වැල් දොඩම් නැත්නම් ෆැෂන් ෆ්රුට් කියන්නේ ලොකු කුඩා හැමෝම කන්නට කැමති පලතුරක්. මේ වැල් දොඩම් පලතුරක් විදියට හැරුණාම වැල් දොඩම් දළු ඉතා ඉහළ පෝෂණ ගුණයෙන් සමන්විත වෙනවා. නමුත් අද බොහෝදෙනෙක් මේ වගේ වස විස නැති පලා වර්ග ආහාරයට ගන්නේ ඉතාමත් අඩුවෙන්. බොහෝ ගෙවතුවල ඉබේම වැවෙන වැල් දොඩම් වැලක් දකින්නට ලැබෙනවා. වැල් දොඩම් කියන්නේ අපේ රටේ බහුලවම වැවෙන වසර පුරාම ඵලදාව හට ගන්නා අපූරු ගුණදායක පලතුරක්. පිට පොත්ත කහ සහ දම් පැහැයෙන් යුක්ත වැල් දොඩම් වර්ග දෙකක් පවතින නමුත් බහුලවම දකින්නට ලැබෙන්නේ කහ පැහැති වැල් දොඩම් වැල්.
වැල් දොඩම් සතු පෝෂක පිළිබඳව කතා කළොත් එහි බහුලවම විටමින් C අඩංගු වෙනවා.වැල් දොඩම් ගෙඩිවල වගේම කොළවලත් විටමින් C අඩංගු වෙන අතර කොළවල ඇති C විටමින් ප්‍රමාණය ගොටුකොළවල ඇති ප්‍රමාණය මෙන් 20 ගුණයක් පමණ වන බවයි සොයාගෙන තියෙන්නේ. ඊට අමතරව ඛනිජ ලවණ වන පොටෑසියම්, මැග්නීසියම්, සල්ෆර් සහ සෝඩියම් ද අඩංගු වෙනවා. ඒ විතරක් නෙවෙයි වැල් දොඩම් දළුවල බීටා කැරොටීන් ද අඩංගු වෙනවා.

- වැල් දොඩම් කොළ ග්‍රෑම් ම් 100 ක පහත සඳහන් ආකාරයට පෝෂක අඩංගු වෙනවා.
- මේදය – ග්‍රෑම් 7
- විටමින් C – 20 g
- විටමින් E මයික්රොග්‍රෑම් 23
- පොටෑසියම් 348 mg
- විටමින් B 2, B 6,
- විටමින් A
- යකඩ
ඉතින් වැල් දොඩම් දළුවලින් රසට ගුණට මැල්ලුමක් ව්‍යංජනයක් වගේම සම්බෝලයක් වගේම කැඳ සකස් කර ආහාරයට ගන්නටත් පුළුවන්. ඒ වගේම කලවම් මැල්ලුමකටත් කදිම වැල් දොඩම් දළු ආහාරයට ගැනීමෙන් ගන්නට හැකි ප්‍රතිලාබයන් බොහොමයි.
මඤ්ඤොක්කා කොළ, කෝප්ප කොළ,කුරිඤ්ඤං කොළ,දඹල කොළ,වැල් දොඩම් කොළ, ජපන් බටු කොළ,කතුරු මුරුංගා කොළ, මුරුංගා කොළ ආදී කොළ සමඟ වැල් දොඩම් කොළ මිට බැගින් ගෙන මැල්ලුම් වශයෙන් ආහාරයට ගන්නටත් හැකියි. එය ඉතාම ගුණදායක මැල්ලුමක් වන අතර දිනපතා ආහාරයට ගන්නා රසයන්වලටත් වඩා වෙනස් රසයකින් ආහාරයට ගන්නත් පුළුවන්.
වැල් දොඩම් කොළ සතු අපූරු ගුණ
- ආමාශගත රෝග සුවපත් කරයි.
- නින්ද නොයන අයට නිදිමත ඇති කිරීමේ ගුණයෙන් සමන්විතයි.
- ආතරයිටීස් රෝගයට ගුණදායකයි.
- අධි රුධිර පීඩනය අඩු කරයි.
- කැස්ස, ඇදුම ආදී රෝග සමනයට උපකාරී වෙයි.
- දියවැඩියා රෝගයට ගුණදායකයි.
- පිළිකා නැසීමේ ගුණයෙන් සමන්විතයි.
- දත් සහ අස්ථි ශක්තිමත් කරන අතර ඒවා නීරෝගීව තබා ගන්නට උපකාරී වෙයි.
- හිසකෙස්, ඇස් සහ සමේ නිරෝගී පැවත්ම සඳහා විශාල කාර්යබාරයක් ඉටු කරයි.
- අකලට හිසකෙස් සුදුවීම සහ අකලට හිසකෙස් ගැලවී යාම වළක්වනු ලබයි.
- ජලයේ දියවන තන්තු බොහොමයක් අඩංගු බැවින් බඩවැලේ සහ මහා අන්ත්‍රයේ ගාඩා වන නොයෙකුත් විෂ ද්‍රව්‍යයන් ඉවත් කර ඒවා පිරිසිදු කිරීමේ හැකියාවෙන් සමන්විතයි .
- හදවත් රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි.
- සාංකාව මානසික ආතතිය යන රෝග සඳහා ඉතාම ගුණදායකයි.
- බැක්ටීරීයා නාශක ගුණයෙන් සමන්විතයි.
- සෙම්ප්‍රතිශ්‍යාව,කැස්ස වගේම වෙනත් භයානක ආසාදන ඇති කරන්නට හේතුවන බැක්ටීරිවලින් පවා ආරක්ෂාව සලසයි.
වැල් දොඩම් දළු ව්‍යංජනය සකස් කරගන්නා ආකාරය

- අවශ්‍ය ද්‍රව්‍ය
- පැෂන් දළු
- අමු මිරිස් කරල් 2 ක්
- ගොරකා කැබැල්ලක්
- රතු ළූණු ගෙඩි 5 ක්
- කරපිංචා ඉත්තක්
- සුදු ළූණු බික් 2 ක්
- කුරුඳු පොත්තක්
- කහ කුඩු තේ හැදී කාලක්
- තුනපහ කුඩු හා මිරිස් කුඩු තේ හැන්දක් බැගින්
- මිටිකිරි කෝප්පයක්
- දියකිරි අවශ්‍ය පමණ
- උම්බලකඩ තේ හැන්දක්
- අවශ්‍ය පමණ ලුණු
සාදා ගන්නා ආකාරය වැල් දොඩම් දළු නෙලාගත් විටම ආහාරය සඳහා ගැනීම සුදුසු නොවන නිසා ඒවා පැය භාගයක පමණ කාලයක් තබා පිසීම සඳහා භාවිතා කිරීමයි පැරන්නන්ගේ සිරිත. එසේ සකසා ගත් වැල් දොඩම් දළු සෝදා තරමක් විශාල කැබලිවලට කපා ගන්න.එය මැටි ඇතිලියකට දමා එයට සිහින්ව ලියාගත් රතු ළූණු, අමු මිරිස්, සුදු ළූණු, කරපිංචා, කුරුඳු, මිරිස්, තුනපහ, ලුණු, උම්බලකඩ ආදී සියල්ල එකතු කර හොඳින් කලවම් කර විනාඩි 5 ක් පමණ වේලාවක් තබා ගන්න. පසුව එයට දියකිරි එකතු කර හොඳින් මිශ්‍රකර වරින් වර හැඳි ගාමින් විනාඩි 10- 15 ක් තරම් වේලාවක් පිස ගන්න. පසුව මිටි කිරි කෝප්පය එකතු කර තවත් විනාඩි 15 ක් පමණ පිස ගන්න.
කිසිදු අතුරු ආබාධයක් නැතිව ස්වභාවිකව හැදී වැඩෙන වැල් දොඩම් කොළ අද තර්ජනයක්ව පවතින රෝගයන් බොහොමයකින් ආරක්ෂා වෙන්නට ඉතාම වැදගත් ආහාරයක්. දිනපතාම ආහාරයට නොගෙන සතියකට දෙවතාවක් හෝ මෙවැනි වටිනා ගුණයෙන් පොහොසත් පලාවක් එකතු කරගැනීම නීරොගී ජීවිතයක් ගත කරන්නට බෙහෙවින් හේතු වේවි.