වර්තමානය වන විට බොහෝ දෙනෙකුට පවතින තවත් එක් රෝග තත්ත්වයක් ලෙස නහර ගැට ගැසීම හෙවත් පාදවල ශිරා එකට එකතුවීමේ රෝගය හඳුනාගත හැකිය. එනම් මෙය රෝග රැසකට හේතුවක් වන අතර රෝගය උත්සන්න වීමෙන් එය සුව කර ගැනීමට ශෛල කර්මයන්ද සිදු කිරීමට ද සිදුවේ. එනම් පාද හා දෑත් මත වැඩි වශයෙන් එම රෝග තත්වය දැකගත හැකිය. වෙරිකෝසිස්වේන් හෙවත් නහර ගැට ගැසීමේ රෝගය බරපතල වූ විට වරින් වර නහර තුලින් රුධිරය වහනය වීමද සිදුවේ. මේ නිසා මෙම රෝග තත්ත්වය ඇතිවූ මුල් අවස්ථාවේම ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුවේ. ප්‍රධාන වශයෙන් නහර ගැට ගැසීමේ වර්ග දෙකකි. එනම්

1පාදවල කෙන්ඩා මතුපිට නහර ගැට ගැසීම
2.කලව ආශ්‍රිතව නහර ගැට ගැසීම. මේ වර්ග අතරින් කලව ආශ්‍රිතව ඇතිවන නහර ගැට ගැසීම දරුණු ලෙස බලපෑම් ඇති කළ හැකිය.
නහර ගැට ගැසීමට විවිධ හේතු බලපානු ලබයි.
- ශරීර බර වැඩි වීම.
- ගර්භණී මවක් වීම.
- වයස්ගත වීමත් සමඟ නහරවල ඇතිවන දුර්වලතා
- ව්‍යායාම නොකර සිටීම.
- පරම්පරාවෙන් පැවත ඒම.
- දීර්ඝ කාලීන මලබද්ධය
- නිතර සිටගෙන සිටීම
- උදරයේ ශිරා ආශ්‍රිතව ලේ කැටි ගැසීම ආදී හේතූන් මූලික වේ.
නහර ගැට ගැසීම හෙවත් වෙරිකෝසිස් රෝග තත්ත්වය ඇතිවීමට පෙර පහලවන රෝග ලක්ෂණ
- මස් පිඬු පෙරළීම- විශේෂයෙන්ම රාත්‍රීයේදී මස් පිඬු පෙරලීම සිදුවේ.
- තුවාල ඇතිවීම- පාදවල නහර ආශ්‍රීතව කැසීම් හා කළුවීම්, දැවිල්ල ඇති වීම.
- නහර ඉදිමීම හා නහර ඉලිප්පී කැපී පෙනීම.
- පාද බරවීම ආදී රෝග ලක්ෂණ නහර ගැට ගැසීමේ දී දැකගත හැකිය.
නහර ගැට ගැසීම පාලනය කර ගැනීම සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාර ද පවතී. නමුත් බොහෝ දෙනෙකු ආයුර්වේද ප්‍රතිකාර වලට නැඹුරුතාවයක් දක්වනු ලබයි. එමෙන්ම යම් යම් ස්භාවික ප්‍රතිකාර නිවසේදීම ඉතා පහසුවෙන් සිදුකල හැකිය. එනම්

අක්කපාන කොළ සත්කාරය අක්කපාන කොළ සත්කාරය භාවිතා කිරීම නහර ගැට ගැසීම පාලනය කර ගැනීම සඳහා වඩාත් සුදුසුවේ. එනම් මේ සඳහා එළඟිතෙල් මේස හැඳි 05 ක් පමණ ගෙන මැටි බදුනකට දමා රත් කර ගන්න.පසුව මැටි බදුනට අක්කපාන කොළ කිහිපයක් දමා රත් කර මද රස්නයෙන් යුතුව නහර ගැට ගැසුණු ස්ථානයේ ආල්ප කර අක්කපාන කොළයෙන් සම්බාහනය කරන්න. මෙම ප්‍රතිකාරය මාසයක් පමණ සිදු කිරීමෙන් එම රෝග සමනය කර ගත හැකිය.
දහස්පෙතියා කොළ සත්කාරය. ආයුර්වේදයේ දී නහර ගැටගැසීම සමනය කිරීම සඳහා ආයුර්වේදයේ බහුලව භාවිතා කරන ප්‍රතිකාරයක් ලෙස මෙම ප්‍රතිකාරය හැඳින්විය හැකිය. එනම් දහස්පෙතියා කොළ මිටක් පමණ ගෙන හොඳින් අඹරා නහර ගැට ගැසුනු ප්‍රදේශ වල පත්තුවක් ලෙස බැඳීම මගින් නහර ගැට ගැසීම සමනය කර ගත හැකිය.
ගෝවා යුෂ සත්කාරය ගෝවා කොළ ගෙන හොඳින් කොටා යුෂ ගෙන නහර ගැට ගැසුණු ස්ථානවල ආලේප කර සම්බාහනය කිරීම මගින් නහර ගැට ගැසීම සමනය කර ගත හැකිය.
බීට් රූට් පානය. නහර ගැට ගැසීම සමනය කිරීම සඳහා වර්තමානය වන විට බොහෝ දෙනෙකු බීට් රූට් පානය භාවිතා කරනු ලබයි. එනම් බීට් රූට් පානයක් ලෙස භාවිතා කිරීමෙන් එහි අඩංගු පොටෑසියම්, යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථ ශරීරයේ රුධිර සංසරණය වේගවත් කිරීම සඳහා ඉවහල් වේ. එනම් මේ සඳහා බීට්රූට් ගෙඩියක් ගෙන කපා වතුර වීදුරුවකට දමා පැය කීපයක් තබා පෙරා පානය කිරීමෙන් නහර ගැට ගැසීමේ රෝග තත්ත්වය සමනය කරගත හැකිය.
කොමාරිකා සත්කාරය ආයුර්වේදයේ භාවිතා කරන තවත් එක් පැරණිතම ඖෂධයක් ලෙස කොමාරිකා හැඳින්විය හැකිය. එනම් කොමාරිකා මදය ගෙන නහර ගැට ගැසුණු ස්ථානවල ආලේප කිරීම මගින් නහර ගැට ගැසීම සමනය කරගත හැකිය.

තක්කාලි භාවිතය.නහර ගැට ගැසීම සමනය කර ගැනීම සඳහා භාවිතා කළ හැකි තවත් එක් ස්භාවික ප්‍රතිකාරයක් ලෙස තක්කාලි සත්කාරය හැඳින්විය හැකිය. එනම් තක්කාලි ගෙඩියක් කැබලිවලට කපා බ්ලෙන්ඩර් කර එම යුෂ ගෙන පුළුන් කැබැල්ලක් ආධාරයෙන් නහර ගැට ගැසුනු ස්ථානවල දිනකට දෙවතාවක් ආලේප කිරීම මගින් සහනය සලසා ගත හැකිය.
ඔලිව් තෙල් සත්කාරය විටමින් ,ඛනිජ ලවණ බොහෝ ප්‍රමාණයක් අඩංගු ඔලිව් තෙල් නොයෙක් සම්භාහනයන් සිදුකිරීමේදී යොදා ගනී. එනම් එහි අඩංගු ඖෂධීය ගුණයන් නහර ගැට ගැසීම සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා ඔලිව් තෙල් ස්වල්පයක් මැටි බඳුනකට දමා මදක් රත් කර මද රස්නයෙන් නහර ගැට ගැසුනු ස්ථානවල ආලේප කර වෘත්තාකාර හැඩයට සම්බාහනය කිරීම මගින් නහර ගැට ගැසීම සමනය කර ගත හැකිය. මෙය නොකඩවා මාසයක් පමණ සිදු කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකිය.
මේ ආදී වූ ස්භාවික සත්කාර දිනපතා මාස තුනක් පමණ සිදු කිරීම මගින් නහර ගැට ගැසීම ශෛල කර්මයකින් තොරව සමනය කර ගත හැකිය.