අක්මා රෝග පාලනය කරන කවුපි සතු ගුණ 22 ක්

health tips

Vigna unguicuiculata යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කව්පි යනු ධාන්‍ය වර්ග අතර ඖෂධීය ගුණ රැසක් අඩංගු ධාන්‍ය වර්ගයකි. එනම් වයස් භේදයකින් තොරව සෑම දෙනාටම පාහේ ආහාරයට ගත හැකි කව්පි දේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ නොයෙක් පළාත් වලද විදේශීය වශයෙන් ලතින් අමෙරිකාව,දකුණු අපි‍්‍රකාව,දකුණු ඉන්දියාව… ආදී රටවලද බහුලව වගා කරනු ලැබේ. එනම් කව්පි තම්බා පොල් සහ ලුණු මිරිස් සමඟ ආහාරයට ගැනීම ගුණදායකය. ඊට අමතරව ව්‍යංජනයක් හා සුප් ආදීය සකස් කිරීමේදීද කවුපි භාවිතා කරනු ලැබේ. එනම් මෙසේ කවුපි ආහාරයට එක් කර ගැනීමෙන් ශරීරගත බොහෝ රෝග සමනය කර ගත හැකිය. එනම් කවුපිවල මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. එනම් ප්‍රෝටීන්, විටමින් කැලරි කෙඳි,කාබෝහයිඩ්‍රේට්, විටමින් බී, මැග්නීසියම්, ලවණ වැනි පෝෂ්‍ය පදාර්ථ රාශියක් කවුපිවල අඩංගුවේ. 

කව්පි වල ඖෂධීය ගුණ

ශරීර ශක්තිය වර්ධනය කරයි.රෝගී වූ කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට, අපස්මාරය වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නන්ට  නැවත ශරීර ශක්තිය වර්ධනය කරගැනීමට කවුපි තම්බා ආහාරයට එක්කර ගැනීම ගුණදායකය. 

මලබද්ධය සමනය කරයි.වයස් භේදයකින් තොරව පවතින මල බද්ධය සමනය කිරීම සඳහා ද කව්පි ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් කව්පි ආහාරයට ගැනීමෙන් කව්පි වල අඩංගු තන්තු මල බද්ධය සමනය කිරීම සිදු කර මළ පහ පිට කිරීම පහසු කරයි. මේ නිසා මලබද්ධය ඇති පුද්ගලයින්ට කවුපි නිතර ආහාරයට එක්කර ගැනීම ගුණදායකය. එමෙන්ම මල බද්ධය උත්සන්න වීමෙන් ඇතිවන අර්ශස් රෝගීන්ටද කව්පි ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. 

ආර්තව වේදනාවන්  සමනය කරයි. බොහෝ කාන්තාවන් ආර්තවය හේතුවෙන් ඇතිවන වේදනා නිසා පීඩාවට පත්ව තිබේ. එනම් එවැනි අවස්ථාවක කව්පි ආහාරයට ගන්නේ නම් එම වේදනාවන් සමනය කරගත හැකිය. එනම් කව්පි වල අඩංගු යකඩ ආදී පෝෂපදාර්ථ ආර්තවය පහසු කරනු ලැබේ. එමෙන්ම කව්පි වල අඩංගු වේදනා නාශක ගුණය ආර්තවය නිසා ඇතිවන වේදනාවන් සමනය කිරීමට හේතුවේ. 

සම ආශ්‍රීත රෝග සමනය කරයි. දද කුෂ්ඨ වැනි සම ආශ්‍රිතව ඇති විය හැකි ප්‍රදාහ තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම ඇතිවූ ප්‍රදාහයන් සමනය කරගැනීමට කව්පි ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. 

ආමාශය ආශ්‍රිතව ඇතිවන රෝග සමනය කරයි.ආමාශයේ ක්‍රියාකාරිත්වය මෙන්ම අග්න්‍යාශයේ මනා ක්‍රියාකාරීත්වය  පවත්වාගෙන යාමට කව්පි ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. 

රක්තහීනතාවය සමනය කරයි.රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වූ විට රක්තහීනතාවය ඇති වනු ලැබේ. එනම් මෙම රෝගය ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ යකඩ ඌණතාවයයි. එනම් කවුපි ආහාරයට ගැනීමෙන් එහි අඩංගු යකඩ රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර රක්තහිනතාවය සමනය කිරීම සිදු කරයි. මේ නිසා රක්තහිනතාවය ඇති රෝගීන්ට කවුපි ආහාරයට එක් කර  ගැනීම ගුණදායකවේ. 

  • කාන්තාවන්ගේ ස්වේත ප්‍රදරයට 
  • හෘද රෝගයට 
  • අක්මා රෝග සමනය කිරීමට 
  • ප්ලිහාවේ රෝගයට 
  • අක්ෂි රෝග සමනය කිරීමට 
  • ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට 
  • ඉරුවාරදය සමනය කිරීමට 
  • ඇදුම රෝගය සමනය කිරීමට 
  • ශරීරයේ විෂ ඉවත් කිරීමට 
  • රුධිරය පිරිසිදු කිරීමට 
  • ආහාර මාර්ගය පිරිසිදු කිරීමට 
  • සන්ධි ඉදමුම් සමනය කිරීමට 
  • මුත්‍ර රෝග සමනය කිරීමට 
  • ගෑස්ට්‍රයිටිස් රෝගය සමනය කිරීමට 
  • මේ ආදී රෝග සමනය කිරීමට කවුපි උපකාරීවේ.
  • කව්පිවල අහිතකර ගුණ 

බඩ පිපුම හා උදරගත අජීර්ණ තත්ත්වයන් ඇති විටෙක කව්පි ආහාරයට එක්කර ගැනීම සුදුසු නොවේ. එමෙන්ම තරබාරු පුද්ගලයින් ද කව්පි ආහාරයට එක්කර ගැනීමෙන් වළකින්නේ නම් එය වඩාත් සුදුසුවේ. පෝෂණීය ගුණයෙන් අනූන කවුපි ව්‍යංජනය සකස් කර ගන්නා ආකාරය. 

අවශ්‍ය ද්‍රව්‍ය

  • කවුපි ඇට කෝප්පයක්
  • පොල් කිරි කෝප්ප 1
  • අමුමිරිස් කරල් 2
  • සුදුලූනු ගෙඩි 2
  • රතුලූනු ගෙඩි 2
  • ලුණු ස්වල්පයක්
  • තෙල් ස්වල්පයක්
  • මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ ස්වල්පයක්
  • කරපිංචා ඉත්තක් 

රැයක් වතුරට දමා පෙඟෙන්නට තබා සෝදා ගත් කවුපි වලට සිහින්ව කපා ගත් ලූණු, අමු මිරිස් සහ අවශ්‍ය පරිදි මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු සහ ලුණු පදමට එකතුකර බදුනක් ලිප තබා තෙල් ස්වල්පයක් එක්කොට රත් වූ පසු කරපිංචා, සුදුලූනු එකතු කර රන්වන් පැහැවන තෙක් බැද කවුපි ටික එකතු කර තෙම්පරාදු කර ගන්න.එය මදවේලාවක්  තෙලෙන් මලවා  වතුර කෝප්ප භාගයක් පමණ දමා තැම්බෙන්නට හැර පොල් කිරි මිශ්‍ර කර ගන්න. පසුව හොඳින් තැම්බුණු පසු මද ගින්නේ පිස ගන්න. මේ ආකාරයට සතියකට එක් වරක් හෝ කවුපි ආහාරයට ගන්නේ නම් ඉන් බොහෝ රෝග සමනය කර ගත හැකිය.