කකුලේ මස් ගොබ ආශ්‍රිතව, ඇස් වට ප්‍රදේශය, පාදයේ දෙපස හා කලවා ආශ්‍රිතව ඇතිවන නහර ගැට ගැසීමේ රෝගය වර්තමානය වන විට සුලභව දැක ගත හැකි රෝගයක් බවට පත්ව තිබේ. එනම් කාන්තාවන්ට මෙන්ම පිරිමි පුද්ගලයින්ට මෙම රෝග තත්ත්වය ඇතිවිය හැකිය. එනම් නහර තුළ රුධිරය ඕනෑවට වඩා පිරී පැවතීම නිසා මෙම රෝගය ඇති වනු ලැබේ.
එනම් ශරීරය පුරා රුධිරය සංසරණය වන ප්‍රධාන නාල දෙකක් පවතින අතර ධමනි හා ශිරා ලෙස එම නාල හඳුනාගත හැකිය. එනම් පිරිසුදු රුධිරය ධමනි හරහාත් අපිරිසිදු රුධිරය ශිරා හරහාත් සංසරණයවේ. මේ අතරින් අපිරිසිදු රුධිරය ගෙන යනු ලබන ශිරා ඉදිමීම නහර ගැට ගැසීම ලෙස හඳුන්වයි.
නහර ගැට ගැසීම ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් ඇති අතර වැඩි වශයෙන් නහර ගැටගැසීමේ රෝගයට ගොදුරු වන්නේ තරබාරු පුද්ගලයින් සහ ගැබිනි කාන්තාවන් ය.

- නහර ගැට ගැසීම වර්ග දෙකකි.
- මතුපිට නහර ගැට ගැසීම
- ගැඹුරු නහර ගැට ගැසීම
- යන වර්ග දෙක ප්‍රධාන වේ.
- නහර ගැට ගැසීමේ රෝගය ඇතිවීමට බොහෝ හේතු බලපානු ලබයි.
- ශිරා තුළ රුධිරය පිරී පැවතීම.
- දිගුකාලීනව සිටගෙන සිටීම
- ස්ථුලභාවය
- වයස්ගත වීම හා නහර දුර්වල වීම
- දිගුකාලීන මලබද්ධය
- කැස්ස වැනි රෝග නිසා ඇතිවන උදරයේ තෙරපීම
- ගර්භණී වීම
- රුධිර සංසරණයට අවශ්‍ය කපාට දුර්වල වීම
- හෝමෝන වෙනස් වීම
- ජානමය බලපෑම.
- අයහපත් ජීවන රටාව
- වැනි හේතූන් නහර ගැට ගැසීමට හේතු පාදකවේ.
- නහර ගැට ගැසීමේ රෝග ලක්ෂණ
- නහර මතුපිටට ඉල්පී කැපී පෙනීම
- කැසීම
- පාදවල බර බව
- නහර ඉදිමීම
- ස්පර්ශ කරන විට නහර ගැටිති සහිතව හසුවීම
- වේදනාවක් ඇතිවීම
- එම ස්ථානයේ කළු පැහැති වීම
- මස්පිඬු පෙරළීම.
- ආදී රෝගී ලක්ෂණ නහර ගැට ගැසීමේ රෝගය ඇති වූ විට හඳුනාගත හැකි රෝග ලක්ෂණ වේ.
නහර ගැට ගැසීමේ රෝගය සඳහා කළ හැකි ප්‍රතිකාර
මේ සඳහා සුදුසු වූ ව්‍යායාමවල නිරත වීම.ශරිරය පුරා රුධිරය හොඳින් පරිවහනය වීම සඳහා ව්‍යායාම වල නිරත වීම වඩාත් සුදුසුවේ. එනම් විශේෂයෙන්ම ඇවිදීම, දිවීම හා පිහිනීම මගින් රුධිරය සංසරණය ක්‍රමවත්ව සිදුවන අතර ඉන් දෙපා වල ශක්තිමත් භාවය ද වැඩි වනු ලැබේ.
සම්පීඩන මේස් පැලදීම සම්පීඩන මේස් පැලදීම මගින් ශරීරයේ උඩ දිශාවට රුධිරය ගමන් කිරීමේදී අවශ්‍ය වන පීඩනය ලබා දීම සිදුවේ. එනම් උදෑසන සිට සවස් වන තුරුම මෙම මේස් පැලඳ සිටීම වඩාත් සුදුසුවේ. එමෙන්ම වෛද්‍යවරයකුගේ උපදෙස් මත මෙම මේස් මිලදී ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුවේ.
ඔලිව් තෙල් නහර ගැට ගැසීමේ රෝගය සදහා භාවිතා කළ හැකි ඖෂධීය තෙල් වර්ගයක් ලෙස ඔලිව් තෙල් හැඳින්විය හැකිය. එනම් ඔලිව් තෙල් යොදා නහර ගැට ගැසුනු දෙපා සැහැල්ලුවෙන් සම්බාහනය කිරීම මගින් නහර ගැට ගැසීම පාලනය කරගත හැකිය. එනම් මේ සඳහා පිරිසිදු ඔලිව් තෙල් බාවිතා කිරීම වඩාත් සුදුසුවේ. ඔලිව් තෙල් නොමැති නම් පොල් තෙල් වුවද මේ සඳහා සුදුසුවේ.

සුදුලූනු ඖෂධය නහර ගැටගැසීමේ රෝගය සමනය කරගැනීමට සුදුලූණු ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.එනම් මෙම ඖෂධය සකස් කිරීම සඳහා සුදු ළූණු බික් 5ක් හෝ හයක් ගෙන පිරිසිදු වීදුරුවකට දමා ඊට දොඩම් ගෙඩි දෙකක හෝ තුනක යුෂ සහ ඔලිව් තෙල් මේස හැඳි දෙකක් ද එකතු කොට පැය 12ක් පමණ වසා තබා පසුව හොඳින් සොලවා ඉන් බින්දු කිහිපයක් ඇඟිලි තුඩු වලට ගෙන නහර ගැට ගැසී ඇති ස්ථානවල ආලේප කර විනාඩි පහළොවක් පමණ හොඳින් සම්බාහනය කර කපු රෙදි කැබැල්ලකින් නහර ගැට ගැසී ඇති ස්ථානය වෙලා රාත්‍රියට තැබීම මගින් නහර ගැට ගැසීම පාලනය කර ගත හැකිය.
දාස්පෙතියා මල් ආයුර්වේදය තුළ ඈත අතීතයේ සිටම නහර ගැට ගැසීමේ රෝගය සඳහා ඖෂධයක් ලෙස දාස්පෙතියා මල් භාවිතා කර තිබේ එනම් මේ සඳහා දාස්පෙතියා මල් කෝප්ප එකකට වතුර කෝප්ප හතරක් එක් කර විනඩි පහක් පමණ තම්බාගෙන එය කපු රෙදි කැබැල්ලක පොගවා කකුලෙ එලා වියළි යන තෙක්ම තබාගත යුතුය. මීට අමතරව දාස්පෙතියා මල් හෝ කොළ තලපයක් වන සේ අඹරා නහර ගැට ගැසුනු ස්ථානවල ආලේප කර තැබීමද සුදුසුවේ.
ගොටු කොල නහර ගැටගැසීමේ රෝගය පාලනය කර ගැනීම සඳහා ගොටුකොළ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් ඒ සඳහා ගොටුකොළ සහ ඇල් ජලය මිශ්‍ර කර තලපයක් වනසේ අඹරා නහර ගැට ගැසී ඇති ස්ථානවල ආලේප කිරීමෙන් නහර ගැට ගැසීම පාලනය කර ගත හැකිය.
තක්කාලි සත්කාරය නහර ගැටගැසීමේ රෝගය පාලනය කර ගැනීම සඳහා භාවිතා කළ හැකි තවත් ස්වභාවික සත්කාරයක් ලෙස තක්කාලි සත්කාරය හැඳින්විය හැකිය. එනම් තක්කාලි කැබලිකපා නහර ගැට ගැසුනු ස්ථානවල තබා වෙළුම් පටියකින් වෙලිය යුතුය. දිනකට පස් වතාවක් පමණ සතියක් මෙම සත්කාරය සිදු කිරීම මගින් වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගත හැකිය. මේ ආදි වූ ස්වභාවික සත්කාර රැසක් පවතින අතර ඊට අමතරව
- කූඩැල්ලන් භාවිතා කර රුධිරය ඉවත් කිරීමේ ක්‍රමය
- ශරීරයේ බර පාලනය කර ගැනීම
- ආයුර්වේදයේ භාවිතා වන කසාය, පත්තු, ආලේපන ආදී ක්‍රම
- යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම
- දිගු වේලාවක් සිටගෙන සිටීමෙන් වැලකීම
- ප්‍රමාණවත් පරිදි විවේකයක් ලබා ගැනීම.
- මගින් ද නහර ගැට ගැසීමේ රෝගය පාලනය කර ගත හැකිය.