ජලය , ශක්තිය, පොස්පරස්, විටමින් C කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය, කැල්සියම්, යකඩ, තයමින්, මයික්‍රෝ,තන්තු, රයිබෝප්ලේවීන්, කැරටීන්,කැලරි…. යන ආදී පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වැල් දොඩම් යනු රසයෙන් මෙන්ම ගුණයෙන් අනුන පලතුරකි. බොහෝ විට ලොකු කුඩා සෑම දෙනාම ඉදුණු වැල් දොඩම් යුෂ පානයක් ලෙස සකස් කර පානය කරයි. ඊට අමතරව වැල් දොඩම් කොළ සම්බෝලය අධිරුධිර පීඩනය ඇතුළු රෝග ගණනාවක් සමනය කිරීමට උපකාරී වේ. වැල් දොඩම් නොහොත් ෆැෂන් ෆෘට් වර්ග දෙකක් හඳුනාගත හැකිය.
- දම් පැහැති වැල් දොඩම්
- කහ පැහැති වැල් දොඩම්
මෙම වැල් දොඩම් යුෂ පානයක් ලෙස හෝ පළතුරක් ලෙස ආහාරයට ගන්නේ නම් ඉන් රෝග ගණනාවක් සමනය කර ගත හැකිය.

ශරීර ප්‍රතිශක්තිකරණය වර්ධනය කරයි.විටමින් C බහුලව අන්තර්ගත පළතුරක් වන වැල්දොඩම් බැක්ටීරියා සමග සටන් කර ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරනු ලබයි. මේ නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කර ගැනීම සඳහා වැල් දොඩම් ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
රක්තහීනතාවය සුව කරයි. රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය වර්ධනය කර ගනිමින් රක්තහීනතාවය දුරුකර ගැනීමට වැල්දොඩම් ඉවහල්වේ. මේ සඳහා වැල් දොඩම් යුෂ හෝ වැල්දොඩම් කොළ මලවා ආහාරයට ගත යුතුය.
ආහාර ජීර්ණ පද්ධතියේ පැවැත්මට තන්තු බහුල පළතුරක් වන වැල් දොඩම් ආහාර ජීර්ණ පද්ධතිය නිසි ලෙස පවත්වා ගැනීමටත් බඩවැල්වල නිරෝගී තත්ත්වය රැක ගැනීමටත් හේතු වන අතර බඩවැල්වල තුවාල ඇතුළු ආබාධයන් සහ මළබද්ධය සමනයට උපකාරී වේ. තවද කොලෙස්ටරෝල් අඩු කිරීමෙන් හෘද සෞඛ්‍යය ඉහළ නැංවීමට ද එහි ඇති තන්තු ප්‍රයෝජනවත් වේ. මල බද්ධය අර්ශස් හා ගුද මාර්ගයේ ඇතිවන දැවිල්ලට ද වැල්දොඩම් ගුණදායක ප්‍රතිකාරකයකි.
අධි රුධිර පීඩනය පාලනය කරයි. අධි රුධිර පීඩනය ඇති වූ විට එය හෘදයාබාධ අවදානම ද ඇති කරයි. පොටැසියම් වැඩි වශයෙන් අන්තර්ගත පලතුරක් වන වැල්දොඩම් ආහාරයට ගැනීමෙන් අධි රුධිර පීඩනය පාලනය කරගත හැකි අතරම හෘද සෞඛ්‍ය සුරක්ෂිත කර ගත හැකිය. එමෙන්ම අඩු සෝඩියම් ප්‍රමාණයක් වැල් දොඩම් වල අන්තර්ගත වන බැවින් එයද අධි රුධිර පීඩනය පාලනයට දායක වෙයි. විශේෂයෙන් මේ සඳහා වැල්දොඩම් කොළ මලවා ආහාරයට එක්කර ගැනීම වඩාත් යෝග්‍ය වේ.
කොලෙස්ටරෝල් පාලනය කරයි.වැල් දොඩම් වල අඩංගු තන්තු මගින් රුධිර නාලිකා වල ඇති අධි කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම සිදුකරයි. මේ නිසා කොලෙස්ට්‍රෝල් ඇති පුද්ගලයින්ටද වැල් දොඩම් ආහාරයට එක් කර ගැනීම යෝග්‍යවේ.
ස්නායු රෝග ඇති වීම වළක්වනු ලබයි.වැල්දොඩම් ආහාරයට ගැනීමෙන් එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක ස්නායු පද්ධතිය හා මොලය ආශ්‍රිත විෂ ඉවත්කර මොළයේ ඇති වන ස්නායු ආබාධ සමනය කරයි. එම නිසා ස්නායු ආබාධවලින් වැළකී සිටීමට වැල්දොඩම් ආහාරයට ගැනීම ගුණදායකවේ.
මානසික ආතතිය නින්දට පෙර පැෂන් ෆෘට් වීදුරුවක් බීමෙන් සුව නින්දක් ලැබෙන අතර ආතතිය අඩුකර ගත හැකිය. පැෂන් ෆෘට්වල කැලරි සෝඩියම් මෙිදය අඩු නිසා ශරීරයේ අනවශ්‍ය බර අවම කරමින් පැහැපත් හැඩකාර සිරැරක් ලබා ගත හැකිය.
තවද මානසික ආතතිය සහ කංසාව වැනි රෝගවලින් පෙළෙන්නන්ට වැල්දොඩම් ගුණදායක වන්නේ එහි මැග්නීසියම් අධික බැවිනි. එයින් මොළයේ සෛලවලට ප්‍රබල බලපෑමක් ඇති කරන අතර මෙමඟින් මානසික නිරවුල් බව ඇති කරයි. මේ නිසා මානසික ආතතිය පවතින විටක ෆැෂන් ෆෘට් භාවිතා කිරීම යෝග්‍ය වේ.
ඇස්වල සෞඛ්‍යය මනාව පවත්වා ගෙන යාමට උපකාරී වේ. විටමින් ඒ බහුලව පවතින වැල් දොඩම් ඇස්වල සෞඛ්‍යය හොඳින් පවත්වා ගෙන යාමට උපකාරී වේ. එනම් අක්ෂි පරිහාණිය ,ඇසේ සුද ඇති වීමේ අවදානම ,රාත්‍රි අන්ධභාවය.. යනාදී ඇස් ආශ්‍රිතව ඇතිවන රෝගී තත්වයන් වළක්වා ඇස් පෙනීම වැඩි කිරීමට වැල් දොඩම් පානය භාවිතා කිරීම යෝග්‍ය වේ.
හිසකෙස් වර්ධනය කරයි.වැල් දොඩම් ආහාරයට ගැනීම මගින් හිසකෙස් වර්ධනය කරගත හැකිය. එනම් මෙහි අඩංගු ප්‍රෝටීන්, මේදය,යකඩ, කැල්සියම් මගින් හිසෙකෙස් වර්ධනය කිරීම සිදු කරයි. එමනිසා හිසකෙස් වර්ධනය කර ගැනීමට වැල් දොඩම් පානය වඩාත් සුදුසුවේ.

පිළිකා ඇතිවීම පාලනය කරයි.ෆැෂන් ෆෘට් පානය කිරීම මගින් එහි අඩංගු ප්ලේවනොයිඩ් මගින් පිළිකා සෛල මර්දනය කිරීම සිදු කර පිළිකා ඇති වීම වලක්වනු ලබයි. එනම් පිළිකා වැනි මාරාන්තික රෝග වලින් ආරක්ෂා වීමට මෙන්ම ඇතිවූ පිළිකා සෛල මර්දනය කිරීමට වැල් දොඩම් පලතුරක් ලෙස හෝ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම යෝග්‍ය වේ. මීට අමතරව
- කොලොස්ට්‍රෝල් පාලනය කිරීම.
- සමෙහි තෙතමනය පවත්වා ගැනීම සඳහා
- දියවැඩියාව පාලනය කිරීම සඳහා
- ආතරයිටීස් වැනි රෝග තත්ත්වයන් නිසා ඇතිවන ඉදමුම්, අස්ථි වේදනාව, දැවිල්ල සමනය කිරීම සඳහා
මෙවැනි රෝග ගණනාවක් සුව කර ගැනීම සඳහා වැල් දොඩම් ගෙඩි , කොළ ආහාරයට ගැනීම යෝග්‍ය වේ. නමුත් නිදන් ගත රෝග සඳහා කෘතිම ඖෂධ භාවිතා කරන්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු ය.