උගුරු දෙකක් පානය කරත් ගෑස්ට්‍රයිටීස් සුව වෙන පාරම් පාරික කසාය වට්ටෝරුව

health tips

සුවඳවත් මුල් පද්ධතියකට හිමිකම් කියන සැවැන්දරා යනු ආයුර්වේදය තුළ භාවිතා කරන තවත් එක් ඖෂධීය ශාකයකි. එනම් මානා කුලයට අයත් සැවැන්දරා Vetiveria zizanioides නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබයි. 

අභය,සුගන්ධිමූලක,රතාප්‍රිය,ජලවාස, ඉන්ද්‍ර ගුප්ත යන ආදී නාමයන් තිස් දෙකකින් පමණ හඳුන්වන සැවැන්දරා ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව තුළ ද  බහුලව වගා කරයි. එනම් බොහෝ රෝග සමනය කිරීමට මෙන්ම නොයෙක් රූපලාවන්ය සත්කාරයන් සිදු කිරීමට ද සැවැන්දරා වැඩි වශයෙන් යොදා ගනී. එනම් සැවැන්දරා මුල් යොදා ගෙන තෙල් , නොයෙක් සබන් වර්ග , සුවඳ විලවුන් වර්ග නිශ්පාදනය කරනු ලැබේ. 

  • මීට අමතරව කොළ මගින්, පැදුරු සහ විජිනිපත් ද සකස් කරනු ලැබේ. 
  • සැවැන්දරා ආයුර්වේදය තුළ ඖෂධයක් ලෙස භාවිතා කරන ආකාරය. 

සැවැන්දරා ඖෂධීය ගුණ 

ගෑස්ට්‍රයිටීස් රෝගය සදහා බොහෝ දෙනෙකුට පවතින අම්ල පිත්ත රෝගය හෙවත් ගෑස්ට්‍රයිටීස් රෝගය සුව කර ගැනීම සඳහා  සැවැන්දරා මුල්, සුදු හදුන්, වී පොරි, ඉරිවේරිය දඩු, මානෙල් අල සමාන ප්‍රමාණයෙන් ගෙන ඊට ජලය දමා පත අට එකට සිඳුවා කෂායක් ලෙස සකස් කර පානය කිරීම වඩාත් සුදුසුවේ. ඊට අමතරව සැවැන්දරා මුල්, උක් පුරුක්, නුග මුල්, මානෙල් අල, වැල් මී, අලු කෙසෙල් අල, නෙලුම් රේණු, මුද්දරස්පලම්, නුග කරටි හා රට ඉදි කලං එක හමාර බැගින් ගෙන පත අට එකට සිදුවා පෙරා පානය කිරීම ද ගැස්ට්‍රයිටිස් රෝගය සමනයට උපකාරීවේ. 

මුත්‍රා දැවිල්ල සඳහා වයස් භේදයකින් තොරව ඇතිවන මුත්‍ර දැවිල්ල සමනය කිරීමට සැවැන්දරා මුල් කුඩු කර වතුර වීදුරුවකට දමා රැයක් තබා උදෑසන පෙරා පානය කිරීම ගුණදායකය. මෙම පානය හැරුණු කොට තවත් ඖෂධීය පානයක් සැවැන්දරා යොදා ගෙන සකස් කර ගත් හැකිය. එනම් සැවැන්දරා මුල්, සුදු හදුන්, වී පොරි, ඉරිවේරිය දඩු, මානෙල් අල සමාන ප්‍රමාණයෙන් රැගෙන වතුර  පත අටක් දමා පත එකට සිඳවා පානය කිරීම ද යෝග්‍ය වේ. 

ශරීර උෂ්ණත්වය දුරුකර ගැනීම සඳහා සැවැන්දරා යනු ශරීර උෂ්ණත්වය සමනය කිරීමට යොදා ගන්නා ප්‍රත්‍යක්ෂ ඔසුවක්වේ. එනම් සැවන්දරා මුල් ඇල් දියෙන් අඹරා ශරීරය පුරා ආලේප කොට පැයක් පමණ තිබෙන්නට හැර සෝදා හැරීම මගින් ශරීරය සිසිල් කර ගත හැකිය. සැවන්දරා මුල්, සුදු හදුන්, උක් ගස් හා මුද්දරස්පලම් හොඳින් කුඩුකර ඇල් ජලයට දමා රැයක් පෙගෙන්නට තබා පසුදින උදෑසන සියල්ල පොඩිකර යුෂ පෙරා පොරි කුඩු හා සීනි මිශ්‍රකර පානය කිරීම මගින් ද ශරීරගත උෂ්ණාධික බව සමනය කර ශරීරය සිසිල් කර ගත හැකිය. 

හිසේ කැක්කුම සඳහා හිසේ කැක්කුම සහ හිසේ බර ගතිය සමනය කිරීම සඳහා සැවැන්දරා මුල් අඟුරු කබලකට දමා එමගින් නගින දුම ආග්‍රණය කිරීම සිදුකරයි. 

කාන්තා ප්‍රදර රෝග සඳහා ආයුර්වේදය තුළ කාන්තා ප්‍රදර රෝග සුව කිරීම සඳහා ගුණදායක ඖෂධයක් ලෙස සැවැන්දරා භාවිතා කරයි. එනම් සැවැන්දරා කෂාය මේ සඳහා වඩාත් සුදුසුවේ. සැවැන්දරා මුල්, ඉරිවේරිය, ගල්කූර මුල්, ඉරමුසු, හාතවාරිය මුල්, වැල් මී, වැල්මදට, මානෙල් අල, මුද්දරස්පලම් කලං එකයි මදටිය හතර බැගින් ගෙන  වතුර පත අටක් දමා පත එකට සිඳවා උදේ සවස පත භාගය බැගින් පානය කිරීමට ලබා දීමෙන් කාන්තා ප්‍රදර රෝග සුව කර ගත හැකිය. 

තුවාල සුව කර ගැනීම සඳහා සුළු තුවාල ඉක්මනින් සුව කර ගැනීම  සඳහා සැවැන්දරා මුල් පෙඟෙන්නට තබා එම ජලයෙන් සෝදා හැරීම මගින් තුවාල ඉක්මනින් සුව කරගත හැකිය. 

වමනය සමනය කිරීම සඳහා නොයෙක් රෝග තත්වයන් ඇති වූ විටක වමනය ඇති වීම සිදුවේ. එසේ නොනවත්වා ඇතිවන වමනය සුව කිරීම සඳහා සැවැන්දරා තෙල් භාවිතා කළ හැකිය. එනම් සැවැන්දරා තෙල් බින්දු දෙකක් දිවග ආලේප කිරීම මේ සඳහා වඩාත් යෝග්‍ය වේ. 

කුරුලෑ  සඳහා  ගැහැණු පිරිමි දෙපාර්ශවයම පීඩා විඳින කුරුලෑ ඇතිවීම වළක්වා ගැනීමට සැවැන්දරා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා සැවැන්දරා මුල් සුදු හඳුන් අඹරා මුහුණ මත ආලේප කර විනාඩි 20ක් පමණ තබා සෝදා හැරීමෙන් කුරුලෑ ඇති වීම හා ඇතිවූ කුරුලෑ සමනය කර ගත හැකිය. 

මානසික රෝග සඳහා කාර්ය බහුල ජීවන රටාවත් සමඟ හෝ නොයෙකුත් හේතූන් මත ඇතිවන මානසික ආතතිය, කාංසාව වැනි මානසික රෝග සමනය කිරීම සඳහා සැවැන්දරා දුම් හා තෙල් යොදා ගත හැකිය. එනම් සැවැන්දරා තෙල් ආලේපය හා දුම් ආග්‍රහණය කිරීම මගින් ස්නායු ලිහිල් කර මනස සැහැල්ලු කරයි. එනම් ඉන් මානසික රෝග ඇතිවීම සමනය කර ගත හැකිය.මෙම රෝග හැරුණු කොට 

  • සම පැහැපත් කර ගැනීම සඳහා
  • සෙම හා පිත සඳහා
  • සුවබර නින්දක් සඳහා
  • ආහාර රුචිය සඳහා
  • හිසකෙස් වර්ධනය කිරීම සඳහා
  • ප්‍රතිශක්තිකරණය සඳහා ඖෂධ ලෙස යොදා ගත හැකිය.