝල් ඇතිකරන බව ආදී අදහස් සමාජගතවීමත් සමඟ ඒ වෙනුවට එළවලු තෙල් ෆාම් ඔයිල් ආදී  මෙකී නොකී තෙල් වර්ග  ජනතාවගේ භාවිතයට ආවා. නමුත් අදටත් විශ්වාස කළ යුතු පිළිගත යුතු දේ වෙන්නේ අපේ නිවසේ  අපි පිරිසිදුව සකසා ගන්නා පොල්තෙල් අපේ දේහයට හානිදායක නොවන බව. ඉතින් රූපය ලස්සනට තියාගන්නට තරුණ බව රැක ගන්නට නීරෝගී කෙස් කළඹක් සඳහා වගේම නීරෝගී ජීවිතයක් ගත කිරීම සඳහාත් පොල් තෙල් කියන්නේ වටිනා තෙල් වර්ගයක්.

අත්‍යවශ්‍ය  මේද අම්ල රාශියක් අඩංගු වෙන පොල් තෙල් අපේ  රූපය ලස්සන කරගන්නට භාවිතා කරන්නට හැකි ආකාර බොහොමයක්ම තියෙනවා. වැඩි මිලකට අරගෙන භාවිතා කරන රූපලාවන්‍ය  නිෂ්පාදනවලට වඩා සමට හොඳ පෝෂණයක් ද මෙයින් ලැබෙනවා වගේම අහිතකර ආබාධ ඇතිවෙන්නෙත්  නැහැ. අපි බලමු  පොල් තෙල් අපේ තරුණ පෙනුම රැක ගන්නට භාවිතා කරන්නේ කොහොමද කියලා.

නහර  ගැට ගැසීම නැති කර ගන්නට උදව් වෙනවා.රූපයට  අවලස්සන බවක් එකතු  කර සෞඛ්‍යයට  හානිකර බලපෑම් ඇතිකරන වෙරිකෝස් වේන් කියන තත්ත්වය කාන්තා  පිරිමි දෙපාර්ශවයටම ඇති වෙන්නට පුළුවන්. දිගුවේලාවක් වාඩිවී සිටීමෙන් වගේම වැඩි කාලයක් සිටගෙන සිටීම නිසා මේ තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. පැහැපත් සමක්  ඇති අයගේ  මේ තත්ත්වය ඉතාමත් පැහැදිලිව පෙනෙන නිසා එය ඔබටත් ගැටළුවක් වෙලා  ඇති . මේ සඳහා විවිධ ප්‍රතිකාර තිබුණත් ඉතා  පහසුවෙන් පොල් තෙල් භාවිතයෙන් මේ  තත්ත්වය සමනය කර ගන්නට පුළුවන්.

මෙය තරමක් රත් කළ පොල් තෙල් නහර  ගැට ගැසුණු ස්ථානවල හොඳින් ආලේප  කර සම්බාහනය කිරීමෙන් සුවකර ගන්නට පුළුවන්. මේ සත්කාරය දිනපතා  නින්දට පෙර සති 2 ක් කිරීමෙන් ඉතා  පහසුවෙන් මේ වෙරිකෝස් තත්ත්වය සුව කරගන්නට පුළුවන්.

රෝම ඉවත් කිරීමේදී ලෝෂන් එකක් ලෙස භාවිතයට ගත හැකියි.සිරුරේ අනවශ්‍ය  රෝම ඉවත් කිරීමට ගල්වන නිෂ්පාදන වෙනුවට මේ  පොල්තෙල් ඉතා පහසුවෙන් ඔබේ කාර්ය කරගන්නට උදව් වෙනවා. අවශ්‍ය   ස්ථානය හොඳින් පිරිසිදු කරගෙන තෙත මාත්තු කර   ඒ ස්ථානයේ පොල් තෙල් ආලේප කර මද වේලාවක් සම්බාහනය කරන්න. ඉන්පසුව රේසරය භාවිතයෙන් රෝම ඉවත් කරගන්න.  ලිහිසිකාරකයක් වන නිසා රේසරය ඉතා පහසුවෙන් ලිස්සායාම විතරක් නෙවෙයි එයින්  සමට හානිවීමක්  සිදු වෙන්නෙත්  නැහැ. රෝම නැවත වැඩෙද්දි ඇතිවන කසන සුළු ස්වභාවයත් එමගින් පාලනය වීම අමතර වාසියක්. රෝම කූප තෙල් නිසා ඉලිප්පීම නිසා වඩාත් කොටට රෝම  ඉවත් කරගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි සමේ අවපැහැ ගැන්වීම ඇතිවීමත් එයින් නැතිකර දමනවා.

සම පෝෂණය කරනවා.සමේ අඩංගු වෙන සංකීර්ණ  මේද අම්ල සමේ  තෙතමනය බොහෝ වේලාවක් ආරක්ෂා කරනවා. අව් රශ්මියෙන් සම පිළිස්සීම පාලනය කරන්නටත් මේ පොල් තෙල් සතු හැකියාව අපූරුයි. ඒ නිසා  දවසට වරක් තරමක් රත්කර ගත් පොල් තෙල් ටිකක් අත්ලේ තවරා ගෙන අත්වල පාදවල ගල්වා  සම්බාහනය කිරීමෙන්  මේ විස්මිත ප්‍රතිඵල  ඔබට ලබා ගන්නට හැකියාව ලැබෙනවා.

නියපොතු කැඩීම හා පැලීම වළකනවා.දෑත්වල සුන්දර බව නැති කරන්නට නියපොතු ආශ්‍රිත විවිධ ගැටළු හේතු වෙනවා. නියපොතු දුර්වර්ණ වීම නියපොතු ඉක්මනින් කැඩීම පැලීම වගේම නියපොතු  ආශ්‍රිත සම ඝනවීම හා  නිය ආසාදනත් මේ සඳහා බරපතල ලෙස බලපෑම් කරනවා. ඒ තත්ත්වය නැතිකර ගන්නට යන්තම් රත්කර පොල් තෙල් කොට්න් බඩ් එකක්  ආධාරයෙන් හොඳින් අත් සහ පාදවල නියපොතුවල ආලේප කරන්න. එය නීරෝගී ආකර්ශණීය නිය පෙළක් සඳහා ඔබට ඉතාම වැදගත් වේවි.

කකුල් පැලීම සුව කරනවා.කාන්තාවන් වගේම පුරුෂයන්  අතරත්  සුලබව දකින්නට ලැබෙන පාද පැලීම පාදයේ සුන්දර බවට විශාල හානියක් ගෙන දෙනවා වගේම එය මහත් වේදනාකාරී තත්ත්වයක්. මේ සඳහා උණුසුම් ජලයෙන් සෝදා පිරිසිදු කර පිසදමාගත්  දෙපාවල රත්කරගත්  පොල්තෙල් ආලේප කර තරමක් තදින් සම්බාහනය කර කපු මේස්  දෙකක්  දමා නින්දට යන්න. එමගින් මේ තත්ත්වය ඉක්මනින් සුවකර ගන්නට පුළුවන් .

සෙලියුලයිට් තත්ත්ව ඉවත් කරනවා.ශරීරය තරමක් මහත් වීමත් එක්ක ශරීරයේ වළ ගැසුණු ස්වභාවයක් ඇතිවීම සෙලියුලයිට් තත්වය ලෙස හඳුනා ගැනෙනවා. කලවාවල වගේම තට්ටම් ප්‍රදේශයේත් මේ තත්ත්වය බහුලව දකින්නට ලැබෙනවා. කාන්තාවන් අතර දකින්නට ලැබෙන මේ තත්ත්වය දරු ප්‍රසූතියෙන් පසුවත් වයස්ගත වෙද්දිත් දකින්නට පුළුවන්. ශරීරයේ මේදය තැන්පත්වීම ඒකාකාරී නොවීම  නිසා හට ගන්නා  මේ තත්ත්වය සඳහා පොල් තෙල්වලට මී පැණි ස්වල්පයක් එකතු කර රාත්‍රී  නින්දට පෙර ආලේප කර සම්බාහනය කිරීම ප්‍රමාණවත් වෙනවා. 

හිසකෙස්  නීරෝගී කරනවා.සතියකට දෙවතාවක්වත් හිසට පිරිසිදු පොල් තෙල් ටිකක්  දමා මසාජ් කරන එක හිසකෙස්වලට වගේම හිස් කබලේ නීරෝගී බවටත් ඉතාම වැදගත්. නමුත් නූතන තරුණ උදවිය නම් ඔලුවට තෙල්  දාන්නට එතරම් කැමැත්තක් නැහැ.ඒ නිසාම හිසකෙස් ආශ්‍රිත ගැටළු බොහොමයකින් ඔවුන් පීඩා  විදිනවා. මේ ගැටළු සියල්ලටම සාර්ථකම විසඳුම වෙන්නේ සතියකට දෙතුන් වරක් උළුහාල් සහ කරපිංචා ස්වල්පයක් එකතු කර මදක් රත්කළ නිවසේ  සකසා  ගත් පොල් තෙල් මේස හැන්දක් එකතු කර හොඳින් සම්බාහනය කිරීම. හිසකෙස්වල වර්ධනයට වගේම ඇහි බැම වර්ධනයට පොල් තෙල් ආලේප කර  සම්බාහනය කිරීම සාර්ථකයි.

ඉතින් නොයෙකුත් රසායන එකතු කරන නිෂ්පාදන වෙනුවට ඉතා පහසුවෙන් අඩු වියදමකින් අපේ පෙනුම සඳහා පොල් තෙල් භාවිතා කරන්නට පුළුවන් ක්‍රම බොහොමයි. ඒ නිසා ඔබත් සති දෙකක්  වගේ  කාලයක් මේ සත්කාර සිදු කර වෙනස වටහා ගන්න.