කෙට්ටු පුද්ගලය මාස තුනක් යන්න කලින් හැඩි දැඩි කරන උඳු ව්‍යංජනය සතු ගුණ 17 ක්

health tips

අද වැඩිපුර කතා කරන බෝ නොවන රෝගවලට බොහෝ දුරට හේතු වෙලා තියෙන්නේ අපේ නොගැලපෙන ආහාර රටාව. ඒ නිසා ආහාරයක් ගනිද්දී ඒවායේ හිතකර බව සහ අහිතකර බව පිළිබඳව අප තුළ හොඳ අවබෝධයක් තියෙන්නට ඕන. පෝෂදායී ආහාර වේලක් ලබා ගන්නට හැමෝම කැමතියි නේ. ඉතින් අපි ආහාරයට එකතු කර ගන්නා විවිධ පිටි වර්ග අතරින් උදු පිටි කියලා කියන්නේ හිතකර ප්‍රතිලාභ බොහොමයක් දෙන සෞඛ්‍ය සම්පන්න ආහාරයක්. සුවබර  ජීවිතයක් ගත කරන්නට උනන්දු වෙන ඔබ හැමෝම වෙනුවෙන් අපි අද කතා කරමු උඳු පිටි අපේ ශරීර සෞඛ්‍යය යහපත්ව පවත්වා ගෙන යන්නට භාවිතා කරන්නේ කොහොමද  කියලා.

රනිල කුලයට අයත් වන ධාන්‍ය වර්ගයක් වන මේ උඳු  හේන් වගාවේ අතුරු බෝග වගාවක් විදිහට වඩාත් ප්‍රචලිතයි. උදු ඇට කුඩු කර ගලේ අඹරා ගැනීමෙන් එහෙමත්  නැත්නම් යන්ත්‍ර සූත්‍ර භාවිතා කර ගැනීමෙන් සාදාගන්නා උඳු පිටි පිරිපහදු තිරිඟු පිටි වෙනුවට අපිට භාවිතා කළ හැකි සෞඛ්‍ය සම්පන්න ආහාරයක්. ඒ නිසාම බොහෝ දෙනෙක් විවිධ ආහාරපාන සකස්කර ගන්නට මේ උදු පිටි භාවිතයට ගන්නවා. යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් උදු පිටි සකස් කරගන්නවාට වඩා උදු ඇට පෙඟෙන්නට දමා පසුව ගලේ අඹරා ගන්න පුළුවන්  නම් එහි පෝෂණ ගුණය බොහෝ දුරට ආරක්ෂා කරගන්නට පුළුවන්.

 මේ උදු පිටි භාවිතයෙන් සකසන  උළුඳු වඩේ, තෝසෙ , ආදී ආහාර ගන්නට බොහෝඅය රුචියක් දක්වනවා. සාමාන්‍යයෙන් අපේ රටේ ජනතාවට වඩා මේ උදු පිටි වැඩි වශයෙන් භාවිතා කරන ජනතාවක් තමයි ඉන්දියාවේ වාසය කරන්නේ. ඔවුන් ඕනෑම ආහාර වේලක් සඳහාම උඳු ආශ්‍රිත කුමන හෝ ආහාරයක් පිළියෙල කර ගන්නවා. 

උදෑසන ආහාරයට විතරක් නෙවෙයි. රාත්‍රි ආහාරයටත් මේ උදු පිටි භාවිතා කර සකස් කරන ආහාර අපිට ගන්නට හැකියාව තියෙනවා. මේ උදු පිටිවලින් සැකසූ ආහාර සඳහාම වෙන්වුණු ආපනශාලා පවා අද ලංකාවේ දකින්නටත් පුළුවන්. 

කොහොමවුණත් උඳු කියලා කියන්නේ බර ආහාරයක්. ඒ නිසා අපේ කුස හොඳින් පුරවා ගන්නට හැකියාවක් ලැබෙනවා .කාබෝහයිඩ්‍රේට්,  ප්‍රෝටීන, ආහාරමය තන්තු, මේදය, විටමින්, ඛනිජ, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, මැන්ගනීස්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්,සින්ක් යන පෝෂක සංඝටක රාශියක් මේ උඳුවල අන්තර්ගත වෙනවා. 

ඒ විතරක් නෙමෙයි ශරීරයට හොඳ ශක්තියක් සපයන ශක්ති සම්පන්න ආහාරයක් මේ උදු.ඒ නිසා යම් අවස්ථාවල මෙය දිරවීමේ අපහසුතාවක් ඇති වෙන්නට පුළුවන්. උඳුවල ඇති ඖෂධීය ගුණය නිසා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ විශේෂිත ප්‍රතිකාර ක්‍රම සඳහාත් මේවා භාවිතා කරනවා. කොහොමවුණත් මේ උඳු ආහාරය පිණිස ලබා ගැනීමෙන්  වඩාත් විශේෂ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්.

 උදු ආහාරයට එකතු කර ගැනීමෙන් ලැබෙන ගුණ

  • ශරීරයේ කෘෂ බව අඩු කරනවා.
  • ශරීරය සිසිල් කරනවා.
  • මානසික ශක්තිය වර්ධනය කරනවා.
  • මතකය වැඩිදියුණු කරනවා.
  • සමේ වර්ණය වැඩි කරනවා.
  • බුද්ධිය වර්ධනය කරනවා.
  • බඩගින්න ඇති කරනවා.
  • මල පිටවීම පහසු කරනවා.
  • වාත රෝගවලට ගුණදායකයි.
  • ශරීරයේ දැවිල්ල නැති කරනවා.
  • අර්ශස් රෝගීන්ට  ගුණදායකයි.
  • හදවතට හිතකරයි.
  • ඇස්වල පෙනීම වැඩි කරනවා.
  • ශක්තිය වර්ධනය කරනවා.
  • ඔසප් චක්‍රය ක්‍රමවත් කරනවා.
  • සුවදායි නින්දක් ලබා ගන්නට උපකාරී වෙනවා. 

හිසකෙස් කළු කර ගැනීම සඳහා උදු එකට එකතු කර පිළියෙල කරගත් තලපය ඉතා වැදගත් බව සඳහන් වෙනවා. නමුත්  අධික මාත්‍රාවක් ගත්තොත් බඩ පිපීම වගේ අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන් නිසා උදේ ආහාරය සඳහා පිළියෙල කර ගනිද්දී ඒවාට පෙරුම්කායම්, ඉඟුරු වගේ දේවල් එකතු කිරීම ඉන්දියානුවන්ගේ සිරිතක්. ඒ විතරක් නෙවෙයි අධික මාත්‍රාවක්  ගැනීමෙන් මුත්‍රා සහ රක්ත ආබාධ ඇති අයට අහිතකර වෙන්න පුළුවන්.

උඳු ව්‍යංජනය පිළියෙල කරගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය  

  • උඳු ග්‍රෑම් 500 ක්
  •  මිරිස්
  •  ලුණු
  •  කහ
  •  තුන පහ
  •  තක්කාලි 

මුලින්ම උදු ඇට සෝදා කබලක බැඳගෙන පියලි කරගන්න. ඉන්පසු එයට සාමාන්‍ය පරිදි ලුණු, තුනපහ, කහ තක්කාලි ඇතුළු කලමනා දමා හොඳින් තම්බා ගන්න. ඉන්පසු තෙම්පරාදු කර ආහාරයට එකතු කර ගන්න.

 සැලකිය යුතුයි ආහාර මාර්ගයේ රෝග ඇති අයට මේ ආහාරය එතරම් හිතකර නැහැ. මොකද උදු  පිටි වලින් සාදන ආහාර ජීර්ණයට තරමක් අපහසු නිසා. ඇදුම, පීනස සහ අජීර්ණ රෝගවලින් පෙළෙන්නන්ට ද මේවා  ආහාරයට ගැනීම එතරම් හිතකර නැහැ.