ඉරුවාරදයට ගුණ දෙන කතුරුමුරුංගා 

health tips

vegetable bumming bird යන නමින් ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන කතුරුමුරුංගා යනු Fabaceae උද්භිද කුලයට අයත් රනිල කුලයේ ශාකයකි. එනම් ඖෂධීය ගුණයෙන් යුතු  කතුරුමුරුංගා අඩි 25 ක් පමණ උසට වැඩේ. මලයාසියාව නිජ භූමිය ලෙස සලකන මෙම ශාකයේ ඖෂධීය ගුණ රාශියක් අඩංගුවේ. එනම් ශාක පත්‍ර ඒකාන්තර සංයුක්ත පත්‍ර වේ. පුෂ්ප ඒකාන්තර ද්වී ලිංගික පුෂ්ප වන අතර එම පුෂ්ප සුදු,කහ, රතු පැහැයන්ගෙන් යුක්ත වේ. කරලක් වූ මෙහි ඵලයෙහි අඩංගු බීජ මගින් ශාක ව්‍යාප්තිය සිදු කරගත හැකිය. 

ඖෂධ භාවිතා කිරීමට අමතරව කතුරුමුරුංගා කොළ,මල් විවිධාකාරයෙන් පිසගෙන  ආහාරයට එක් කර ගත හැකිය. එසේ ආහාරයට එක් කර ගැනීමෙන් ශරීරයට නොයෙක් සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය. 

ඊට හේතුව කතුරුමුරුංගා කොළ, මල් වල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වීමයි. විටමින් A,B,C, ප්‍රෝටීන්

,සෝඩියම්, සින්ක්,පොටෑසියම්,බීටා කැරොටින්, රයිබොප්ලෙවින්, කැල්සියම්,කොපර්,නියසීන් මැග්නීසියම්, නිකොටොනික් මේදය ,ඇල්වින්,   අම්ලය, ඇමයිනෝ අම්ලය, ඇස්පාර්ටික් අම්ලය මේ ආදී වූ පෝෂ්‍ය පදාර්ථ අඩංගුවේ. 

ආයුර්වේදයට අනුව කතුරුමුරුංගා ශාකය රසයෙන් තිත්ත, වීර්යයෙන් ශීත ගුණයෙන් ගුරු හා ලගුද විපාකයෙන් රූක්ෂ හා කටුක ගුණයන්ගෙන් අනූන බවයි. එමෙන්ම ආයුර්වේදයේ නොයෙක් රෝග වලට ප්‍රතිකර්ම කිරීමේදී පත්‍ර ,පොතු, මැලියම්,ඇට… ආදී පංචාංගයම භාවිතා කරයි. 

කතුරුමුරුංගා ශාකයේ ඇටවල පිට පොත්ත ඉවත් කළ විට එහි ප්‍රෝටීන් ප්‍රමාණය මෙන්ම විටමින් ප්‍රමාණය පත්‍රවලට සාපේක්ෂව ඉහළ අගයක් ගනී. නමුත් ඒවායෙහි විෂ අඩංගුවන බැවින් ආහාරයට ගැනීම සුදුසු නොවේ. 

කතුරුමුරුංගා ශාකයේ ඖෂධීය භාවිතය 

ඉරුවාරදය සුව කරගත හැකිය.පීඩා ගෙන දෙන ඉරුවාරදය සුවකර ගැනීම සඳහා කතුරුමුරුංගා ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් ඉන් කතුරුමුරුංගා වල අඩංගු රයිබොප්ලෙවින් ඉරුවාරදය ඇති වීම වළක්වනු ලබයි. එනම් මේ නිසාම ඉරුවාරාදය පවතින රෝගීන් කතුරුමුරුංගා නිතර ආහාරයට එක්කර ගැනීමෙන් එම රෝගය ඇතිවීම වළක්වා ගත හැකිය.

අධි රුධිර පීඩනය ඇතිවීම වළක්වාගත හැකිය.නිහඬ මාරයා ලෙස සලකන අධි රුධිර පීඩනය ඇතිවීම වලක්වාගැනීමට කතුරුමුරුංගා කොළ මල් ආහාරයට එකතු කර ගැනීම යෝග්‍ය වේ. එනම් ඊට හේතුව කතුරුමුරුංගා වල අඩංගු විටමින් සී ,පොටෑසියම් රුධිර නාල ඝන වීම වලක්වා රුධිරය ක්‍රමවත්ව ශරීරය පුරා සැපයීම සිදු කරනු ලබයි. එනම් මේ නිසා අධිරුධිර පීඩනය මෙන්ම හෘද රෝග ඇති වීම ද පාලනය වේ. 

ඇල්සයිමර් වැනි රෝග තත්ත්වයන් ඇති වීම වළක්වා ගත හැකිය.බොහෝ පුද්ගලයන් පීඩාවට පත් කරන ඇල්සයිමර් රෝගය ඇතිවීම වළක්වා ගැනීමට නිතර කතුරුමුරුංගා ආහාරයට එක්කර ගැනීම ගුණදායකය. එනම් කතුරුමුරුංගා ආහාරයට ගැනීමෙන් එහි අඩංගු විටමින්  බී1 වැනි පෝෂ්‍ය පදාර්ථ ඇල්සයිමර් රෝග තත්ත්වය ඇති වීම වළක්වනු ලබයි. එනම් වෛද්‍යවරුන්ගේ නිර්දේශ කරන්නේ මෙම රෝගීන් දිනකට විටමින් බී1 ග්‍රෑම් 100 ක් ලබා ගත යුතු බවයි. එනම් කතුරුමුරුංගා කොළ ආහාරයට ගන්නේ නම් ඉන් එම විටමින් ප්‍රමාණය සපුරාගත හැකිය. එනම් මින් ඇල්සයිමර් රෝගය ඇතිවීම වළක්වා ගත හැකිය. 

ශරීර ශක්තිය වර්ධනය කරගත හැකිය.ශරීර ශක්තිය වැඩි කර ගැනීමට එනම් නිතර වෙහෙසෙන පුද්ගලයින්ට හීන වී ගිය ශරීර ශක්තිය නැවත ඇති කර ගැනීමට සහ ශරීරය පෘෂ්ඨිමත් කර ගැනීමට කතුරුමුරුංගා ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් කතුරුමුරුංගා වල අඩංගු විටමින්, ප්‍රෝටීන්, යකඩ වැනි ඛනිජ ලවණ ශරීර ශක්තිය වර්ධනය කිරීමට ඉවහල් වේ. 

රක්ත හීනතාවය ඇති වීම වලක්වා ගත හැකිය.රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වූ විට රක්තහීනතාවය ඇති වනු ලැබේ. එනම් මෙම රෝගය ඇතිවීමට ප්‍රධාන හේතුව ශරීරයට අවශ්‍ය යකඩ ප්‍රමාණය අවම වීමයි. එනම් කතුරුමුරුංගා ආහාරයට එකතු කර ගන්නේ නම් ඉන් රක්ත හීනතාවය ඇතිවීම වළක්වා ගත හැකිය.  ඊට හේතුව කතුරුමුරුංගා වල අඩංගු යකඩ ,විටමින් සී  පෝෂ්‍ය පදාර්ථ මගින් රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩි කර රක්තහීනතාවය සමනය කිරීම සිදු කිරීමයි. ඊට අමතරව කතුරුමුරුංගා ආහාරයට ගැනීමෙන්  රක්තහිනතාවය නිසා ඇතිවූ සමෙහි අඳුරු පැහැය ද සමනය කර ගත හැකිය. 

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගත හැකිය. කතුරුමුරුංගා ආහාරයට එක්කර ගැනීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගත හැකිය. එනම් කතුරු මුරුංගා වල අඩංගු විටමින් සී ප්‍රතිඔක්සිකාරක මෙන්ම සෙලනියම් වැනි සංඝටක ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ප්‍රතිශක්තිකරණය දුර්වල වීමෙන් ඇතිවන වෛරස් රෝග, උණ, සෙම්ප්‍රතිශ්‍යාව, එච් අයි වී ආසාදන වැනි රෝග තත්ත්වයන් ඇති වීම ද වළක්වනු ලබයි. එනම් වයස් භේදයකින් තොරව සෑම දෙනාටම කතුරුමුරුංගා කොළ,මල් ආහාරයට එක් කර ගැනීම ගුණදායකය. මීට අමතරව නොයෙක් රෝග සුවකර ගැනීමට කතුරු මුරුංගා ශාකයේ කොළ, පොතු ,මැලියම් භාවිතයට ගනී. එනම් ඒ අතර 

  • මුඛ රෝග සෙම් රෝග සඳහා
  • යටිපතුල් පැළීම සමනය කිරීම සඳහා
  • රාත්‍රි අන්ධතාවය සඳහා
  • ශරීරගත විෂ නැසීම සඳහා
  • ආර්තව ගැටලු සුව කිරීම සඳහා
  • තුවාල සහ ලප කැලැල් සඳහා
  • උණ සමනය කිරීම සඳහා
  • අර්ශස් සහ බඩවැල් ආශ්‍රිත රෝග සඳහා

මේ ආදී වූ මිනිසුන්ගේ බොහෝ රෝග සුව කර ගැනීමට කතුරුමුරුන්ගා යනු දිව්‍යමය ඖෂධයකි.