මිනිසාට ශරීරයේ හට ගන්නා ව්‍යාධීන් විවිධාකාර වේ. ඒවා අතරින් ස්නායු ආශ්‍රිතව ඇතිවන වැඩිහිටි තරුණ බෝහෝමයක් දෙනා පීඩා විදින රෝගී තත්වයක් ලෙස නහර ගැට ගැසීම හදුනා ගත හැකිය. කකුල් සහ අත්වල නහර ඉලිප්පී පෙනීම මෙම රෝගයේ කැපී පෙනෙන රෝග ලක්ෂණයක් වේ. එනම් කකුල් ,කලවා, වළලු කර ආශ්‍රිතව, කොන්ද සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල මෙම රෝග තත්වය ඇති වීමේ වැඩි අවදානමක් පවතී. එය ශරීරයේ සුන්දරත්වය නැති කිරීමට ද හේතූවක් වේ. මෙම රෝගී තත්වය දරුණුම අවස්ථාව වන විට රෝගීන්ට වේදනාව දරා ගත නොහැකි වේ. එනම් එවැනි අවස්ථාවක බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව ශල්‍යකර්ම සිදුකරනු ලැබේ.
ස්නායු ආශ්‍රිතව සිදුවන යම් යම් අවහිරතා මෙම රෝගය ඇති වීමට වැඩි වශයෙන් හේතු වන අතර මෙම රෝගය ඇතිවීමෙන් නහර නිල් පැහැ ගැන්වී සම මතුපිටින් පෙනේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී සම්බාහනය හා තෙල් සාත්තු කිරීම මගින් මෙම අවහිරතා ඉවත් කර ගත හැකිය.
නහර ගැට ගැසීම ඇති වීමට බලපාන හේතූ
• වයස
• බර
• දිගු කාලයක් සිටගෙන සිටීම හෝ ඉදගෙන සිටීම
• ගර්භණීභාවය
• ජානමය බලපෑම්
• ස්ත්‍රීභාවය
යනාදී හේතු සාධක මේ සදහා බලපානු ලැබේ.
වෙරිකෝස් හෙවත් නහර ගැට ගැසීම සමනය කර ගැනීම සඳහා නිවසේදී ප්‍රතිකාර රැසක් කළ හැකිය.

සුදුලූණු බෝහෝමයක් රෝග සදහා ගුණදායක ඔසුවක් වන සුදුලූණු නහර ගැටසීමේ රෝගය සුවපත් කර ගැනීමට ද භාවිතා කළ හැකිය. එනම් මෙය රුධිර සංසරණය හා සම්බන්ධ රෝග සුවපත් කිරීම සදහා ඉතා ගුණදායක ඔසුවක් වේ. සුදු ලූණු වල ඇති සල්ෆියුරික් සංයුතීන් රුධිර සංසරණය ක්‍රමවත් කර රුධිරය කැටි ගැසීම වළක්වා නහර ඉදිමුම් වළක්වා ගත හැකිය. එනම් මේ සඳහා සුදුලූනු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් සුදුලූණු ආහාරයට ගැනීමෙන් රුධිර නාලිකා ශක්තිමත් කරන අතර ඒවාට හානි ඇතිවිම වළක්වනු ලබයි. ඊට අමතරව සුදුලූණු බික් දහයක් පමණ ගෙන හොඳින් අඹරා පේස්ට් එකක් සකසා එයට ඔලිව් තෙල් මේස හැදි හතරක් එක් කර හොඳින් මිශ්‍ර කර නහර ගැට ගැසුණු ස්ථානවල ආලේප කිරීම යෝග්‍යවේ. එනම් දිනකට දෙවරක් බැගින් මාසයක් පමණ නහර මතු වී ඇති සමේ මෙම ප්‍රලේපය ආලේප කිරීම මගින් නහර ගැට ගැසීම සමනය කර ගත හැකිය.
රට මිරිස් නහර ගැට ගැසීම වළක්වා ගැනීම සදහා ඇති ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක් ලෙස රට මිරිස් හඳුනාගත හැකිය. එනම් විටමින් C සහ ජෛව ෆ්ලෙවොනොයිඩ රැසක් මෙහි අන්තර්ගත වේ. මෙමගින් රුධිර නාලිකා සිහින් වීමේ තත්වය අවම කරයි. එමෙන්ම රට මිරිස් යනු රුධිරය කැටි ගැසීමට ලක්වන ෆයිබින් බිද දමන එන්සයිම ක්‍රියාකාරිත්වයකි. එනම් රුධිර කැටි ගැසීමට බලපානු ලබන සියලු සාධක මෙමගින් වළක්වනු ලබයි. එනම් මේ සඳහා
බදුනකට උණු ජලය දමා එයට රට මිරිස් තේ හැන්දක් පමණ යොදා හොඳින් කලවම් කර මාස දෙකක් පුරාවට දිනකට තෙවරක් බැගින් පානය කරන්න.
ඇපල් සයිඩර් විනාකිරි /කෝමාරිකා /කැරට් අධ්‍යනයන් මගින් අනාවරණය කර ගෙන ඇති පරිදි ඇපල් සයිඩර් විනාකිරි ට්‍රයිග්ලිසෙරයිඩ නම් ලිපිඩ වර්ගය ඇතිවීම හා රුධිර පීඩනය මතුවීම අවම කරනු ලබයි.
කොමාරිකා කෝමාරිකා යනු සමට වඩාත් හිතකර ඖෂධීය ගුණයෙන් අනූන ශාකයක් වේ. සමේ ඇති ප්‍රතික්ෂුද්‍රීය සංඝටක නිසා ඇතිවන බැක්ටීරියා විනාශ කර සමේ ස්වාභාවික පිරිසිදුකාරකයක් ලෙස ක්‍රියා කර නහර ගැට ගැසීම සමනය කිරීම සිදුකරයි. එනම් මේ සඳහා කැරට් , කෝමාරිකා , ඇපල් සයිඩර් විනාකිරි යනාදීය භාවිතයෙන් ද අපට මේ සදහා අත්බෙහෙතක් සකස් කර ගත හැකිය.
කැරට් අලයක් ගෙන එය හොඳින් ග්‍රේට් කර එහි යුෂ ගෙන බදුනකට දමා ගනිමින් එයට කෝමාරිකා මද හා විනාකිරි මේස හැන්දක් බැගින් එක්කර ගෙන හොඳින් මිශ්‍ර කර ඉලිප්පුනු නහර ඇති සම මතුපිට ආලේප කිරීම මගින් නහර ගැට ගැසීම සමනය කර ගත හැකිය. එනම් දිනකට තෙවරක් බැගින් මාසයක් පමණ මෙම ප්‍රතිකාරය සිදු කිරීම වඩාත් ගුණදායක වේ.
තක්කාලි ඇට තක්කාලි ඇට සැලිසිලික් අම්ලය බහුලව පවතින ඖෂධයක් වේ. එමගින් රුධිරය කැටි ගැසීමට ඉඩ නොදී රුධිර සංසරණය වැඩි දියුණු කරයි. එනම් දිගු කාලයක් පුරාවට ආලේපනයක් ලෙස සම මත ගැල්වීමෙන් පිටතට පෙනෙන හානි වූ ශිරාවල පෙනුම අවම කිරීම සිදුකරයි. තක්කාලි ගෙඩි දෙක තුනක් කුඩා කැබලිවලට කපා ගෙන මෘදු මිශ්‍රණයක් වන සේ බ්ලෙන්ඩර් කර එම මිශ්‍රණය දිනපතා වාර දෙකක් තුනක් බැගින් මාස දෙකක් පුරාවට ආලේප කිරීම මගින් නහර ගැට ගැසීම සමනය කර ගත හැකිය.
ඔලිව් තෙල් ඔලිව් තෙල්වල ඇති ප්‍රතිප්‍රදාහක ගුණ සමට හොඳින් අවශෝෂණය වී පළල් වූ සහ විශාලනය වූ ශිරාවන්වල ප්‍රමාණය අවම කර මනාව රුධිර ගමනාගමනය සිදු වීමට ඉඩ සළසා දෙයි. එනම් මේ සඳහා ඔලිව් තෙල් භාජනයකට දමා මදක් උණුසුම් කරගෙන පුළුන් කැබැල්ලක් භාවිතයෙන් සම මතුපිට ආලේප කිරීම යෝග්‍යවේ. එනම් මෙම සත්කාරය මාස දෙකක් පමණ සිදු කිරීම වඩාත් සුදුසුවේ.
ගෝවා ගෝවාවල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක හා ශාක රසායනික ද්‍රව්‍ය සම මත ආලේප කිරීමෙන් රුධිරය කැටි ගැසීම වළක්වා රුධිරය කාන්දුවීම වළක්වනු ලබයි. ගෝවා යුෂ ගෙන ඒවා දිනකට තෙවරක් බැගින් ගැට ගැසුණු නහර වල ආලේප කිරීම මේ සඳහා වඩාත් සුදුසුවේ.

දාස්පෙතියා නහර ගැට ගැසීමෙන් ඇතිවන අසාදන වැළැක්වීම සදහා දාස්පෙතියාවල අඩංගු ප්‍රති ප්‍රදාහක ගුණ උපකාරී වේ. ශිරා පදම් වීම වැඩි කරමින් වසාවාහිනී අපවහනය වැඩිකරමින් කේශනාලිකාවල අධිපාරගම්‍යතාව ඇති වීම අවම කිරීම සදහා දාස්පෙතියාවල අන්තර්ගත ෆ්ලෙවොනොයිඩ ,ට්‍රීටපින්,සැපොනින් යනාදී සංඝටක උපකාරී වේ. එනම් මේ සඳහා දාස්පෙතියා කොළ කෝප්පයක් පමණ ගෙන එයට ජලය කෝප්ප හතරක් එක්කර මිනිත්තු පහක් පමණ තම්බා ගෙන කපු රෙදි කඩක් ගෙන මිශ්‍රණයේ පොගවා නහර සහිත සම මත රෙදි කැබැල්ල සිසිල් වන තෙක් ආවරණය කර තබන්න මෙම සත්කාරය දිනකට කිහිප වරක් මාස එකහමාරක් පමණ සිදු කිරීම වඩාත් සුදුසුවේ.
පාස්ලි /රෝස තෙල් කැබලි කරගත් පාස්ලි අහුරක් ගෙන එයට වතුර කෝප්ප 01ක් මිශ්‍ර කර මිනිත්තු පහක් පමණ තම්බා ගන්න. ජලය නිවෙන්නට හැර පාස්ලි යුෂ මිරිකා ඉවත් කර එයට රෝස තෙල් මේස හැදි තුනක් එක් කර හොඳින් මිශ්‍ර කර කපු පුළුන් කැබලි මිශ්‍රණයේ පොගවා නහර සහිත සම මත ආලේප කිරීම මගින් නහර ගැට ගැසීම සමනය කර ගත හැකිය. එනම් වඩාත් සුදුසු ප්‍රතිඵල ලබාගැනීමට මාස දෙකක් පමණ මෙම ප්‍රතිකාරය භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ.
මීට අමතරව වෙරිකෝස් ඇතිවීම වළක්වා ගැනීමට කළ හැකි දේවල්
- දීර්ඝ කාලයක් ඉදගෙන හෝ සිටගෙන සිටීමෙන් වැලකීම.
- ව්‍යායාම වල නිරත වීම.
- නිරෝගී ශරීර ස්කන්ධයක් පවත්වා ගැනීම.
- තෙල් භාවිතයෙන් හොර්මෝන ප්‍රමාණය සමබර ලෙස පවත්වා ගැනීම.
- උස් අඩි සපත්තු සෙරෙප්පු භාවිත නොකිරීම.
- හොඳින් ජලය පානය කිරීම.
යනාදී යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ද මෙම රෝගී තත්වය ඇති වීම වළක්වා ගැනීමට උපකාරී වේ.