කාන්තාවන් වගේම පුරුෂයන්ටත් සුලබව ඇතිවන රෝග තත්ත්වයක් තමයි නහර ගැට ගැසීම. නමුත් මුල් අවස්ථාවේදී අපහසුතාවයන් නොදැනීම වගේම එදිනෙදා කටයුතු කරගන්නට බාධා නොවීම නිසා බොහෝ අය මේ තත්ත්වය පිළිබඳව එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නමුත් මේ තත්ත්වය නොසලකා හැරීමෙන් ඉතාමත් දරුණු සෞඛ්‍යය ගැටළුවලට මුහුණ පාන්නට සිදුවෙන බව බොහෝ අය දන්නේ නැහැ. වර්තමානය වෙද්දි බහුල වශයෙන් මේ තත්ත්වය දකින්නට ලබෙන්නේ අපි ගත කරන සංකීර්න ජීවන රටාවේ අහිතකර ප්‍රතිඵලයක් විදියටයි. ඉතින් අද කතාව මේ වෙරොකෝස් නැත්නම් නහර ගැට ගැසීම පිළිබඳව.
අපේ ශරීරයේ රුධිරය ගමන් කිරීම සඳහා රුධිරනාල වර්ග දෙකක් තියෙනවා ධමනි සහ ශිරා නමින්. පිරිසිදු රුධිරය ගමන් කරන්නේ ධමනිවලින් අපිරිසිදු රුධිරය ගමන් කරන්නේ ශිරා මගින්. ඉතින් නහර ගැට ගැසෙන්නේ මේ ශිරා ඉදිමී නිල් පැහැවී හැකිලී විකෘති වී යාමෙන්. මේ නහර ගැට ගැසීම නිසා නහරවල රුධිරය ගමන් කිරීම නිසි ලෙස සිදුවීමට ඇති කපාට නිසි පරිදි වැසීම සිදු වෙන්නේ නැහැ.රුධිර නාලවල බිත්ති දුර්වලවීමෙන් රුධිරය ඉහළට තල්ලු කිරීමත් අපහසු වෙනවා.
මේ තත්ත්වය වැඩි වශයෙන් පාදයේ කලවා ප්‍රදේශයේ හා කෙණ්ඩා ප්‍රදේශයේ බහුලව ඇතිවෙනවා. ඒ හැරුණාම අර්ශස් රෝගයෙන් පීඩා විදින පුරුෂයන්ගේ වෘෂණ ආශ්‍රිතවත් ශරීරය අභ්‍යන්තරයේ ගලනාලය හා ආමාශය සම්බන්ධ වන කොටසෙත් නහර ගැට ගැසීම් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. මතුපිට නහර ගැට ගැසීම් වැඩි වශයෙන් කලවා ආශ්‍රිතවයි ඇතිවෙන්නේ.සම ලා පැහැති අයගේ මකුළු දැලක් ආකාරයෙන් රතු, දම්, නිල් වර්ණවලින් දකින්නට පුළුවන්. නමුත් ගැඹුරු නහර ගැට ගැසීමක් බොහෝවිට කෙණ්ඩය ආශ්‍රිතවයි ඇතිවෙන්නේ. පාද ආශ්‍රිතව හැරුණාම කලාතුරකින් අත්වලත් ඇතිවෙන්නට පුළුවන්.
නහර ගැට ගැසීමට බලපාන හේතු

- ජානමය සාධක මව්පියන්ගෙන් දරුවන්ට මේ තත්ත්වය පැමිණෙන බව විශ්වාස කරනවා.එය ශිරාවල පිටත පටකවල උපතින්ම පවතින දුර්වලතාවයක් සහිත මවුපියන්ගේ දරුවන්ට මෙය ඇතිවෙන්නට පුළුවන්.
- දිගුකාලීනව සිටගෙන සිටීම හා හිඳගෙන සිටීම
- ශරීරයේ බර වැඩිවීම
- අධික ලෙස උසවීම
- කැස්ස ආදී රෝග නිසා උදරයේ පීඩනය වැඩිවීම
- දීර්ඝකාලීන මලබද්ධය
- ශිරා තුළට විෂබීජ ඇතුළු වීම නිසා ශිරාවල කපාට අක්‍රීයවීම
- හෝර්මෝන අසමතුලිතතාවය
- ව්‍යායාම අඩුකම
- අධික ලෙස තද ඇදුම් ඇදීම
- වයසට යාමත් සමඟ නහර දුර්වල වීම
- ගර්භණීභාවය
- ආර්තවහරණය හා හෝර්මෝන ප්‍රතිකාර
- උපත් පාලන ඖෂධ භාවිතය
- වෙහෙසකාරී ක්‍රියාවල නිරත වීම
- ගර්භණී සමයේදී ක්‍රියාකාරී වන ඊස්ට්‍රජන් හෝර්මෝන නිසා ශිරාවල තිබෙන මාංශ ස්ථරයේ හැකිලීම නිසා ශිරාව මහත්වීම ඇතිවෙනවා.ගැබේ සිටින දරුවා උදරයේ ඇති ශිරාවලට තෙරපීම නිසාත් කකුළේ ශිරාවල පළල්වීමක් ඇතිවී ඒවා ගැට ගැසෙනවා. බොහෝවිට දරුවා ලැබුණු පසුව මේ තත්ත්වය මගහැරී යන්නට පුළුවන්. ඇතැම්විට එසේ නොවන අවස්ථාත් පවතිනවා.
නහර ගැට ගැසීමෙන් ඇතිවන ලක්ෂණ

- පාදයේ වළලුකර අසල ඉදිමීම.මෙය බොහෝවිට සවස් කාලයේදී සිදුවෙනවා. එවිට පාදවල බර ස්වභාවයක් දැනෙනවා.
- පාද එක් ඉරියව්වක තබාගෙන සිටිය නොහැකි වීම
- සම ඝනවීම හා කළුවීම
- ශිරා ඉදිමී දගර ගැසී සෙමෙන් ඉදිරියට නෙරා ඒම. එවා නිල්, තද දම්, දුඹුරු හෝ රතු පැහැයෙන් දිස්වීම
- පාද ඉදිමීම
- ආශ්‍රිත සම වියළීම
- ඒ ආශ්‍රිත වේදනාව හා කැසීම් ඇතිවීම
- රාත්‍රියට මස් පිඩු පෙරළීම
- පාදවල හිරිවැටීම
- තුවාල ඇතිවීම
නහර ගැට ගැසීම වළක්වා ගන්නට කළ හැකි දේ

- එකම ඉරියව්වකින් දිගින් දිගටම නොසිටීම.
- පාද එල්ලා ගෙන සිටීම අවම කිරීම.
- නිතර ඉහළ පහළ ගමන් කිරීම.
- උසට සරිලන බර පවත්වා ගැනීම.
- ශාරීරික ව්‍යායාම්වල නිරත වීම
- ප්‍රමාණවත් ජලය පානය කිරීම.
- නිසි වේලාවට ආහාර ගැනීම.
- පාද වෙළුම් හෝ බැන්ඩේජ් හෝ මේස් භාවිතා කිරීම.
- නිදා ගැනීමේදී පාද තරමක් ඉහළට ඔසවා තබා ගැනීම.
- මලබද්ධය වැනි රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා ගැනීම.
- වයසට යාමත් සමඟ ඇතිවන නහර දුර්වලතා වළක්වා ගැනීම.
නහර ගැට ගැසීම නොසලකා හැරීමෙන් ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන්
කැසීම නිසා ඇතිවන තුවාල සුව කිරීම අපහසුවීම.තුවාල සුවකර ගන්නට නම් මුලින්ම ගැට ගැසී ගිය නහරවලට ප්‍රතිකාර කර සිටිය යුතු වෙනවා. මේ තුවාල නිසා අස්ථිවල තදබල වේදනාවක් ඇතිවී පසුව අස්ථියේ මතුපිට ස්ථරය ඉදිමී කකුළේ ඇඟිලි සහ වළලුකර සම්බන්ධව ක්‍රියා කරන කණ්ඩරාවල හැකිලීම සිදු වෙන්නට පුළුවන්. වසර 10 – 12ක් මේ තුවාල සුව නොවී තිබුණොත් එය පිළිකා බවට වුණත් පත්වෙන්නට පුළුවන්.
නහරවල රුධිරය ගමන් කිරීම අඩපණවීමෙන් කාලයක් ගතවීමෙන් රුධිර කැටිති සෑදීම හා ඒවා ගැලවී ගොස් හෘදය, මොළය, වකුගඩු, අක්මාව ආදී ඉන්ද්‍රියන්වල සිහින් රුධිර නාල අවහිර වීම.ඒ නිසා දෙපාවල වේදනාවන් ඇතිවීම, හිරිවැටීම, වෙහෙස ඇතිවීම සිදු වෙනවා.
යම් විටක නහර ගැට සිදුරුවුණොත් රුධිර වහනය වීමෙන් රක්තහීනතාවය ඇතිවීම. මේ නිසා මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්.ඇවිදීමටනොහැකිවීම ,සුළු අනතුරකදී වුවත් අධික ලෙස රුධිරය වහනය වීම මේ නිසා නහර ගැටගැසීම කිසිවිටෙකත් සුළුවට ගැනීම නොකළ යුතු බව සිතේ තබා ගන්න.