නිරන්තරයෙන්ම නොයෙක් ලෙඩ රෝග එක්ක සටන් කරමින් තමයි අපිට ජීවත් වෙන්න සිද්ධ වෙන්නෙ. ලෙඩකදී අපි කොයිකවුරුත් බය වුණාට ඇතැම් ලෙඩරෝග ගැන නම් ඇතැම් අයට ගානක්වත් නැහැ. ඒත් මේ රෝග අපේ පෙනුමට පුන්චි හරි ගැටළුවක් වෙනවා නම් ඒවා නොසලකා හරින්නෙත් නැහැ. නහර ගැට ගැසීම කියන තත්ත්වයත් ගොඩක් අය සැලකිල්ලට නොගන්නා රෝගයක්. නමුත් මේ නහර ගැට ගැසීම කාන්තාවන්ට තමන්ගේ පෙනුම පවත්වා ගන්නට බාධාවක් වෙන නිසා ඔවුන් මේ තත්ත්වය ගැන මහත් කනස්සල්ලට පත්වෙනවා.
මේ රෝගයේදී වේදනාවන් ඇතිවෙන්නේ හරි අඩුවෙන්. කාන්තා පුරුෂ බොහෝදෙනෙකුගේ පාදයේ බත් කෙණ්ඩ ආශ්‍රිත ප්‍රදේශයේ, දණහිසෙන් පහළ ප්‍රදේශයේ වගේම කලවා ප්‍රදේශයෙත් නහර ගැට ගැසීමේ තත්ත්වයන් දකින්නට ලැබෙනවා. වෙරිකෝස් වේන් කියන නමින් හඳුන්වන මේ නහර ගැට ගැසීම spider Veins හා Varicose Veins විදියට ආකාර දෙකකින් හඳුනා ගන්නට පුළුවන්. Spider veins කියන තත්ත්වයේදී බාහිරට නෙරා ඒමක් දකින්නට නොහැකි වුණත් varicose veins තත්ත්වයේදී බාහිරව නෙරා ආ ස්වභාවයක් දකින්නට පුළුවන්.
ගොඩක් දෙනෙක් මේ රෝගය ගැන සැලකිලිමත් නැතත් මෙම රෝගය බරපතල වුණොත් එය රේසර් ප්‍රතිකාර හෝ ශල්‍ය කර්ම සිදු කිරීම දක්වාම ප්‍රබල වන්නට පුළුවන් . ඒ නිසාවෙන් මේ තත්ත්වය මුල් කාලයේදී සුවකර ගන්නට හැකි නිවෙස් ප්‍රතිකාර වෙත ඔබට යොමු වෙන්නට පුළුවන්. මේ තත්ත්වය දරුණු තත්ත්වයට පත්වෙලා නැත්නම් මේ නිවෙස් පිළියම් නහර ගැට ගැසීම් සුවපත් කරගන්නට ඔබට භාවිතා කරන්නට පුළුවන්.

ඇපල් සයිඩර් විනාකිරි ඇපල් සයිඩර් විනාකිරි රුධිර ගමනාගමනය ක්‍රමවත් කරන හැකියාවෙන් යුක්ත නිසා නහර ගැට ගැසීම සුවකර ගන්නට මෙය භාවිතා කරන්නට පුළුවන්. රුධිර කැටි දියකර හරින එන්සයිම වර්ගත් මෙහි අඩංගු වෙන නිසා එය තවත් පහසුයි. මේ සඳහා ඇපල් සයිඩර් විනාකිරි ස්වල්පයක් ගෙන නහර ගැට ගැසුණු ස්ථානවල හොඳින්ම ආලේප කරන්න. මෙය හොඳින්ම සමට අවශෝෂණය කිරීමට ඉඩකඩ ලබාදෙන්න. ඒ නිසාවෙන් එය පිසදැමීම හෝ සේදීම කරන්න එපා. මෙය දිනකට දෙවරක් උදේ සවස දිනපතාම සිදු කරන්න.
අක්කපාන ඖෂධීය වටිනාකමින් ඉතා ඉහළ අක්කපාන රෝග රැසකට ගුණදායක ආහාරයක්. රෝග රැසකටම ප්‍රතිකාර පිණිස භාවිතා වෙන ඔසු පැලෑටියක්. මුත්‍රාශයේ ගල් දියකරන, මුත්‍ර දැවිල්ල ආදී මුත්‍රා රෝග රැසකට ගුණදෙන අක්කපාන අධි රුධිර පීඩනය, රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවීම, කොලරාව, පාචනය ආදී රෝග ගණනාවකටත් අක්කපාන කොළ ඖෂධ ලෙස භාවිතයට ගන්නවා.
නහර ගැට ගැසීම ඉතා ඉක්මනින් සුවපත් කරගන්නට අක්කපාන කොළ ටිකක් එළගිතෙලින් අඹරා නහර ගැට ගැසී ඇති ස්ථානවල ආලේප කර පැය 4 – 5 ක කාලයක් තියෙන්නට හැර සෝදා ඉවත් කරන්න. මේ පිළියම දිනපතා මාසයක පමණ කාලයක් සිදු කිරීමෙන් ඒ ගැටළුවෙන් මිදෙන්නට පුළුවන් .
තක්කාලි ඇඟට ගුණ තක්කාලි නහර ගැට ගැසීම් සුවකර ගන්නත් උදව් වෙනවා. මේ සඳහා තක්කාලි ගෙඩියකින් භාගයක් බ්ලෙන්ඩර් කරගෙන ඒ යුෂ නහර ගැට ගැසී ඇති ස්ථානවල පුළුන් කැබැල්ලක් ආධාරයෙන් ආලේප කරන්න.මෙය දවසට දෙවරක් දිනපතා ආලේප කරන්න.
ගෝවා කොළ සිරුරට බොහෝ ගුණදෙන ගෝවා කොළ නහර ගැට ගැසීම් සුවපත් කරගන්නටත් අපිට භාවිතා කරන්නට පුළුවන්. කුඩා කැබලිවලට කපාගත් ගෝවා බ්ලෙන්ඩර් කර යුෂ ලබා ගෙන ඒවා නහර ගැට ගැසී ඇති ස්ථානවල ආලේප කරන්න. මේ පිළියමත් සති 4 ක් 5ක් දිනපතා සිදු කළ යුතුයි.
සුදු ළූණු රුධිර ගමනාගමනයේ ගැටළු මගහරවා රුධිරය ගමන් කිරීම පහසු කර නහර ගැට සුවපත් කරන්නට සුදු ළූණුවලට අපූරු හැකියාවක් තියෙනවා.සුදු ළූණු බික් 10 ක් පමණ ගෙන පොතු ඉවත් කර පේස්ට් එකක් ලෙස සකස් කර ඔලිව් තෙල් මේස හැදි 2 ක් ද එකතු කරන්න. පසුව එයට දෙහි යුෂ එකතු කර හොඳින් මිශ්‍රකර ගන්න.මේ මිශ්‍රණය පැය 12 ක කාලයක් තබා පාදයේ නහර ගැට ඇසී ඇති ස්ථානවල තරමක් ඝනට ආලේප කර විනාඩි 20 ක් තිබෙන්නට හැර පිරිසිදු රෙද්දකින් පිසදමන්න.

පොල්තෙල් පොල්තෙල් සමේ ගැටළු රැසකටම භාවිතා කරන්නට පුළුවන්. මේ පීඩාකාරී රෝගය සති 2 ක් වගේ කෙටි කාලයක් තුළ සුවකර ගන්නට පොල් තෙල් සම්බාහනය භාවිතා කරන්නට පුළුවන්.
මුලින්ම තුවායක් හෝ තරමක් ඝන රෙදි කැබැල්ලක් උණු ජලයේ පොගවාගෙන එයින් පාදයේ නහර ගැට ගැසී ඇති ස්ථාන උණුසුම් වනතුරු තවා ගන්න. මේ උණුසුම තියෙද්දිම පොල් තෙල් ඒ ස්ථානවල ආලේප කර හොඳින් සම්බාහනය කරන්න. මේ සම්බාහනයේ දී පහළ සිට ඉහළට සම්බාහනය කිරීම හරිම වැදගත්. මේ ශිරාවල සිරවුණු රුධිරය නිවැරදිව ඉහළට යැවීය මෙහිදී සිදු වෙන්නේ. ඒ නිසා සෑම දිනක්ම රාත්‍රියේදී මේ ප්‍රතිකාරය සති 2 ක් සිදු කිරීමෙන් වෙරිකෝස් සුවකර ගන්නට පුළුවන්.
මේ සත්කාරයන් සති 2 ඉක්මවා සිදු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්නට පුළුවන්. ඒ අතරේ පාද ඉහළට ඔසවා තබා ගැනීම , තරබාරුවෙන් මිදීම , එක් ඉරියව්වක වැඩි කාලයක් නොසිටීම , හිර ඇදුම් ඇදීම සීමා කිරීම ඇතුළු කරුණු ගැනත් සැලකිලිමත් වෙන්න.