මස් මාළු කන්නේ නැති කෙනක් නොවරදවාම ගතයුතු නිර්මාංශ ආහාර 10 ක්

health tips

ඇඟ සුදුමැලි වීම, ශාරීරික අප්‍රාණික බව, හිසරදය, ක්ලාන්තය, අධික නිදිමත සහ විඩාව කියන ලක්ෂණ ඔබටත් යම් අවස්ථාවල ඇති වෙලා ඇති. නමුත් මේ ලක්ෂණ එතරම්ම සැලකිල්ලට බොහෝදෙනා නොගත්තත් මේ ලක්ෂණවලින් බොහෝ අවස්ථාවල හැඟවෙන්නේ ඔබේ දේහයේ ලේ හිඟවී ඇති බවයි . ශරීරයේ රුධිර සෛලවල හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීම නිසා  ඇතිවන රක්තහීනතාවය කාන්තාවන් අතර බහුල වුණත් ඕනෑම වයසක පසුවන අයෙකුට ඇති වන්නට පුළුවන්. යකඩ ඌණතාවය නිසා, අධික ලෙස රුධිරය වහනය වීමක් නිසා වගේම ඇතැම් රෝග තත්ත්වයන් හේතුවෙන් පවා මේ නීරක්තිය ඇතිවෙනවා. නිරක්තිය සඳහා ලේ වඩවන ආහාර ලබා ගැනීම අනිවාර්ය වෙනවා. මෙහිදී ඇතැම්  නිර්මාංශ අය සඳහා  ගැටළුවක් වෙන මස් මාංශ පීකුදු ආදිය වෙනුවට හරි අපූරු ගුණදෙන ලේ වඩවන ශාකමය ආහාර බොහොමයක්ම පවතිනවා. ඉතින්  අපි අද කතා කරමු ලේ වඩවන මේ ශාකමය ආහාර පිළිබඳව.

  • කෙසෙල් මුව වස විස නැති ඉතා ඉහළම පෝෂණයක් සහිත ආහාරයක් තමයි මේ කෙසෙල් මුව. විශේෂයෙන්ම පීකුදු වර්ගවලට වඩා පස් ගුණයකින් වැඩි පෝෂණයක් කෙසෙල් මුවවලින් අපිට ලබාදෙනවා.නමුත් බොහෝදෙනෙක් අද ආහාරයට ගන්නට එතරම් ප්‍රියතාවයක් නොදක්වන ආහාරයක් මේ කෙසෙල් මුව. නමුත් ලේ වැඩීමට ගත හැකි ආහාර අතරේ ඉතා ඉහළින්ම තිබෙන ආහාරයක් වෙන්නෙත් මේ කෙසෙල් මුවයි .කෙසෙල් මුව යකඩවලින් පොහොසත් නිසා එය රක්තහීනතාවය, සුදුමැලි සම, සීතල අත් පා ආදී රෝග ලක්ෂණ සමනයට උදව් වෙනවා. යකඩ ඌණතාවයන් දුරුකරමින් රතු රුධිර සෛල මට්ටමත් ඉහළ නංවන්නට දායක වෙනවා.ඒ හැරුණාම, 
  • පිළිකා සහ හෘද රෝග වැළක්වීම 
  • මව්කිරි ශ්‍රාවය වැඩි  කිරීම
  • දරු ප්‍රසූතියෙන් පසු ගර්භාෂය ශක්තිමත් කර ලේ ගැලීම අඩු  කිරීම 
  • වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී  කිරීම, 
  • දියවැඩියාව පාලනය 
  • ඔසප් වේදනාව සමනය 
  • වකුගඩු ක්‍රියාශීලී කරවීම 

ආදී වාසි බොහොමයක් කෙසෙල් මුව ආහාරයට ගැනීමෙන් අපිට ලබා  ගන්නට හැකියාව තියෙනවා.

  • නෙළුම් අල ලේ වඩවන ශක්තිය වඩවන නෙළුම් අල කාන්තාවන්ට දරු සම්පත් ලබා ගන්නටත් උදව් වෙනවා.ශරීරයේ උෂ්ණය පහ කරන නෙළුම් අල තන්තු බහුල ආහාරයක් නිසා රුධිරය පිරිසිදු කිරීමේ හැකියාවෙන් ද සමන්විතයි. ඒ හැරුණාම නෙළුම් අල ආහාරයට  ගැනීමෙන් පහත සඳහන් වාසි ද ලඟා කරගන්නට පුළුවන්.
  • ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීම 
  • ප්‍රතිශක්තිය වැඩි කිරීම 
  • රුධිර පීඩනය නියාමනය 
  • හෘද සෞඛ්‍ය ප්‍රවර්ධනය 
  • සමේ සහ ඇසේ සෞඛ්‍ය වැඩි දියුණු කිරීම 
  • පිළිකා වැළැක්වීම 
  • මොළයේ සෞඛ්‍ය වැඩි දියුණු කිරීම 
  • කොස් පොළොස් කොස් පොළොස් ලාංකීය අපිට නුහුරු නුපුරුදු ආහාරයක් නෙවෙයි නේ. වස විස නැති ලේ වඩවන ශාකමය ආහාර අතුරින් කොස් පොළොස් විශේෂ වෙනවා. කොස් සෑම අතින්ම ශක්තිජනක ආහාරයක් වෙනවා. මව් කිරි වැඩීමට දායක වෙන, ආමාශගත රෝග දුරු කරන, දේහයේ විෂ නසන අපූරු ගුණයක් කොස් සතු වෙනවා. අහිතකර් කොලෙස්ටරෝල් පාලනය, පිළිකා  සෛල විනාශ කිරීම,  ප්‍රතිශක්තිය වර්ධනය කොස්වල තවත් සෞඛ්‍ය  ප්‍රතිලාභ වෙනවා.පොළොස් මස් වර්ගවලට වඩා දහස් ගුණයක පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාරයක්. බොහෝඅය කෑමට වඩාත් ප්‍රිය කරන පොළොස් මව් කිරි වඩවන, රුධිරය වඩවන ආහාරයක්.  ඒ හැරුණාම ප්‍රතිශක්තිය වර්ධනය, පිළිකා සෛල  නැසීම, ද  පොළොස් ආහාරයට ගැනීමෙන් අපේ දේහයට ලබා ගත හැකි ප්‍රතිලාභයන් අතර වෙනවා.
  • මුරුංගා කොළ එළකිරිවලට වඩා 17 ගුණයක පෝෂණ ගුණයකින් සමන්විත මුරුංග කොළවල කුකුළු බිත්තරවලට වඩා 36 ගුණයක මැග්නීසියම් ද  අන්තර්ගත වෙනවා. රුධිරය වඩන රුධිරය පිරිසිදු කරන ගුණයෙන් යුක්ත මුරුංගා කොළ වකුගඩු සුවපත් කර අක්මාව පිරිසිදු කරනවා. පිළිකා නැසීමේ ඉහළ ගුණයකින් ද යුක්ත වෙන මුරුංගා කොළ දේහයේ අසාත්මිකතාවන් ද දුරලනවා.
  • ගෝවා මල්  40% ක් තරම් ප්‍රෝටීන් අන්තර්ගත වෙන ගෝවා මල් දේහයේ රතු රුධිරාණු වර්ධනය කරනවා. අස්ථි ශක්තිමටත්  කිරීමටත්, හදවත  නීරෝගී කරන්නටත්, ප්‍රතිශක්තිය ඉහළ නංවන්නටත් සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා.
  • නිවිති යකඩ බහුලව අඩංගු වෙන නිවිති රක්තහීනතාවය දුරු කර ලේ වඩවනවා. ඒ හැරුණාම මෙහි අඩංගු තන්තු රුධිරය පිරිසිදු කරන අතර පිළිකා  සෛල නැසීම, ඇස් පෙනීම වර්ධනය, මස්පිඩු සහ අස්ථි ශක්තිමත් කිරීම මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය ආදී බොහෝ කර්තව්‍යයන් සඳහා ද සැලකිය යුතු දායකත්වයක් ද ලබා දෙනවා.
  • වට්ටක්කා දේහයේ රුධිරය වඩවන වට්ටක්කා හදවත නීරෝගී කරවනවා. ආහාර ජීර්ණය පහසු කරමින්, අහිතකර කොලෙස්ටරෝල් මට්ටමත් පහළ හෙළනවා. ඒ විතරක් නෙවෙයි පිළිකා සෛල විනාශ කරමින් මානසික සුවතාවයත් ළඟා කරදෙන වට්ටක්කා සම පැහැපත් කර දේහයට අවශ්‍ය  ශක්තියත් ලබා දෙනවා.
  • කෝමාරිකා ප්‍රෝටීන් බහුල ආහාරයක් වන කෝමාරිකා ව්‍යංජනයක් ලෙස හෝ පානයක් ලෙස සකසා ආහාරයට ගැනීමෙන් ප්‍රතිලාභ බොහොමයක්ම ලබා ගන්නට හැකියි. ඒ වගේම  ලේ වැඩීම, ලේ පිරිසිදු කිරීම, ආමාශගත රෝග නැසීම, ආහාර ජීර්ණය පහසු කිරීම, මල පිටවීම පහසු කිරීම සහ පිළිකා නැසීම මූලික වෙනවා.
  • බීට් අල ව්‍යංජනයක් ලෙස ආහාර ගන්නවාට වඩා අමුවෙන් සලාද ලෙස හෝ යුෂ වශයෙන් පානයෙන් මහත් සේ ගුණ ලබාගත හැකි ශක්තිජනක ආහාරයක් වන බීට් රූට් ලේ වඩවන්නටත් රුධිරය පිරිසිදු කරන්නටත් දේහයේ විෂ නසන්නටත් උපකාරී වෙනවා. ඒ විතරක් නෙවෙයි රුධිර පීඩනය පාලනය, මතකය වර්ධන, ප්‍රතිශක්තිය වර්ධනය තරුණ පෙනුම රැකදීම ආදී මෙකී නොකී වාසි බොහොමයක්ම එමගින් ලබා ගන්නට හැකියාව තියෙනවා.  
  • ඕට්ස් විටමින්වලින් පරිපූර්ණ ධාන්‍ය වර්ගයක් වන ඕට්ස් ශක්තිජනක ආහාරයක්. ඒ වගේම රතු රුධිරාණු වඩවන කදිම ආහාරයක්. යකඩවලින් පිරි ඕට්ස් අහිතකර කොලෙස්ටරෝල් මට්ටමද පාලනය කරන අතර සීනි මට්ටමද පහත හෙළනවා. මේ ගුණ ලබා ගැනීමට නම් කෘතීම වර්ණක රසකාරක රහිත ඕට්ස් ලබා ගන්නට කටයුතු කරන්න.

ඒ හැරුණාම රටඉදි, රට කජු, ධාන්‍ය  වර්ග වගේම දෙළුම්  ආදී පලතුරුත් ලේ වඩවන ආහාර අතර ප්‍රමුඛ වෙනවා. නිර්මාංශ අයට මේ ආහාර මගින් රතු රුධිරානු අඩුවීම වළකා  ගත හැකි වගේම තවත් බොහෝ සෞඛ්‍යමය ප්‍රතිලාභත් ලඟා කරගන්නට  හැකියාව තියෙනවා.